එල්.ටි.ටි.ඊ. සංවිධානය සමග අවසන් සටන සිදුවූ, මුල්ලිවායික්කාල් ප්‍රදේශයේ කලපුව ආසන්නයේ ‘ලැගූන් ඒජ්’ නමින් සුභෝපභෝගී නිවාඩු නිකේතයක් විවෘත කර ඇත. මෙය ප්‍රභාකරන් මියගිය ස්ථානය බවත්, මෙම ස්ථානයේ විවේකය ගත කරමින් එක් දිනක් රැඳී සිටීමට රුපියල් 15,000 ක් අය කරන බවත් දක්වා සිංහල මාධ්‍ය ජාතික පුවත්පතක දැන්වීම් වාර්තාවක් පලකර ඇත.
දේශීය සංචාරකයින් ඉලක්ක කර ගනිමින් මෙම දැන්වීම පළකර තිබේ.
එම හෝටලය ජීවිතයේ එක්වරක් අත්විඳිය යුතු අත්දැකීමක් ලෙස වර්ණනා කරමින් එකී දැන්වීම් ලිපිය පළකරන එම පුවත, දහස් ගණනක් යුධ විරුවන්, ත්‍රස්තවාදීන් සහ අනෙකුත් අය මියගිය ස්ථානයේ පිහිටි මෙම නිවාඩු නිකේතනය සම්පූර්ණයෙන්ම තේක්ක ලීයෙන් ඉදිකර ඇති බවත්, එසේම සියලු උත්සව අවස්ථා සඳහාද කදිම බවත් සඳහන් කර ඇත. එම ලිපිය මගින් “ප්‍රභාකරන් මැරුණු නන්දිකඩාල් කලපුවේ 15,000 ($100) ගෙවලා රැයක් ඉන්න කැමතිද ?” යනුවෙන් පාඨකයින්ගෙන් විමසා සිටියි.