Chitika Smowtion 468x60


Monday, December 31, 2012

2013 දී විවාහය ගිවිසීමට 5000 යි


http://i.imgur.com/Yxngz.png2013 ජනවාරි 01 වැනිදා සිට විවාහයන් ලියාපදිංචි කිරීම සඳහා රුපියල් 5000ක මුදලක් අය කිරීමට විවාහ රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි වාර්තා වේ.

මීට පෙර ඒ සඳහා ගාස්තුව වූයේ රෙජිස්ටාර් කාර්යාලයෙන් පිට විවාහයක් ලියාපදිංචි කිරීමට නම් රුපියල් 1000 මුදලක් සහ රෙජිස්ටාර් කන්තෝරුවේදී ලියාපදිංචි කිරීමට රුපියල්750 ක මුදලකි.

විවාහ වුණ කතාව සම්පුර්ණයෙන් බොරුවක් – සනත් ජයසූරිය


පසුගිය කාලයේ අන්තර්ජාලය ඔස්සේ පැතිරගිය තවත් උණුසුම් පුවතක් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය තම දෙවන විවාහයෙන් වෙන්වී තෙවැනි විවාහයත් සිදු කළ බවයි. පැතිර ගිය මේ උණුසුම් පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බවත් අන්තර්ජාලයේ පෙන්වන සෑම දෙයක්ම සත්‍ය නොවන බවත් කණගාටුවෙන් සනත් පවසයි.

කැමරාවේ සටහන්වූ මොස්කව් ගුවන් අනතුර

චෙක් රාජ්‍යයේ සිට මොස්කව් බලා එමින් තිබූ ජෙට් ජානයක් ඊයේ මාර්ගයකට කඩා වැටී තිබුනා.

එම මොහොතේ ගුවන් යානයේ 12 දෙනෙකු සිට ඇති අතර 4 දෙනෙකු මියගොස් තිබුනේ ගුවන් නියමුවන් දෙදෙනාද සමඟිනි.

එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනය වූ කැමරාවක එය සටහන් වී තිබුනේ මෙසේය.

Sunday, December 30, 2012

චීනයේ සුපිරි වෙළඳසැලක මින්මැදුර පුපුරායාම - වීඩියෝ


චිනයේ දෙවන විශාලතම නගරයේ පිහිටි ෂැංහායි ඔරියන්ට් වෙළඳ සංකීර්ණයේ වූ විශාල මින්මැදුරක වීදුරුවක් පසුගියදා පුපුරා ගොස් තිබුණා.

ජලය සමඟ එළියට ආ මසුන් අතර මෝරුන් 3 දෙනෙකුද සිටි අතර අනතුරින් 16 දෙනෙකු පමණ තුවාල ලබා තිබූණා.

එම ටැංකියේ වීදුරුවේ ගනකම තිබී ඇත්තේ අඟල් 6කි. වීදුරුව බාල වර්ගයේ එකක් නිසා මෙම අනතුර සිදුවූ බවටයි විශ්වාස කරන්නේ.

ටැංකිය පුපුරා ගිය වීඩියෝව පහතින්.

Saturday, December 29, 2012

ටෝනි ග්‍රෙග් දිවියෙන් සමුගනියි!


ක්‍රිකට් විස්තර විචාරකයකු වු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටෝනි ග්‍රේග් අභාවප්‍රාප්ත වී තිබේ.

පෙනහළු පිළිකාවකින් පෙළුණු ඔහු මියගොස් තිබෙන්නේ හෘදයාබාධයකිනි. මිය යන විට 66 හැවිරිදි වියේ පසුවිය.

ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර ඉකුත් අගෝස්තු හා සැප්තැම්බර් අතර ඩුබායි හීදි පැවැති ක්‍රිකට් තරගාවලිය අතරතුර ඔහු රෝගාබාධයකින් පෙළුණු අතර පසුගිය කාලයේ ලංකාවේදී නිමාවට පත්වු පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී මුල්වරට එම රෝග තත්ත්වය හඳුනාගන තිබුණි.

6 දෙනෙකු දුෂණය කළ ඉන්දියානු සිසුවිය මියයයි

පසුගිය දා ඉන්දියාවේ මෙන්ම ලෝකයේ මහත් ආන්දෝලනයට ලක්වූ සිද්ධියක් වූයේ දිල්ලි නගරයේ ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාවක් හය දෙනෙකුගෙන් යුතු පිරිසක් විසින් දුෂණය කිරීමයි.

එම සිදුවීමට බදුන් වූ එම ශිෂ්‍යාව අද උදෑසන මියගොස් තිබෙනවා. ඒ සිංගප්පුරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේදීය.

23 හැවිරිදි, පිසියෝතෙරපි හදාරන එම වෛද්‍ය ශිෂ්‍යාව පසුගිය 16 වනදා ඇගේ පෙම්වතා සමඟ චිත්‍රපටයක් නැරඹීමට ගොස් ඇති අතර චිත්‍රපටය නිමවී යාමට බස් රථයකට ගොඩ වී ඇත. 


බස් රථයට ගොස් වාඩි වී ටික වෙලාවකින් බස් රථය සුපුරුදු මාර්ගයෙන් ඉවතට ගොස් වෙනත් මාර්ගයක ගමන් කර ඇති අතර බස් රථයේ දොරවල් දෙක
 වසා ඇත. 

ක‍ටුගේ කැඩුවේ කන්ගැට්ටාමයි - අනුර සේනානායක පුන පුනා කියයි


2012.03.16 දින කොළඹ කෞතුකාගාරයේ කෞතුක වස්තු සොරකමට සම්බන්ධ වූයේ කන්ගැට්ටා නොහොත් ප්‍රියන්ත මේදිස් නැමැත්තා බවත් ඒ හැර වෙනත් කිසිදු පුද්ගලයෙකු ඊට සම්බන්ධ නොවු බව ස්ථීර වශයෙන්ම තහවුරු කළ හැකි යැයි බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පවසයි.

 මෙම සොරකම සම්බන්ධයෙන් හා ඊට අදාළව සොයාගත් භාණ්ඩ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරී‍ම සඳහා පොලිස් මූලස්ථානයේදී 
පසුගියදා (26) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

ඉහත සඳහන් ක‍ළ දිනයේ රාත්‍රී කෞතුකාගාරයෙන් නැති වු භාණ්ඩ 221න් 221ම සොයාගෙන ඇතැයි ද ඒවා සොයා ගනු ලැබුවේ දිවයිනේ විවිධ ප්‍රදේශවල රන් භාණ්ඩ වෙළඳසැල්, පැරණි භාණ්ඩ මිලට ගන්නා ස්ථානවල තිබී බවද ඔහු එහිදී පැවසුවේය.

පෙරහැර බලන්න ගිය ගීතා ස්ටේජ් එකෙන් බිමට පැනලා!


මඩ තැවරුණ නිසා පෙරහර නොබලාම ගිහින්..

බෙන්තර ඇල්පිටිය ආසනයේ ශ‍්‍රී ලංකා පක්‍ෂ සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය, බෙන්තර ප්‍රාදේශීය සභා සභාපති ගයාන් සිරිමාන්න මහතා සමග පෙරදින රාත්‍රියේ වේදිකාවකින් බිමට පැන පණ බේරාගෙන තිබේ.

ඔවුන් දෙදෙනා බෙන්තොට ගලපාත මහා විහාරයේ ඓතිහාසික දළදා පෙරහර බලන්නට ගිය අවස්ථාවේදී එවැනි අකරතැබ්බකට මුහුණදී ඇත.

Share this article with your friends