Chitika Smowtion 468x60


Sunday, April 15, 2012

නිල්වලා ගඟේ මිනීමරු කිඹුලා අල්ලයි


නිල්වලා ගඟේ සැරිසරමින් සිටි මිනීමරු කිඹුලා ඊයේ (14) රාත්‍රියේදී උතුරු මාලිම්බඩ කුඩාදූව ප‍්‍රදේශයේ අටවනලද උගුලකට හසුව තිබෙනවා.

මෙම කිඹුලා විසින් දැනට මිනිස් ජිවිත දෙකක් බිලිගෙන ඇති අතර ඒ අතර තිදරු මවක් සහ පාසල් දැරියක් වනවා.

මින් ආසන්නතම සිදුවීම වන්නේ පසුගිය 04 වනදා නිල්වලා ගඟට මුහුණ සේදීමට ගිය උතුරු මාලිම්බඩ , දූවවත්ත පදිංචිව සිටි 17 හැවිරිදි කේ.ජී. නුවන්තිකා සත්සරණී පාසල් ශිෂ්‍යාව මිනීමරු කිඹුලා විසින් ඩැහැගෙන යාමයි. 

ජිවග්‍රහන්යෙන් අල්ලාගෙන ඇති මිනීමරු කිඹුලා වනජීවී නිලධාරීන් වෙත බාර කිරීමට නියමිත බව වාර්තා වනවා.කෙසේනමුත් ප්‍රදේශවාසීන්ගේ මතය වන්නේ මෙම මිනීමරු කිඹුලාට අමතරව තවත් මිනීමරු කිඹුලන් නිල්වලා ගඟේ සැරිසරන බවයි.

නිල්වලා ගඟේ මිනීමරු කිඹුලාගේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න


දොස්තර ජයලත් ජයවර්ධන රෝහල්ගත කෙරේ


හදිසියේ මතුවූ රෝගී තත්වයක් හේතුවෙනි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා රෝහල්ගතකොට තිබේ.

ඒ මහතා පසුගිය 13 වනදා යුරෝපයේ සංචාරය කිරීමේ අරමුණෙන් ගැට්වික් ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී මෙම ආබාධය මතුව ඇත.එම අබාධය මතුවීමෙන් අනතුරුව ඔහුව ඊස්ට් සරේ රෝහල වෙත ඇතුළත්කොට ඇත.

මේ පිලිබඳ අදහස් කල එක්සත් ජාතික පක්ෂයේ ලන්ඩන් ශාඛාවේ සභාපති දිනේෂ් කපුකොටුව මහතා කියා සිටියේ මෙවැන්නක් 

නයනට "අක්කා" ඇලජික් වෙලා


ප්‍රසිද්ධ නිලියක් හට "මැඩම්" කියා නොඇමතීම නිසා ප්‍රාදේශීය ලේකම් වරියක්ව තම සේවා ස්ථානයෙන් මාරු කරවීමේ පුවතක් මීට කලිනුත් වාර්තා උනා. ඒ ගීතා කුමාරසිංහ විසින් ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් තුමිය වන අනූෂා බටවල ගමගේ මහත්මියව තම දේශපාලන බලය යොදා ගනිමින් කල මාරු කිරීමයි.

තවත් එවැනිම මන්දමානසික හැසිරීමක් පිළිබඳව අපට වාර්තා වෙනවා. ඒ නයනා කුමාරි ගැනයි.

බොහෝ විට මාධ්‍යවේදීන් සහ කලාකරුවන් අතර ඇත්තේ ඉතා සමීප සම්බඳතාවයක්. ඒ නිසාම ඉතා ප්‍රවීණ නළුනිළියන්ට පවා මාධ්‍ය වේදීන් කතා කරන්නේ සහෝදරත්වයෙන්. ඒත් නයනා කුමාරිනම් "අක්කා" කියල කතා කරනවට කැමති නැහැ කියලයි අපට දැනගන්නට ලැබුනේ. දිනක් එක් මාධ්‍යවේදිනියක් අක්කේ කියල කතා කලාම "ඔයා කොහොමද මට අක්කේ කියල කතාකරන්නෙ" කියලා අහපු බවකුයි වාර්තා වෙන්නේ.


ඓතිහාසික දඹුල්ල පුදබිමත් විකිණෙයි ද....!!


ඓතිහාසික වටිනාකම් වලින් යුතු බෞද්ධ සිද්ධස්ථාන වලට හිමි ඒ අවට ඉඩම් වල අන්‍යාගමිකයින් පදිංචි කරවීම, ඒම ඉඩම් ඔවුන්ට විකිණීම වැනි සිද්දීන් මීට පෙරත් වාර්තා වුනා.ඓතිහාසික රංගිරි දඹුල්ල රජමහා විහාරයට අයත් ඒ අවට ඇති ඉඩම් වලටද මේ ඉරණම අත් වීමට යන බවකුයි ලැබෙන අළුත්ම ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙන්නේ.

සිංහල රජ කාලයේ අභිමානවත් මාතලේ කැරල්ලට විශාල දායකත්වයක් දුන් කුඩා පොළ හිමියන් වැඩ සිටිම, අධිරාජ්‍ය විරෝධී, සිංහලේ නිදහස් සටන හි මෙහෙයුම් මධ්‍යස්ථානයක් වීම සහ රජ දවස රාජධානියක් වීම ආදී කරුණු නිසා රංගිරි දඹුල්ල ඓතිහාසික වටිනාකමකින් යුත් පූජා භූමියක් ලෙස සැලකේ.


මෙසේ රංගිරි දඹුල්ල පූදබිමට අයත් ඉඩම් පූජාභූමි සංවර්ධනයට යැයි ආණ්ඩුව විසින් පවරා ගනිමින් ඉතා රහසිගතව මුස්ලිමුන්ට හා හින්දුන්ට ආගමික මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා ලබාදීමේ සූදානම පිළිබඳ පැවසෙන කරුණු ගැන රජමහාවිහාරාධිපති අති පූජ්‍ය ඉනාමලූවේ ශ‍්‍රී සුමංගල නායක මාහිමිපාණන් වහන්සේගෙන් විමසීමක් කෙරිණි.

Saturday, April 14, 2012

අලුත් අවුරුද්දට ජෙනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්


මීට වසර තුනකට පෙර කුරිරු ත්‍රස්තවාදය පරාජය කොට අප මාතෲ භූමියටත්, මාගේ ආදරණීය ජනතාවටත් නිදහස උරුමකර දුන්නෙමු. තිස්වසරක කුරිරු යුද්ධය නිමාවීමෙන් පසු රටටත්, ජනතාවටත් සෞභාග්‍යමත් අනාගතයක් උදාවීම පිලිබඳව අප රටේ ජනතාවගේ හදවත් තුළ තිබූ විශාල බලාපොරොත්තු ප්‍රමාණය මම දනිමි. නමුත් මෙම දූෂිත, අදක්ෂ පාලකයින් විසින් සිදුකරනු ලැබූයේ, ජනතාවගේ නිදහස හා ප්‍රජාත්‍රන්තවාදී අයිතීන් කප්පාදු කරමින් ජනතා මුදල් කාබාසිනියා කරමින් රටේත් ජනතාවගේත් අනාගතය අඳුරට ගෙනයමින් ජනතාවට කලකිරීමත් හා ජන ජීවිත දුකට හෙලීමත් පමණි.
අලුත් අවුරුද්දක් උදාවන මේ මොහොතේ සියලු ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් මම ස්ථිර පොරොන්දුවක් ලබා දෙමි. එනම් මේ එලැඹුණු වසරේදී අපි අපිම අපගේ ජනතාවගේ සුබසාධනය හා සෞභාග්‍යය ඇති කිරීම වෙනුවෙන් කටයුතු කරන බවටත්, ජනතාවගේ අයිතීන් දිනාගැනීම වෙනුවෙන් කටයුතු කරන බවත්ය. ඒ සඳහා අපි ඒකාවන්ව අවංකව ශක්තිමත්ව හා ධෛරවන්තව කැපවෙමු.

සුපිරි වෙළෙඳ සල්වල රාක්ක හිස්වීමේ අනතුරක්


අප්‍රේල් මාසයෙන් අනතුරුව දිවයිනේ පිහිටි සියලුම සුපිරි වෙළෙඳ සල්වල ආනයනික ආහාර ද්‍රව්‍ය අසුරා ඇති රාක්කවල භාණ්ඩ හිස්වනු ඇතිබවට එම වෙළෙඳ සල් ජාලයන්වල කළමනාකාරවරු අනතුරු අඟවා සිටිති.
මේවන විට ආනයනික ආහාර ද්‍රව්‍ය සඳහා රජය පනවා ඇති අධික බදු ප්‍රමාණයන් හේතුවෙන් එම භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සුපිරි වෙළෙඳසල් කළමනාකාරීත්වය තීන්දු කොට තිබීම මේ සඳහා හේතුවී තිබේ.
ඔවුහු පෙන්වා දෙන්නේ දැනට සුපිරි වෙළෙඳසල්වල රාක්කවල පවතින ආහාර ද්‍රව්‍ය තොග අවසන් වීමෙන් අනතුරුව නැවත ඒවා ඉහළ බදු ප්‍රතිශතයන් යටතේ ආනයනය කළ නොහැකි බවත්, ඒ අනුව මින් ඉදිරියට එම රාක්ක හිස්ව පවතිනු ඇති බවත්ය.

ජනපතිට පුලුවන් නම් ප්‍රේම්කුමාර්ට බැරි මොකෝ? - BBC


දිමුතු ආටිගල සහ ප්‍රේම්කුමාර ගුරත්නම්ගේ අතුරුදහන් වීම පිලිබදව පසුගිය 10 වෙනිදා  බීබීසි ලෝක සේවයට අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටින්නේ එය පැහැරගෙන යමක් නොවන බවයි. එනමුත් පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද ප්‍රකාශ වල පරස්පරතා ඇතිබවටද බීබීසිය කියා සිටියා.

එසේම මෙහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා කියා සිටියේ ප්‍රේම්කුමාර ගුරත්නම් ලංකාවට පැමිණීමට වෙනත් නමක්ද භාවිතා කල ඇති බවයි. 

එහිදී බිබීසි මාධ්‍යවේදී චන්දන කිර්තිබණ්ඩාර "නමුත් දැන් රටේ ජනාධිපතිවරයාගේ නමත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ. නමුත් ඔහු පාවිච්චි කරන්නේ මහින්ද රාජපක්ෂ කියලා. එහි වරදක් තියෙනවද ? " කියා විමසා සිටියා.


ඉන්දීය න්‍යෂ්ටික බලාගාරවලින් ලංකාවට බලපෑම් සිදුවේද?


අසල්වැසි ඉන්දියාව මේ වන විට න්‍යෂ්ටික බලය කෙරෙහි වැඩි වැඩියෙන් නැඹුරු වෙමින් පවතිනවා. ඉන්දීය නාවික හමුදාව පසුගියදා න්‍යෂ්ටික බලය සහිත සබ්මැරීනයක්ද සිය බල ඇණියට එකතුකරා. 

මේ අතර ඉන්දියාවේ විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ පිහිටා ඇති න්‍යෂ්ටික විදුලි බලාගාර සම්බන්ධයෙන් මේ වනවිට ශ්‍රී ලංකාවේ අවධානයද ක්‍රමයෙන් යොමුවෙමින් පවතිනවා. තමිල්නාඩුවේ "කුඩන්කුලම්" නමැති න්‍යෂ්ඨික බලාගාරය ලංකාවට කිලෝමීටර 250ක් පමණ දුරින් පිහිටා තිබෙන අතර මෙමගින් ලංකාවද යමිකිසි අයහපත් ප්‍රතිපල වලට මුහුණ දීමට සිදුවනු ඇතයි කියා සමහරුන් බිය පළකරනවා.

මෙම "කුඩන්කුලම්" නමැති න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දැක්වූ ශ්‍රී ලංකා පරමාණුක ශක්ති අධිකාරියේ සභාපතිවරයා කියා සිටින්නේ "මේ බලාගාරය සම්බන්ධයෙන් ඉන්දීය රජය හා ලංකා රජය අතර කිසිදු නිශ්චිත ගිවිසුමක් අත්සන් කර නොමැති බවයි." ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ "මිට අවුරුදු දෙකකට කලින් මේ ගිවිසුම ඩ්‍රාෆ් කරලා, විදේශ අමාත්‍යාංශය හරා ඉන්දියානු රජයට යැව්වත් මේ ගැන ඉන්දියානු රජයෙන් කිසිදු දැනුම්දීමක් දී නොමැති බවයි."

මේ පිලිබදව අදහස් දැක්වූ පරමාණුක ශක්ති අධිකාරියේ සභාපතිවරයා(බිබිසි හඬපටය) 

Share this article with your friends