Chitika Smowtion 468x60


Friday, July 13, 2012

හොදම මිතුරිය නාන කාමරයේදී කපා කොටා මරා දමයි


1-1කුරුණෑගල, උඩවල්පොල ප්‍රදේශයේ සුවිසල් නිවසක ගෙහිමි කාන්තාව විසින් තම නිවසට පැමිණි කාන්තාවකට නාන කාමරය තුළදී පිහියෙන් ඇන කපා කොටා මරා දැමූ බව කියන සිද්ධියක් ගැන කුරුණෑගල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි. ඝාතනය සිදු වී ඇත්තේ 30වැනිදාය.මියගොස් ඇත්තේ කැළණිය,පෙතියාගොඩ ප්‍රදේශයේ පදිංචි චමිලා රුචිරානි විදානආරච්චි(36) නැමැති දෙදරු මවකි.
 සිද්ධියට සම්බන්ධ කතුන් දෙදෙනාගේ සැමියන් දෙදෙනා ගජ මිතුරන් වන අතර පෙතියාගොඩ පදිංචි තැනැත්තත් ඔහුගේ බිරිය සහ දරුවන් එදින කුරුණෑගල මිතුරාගේ නිවසට පැමිණ ඇත.

මෙන්න තවත් ඡන්ද "ගුණ්ඩුවක්" !

GAS-DOWNගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් අඩු කිරීමට තීරණය කර ඇතැයි මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි. ඒ අනුව ලිට්‍රෝ සහ ලාෆ් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත‍්‍රියේ සිට රුපියල් එකසිය පනහකින් අඩු කිරීමට තීරණය  කර තිබෙන බව අමාත්‍යාංශය සදහන් කරයි.මේ අතර අල, බී ළුෑණු, මාළු, කරවල, හාල්මැස්සෝ, ටින් මාළු ආනයනය කිරිමේදී අය කරනු ලබන ආනයනික බදු අඩු කරන බවද අමාත්‍යාංශය පවසයි. ජනතාවට සහන ලබාදීම සදහා මෙලෙස ආනයනික බදු මුදල් අඩු කර ඇතැයිද අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරයි. 

කවුද බොලේ ඇලිස් ..!

රටේ තැන තැන බිහි වී ඇති "අලුත් බණ" කියන පුද්ගලයින් සහ කණ්ඩායම් ගැන මේ දිනවල බොහෝදෙනාගේ අවධානයට යොමු වී තිබෙනවා. තමන් විවිධ අදියරේ මාර්ගඵල ලබා ඇති බව පවසමිනුයි ඔවුන් ඉතා ප්‍රසිද්ධියේ රටපුරා සැරිසරමින් තම කටයුතු වල නියැලෙන්නේ.

මෙසේ රටේ විවිධ ප්‍රදේශ වලින් මතුවන එවැනි "අලුත් බණ" කියන්නන් හට රටේ නමගිය පුද්ගලයින් හා ඔවුන්ගේ බිරියන්ගේ නොමද ආශිර්වාදය සහ අනුග්‍රහය ලැබෙන බවත් වාර්තා වෙනවා.

මෙලෙස කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රදේශයට ආසන්නයේ ද මෙවැනි පුද්ගලයකු බිහි වී ඇති අතර ඔහුට ආණ්ඩුවට සම්බන්ධ, රට ජාතිය ගැන, විශේෂයෙන් දේශීය භාන්ඩ ගැන උදම් අනන ඇමති වරයකුගේ බිරියකගේ පූර්ණ අනුග්‍රහය සහ ආධාර ලැබෙන බවයි වාර්තා වෙන්නේ.



ඇමැති චම්පික මහජනයාට කරන්ට් වද්දන හැටි


විදුලි අර්බුදයකට මුහුණ දී සිටින ආණ්ඩුව හොර රහසේම විදුලි බිල වැඩි කළාදැයි ජනතාව දන්නේ නැත. නමුත් මේ මාසයේ විදුලි බිල වැඩි වී තිබේ. ඊට හේතු දැක්වීමක් ද නැත. එපමණක් නොව රටේ ස්ථාන දෙකකදී විදුලි බිල වෙනස් ය. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය රටේ එක එක ප්‍රදේශවලට එක එක නීති පවත්වාගෙන යනවාදැයි දන්නේ නැත. මේ සම්බන්ධයෙන් අප ඉදිරිපත් කරන සාක්කි වලට ඇමැතිවරයා හෝ වගකිව යුත්තෙකු හෝ පිළිතුරු දිය යුතුය.


ෆේස්බුක් එන කෙල්ලන්ට හැදෙන ලෙඩ !


ෆේස්බූක් වැනි සමාජ ජාලයන්හි නිරන්තරයෙන් රැදී සිටින යොවුන් දැරියන් විෂාදයට හා හීන මානයට ගොදුරු වීමේ අවදානමක් පවතින බව නවතම වාර්තා වලින් හෙළිවී තිබෙනවා. මෙයින් දැක්වෙනේ ෆේස්බූක්,ට්වීටර් හා මයිස්පේස් වැනි ජනප්‍රිය සමාජ ජාලයන් තුල සැරිසරන යෞව්වනියන් අනිකුත් දැරියන්ට වඩා තම ශරීරයේ පෙනුම හා බර පිළිබඳව අසතුටට පත්වීමට ඇති ඉඩ කඩ වැඩි බවයි. 

ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලය මගින් සිදු කෙරුණු මෙම පර්යේෂණය සදහා වයස අවුරුදු 12 හා 16 අතර පසුවන දැරියන් 1,096 ක් සම්බන්ධ කර ගනු ලැබුනා. මෙයින් හෙළි වී ඇත්තේ ඔවුන් ගෙන් 40% ක් තම ශරීරයේ හැඩය පිළිබඳව තෘප්තිමත් නොවන බව හා බර වැඩිවීම පිළිබඳව දැඩි බියකින් පසුවන බවයි. 


එමෙන්ම ඔවුන් වැඩි වශයෙන් අන්තර්ජාලය හා සමාජ ජාලයන් පරිහරණය කරන තරමට ඔවුන් මෙම තත්ත්වයට ගොදුරුවීමේ අවදානම වැඩි බවද මෙයින් සොයාගෙන තිබේ. මෙම පර්යේෂණය සිදු කල මහාචාර්ය මරිකා ටිගර්මෑන් හා ආචාර්ය්ස් එමී ස්ලේටර් පවසන්නේ මෙම කරුණු අතර ඇති සම්බන්ධතාවය ගැන සැලකිලිමත් විය යුතු බවයි. 



"අපි විමර්ශනයක යෙදුනේ යොවුන් දැරියකගේ ස්වයං ප්‍රතිරූපය කෙරෙහි මාධ්‍යය මගින් ඇතිවන බලපෑම පිළිබඳවයි ' ආචාර්ය ස්ලේටර් පවසනවා. 'ඔවුන් තම විවේකය ගත කරන ආකාරයත් ඒ ක්‍රියාකාරකම් තුලින් ඔවුන් තමන් ගැන හා තම සිරුර ගැන සිතන ආකාරය වෙන්වන ආකාරයත් අධ්‍යයනය කරීම ඉතා අපූරු වුණා. 

Thursday, July 12, 2012

මහරජා වෙබ් අඩවි වලටත් කෙළියි ..?


වෙබ් අඩවියටත් බදු 

රජය විසින් වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අය කිරීමට අද තීරණය කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවේදී කෙහෙළිය අමාත්‍යවරයා විසින් මේ බව දන්වා සිටි අතර ලියාපදිංචිය සඳහා රුපියල් ලක්ෂයට අමතරව නැවත වාර්ෂිකව අලුත්කිරීමේ ගාස්තු ලෙස රු. 50,000/- ක් ද ගෙවිය යුතු බවත්, අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇති බවත් සඳහන් කර තිබුණා.

ජනතාවට ක්ෂණිකව හා නොමිලේ පුවත් ලැබෙනා මාධ්‍යක් ලෙස වෙබ් අඩවි මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ අතර බොහෝ වෙබ් අඩවි අදටත් ප්‍රවෘත්ති ලබාදෙන්නේ ලාභ අපේක්ෂාවෙන් තොරවයි.

වෙබ් අඩවි පිළිබඳව අනර්කලී, දමිතා හා හිරුණිකාගේ අදහස් 

Wednesday, July 11, 2012

ස්ත්‍රී දුෂක ශ්‍රීලනිප සභාපතිගේ පැටිකිරිය

කාන්තාවන් 100 ක් සමග යහන්ගත වීමේ ප්‍රීතියට සාද දැමු සුනිල් 

සීමා මායිම් නැති මනුස්සකම තේමා පාඨය කරගනිමින් ඉකුත් ප්‍රාදේශීය සභා ජන්දයේදී අකුරැස්ස ප්‍රාදේශීය සභාව වෙනුවෙන් වැඩිම මනාප ලබා ගනිමින් සභාපති ධුරයට පත් වුයේ සාරුව ලියනගේ සුනිල් නොහොත් SLS සුනිල්. මාරගොඩ සුනිල් කියන්නේ මොහුටය. 

'අකුරැස්සට SLS සහතිකය' ලබා දෙන බව පොරොන්දු වෙමින් මේ සත්ගුණවත් දානපතිය 'SLS සමාජ සේවා පදනම' නමින් පදනමක් ආරම්භ කළේය . 

මේ දානපතියා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග බිමට ගෙන ඒමට කටයුතු කලේ චන්ද්‍ර රාජපක්ෂ නම් මහින්ද රාජපක්ෂ ගේ ඥාති සොහොයුරෙකු විසිනි. 88/99 රාජ්‍ය භීෂණ සමයේ යුධ හමුදා රියදුරෙක් ලෙස සේවය කල මාරගොඩ සුනිල් යුධ හමුදාවෙන් පැනවිත් කොළඹ දේශපාලන රැකවරණ ලබමින් සිටියේය. 



කලා වැවට ආ දඬුමොණරය


පසුගිය 06 වනදා පස්‌වරු 3.34 ට පමණ කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජායාරූප ගැනීමට ගිය ප්‍රවීන ජායාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ අපැහැදිලි වස්තුවක් පිලිබඳ ආන්දෝලනාත්මක කථිකාවක් ගොඩ නැගී ඇත.

එම ජායාරූපයේ ප්‍රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්‍රය විය නොහැකිද යන්නයි.

මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ අප මෙයට පෙර ඉදිරිපත් කරන ලද ගල් විහාරයේ සැතපෙන පිළිමයේ රාත්‍රී කාලයේ ජායාරූප ලබාගත් කිර්ති අමරසේකර මහතා විසිනි.ඔහු කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.

මේ පිලිබඳ වැඩි විස්තර දැනගැනීම සඳහා අප ජයාරුප ශිල්පී කිර්ති අමරසේකරමහතා ඇමතුවා.



Share this article with your friends