Chitika Smowtion 468x60


Friday, August 31, 2012

කපිලවස්තු ධාතූන් සැරියුත් මුගලන්ගේ - රනිල්


බුදුන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු සිදුකළ ආදාහන පූජෝත්සවයේදී උන්වහන්සේගේ දේහයේ ධාතූන්වහන්සේලා කොටස් 8කට බෙදා දෙනු ලැබුවා .

මහා පරිනිර්වාණ සූත්‍රයට අනුව ඒවාට උරුමකම් කියූවේ අජාත ශාස්තෲ, ලිජ්ජවී රජුන්, කපිලවස්තුපුර ශාක්‍ය රජුන්, අල්ලකප්පරට වාසීන්, බූලි රජු, කෝලිය රජු, චේතදීපක බමුණා හා පාවා නුවර මල්ල රජුන්ය.

කපිලවස්තු ධාතූන් ලෙස සැලකෙන්නේ එදා ශාක්‍යයන් වෙත බෙදා දුන් ධාතූන්ය.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා අද කන්තලේ පවති දේශපාලන රැස්වීමකදී පැවසුවේ කපිලවස්තු ධාතූන් යනු සැරියුත් මුගලන්ගේ ධාතූන් බවයි.

එම වීඩියෝව පහතින්.

සැබෑ ජීවිතයේදී මම සාරංගව විසිවෙලා ගිහින් බිම වැටෙන්න තල්ලු කරලා තියනවා



Chathurika-Peiris2ටෙලි නාට්‍ය නිළියක් ලෙස ඉහළම ජනප්‍රියත්වයක් ලැබූ ඇය අද වන විට ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක ලෙසත් සාර්ථක ගමනක යෙදෙන්නියකි. තමන්ටම ආවේණික රංගන ශෙලියක් තුළින් සුවිශේෂ අනන්‍යතාවයක් ගොඩනගා ගත් චතුරිකා පීරිස් නම් ඇය මෙවර රැජින කතාබහට එකතු වූයේ මේ ආකාරයටය.

චතුරිකා පීරිස් කියන්නේ මොන වගේ කෙනෙක් ද ?
බොහොම සරල සැහැල්ලු චරිතයක්.

ඒකට හේතුව කොළඹ කෙල්ලක් වීමද ?
සමහර විට වෙන්නත් ඇති.

හඟුරන්කෙත වගේ ගමක ඉපැදුණු හැදුණු කෙනෙක් එක්ක යුගදිවිය ගෙවීම අසීරු වෙයි නේද ?

උදාරිගේ පුංචි දියණිය "ෂෙනර්යා"


බොඳ මිදුම් ටෙලි නාට්‍යය මගින් ජනප්‍රියත්වයට පත් උදාරි වර්ණකුලසුරිය පසුගිය දිනවල සියලු රුගත කිරීම්වලින් බැහැරව සිංගප්පුරුව බලා ගොස්සිටියේ සිය කුළුදුල් දරු ප්‍රසුතිය වෙනුවෙන්.

මෙයට මාස කිහිපයකට ප්‍රථම ඇගේ දරු ප්‍රසුතිය සිංගප්පුරුවේදී සිදු කෙරුණා අතර පසුගියදා ඇය සිය දියණියද කැටුව නැවත ලංකාවට පැමිණ තිබෙනවා.

උදාරි හා ඇගේ සැමියා වන සුජිත් ඔවුන්ගේ කුලුදුල් දියණියට නම් තබා ඇත්තේ ෂෙනර්යා උමෙයිලි යනුවෙනි. 

Thursday, August 30, 2012

Singer Sri Lanka Fashion Show 2012




අනර්කලීගෙන් රනිල්ට පහරක්

"ආණ්ඩුව නිදහස් අධ්‍යාපනය නොමරා මරන්න යන අවස්ථාවේ මම මේ නංගිලා මලිලාගෙන් එක ඉල්ලීමක් කරනවා. තමන් දන්න හැම වැඩිහිටි කෙනාටම SMS යවන්න."

රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා මෙම ප්‍රකාශ සිදු කරන ලද්දේ කොටුව දුම්රියපල ඉදිරිපිටදී අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටළු වලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් සිදුකරනලද උද්ඝෝෂණයකදීය. මෙම ප්‍රකාශය සඳහා ආණ්ඩු පක්ෂයෙන් මෙවර පිළිතුරු දී තිබුනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂාය.

අද දෙරණ පුවත් විකාශය සමගින් එක්වූ අනර්කලී කියා සිටියේ මෙවැන්නක්.



මහනුවර බාලිකා පාස‍ලේ ‘‍ලේ හලන භූතයා’ සොයාගිය ගමනක්

2011 සැප්තැම්බර් 17 සෙනසුරාදා අලව්වේ දී සිදුවූ දුම්රිය අනතුර තවමත් බොහෝ දෙනකුට මතකය. ඉන් බරපතළ තුවාල ලැබ රෝහල් ගත කොට සිටි මහනුවර ප්‍රධාන පෙළේ බාලිකාවක සිසුවියක ඉන් මඳ කලකට පසුව මිය ගිය පුවත එතරම් ප්‍රසිද්ධ වූයේ නැත. එහෙත් 2012 ජුනි 29 සෙනසුරාදා රාත්‍රියේ එම පාස‍ලේ ප්‍රධාන ශාලාවේ දී ගැනුණු ඡායාරූපයක එම සිසුවියගේ රුව අද්භූත අයුරින් සටහන්ව තිබූ බවක් පසුගිය කාලයේ මාධ්‍ය මගින් ප්‍රචාරය කොට තිබිණ. අතිශය අද්භූත සිදුවීමක් වශයෙන් හුවා දක්වා තිබූ එම ඡායාරූපය මුල් කොට බොහෝ දෙනා විශ්මයටත් කුතුහලයටත් පත් වූහ. ඡායාරූපයකින් අප යමකු හඳුනා ගන්නේ ඒ තැනැත්තාගේ මුහුණෙනි. එහෙත් මෙම භූත ඡායාරූපයේ මුහුණක් තිබුණේම නැත. ඒ අනුව ඒ අද්භූත රූපය එම සිසුවියගේ බවට නිගමනය වූයේ කෙසේද? යන්නද වෙනම සලකා බැලිය යුතුය. නමුදු එම විදුහ‍ලේ සිසුවියන් සේම ආචාර්ය මණ්ඩලය ඉන් මහත් බියටත් තැති ගැනීමකටත් පත්ව සිටියහ. මෙය ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ප්‍රබල අයුරින් පසුගන්වන්නක් ද විණි.

කොටස් වෙළඳපලේ "තැරැව් මාෆියාව" මෙහෙයවන්නේ කවුද?

එදා කොළඹ සරසවියේ නීති පීඨයේ සිසුවෙකු සිටි අවදියේ කෑම වේලක් සඳහා රුපියල් පහක් වියදම් කිරීමට නොහැකිව සිටි පුද්ගලයකුවන හා සාමන්‍යය ගුරුවරු දෙපලකගේ පුතුවන දිලිත් ජයවීර මෙතරම් කෙටි කලක් තුල මේසා විශාල ධනස්කන්දයක් සොයාගත් ආකාරය ඔහු විසින් හෙලිකල යුතුයි යන්න සඳහන්කරමින් ශාන් වික්‍රමසිංහ විසින් කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පැමිණිල්ලක් ගොනුකල බව මීට පෙර ලිපියකින් අප හෙළි කළා.

දෙරණ මාධ්‍යය ආයතනයේ හා ට්‍රයි ඇඩ් ආයතනයේ කලමනාකර අධ්‍යක්ෂවරු යුවල වන්නේ දිලිත් ජයවීර සහ වරුණි අමුණුගමයි. වරුණි අමුණුගම යනු සරත් අමුණුගම අමාත්‍යවරයාගේ දියණිය යි.


ඔවුන් පිළිබඳව ටි.එන්.එල් ඉසිර ගුවන් විදුලිය ඔස්සේ උදෑසන පුවත් සමාලෝචන වැඩසටහනේ ශාන් වික්‍රමසිංහ මහතා හෙලිකල එසේ හෙළිකිරීමෙන් පසුව ඔහුට මරණ තර්ජන ලැබුණු අතර පසුව දිලිත් ජයවීර විසින් තමන්ගේ ප්‍රතිරූපයට සිදුකරන ලද හානිය වෙනුවෙන් 'ටී.එන්.එල්.' සහ 'ඉසිර' ගුවන් විදුලියට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා නීතිඥවරු මාර්ගයෙන් එන්තරවාසියක්ද යවා තිබුණා.

Wednesday, August 29, 2012

පින්තුර කථාව ( වාසනාවන්ත පියවරු සහ දරුවන්)

මේ ජනාධිපතිතුමාගේ පුතා වන රෝහිත රාජපක්ෂය. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා පමණක් නොව ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීමයි.



විමල් වීරවංස හිටපු ජවිපෙ පුර්ණකාලිකයෙකි. සරසවි සිසුන්ට පන්ති වර්ජන කිරීමට, පිකටින්, පෙළපාලි වලට යාමට නායකත්වය දුන්නේය. ඔහු සමග අරගල කල සරසවි සිසුන් බොහොමයක් අද ජිවතුන් අතර නැත. ඉතුරුවූ ටික දෙනා නන්නත්තාර වි සිටිති. නමුත් විමල් ගොඩ ගියේය. ඔහු අද රජයේ ඇමතිවරයෙකි. බිරිඳ ෂොපින් යන්නේ ඇමරිකාවේය සහ යුරෝපයේය. විමල් වීරවංස ගේ පුතා ඉගෙනුම ලබන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. ඔහුට මහපොළ අවශ්‍ය නැත.

Share this article with your friends