ලබන 27වනදා ජිනීවාහී පැවැත්වෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට එතරම් බලපෑම් එල්ල නොවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කරයි. ජිනීවා සමුළුව සම්බන්ධයෙන් කරුණු දැනගැනීම සඳහා ඇමතිවරු කිහිප දෙනකු ඔහු හමුවූ අවස්ථාවේදී එසේ ප්‍රකාශ කර ඇත.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වා ඇති ජී.එල්. පීරිස් මහතා, ජගත් සංවිධාන මානව හිමිකම් කවුන්සිලයට ඇමරිකාව විසින් ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවෙහි සැරබාල කර ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකියාව තිඛෙනබවද සඳහන් කර තිබේ.