Chitika Smowtion 468x60


Tuesday, June 19, 2012

ඉන්දියන් රියලිටි වැඩසටහනේ සනත් ජයසුරියගේ පළමු නැටුම (ඡායාරූප හා වීඩියෝ)


ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ දැනට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වශයෙන් පත්වී සිටින සනත් ජයසුරිය ඉන්දියාවේ පැවැත්වෙන රියලිටි ටි.වී තරඟයක් වන "ජලක් දික්ලා ජා" තරඟයට සහභාගී වීමට නියමිත බව මෙයට පෙර ලිපියකින් අප හෙළි කළා.

ඒ අනුව එම තරඟයේ සනත්ගේ පළමු නර්තනය පසුගියදා ඉදිරිපත් කල අතර එයට විනිශ්ච මණ්ඩලයේ හොඳ ප්‍රතිචාරයක් හිමිව තිබුනා.

හින්දි ගීතයක් අනුව ඔහුගේ නර්තන සහකාරිය වන සුචිත්‍රා සමග නර්තනයේ යෙදුනු සනත් හට නර්තන අවසානයේ විනිසුරු මඩුල්ලේ සිටි බොලිවුඩ් නිලි මධුරි ඩික්සිත් සිංහල බසින් "ගොඩක් හොඳයි" යනුවෙන් පැවසු අතර ඇය සනත්ගෙන් ඉල්ලීමක් කලේ තමා සමග එක්ව "සුරංගනී ට මාළු ගෙනාවා" ගීතය ගැයීමට එක්වන ලෙසය.


ප්‍රදීප් රංගනගේ නව පෙනුම

2007 වසරේ පැවැත්වුනු දෙවන සිරස සුපර් ස්ටාර් තරඟයේ කිරුළ දිනාගත් ප්‍රදීප් රංගනගේ ස්වරූපය දැන් බොහෝ දුරට වෙනස්වී තිබෙනවා. මේ ඔහුගේ නවතම ජායාරූප එකතුවක්.

මෙම ජායාරූප ලබාගෙන ඇත්තේ ඔහුගේ වෙබ් අඩවියට හා නවතම ම්යුසික් වීඩියෝව වෙනුවෙන්ය. 



Photography by: Kasun Shanaka



අයෝධ්‍යාට මාතරදී අතවර කල තරුණයා සමාව ගනී


මෙයට අවුරුද්දකට පමණ පෙර එනම් 2011 වසරේ ජුනි මස මාතර පොල්හේන මුහුදු තිරයේ නාමින් සිටි ටෙලි නාට්‍ය නිලි සයුරි හෙවත් අයෝධ්‍යා මිහිරාවී හට එහි පුද්ගලයෙකුගෙන් අතවරයක් සිදු වූ බව අප ලිපියකින් හෙළි කළා.

ස්වාධීන රූපවාහිනියේ පබළු ටෙලි නාට්‍යයේ සයුරිගේ චරිතයට පණ පෙවූ අයෝධ්‍යා මිහිරාවි ගාල්ලේ පිහිටි සිය ඥාතිවරියකගේ නිවසට පැමිණ ඔවුන් සමඟ කතරගම වන්දනාවේ යන අතරවාරයේ මාතර පොල්හේන මුහුදේ දිය නාමින් සිටියදී දිය යටින් පීනාගොස් පැමිණි තරුණයෙක් අයෝධ්‍යාගේ උඩුකය පපු ප්‍රදේශය ස්පර්ශ කිරීම මගින් මෙම අතවරය සිදුකොට තිබුනා.

කටුවන මිනීමරුවා මෙහෙයවන්නේ කවුද? මෙන්න සාක්ෂි!


2002 වසරේ තංගල්ල බන්ධනාගාරයේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රාණ ඇපයට ගෙන ආයුධ සහිතව කැරැල්ලක් මෙහෙයවූ නමගිය මිනීමරුවෙකු වන ජී. ජී අමරේ නොහොත් ජුලම්පිටිය අමරේ නැමැත්තා නිසා කටුවන ආශ්‍රිත ප්‍රදේශය බියෙන් ඇළලී ගොස් තිබේ. 

පසුගිය ජුනි 15 දා ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට වෙඩි තබා පුද්ගලයා දෙදෙනෙකු ඝාතනය කොට ඇත්තේ ද මෙම ජුලම්පිටිය අමරේ ය. 

මොහු මිනීමැරුම් පහක්ද , ස්ත්‍රී දුෂණ එකොළහක්ද කප්පම් ගැනීම්, පුද්ගලයන් පැහැර ගැනීම් වැනි අපරාධ ගණනාවක් සිදු කොට තිබේ. ප්‍රදේශවාසීන් පවසන පරිදි මෙම අපරාධකරු තරුණ ගැහැණු සිටින ගෙවල් වලට පැන ගෙහිමියන් බැඳ දමා කාන්තාවන් දුෂණය කිරීමට පුරුදුව සිටින අතර ඒ සම්බන්දයෙන් පොලිසියට පැමිණිලි කළහොත් නිවෙස ගිනි තබා මුළු පවුලම මරා දමයි.

ලංකාවේ සරසවි අර්බුධයට පිළියම් එතෙර විද්වතුන් කියති


වර්තමානයේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල පැන නැගී ඇති අර්බුදකාරී තත්වය අඩු කර ගැනීම සඳහා ගතයුතු පිළියම් ගැන ඇමරිකාවේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකික සම්භවයක් ඇති ආචාර්යවරියක් විසින් අදහස් දක්වා තිබේ. 

මෙම යෝජනා ආචාර්යවරිය විසින් උසස් අධ්‍යාපන ඇමැතිවරයාටද යොමු කොට තිබේ.

එම යෝජනාවලිය පහතින් බලන්න 


නියෝජ්‍ය කතානායකවරයාට කොටස් වෙළෙඳ පොළේ වංචා චෝදනා


පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා කොළඹ කොටස් වෙළෙඳ පොළේ කොටස් මිලදී ගැනීමේදී දේශපාලන බලය යොදා ගනිමින් කටයුතු කර ඇති බවට හෙළිදරව් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව තීරණය කර ඇත. මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නියෝජ්‍ය කතානායකවරයා වෙත දැනුම් දී තිබේ.
කොටස් වෙළෙඳ පොළේ සමාගම්වල කොටස් මිලදී ගැනීමේදී නියෝජ්‍ය කතානායකවරයා දේශපාලන බලය අනිසි ලෙස යොදා ගනිමින් අයුතු ලෙස කටයුතු කර ඇති බවට සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙත පැමිණිලි රාශියක් ලැබී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

ටෙලි අධ්‍යක්‍ෂක ආනන්ද අබේනායක ජනාධිපති බලතල අතට අරන් !


චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකු මෙන්ම, නිෂ්පාදකවරයෙකුද වන ආනන්ද අබේනායක මහතා ජනාධිපතිවරයාගේ බලතල අතට ගෙන රාජ්‍ය මාධ්‍ය ආයතන ප‍්‍රධානීන්ටද බලපෑම් කරමින් සිටින බව වාර්තා වේ. පසුගියදා රජයේ අයි.ටී.එන්. රූපවාහිනී නාලිකාවේ ප‍්‍රධානීන්ටද මොහුගෙන් තර්ජන එල්ල වී ඇත.
කලාකරු ආනන්ද අබේනායක මහතාගේ දියණිය වන යසාරා මෙනවිය, ජනාධිපති පුත් යෝෂිත රාජපක්‍ෂ මහතාගේ පෙම්වතියයි.
ආනන්ද අබේනායක මහතා අයි.ටී.එන්. ප‍්‍රධානීන්ට බලපෑම් කොට ඇත්තේ, ඔහුගේ ටෙලි නාට්‍යයක කොටස් ගණන 100 කට වඩා වැඩි කළ යුතු බවට යෝජනා කරමිනි. මෙගා ටෙලි නාට්‍යයක උපරිම කොටස් ගණන 100 කට සීමා කළ යුතු බවට ‘ටෙලිනිස’ (ටෙලි නිර්මාණවේදීන්ගේ සංසඳය) රූපවාහිනී නාලිකාවලට දිගින් දිගටම කළ බලපෑම් හමුවේ අයි.ටී.එන්. හි අධ්‍යක්‍ෂ මණ්ඩලය තම ආයතනය මගින් විකාශය කෙරෙන ටෙලි නාට්‍යවල උපරිම කොටස් ගණන සියයකට සීමා කර තිබිණ. ටෙලි නාට්‍යයක කොටස් ගණන 100 කට වඩා නොවිය යුතු බවට යෝජනා කරන සමයේ ටෙලිනිස සභාපතිවරයාව සිටියේ ආනන්ද අබේනායක මහතාය.

හෝටල් 300 ක් ඇමති හිතවතුන්ට


අලූතින් හෝටල් 300 ක් ඉදි කිරීමට පසුගිය වසර තුළ ශී‍්‍ර ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අවසර දී තිබේ. මේ අතුරින් හෝටල් 200 කට අධික සංඛ්‍යාවකට අදාළව මෙතෙක් පරිසර ඇඟයීම් වාර්තා සකස් කර නැති බව එම අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.
රුපියල් ලක්‍ෂ 30 ත් ලක්‍ෂ 50 ත් අතර මුදල්වලට මෙම බලපත‍්‍ර නිකුත් කර ඇත. ඒ සම්බන්ධයෙන් කිසිදු සොයා බැලීමක් සිදු කිරීමට අධිකාරිය කටයුතු කර නොමැත. ආණ්ඩුවේ දේශපාලනඥයින්ගේ හිතවතුන් කිහිපදෙනෙකුගේ නම්වලට මෙම බලපත‍්‍ර නිකුත් කර තිබේ. විපක්‍ෂයේ දේශපාලනඥයින් කිහිපදෙනෙකුගේ හිතවතුන්ගේ නම්වලටද මෙම බලපත‍්‍ර නිකුත් කර ඇත. ඒවායින් 100 කට අධික සංඛ්‍යාවක ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබේ.

Share this article with your friends