Chitika Smowtion 468x60


Sunday, October 7, 2012

චණ්ඩි පැටව් යකා නැටූ පාසල හෙට අරී

බදුල්ල ජයසිංහ නව විදුහල්පති වරයාගේ පැමිණීමත් සමඟ ඇතිවූ කලහකාරී තත්වයෙන් විදුහල් පරිශ්‍රය යුද පිටියක් බවට පත්වීමේ හේතුවෙන් සතියක් පුරාව වසා තැබු ගාල්ල විද්‍යාලෝක ජාතික පාසැල සදුදා (08) යලි අධ්‍යාපන කටයුතු නව විදුහල්පතිවරයාගේ පරිපාලය යටතේ ආරම්භ කිරීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් එන්. කේ. ආරියවංශ මහතා කියා සිටියේ නව විදුහල්පති ලෙස බන්දුල ජයසිංහ මහතා ලබන සඳුදා සිට යළි පාසල් අධ්‍යාපන කටයුතු අරඹන බවය.

20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් ගීතය නිර්මාණය වූ හැටි


මේ දවස්වල පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී භාතිය, සන්තුෂ්, රන්ධින්, උමාරියා, දිනේෂ් සහ කොලවරි ඉංග්‍රීසි ගීතය ගායනා කළ අර්ජුන් එකතුවෙලා ගායනා කරන බොහෝම අපූරු ගීතයන් අපට අසන්නටලැබෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් උන්මාදයට පත්වූ අයගේ උන්මාදයට මේ ගීතය බද්ධ වන්නට එහි ගායනය සංගීතය වගේම ගීතයේ පදවැලත් බලපාලා තියෙන බව ඒ නරඹන බොහෝ අය කියන දෙයක්. සරලවම කියනවා නම් “ක්‍රිකට් මැච් එකක” ෆන් එක ගන්න අයට හරියටම සෙට් වෙන වචන සෙට් එකක්” විදියට මේ පදමාලාව හඳුන්වන්න පුළුවනි.

පසුගිය මාස 4ට ලංකාවේ භූ කම්පන 7ක්

ලංකාව යනු භූ කම්පන, සුනාමි, ටොනේඩෝ වැනි ස්වාභාවික විපත් වලින් තොර මනරම් සුන්දර දේශයක් බව කුඩා කාලයේ අපේ පාසැල් පොත් වල සඳහන් විය.

එබැවින් එවැනි විපත් පිළිබඳව අධ්‍යාපනයක් ලාංකිකයන්ට නොවූ අතර සුනාමිය නිසා වැඩි විපතක් වූයේ එලෙස පෙර සූදානමක් තබා 
සුනාමියක් ගැන අසා හෝ නොතිබූ නිසාය.

2004 වසරේ සුනාමිය පැමිණීමට පෙර වෙරළබඩ පිහිටි අලියෙක් දිවගිය අයුරු දුටු කුඩා දැරියකට පාසලේදී ඉගැන්වූ දෙය සිහියට නැඟී සිය මවද සමඟ සුනාමිය පැමිණීමට පෙර මුහුදු වෙරළෙන් ඉවත්වූ බව එම කාලයේ විදෙස් පුවත් මඟින් වාර්තා වුණා.



උදයන්තිගේ විවාහ නොවීමේ අදහස අත්හරි

ජනප්‍රිය නිළියක වන උදයන්ති කුලතුංග විසින් මීට පෙර පවසා තිබුනේ ඇය කිසිදාක විවාහ නොවෙනා බවයි

"කවදාවත්ම විවාහ වෙන්නේ නැහැ කියන අදහසේ තමයි මම ඉන්නේ. තනියම ඉන්න එක හරිම නිදහස් කියල මට හිතෙනව. මගෙ යාළුවො එක්ක හිනාවෙලා විනෝදයෙන් කාලය ගත කරනව.

ඒ වගේම මගෙ පවුලේ අය මට හරිම ආදරෙයි. ඒ නිසා මට ප්‍රේමයේ අඩුවක් දැනෙන්නේ නෑ. මම අනාගතය ගැන වැඩිපුර හිතන්නේ නෑ. හිත පෑරුණාම “ඈත ගමකට වෙලා ළමයින්ට උගන්නගෙන හිටිය නම් හොඳයි” කියල හිතුන වෙලාවලුත් නොතිබුණා නෙමෙයි. ඒත් මම ජීවිතයට සරලව සාර්ථකව මුහුණ දෙනවා."

මැච් එකට වහින බවට කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනාවැකි !


ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද (07) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

ඒ අනුව අද දින ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඉතා උණූසුම් හා තියුණු තරගයක් පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනා විමසිල්ලෙන් බලා සිටිනවා.


සුපිරි අට වටයේ සිට අපරාජිත ශ්‍රී ලංකාව විස්සයි විස්ස ලෝක තරගාවලියේ අවසන් මහා තරගයට පැමිණි දෙවැනි අවස්ථාව මෙය වේ. වසර 2009දී ශ්‍රී ලංකාවට අනු ශූරතාව හිමිවිය. කොදෙව් පිල අවසන් මහා තරගයට පිවිසි මුල්ම අවස්ථාව මෙය වූ අතර මෙවරතරගාවලියේ සුපිරි අට වටයේදී තරගයකින් පරාජයට පත්වී තරග දෙකක් ජය ගත්තේය.

බොරු අපායේ සද්දේ කතාවට මර්විනුත් අහු වෙයි

"රුසියාවේ පරීක්ෂකයන්ට ඇහුනු අපායේ සද්දේ" යනුවෙන් ලිපියක් මීට මාස කිහිපයකට පෙර අප විසින් පල කළා.

එම ලිපියෙන් කියවුනේ 1989 දී සයිබීරියාවට ගිය රුසියානු පර්යේෂකයන් පිරිසක්‌ කිලෝමීටර් 14.5 ක්‌ යටට පොළොවෙහි සිදුරක්‌ විද මයික්‍රෙෆෝන සහ දෘශ්‍ය උපකරණ සිදුර දිගේ පහළට යැවූ පසු විලාප තැබීමේ හඬවල් සමූහයක්‌ පටිගත කර ගැනීමට පර්යේෂකයන්ට හැකිවූ පුවතකි.

සැබැවින්ම එම කතාව ගොඩනඟා තිබුනේ 1972 දී තිරගත කරන ලද "බැරන් බ්ලඩ්" නැමති චිත්‍රපටයේ කොටසකින් ගන්නා ලද හඬ පටයකිනි.

මේ අතර මර්වින් සිල්වාද එම අපාගේ බොරු ශබ්දයට රැවටී තිබෙනවා.



අපි දන්නේ නෑ නේ වම්බොටු ඇතුලේ මොනවද තිබුනේ කියලා - අනර්කලී

දිවිනැගුම පනත් කෙටුම්පත දකුණු පළාත් සභාවේ විවාදයට ගැනීමත් සමග දකුණු පළාත් සභාවේ වම්බටු ආරවුලක් පිළිබඳව අර්බුධයක් පැන නැඟීතිබෙන පුවතක් ඊයේ අප ඔබට ගෙන ආවා.

මේ පිළිබඳව අනර්කලී ආකර්ෂා ඊයේ මාධ්‍යට පවසා තිබුනේ මෙලෙසින්.

"විපක්ෂයේ මංත්‍රී කෙනෙක් අනවශ්‍ය දෙයක් අපේ සභාවට ගෙනාවා. වම්බටු තමයි ගෙනාවේ, වම්බටු ඇතුලේ මොනා තිබුනද කියන්න අපි දන්නේ නැහැ. එතුමා හිතන්න ඇති ඒක පොළක් කියලා අපේ සභාව."



පුතාට එපා උනාට මටනම් ඕන - මර්වින්


පසුගිය කාලයේ මාධ්‍යය තුලින් ආන්දෝලනයට ලක්වූ මාලක සිල්වා , සති අන්ත පුවත්පතකට පවසා තිබුනේ "ලබන ආත්මේ ඇමති පුතෙක් නොවේවා" යනුවෙනි. 

මේ පිලිබඳ මාධ්‍යයට අදහස් දක්වා ඇති මර්වින් සිල්වා කියා ඇත්තේ තමා නම් එසේ ප්‍රාර්ථනා නොකරන බවයි.එසේම වැඩිදුර අදහස් පළකරමින් මර්වින් කියා තිබුනේ ආචා ර්යවරුන් ඉල්ලා සිටින 6% වැඩ වර්ජනය හේතුවෙන් තමාගේ අචාර්ය පට්ටමද හැල්ලුවී ඇති බවයි.

මර්වින්ගේ සාකච්චාවේ තෝරාගත් කොටස් බලන්න පහතින් 


 “ලබන ආත්මෙ ඇමති පුතෙක් වෙන්න එපා” කියලා ඔබේ පුතා කියලා තිබුණා. ඒ කියමනට ඔබ එකඟ ද?

අධිවේගයේ පිස්සු නැටු නියෝජ්‍ය ඇමති


නියෝජ්‍ය ඇමැතිවරයෙකු වන ඩුලිප් විජේසේකර දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්කළ මෝටර් රථය පැයට කිලෝමීටර් 169 වේගයෙන් පැදවී යයි දඩකොළයක් දීමට ගිය පොලිසිය හා නියෝජ්‍ය ඇමැති අතර ඇතිවූ බහින් බස්වීමෙන් පසුව ඇමැති රුපියල් 1500ක් රියෙන් එළියට විසිකොට ඇත.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය 02 වනදා රාත්‍රියේදීය.

කොට්ටාව පිවිසුමේදී දඩ කොළය දීමට රියැදුරාගේ බලපත‍්‍රය ඉල්ලූවිට එය නොදී තමා නියෝජ්‍ය ඇමති දුලිප් විජේසේකර බව සැරෙන් කථා කොට රුපියල් 1500 ක් රථයේ විදුරු පහත්කොට එලියට විසිකොට ඇත.


Share this article with your friends