අද දින බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැදවනවා වෙනුවට මහේස්ත්‍රාත් නිල කාමරයේදීය. මෙම අවස්ථාවට විශාල ජනකායක් සහභාගී වී සිටි බැවින් මහජන කැළඹීමක් ඇතිවන්නට ඉඩ ඇතැයි සිතා දැඩි පොලිස් රැකවල්ද යොදා තිබූ බව වාර්තා වේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් කරන්දේණිය බොරකන්දේ රසායනාගාර හිමිකරු චින්තක රුවන් ජයසේන, ඇල්පිටිය කුරුඳුගහ හැතැප්මේ යුද හමුදා කපිතාන් චන්දන වික්‍රමසිංහ, මීටියාගොඩ පදිංචිකරුවන් වන යුද හමුදා කෝප්‍රල්වරුන් වන එස්.ශාන්ත ද සිල්වා, සහ එස් ජයලත් ද සිල්වා, හා මීටියාගොඩ මගවෙල ඩී. විජිත් ආනන්ද ද සොයිසා යන අය සැකකරුවෝ වෙති.