Tuesday, January 1, 2013
2013 ඉඳන් පෝය වෙළෙඳ නිවාඩුටත් කෙලී...
හඡ්ජි දිනය, නබිනායකතුමාගේ උපන්දිනය, රාමසාන් දිනය,වෙළෙඳ නිවාඩු...
තෛපොංගල් දිනය, නත්තල් දිනය වෙළෙඳ නිවාඩු...
මෙම වෙළෙඳ නිවාඩු අනෙකුත් ආගම් සඳහා ලබා දෙන්නේ කෙසේද?
මෙය කාගේ බලපෑමක් මත සිදුවන්නක්‌ද?
රජයේ දින දර්ශනයෙන් පොහොය නිවාඩු දිනය වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස මෙතෙක් නම් කළත් 2013 වර්ෂයේ රජයේ දින දර්ශනයෙන් පොහොය දිනය වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස නම් නොකිරීම බරපතළ වරදක් යෑයි බොදුබල සේනා සංවිධානය පවසනවා.
මේ සම්බන්ධයෙන් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වෙනවා.
හිරු TV නැවතත් ඇන ගනී - ටවුන් එකක් දිස්ත්‍රික්කයක් කරයි...
හිරු TV නාලිකාව ආරම්භ කරබොහෝ කාලයක් ගත වන තෙක් ඔවුන් විසින් ප්‍රවෘත්ති විකාශයක් පවත්වාගන ගියේ නෑ. නමුත් මෑත කාලයක සිට රාත්‍රී 7 ට ප්‍රවෘත්ති විකාශයක් ගෙන ඒමට ඔවුන් සැරසුනා.
පෙරේදා (30) හිරු TV නිවුස් වලින් වාර්තා කළේ "ඇඹිලිපිටිය දිස්ත්‍රික්කයක් "යනුවෙනි. නමුත් ඇඹිලිපිටිය යනු සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති තරමක් විශාල නගරයක් පමණි.
බ්‍රෝඩ්බෑන්ඩ් බද්ද 50% කින් පහළට
කින් පහත හෙළීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර ඇත.
අන්තර්ජාල සම්බන්ධතා සහ ඒ ආශ්‍රිත සේවාවන් වඩාත් පුළුල් කිරීමේ අරමුණින් මේ තීරණය ගෙන ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පවසයි.
ඒ අනුව මේ දක්වා අයකළ 20% ක බදු ප්‍රතිශතය අද සිට ක්‍රියාත්මක වන පරිදි 10% දක්වා පහත වැටෙන බවද එමඟින් අදාළ සේවාවන් වලට ගෙවීමට සිදුවන මුදල දෙගුණයකින් පමණ අවම වන බවද ඒ මහතා සඳහන් කරයි.
Monday, December 31, 2012
2013 දී විවාහය ගිවිසීමට 5000 යි
මීට පෙර ඒ සඳහා ගාස්තුව වූයේ රෙජිස්ටාර් කාර්යාලයෙන් පිට විවාහයක් ලියාපදිංචි කිරීමට නම් රුපියල් 1000 මුදලක් සහ රෙජිස්ටාර් කන්තෝරුවේදී ලියාපදිංචි කිරීමට රුපියල්750 ක මුදලකි.
විවාහ වුණ කතාව සම්පුර්ණයෙන් බොරුවක් – සනත් ජයසූරිය
කැමරාවේ සටහන්වූ මොස්කව් ගුවන් අනතුර
Sunday, December 30, 2012
චීනයේ සුපිරි වෙළඳසැලක මින්මැදුර පුපුරායාම - වීඩියෝ
චිනයේ දෙවන විශාලතම නගරයේ පිහිටි ෂැංහායි ඔරියන්ට් වෙළඳ සංකීර්ණයේ වූ විශාල මින්මැදුරක වීදුරුවක් පසුගියදා පුපුරා ගොස් තිබුණා.ජලය සමඟ එළියට ආ මසුන් අතර මෝරුන් 3 දෙනෙකුද සිටි අතර අනතුරින් 16 දෙනෙකු පමණ තුවාල ලබා තිබූණා.
එම ටැංකියේ වීදුරුවේ ගනකම තිබී ඇත්තේ අඟල් 6කි. වීදුරුව බාල වර්ගයේ එකක් නිසා මෙම අනතුර සිදුවූ බවටයි විශ්වාස කරන්නේ.
ටැංකිය පුපුරා ගිය වීඩියෝව පහතින්.
Subscribe to:
Posts (Atom)



