Chitika Smowtion 468x60


Monday, January 21, 2013

ධාන්‍යය වලින් දේශීය බිස්කට් හැදු ව්‍යාපාරිකයා පැහැර ගනියි


දේශීය ධාන්‍ය ඇසුරින් බිස්කට් නිර්මාණයේ ඉතිහාසය 
මහව බලල්ලේ පදිංචි අජිත් දසනායක මහතා ගේ පියා පාරම්පරික බේකරි කරුවෙකි. සිය පියාගේ වියෝවෙන් පසුව බේකරියේ පාලනය සියතට ගන්න අජිත් මහතා සහල් පිටි වලින් විස්කෝතු සෑදීමට ආරම්භ කරනු ලබන්නේ 1990 දීය. නමුත් එය අසාර්ථක වී ඇත්තේ සහල් පිටි එකතු කල විට තිරිඟු පිටි මෝලිය පට්ටයක් ලෙසට සවිවීමෙනි.

ඉන්පසු ඔහු ප්‍රදේශයේ වැව් වලින් බහුලව කඩා ගත හැකි ඕලු ඇට පිටි කොට ඒවා සහල් පිටි වලට මිශ්‍ර කොට විස්කෝතු සෑදීමේ ක්‍රියාවලිය දියුණු කරලිමට හැකි දැයි අත්හදා බලා ඇත. 


ඕලු අලයේ මෙන්ම ඇටයේ ද තිබෙන මෙළෙක් ස්වභාවයද, පිටි මෝලියට කලවම් නොකරන තවත් දේශිය ද්‍රව්‍ය කීපයක් ද අලුතින් එක් කිරීම මගින් තව දුරටත් පිටි මෝලිය මෙළෙක් වන බව ඔහු සොයාගෙන ඇති අතර ඒ අනුව සහල් පිටි සියයට විස්සක්ද ඕලු ඇට පිටි සියයට අසූවක් ද කලවම් කොට අජිත් මහතා විසින් නිර්මාණය කළ විස්කෝතුව බේකරි කර්මාන්තයේ විප්ලවීය ආරම්භයක් විය. 

රාධා ලංකා නැචුරල් නමින් වූ නිෂ්පාදන නාමය අනුව ඔහුගේ ඊළඟ නිර්මාණය බවට පත් වන්නේ ඕලු පිටි වලින් නිෂ්පාදනය කරනු ලැබූ කේක් ගෙඩියකි. එය සහමුලින්ම නව නිර්මාණයක් විය. එම අත්දැකීමෙන් පසු සහල් පිටි සියයට විස්සක්ද තිරිඟු පිටි සියයට විස්සක් ද ඕලු පිටි සියයට හැටක් ද මිශ්‍ර වූ පාන් ගෙඩියක් එම නිෂ්පාදන අතරින් එළියට පැමිණෙන්නේ එවකට බේකරි නිෂ්පාදකයින් අත නොගැසූ නවතම කේෂ්ත්‍රයකට අවතීර්ණ වෙමිනි.

කෙසේ වෙතත් සහල් පිටි හා ඕලු පිටි යොදමින් පාන් ගෙඩියේ පිපීම සාර්ථක කර ගැනීමට කරන ලද අත්හදා බැලීම තුලින් ඉදිරියට පැමිණි අජිත් දසනායක මහතා රුපියල් විස්සකට පාන් ගෙඩියක් වෙළෙඳ පළට නිකුත් කළ හැකි යයි කළ අභියෝගයද සුලුපටු නොවේ. එය කලහැක්කේ සත්ව ආහාර සඳහා බහුල වශයෙන් ගැනෙන දේශිය බඩ ඉරිඟු පිටි යොදා ගනිමිනි. එහිදී සියයට අනූඅටක්ම එම පිටි වර්ගය යොදමින් ඔහු කළ නිර්මාණය නිසා ඇතැම් පිරිසකගෙන් ඔහුට ජීවිත තර්ජන පවා ඇති විය.

මේ වන විටි ඔලු කුරහන් මෙන්ම කොස් අලු කෙහෙල් ඇතුලු දේශිය ධාන්‍ය වර්ග හා එළවුලු රාශියකින් සමන්විත ආහාර නිෂ්පාදන හැට දෙකක් වෙළෙඳපළ ට ඉදිරිපත් කරන්නට අජිත් දසනායක මහතා සමත්ව සිටී. ඒ අතර දියවැඩියා රොගීන්ට දිය හැකි ඕලු බිස්කට් රුධිර පීඩනය ඇතිරෝගීන් ට සුදුසු සුදු ලූනු ඉඟුරු ඕලු කුකීස් කොස් ඇට කුකීස් සහ විවිධ ධාන්‍ය වර්ග වලින් සහ සහල් පිටි බඩ බරිඟු පිටි වලින් නිපදවූ කේක් වර්ගද වෙයි.



සුදු වැන් රථයකින් පැහැර ගැනීම 

මෙම නව නිර්මාණ බිහිකරන අතරතුරේ අජිත් මහතා පසුගිය දිනයක සුදු වැන් රථයකින් පැහැරගෙන ගොස් ඇත.සිද්ධිය වූ දිනයේ උදේ කුරුණෑගල කච්චේරියට ගොස් ආපසු එද්දී වෑන් රථයකින් පැමිණි හතරදෙනකු ඔහු පැහැරගෙන දෑස් බැඳ ගෙනගොස් කාමරයක සිර කර සිටි බවට අජිත් මහතා විසින් විසින් පොලිසියට පවසා ඇත. එහිදී පැහැරගත් පුද්ගලයන් විසින් දිගින් දිගටම විමසා ඇත්තේ ඔලු හා සුවදැල් ධාන්‍ය වර්ග භාවිතයෙන් බිස්කට් නිෂ්පාදනය කරන අයුරු හා එහි ප්‍රමිතිය පිලිබඳවය. ප්‍රශ්නකිරීම් වලින් අනතුරුව අජිත් මහතා වරකාපොල ප්‍රදේශයේ මහමග දමාගොස් ඇත.පොලසිය මේවනවිට ඒ සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.


බිස්කට් නිර්මාණයේ ඉතිහාසය- මතුගම සෙනෙවිරුවන්ගේ ලිපියක් ඇසුරිනි.




Source - http://www.gossip9.com/2013/01/blog-post_6349.html

Share this article with your friends