Friday, July 13, 2012
මධුසමය ගෙවා ආ මනාලයාට බඩකට පුරා ගුටි පූජාවක්
සිය මනාලිය සමග මධු සමය ගෙවා නිවෙසට එමින් සිටි මනාලයෙකි. පොලිස් ජීප් රියක් නිවෙස අසල නතර කැරිණි. මනාලිය කාරයේ සිටිය දී මනාලයා අතුරුදන්විය.
කලින් විවාහවූ බව කියන මේ තරුණයා බිරියගෙන් වෙන්ව වසර කීපයක් කල් ගත කළ බිරිය තමන් ගැන යළි නොසොයනු ඇතැයි සිතු ඔහු යළි විවාහයකට ඇතුළත් වීමට තීරණය කළාලූ. අලූතින් දැන හඳුනාගත් තරුණියක හා යළි පෙමින් වෙළී විවාහයට දින නියම කැර ගත්තාලූ.
ඒ අනුව නව මනාලියගේ නිවසේ දී පෝරුවේ චාරිත්‍ර හෙළ සිරිතට සිදුවිය. යුවළ මධු සමයට පිටත්වූයේ කාගේත් සතුටු සිනා මැදය. මේ අතර තම විවාහක සැමියා තමන්ගෙන් නිත්‍යනුකූලව වෙන් නොවී යළි විවාහයකට ඇතුළත්වූ බව පළමු බිරිය දැන ගත්තාය.
දියණියට අතවර කළ බාප්පා අත්අඩංගුවට
අකුරැස්ස මලිදූව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 15 ක පාසල් ශිෂ්‍යාවකට නිවස තුළදීම තම බාප්පා විසින් තර්ජනය කොට දූෂණය කොට තිබී 02 දා පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු පෙදරේරුවෙක් ලෙස කටයුතු කරන අතර දැරියගේ බාප්පා කෙනෙකු ද වේ. පාසල් ගොස් නිවසට පැමිණි විට නිවස තුළදීම ඇයට තර්ජනය කොට මෙයට මාස දෙකකට පමණ පෙර මෙම අපරාධය සිදුකොට ඇත. දැරිය මේ බව කිසිවෙකුටත් නොපවසා ඇති අතර ඇයට බඩේ කැක්කුමක් ඇති වී කඹුරුපිටිය ඇදපාත රෝහලට ගිය විට මේ බව අනාවරණය වී ඇත. දැරිය රෝහල්ගත කොට ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. අකුරැස්ස පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.
හොදම මිතුරිය නාන කාමරයේදී කපා කොටා මරා දමයි
සිද්ධියට සම්බන්ධ කතුන් දෙදෙනාගේ සැමියන් දෙදෙනා ගජ මිතුරන් වන අතර පෙතියාගොඩ පදිංචි තැනැත්තත් ඔහුගේ බිරිය සහ දරුවන් එදින කුරුණෑගල මිතුරාගේ නිවසට පැමිණ ඇත.
මෙන්න තවත් ඡන්ද "ගුණ්ඩුවක්" !
කවුද බොලේ ඇලිස් ..!
රටේ තැන තැන බිහි වී ඇති "අලුත් බණ" කියන පුද්ගලයින් සහ කණ්ඩායම් ගැන මේ දිනවල බොහෝදෙනාගේ අවධානයට යොමු වී තිබෙනවා. තමන් විවිධ අදියරේ මාර්ගඵල ලබා ඇති බව පවසමිනුයි ඔවුන් ඉතා ප්‍රසිද්ධියේ රටපුරා සැරිසරමින් තම කටයුතු වල නියැලෙන්නේ.මෙසේ රටේ විවිධ ප්‍රදේශ වලින් මතුවන එවැනි "අලුත් බණ" කියන්නන් හට රටේ නමගිය පුද්ගලයින් හා ඔවුන්ගේ බිරියන්ගේ නොමද ආශිර්වාදය සහ අනුග්‍රහය ලැබෙන බවත් වාර්තා වෙනවා.
මෙලෙස කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම ප්‍රදේශයට ආසන්නයේ ද මෙවැනි පුද්ගලයකු බිහි වී ඇති අතර ඔහුට ආණ්ඩුවට සම්බන්ධ, රට ජාතිය ගැන, විශේෂයෙන් දේශීය භාන්ඩ ගැන උදම් අනන ඇමති වරයකුගේ බිරියකගේ පූර්ණ අනුග්‍රහය සහ ආධාර ලැබෙන බවයි වාර්තා වෙන්නේ.
ඇමැති චම්පික මහජනයාට කරන්ට් වද්දන හැටි
විදුලි අර්බුදයකට මුහුණ දී සිටින ආණ්ඩුව හොර රහසේම විදුලි බිල වැඩි කළාදැයි ජනතාව දන්නේ නැත. නමුත් මේ මාසයේ විදුලි බිල වැඩි වී තිබේ. ඊට හේතු දැක්වීමක් ද නැත. එපමණක් නොව රටේ ස්ථාන දෙකකදී විදුලි බිල වෙනස් ය. විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය රටේ එක එක ප්‍රදේශවලට එක එක නීති පවත්වාගෙන යනවාදැයි දන්නේ නැත. මේ සම්බන්ධයෙන් අප ඉදිරිපත් කරන සාක්කි වලට ඇමැතිවරයා හෝ වගකිව යුත්තෙකු හෝ පිළිතුරු දිය යුතුය.
ෆේස්බුක් එන කෙල්ලන්ට හැදෙන ලෙඩ !

ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්ව විද්‍යාලය මගින් සිදු කෙරුණු මෙම පර්යේෂණය සදහා වයස අවුරුදු 12 හා 16 අතර පසුවන දැරියන් 1,096 ක් සම්බන්ධ කර ගනු ලැබුනා. මෙයින් හෙළි වී ඇත්තේ ඔවුන් ගෙන් 40% ක් තම ශරීරයේ හැඩය පිළිබඳව තෘප්තිමත් නොවන බව හා බර වැඩිවීම පිළිබඳව දැඩි බියකින් පසුවන බවයි.
එමෙන්ම ඔවුන් වැඩි වශයෙන් අන්තර්ජාලය හා සමාජ ජාලයන් පරිහරණය කරන තරමට ඔවුන් මෙම තත්ත්වයට ගොදුරුවීමේ අවදානම වැඩි බවද මෙයින් සොයාගෙන තිබේ. මෙම පර්යේෂණය සිදු කල මහාචාර්ය මරිකා ටිගර්මෑන් හා ආචාර්ය්ස් එමී ස්ලේටර් පවසන්නේ මෙම කරුණු අතර ඇති සම්බන්ධතාවය ගැන සැලකිලිමත් විය යුතු බවයි.
"අපි විමර්ශනයක යෙදුනේ යොවුන් දැරියකගේ ස්වයං ප්‍රතිරූපය කෙරෙහි මාධ්‍යය මගින් ඇතිවන බලපෑම පිළිබඳවයි ' ආචාර්ය ස්ලේටර් පවසනවා. 'ඔවුන් තම විවේකය ගත කරන ආකාරයත් ඒ ක්‍රියාකාරකම් තුලින් ඔවුන් තමන් ගැන හා තම සිරුර ගැන සිතන ආකාරය වෙන්වන ආකාරයත් අධ්‍යයනය කරීම ඉතා අපූරු වුණා.
Thursday, July 12, 2012
මහරජා වෙබ් අඩවි වලටත් කෙළියි ..?
වෙබ් අඩවියටත් බදු රජය විසින් වෙබ් අඩවි ලියාපදිංචි කිරීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අය කිරීමට අද තීරණය කර තිබෙනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ජාවේදී කෙහෙළිය අමාත්‍යවරයා විසින් මේ බව දන්වා සිටි අතර ලියාපදිංචිය සඳහා රුපියල් ලක්ෂයට අමතරව නැවත වාර්ෂිකව අලුත්කිරීමේ ගාස්තු ලෙස රු. 50,000/- ක් ද ගෙවිය යුතු බවත්, අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව ඇති බවත් සඳහන් කර තිබුණා.
ජනතාවට ක්ෂණිකව හා නොමිලේ පුවත් ලැබෙනා මාධ්‍යක් ලෙස වෙබ් අඩවි මෑත කාලයේ ඉතා ජනප්‍රිය වූ අතර බොහෝ වෙබ් අඩවි අදටත් ප්රවෘත්ති ලබාදෙන්නේ ලාභ අපේක්ෂාවෙන් තොරවයි.
වෙබ් අඩවි පිළිබඳව අනර්කලී, දමිතා හා හිරුණිකාගේ අදහස්
Subscribe to:
Posts (Atom)
