Chitika Smowtion 468x60


Friday, June 22, 2012

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් නිල තානාපති සල්මන් ඛාන් ?


ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය එළඹෙන අගෝස්තු මස 10 සිට 31 දක්වා පැවැත්වීමටත් තරඟාවලියේ සියලු තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සහ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පමණක් පැවැත්වෙන බවද ක්‍රිකට් ආයතනය පසුගියදා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙම තරඟාවලියේ නිල තානාපතිත්වය සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් හට ලබාදීමට සුදානමක් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.


ශ්‍රී ලංකාවේ බොහෝ පුද්ගලයන් හින්දි සිනමාවට වශී වී ඇති හෙයින් මෙම තීරණය ගෙන ඇති බවත් සල්මන් ඛාන් මෙරට ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ මිතුරෙකු වීම නිසාවෙන්ද මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

ශානිකා අර්ජුනගේ පෙම ප්‍රතික්ෂේප කරයි


සිරස සුපර් ස්ටාර් තෙවන වටයේ ජයග්‍රාහිකාව වූ ශානිකා මධුමාලි හා එම තරඟයේම තරඟකරුවෙකු වූ අර්ජුන රූකාන්ත සමග ප්‍රේම සම්බන්ධයක් පවතින බව පසුගිය කාලයේ මාධ්‍යය ඔස්සේ වාර්තා විය.

ශානිකා මධුමාලි හට සුපර්ස්ටාර් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වටිනා මෝටර් රථයක් සහ රුපියල් ලක්ෂ 10 ක් මුදලි
න් ලැබුන අතර ඇයගේ හිතමිතුරන් විසින් වංචාකාරී ලෙස ඇයට ලැබුණු මෝටර් රථය විකුණා මුදල් ලබාගෙන ඇත.

කෙසේ නමුත් සුපර් සටාර් ජයග්‍රහණයෙන් අනතුරුව ඇගෙන් බොහෝ දේවල් අගේ ඥාතින් බලාපොරොත්තු වුවද ලක්ෂ 10 කින් එම සියල්ලම ඉටු කල නොහැකි හේතුවෙන් ඥාතීන් ද දුරස් වී ඇත.


ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයත් දෙකඩ කරයි ?


තමන්ගේ කැමැත්තට බලපෑමක් කළ හැකි පක්‍ෂ, සංවිධාන, ව්‍යාපාර පමණක් නොව පවුල් පවා කඩා බිඳ විසුරුවා දමා ප‍්‍රමෝධයක් ලබන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ද පැහැදිලිව දෙකට බෙදා තිබේ.
වත්මන් අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මියද තවත් වසර 09කට වැඩි කාලයක් එම තනතුරේ රැඳී සිටීමේ ව්‍යවස්ථානුකූල අයිතිය හිමිව ඇති බැවින්, ඇයගේ බලය බෙලහීන කිරීම සඳහා ජනාධිපතිවරයා මේ වන විට සැලසුම්සහගත කුමන්ත‍්‍රණයක යෙදී සිටින බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය. මීට පෙර අගවිනිසුරු ධූරයේ වසර 11කට වැඩි කාලයක් කටයුතු කළ සරත් නන්ද සිල්වා මහතා ඔහු විශ‍්‍රාම යාමට අවසන් මාස කිහිපය දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය තුළ තමන්ගේ ආධිපත්‍යය රැකගෙන සිටි නමුත්, වත්මන් අගවිනිසුරුවරියට එරෙහිව වසරක් යාමටත් පෙර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගෙන් අභියෝගයක් එල්ල වී ඇතැයි ද ඔහු සඳහන් කළේය. එවැනි පැහැදිලි බෙදීමක් ඇති කිරීමට ජනාධිපතිවරයා පෞද්ගලිකව මැදිහත් වී ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

විමල්ගේ තාප්පේ හදන්න පී.බී සල්ලි දීලා නෑ


පසුගිය 23 වැනිදා පැවති අධික වර්ෂාව හේතුවෙන් විමල් වීරවංශ අමාත්‍යවරයාගේ දැවැන්ත නිල නිවසේ තාප්පයේ කොටසක් කඩා වැටී ඇති අතර, එය පිළිසකර කිරීම සඳහා මුදල් අනුමත කර දෙන ලෙස මහාභාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප වී තිබේ.
මහාභාණ්ඩාගාරයේ අධිපති, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා ගෙන යන මෙහෙයුමෙහි වීරවංශ අමාත්‍යවරයාද ප‍්‍රධාන කොටස්කරුවෙකි. ජයසුන්දර මහතාට එරෙහි මාධ්‍ය මෙහෙයුම් පසුගිය කාලය පුරා සැලසුම් කර ඇත්තේ විමල් වීරවංශ අමාත්‍යවරයාය.

සිලෝන් ටුඩේ තීරණයට නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කනස්සල්ල


සිලොන් ටුඩේ පුවත්පතේ ප‍්‍රධාන කර්තෘවරයා ලෙස හා කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ ලෙස ද කටයුතු කළ ලලිත් අලහකෝන් මහතා සහ කාටූන් ශිල්පී වසන්ත සිරිවර්ධන මහතා සේවයෙන් ඉවත් කිරිමට සිලොන් ටුඩේ පේපර්ස් ආයතනයේ කළමණාකාරීත්වය ගෙන ඇති තීරණය පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාර සිය දැඩි කණස්සල්ල ප‍්‍රකාශකර ඇත.


සම්පූර්ණ නිවේදනය මෙසේය.
2012 ජූනි 21
මාධ්‍ය නිවේදනයයි

ගල්කිස්ස වෙරළේ අක්ෂා හා කාවිංග


නිවේදකයෙක් හා නැගී එන නළුවෙකු වන කාවිංග පෙරේරා හා නිළියක් හා නිරූපිකාවක් වන අක්ෂා සුදාරි ගේ හාද කම දැන් බොහෝ අයට රහසක් නොවේ. 

මාධ්‍යය හමුවේ අක්ෂා විසින් කොතෙකුත් එවන් දෙයක් නැති යන්න පැවසුවද තිරයෙද කාවිංග ගෙන් වෙන් විය.

පසුගියදා කාවිංග හා අක්ෂා මෙසේ එක්ව සිටිනු දක්නට ලැබුනේ ගල්කිස්ස වෙරල තිරයේ පැවැත්වූ උපන්දින සාදයකට සහභාගී වූ අවස්ථාවකදීය.


ශනි නිවෘත වීම සමග රටේ පෙරලියක්


මැයි 16 වෙනිදා තුලාවෙන් කන්‍යාවට වක්‍ර ගමනක යෙදුන ශනි ජුනි 25 වන සඳුදා පස්වරු 1:32 ට නිවෘත වේ.එනම් පසුපසට යන ගමන නතරකොට ඉදිරියට ගමන් කිරීමයි.මෙසේ ශනිගේ වෙනස් වීම මේ වකවානුවේ සෙසු ග්‍රහයන්ගේ පිහිටීමේ පීඩනය මැද සිදුවන්නක් නිසා අහිතකර තත්වයක් ඇතිවීමට ඉඩකඩ ඇත.

ශනිගේ නපුරු ගති පැවතුම් එලෙස වුවත් ශානිගෙන් නොසිතු යහපත් දේවල්ද ඉදිරියේදී දක්නට ලැබේවි.බැසිල් රාජපක්ෂ කන්‍යා ලග්න හිමියෙකු වුවත් එතුමාමෙරට දේශපාලනයේ තව ඉහලට එසවෙන අතර සුසන්තිකා ජයසිංහ මහත්මියටත් මන්ත්‍රී වරමක් ඇති වන බලයක් ඇතිවේ.



කොළඹ බල්ලන්ටත් සුදු වෑන් භීතිකාව


ඉස්සර නම් සුදු වෑන් භීතිකාව තිබුනේ මිනිස්සුන්ට පමණි.නමුත් දැන් අයාලයේ යන සුනඛයන් හටද සුදු වෑන් වලින් ප්‍රවේශම් වීමට සිදුවී ඇති බව වාර්තා වෙයි.

ඒ කොළඹ නගරය අලංකාරය කිරීම මත රජය විසින් ගෙන යන වැඩ පිළිවෙලක් මත කො
ඹ අයාලයේ යන බල්ලන්ද අතුරුදන් වීමට පටන් ගෙන ඇති නිසාවෙනි.

මෙයට එරෙහිව සත්ව සුබසාධන සංවිධාන කිහිපයක් රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා හමුවීමට උත්සාහ කලද එය අසාර්ථක වී ඇති බව වාර්තා වන අතර පසුගියදා ලිප්ටන් වටරවුමේදී මෙම සුනඛ පැහැරගැනීම් වලට එරෙහිව සත්ව සුබසාධන සංගම් විසින් සාමකාමී 
ද්ඝෝනයක් පවත්වනු ලැබුවා. 

එහි ජායාරුප පෙළක් පහතින් බලන්න 

ක්‍රිකට් අයිතිය CSN ට දුන්නාට MTV ලෙඩ අදියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටදී සහභාගීවන තරග විකාශය කිරීමේ අයිතිය CSN ආයතනයට පැවරීම අසාධාරණ සහ සදාචාර විරෝධී ලෙස සිදුකරන ලද්දක් බව පවසමින් අයිතිය පැවරීම වහා අවලංගු කර ‍ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට වැඩි වාසියක් හිමිවන අයුරින් ඊට යළි මිල ගණන් කැඳවන ලෙස MTV ආයතනය ‍ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා.

ඉදිරි වසර තුනේදී ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සත්තාරකත්වය දරණ මෙරටදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගවල දේශීය රූපවාහිනී අයිතිය CSN නාලිකාවට පැවරිමට ගත් එම තීරණය අභියෝගයට ලක් කරමින් MTV ආයතනය පසුගිය මැයි 22 වැනිදා ශ්‍රි ලංකා ක්‍රිකට් සභාපතිවරයාට ලිපියකින් දැන්වූ අතර එයට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අජිත් ජයසේකර මහතා ජුනි 7 වැනිදා එවූ පිලිතුරු ලිපියයේ සඳහන් වන්නේ අදාළ රූපවාහිනී විකාශන අයිතිය හිමිකර ගැනීම සදහා අයදුම් කරන ලෙස පුවත්පත් දැන්වීම් මගින් දැනුවත් කිරිමක් කළ බවය.


Share this article with your friends