Chitika Smowtion 468x60


Friday, September 13, 2013

නෑනා කැමති නෑ මට ...



ජයමංගල ගී තාලෙට - පිඹ පිඹ බට දඬු නළා...
ජය පැන් බොන සෙබළ ‍රැලක් - විලසට හඬ තල තලා....
රසකර මම පවසන්නෙමි - මිනි කිංකිනි සොලවලා...
අසනුමැනවි අසනුමැනවි - අසනුමැනවි තුටුවෙලා...

පරයන ඉදුනිල් කැට - දෙනෙතෙහි ඇති කැල්මට
වසඟ නොවන්නේ කවුරුද - නෑනගෙ එක බැල්මට
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

පොත්ටික තුරුලට අරන් - මුව මදහස රැලිකරන්
පාසැල්යන දෙවට දිගේ - නෑනා මගෙ රත්තරන්
මම කැමතියි නෑනට...නෑනා කැමති නෑ මට...
මම කැමතියි නෑනට... නෑනා කැමති නෑ මට...

Friday, February 8, 2013

ඇමතිවරු අඩු කරන්න නම් උපත් පාලනය කරන්න වෙයි ?


කැබිනට් ඇමතිවරු වැඩිකළේ රටේ ජනගහනය වැඩි නිසා බව ප්‍රවාහන ඇමති වෙල්ගම පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

ඉස්සර අපි කුඩා කාලේ මුළු කැබිනට් මණ්ඩලේම හිටියේ 18යි නැත්නම් 20යි අපේ හාමුදුරුවනේ. ඒ කාලේ ජනගහනය එච්චර නෑ. ඒත් අද එහෙම කරන්න බෑ. අද ඇමතිවරු වැඩි වුනාට කිසි ප්‍රශ්නයක් නෑ.

එම කතාවට පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක පිළිතුරුදී තිබුනේ එසේනම් ඇමති මණ්ඩලය පාලනය කිරීමට ඇති එකම විකල්පය උපත්පාලනය බවයි.

මුස්ලිම් විරෝධය අඬු කඩලා හරි නවත්තනවා - SB දිසානායක


උසස් අධ්‍යාන ඇමති S.B දිසානායක පසුගියදා ප්‍රකාශ කළේ මේ දින වල ඇතිවී තිබෙන මුස්ලිම් ව්‍යාපාර වර්ජන රැල්ල නැවැත්විය යුතු බවත් එසේ නොකරන අයට ගහලා අඬු කඩලා හරි නවත්වන බවත්ය.

එසේම අරාබියෙන් ලංකාවට පැමිණි මුස්ලිම් ජාතිකයන් සියළු දෙනටම ගැහැණු දුන්නේ සිංහලයන් බවත් ඔහු කියා සිටියේ මෙලෙසින්.

"මුස්ලිම් ජනතාව අරාබියෙන් ඉන්දියාව හරහා ලංකාවට ඇවිල්ලා මේ ව්‍යාපාර පටන්ගත්තේ පිරිමි විතරයි. ඒ සේරටම ගෑණු දුන්නේ අපි. ඒ නිසා මුස්ලිම් ජනගහනයෙන් බාගයක් සිංහල.

Thursday, February 7, 2013

‘හලාල්’ මිලදී ගැනීමෙන් වළකින ලෙස ඉල්ලා අත්පත්‍රිකා


හලාල් සලකුණ සහිත භාණ්‌ඩයක්‌ රු. 20 බැගින් වැඩි මිලකට අලෙවි කරන බැවින් එම භාණ්‌ඩ මිලදී ගැනීමෙන් වළකින ලෙස සඳහන් වූ අත් පත්‍රිකාවක් මාවනැල්ල ප්‍රදේශය පුරා බෙදා හැර ඇත.

අපේ වෙළෙඳ පළේ හලාල් සලකුණ සහිත භාණ්‌ඩ වර්ග 4500 ක්‌ ඇති බවත් ජනතාව මුළාකර එක්‌තරා අන්තවාදී ආගමික සංවිධානයක්‌ ජනතාවගේ මුදල් ගසා කෑම සිදුකරන බවත් එම අත්පත්‍රිකාවේ සඳහන් වෙයි.

Wednesday, February 6, 2013

හිරු මාධ්‍ය ජාලය සම්මාන කොල්ලකයි ? Hiru FM/Hiru TV awards scandal


යෞවනයේ ජනප්‍රියතම ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා සඳහා සම්මාන ලබාදීමක් පසුගියදා සිදුවුනා.

ඒ කොළඹ ආනන්ද විද්‍යාලය, ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශය හා කොළඹ විශ්ව විද්‍යාලයේ අධීක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ සියළුම පළාත් ආවරණය කරමින් දීපව්‍යාප්තව සිදු කළ පාසල් ජනමාධ්‍ය සමීක්ෂණයට අනුවයි.

ජනවාරි 31වනදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති එම උළෙලේදී රූපවාහිනී හා ගුවන්විදුලි නාලකා සඳහා සම්මාන ලබාදී තිබුනේ මෙලෙසින්.


යෞවනයේ ජනප්‍රියතම රූපවාහිනී නාලිකා:

Tuesday, February 5, 2013

සාරුවා සුනිල් දූෂණය කළ දැරිය සියදිවි නසාගනී - The girl raped by SLFP Saruwa Sunil suicides

සාරුවා සුනිල්ට ලොතරැයියක් ඇදේ

එක්සත් ජනතා නිදහස් සංධානයේ අකුරැස්ස ප්‍රාදේශීය සභා සභාපති සාරුව ලියනගේ සුනිල් විසින් දූෂණය කළ 14 හැවිරිදි දැරිය වස පානය කොට පසුගිය දෙසැම්බර් 27 වන දා මිය ගොස් තිබේ. 

දැරියගේ මව 2004 සුනාමියෙන් මිය ගොස් ඇති අතර මෙම සිද්ධියෙන් පසුව දියණියගේ රණවිරු පියා තම ජීවිත ආරක්ෂාව හා දියණියගේ අනාගතය ගැන කල්පනා කර දකුණු පළාත අතහැර බස්නාහිර පලාතට ගොස් ජීවත් වී තිබේ.


Monday, February 4, 2013

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගුගල් doodles වෙත එකතු වෙයි - Google doodles on Sri Lanka Independence day



ලොව අංක එකේ සෙවුම් යන්ත්‍රය වන ගුගල් සෙවුම් යන්ත්‍ර සේවාව විසින් පවත්වාගෙන යන doodles සේවාව ඔස්සේ ශ්‍රී ලංකාවේ 65 වන නිදහස සංකේතවත් කොට තිබේ. 

ලොව වටා සැමට (ශ්‍රී ලංකාවද ඇතුළුව) www.google.lk මගින් පිවිසෙන විටත්, ශ්‍රී ලංකාවෙන් www.google.com වෙත පිවිසෙන විටත් මෙය දර්ශනය වන ලෙස සකසා ඇත.
ගුගල් doodle යනු ගුගල් සෙවුම් යන්ත්‍රයේ සලකුණ වෙනුවට වැදගත් දිනයන් හා උත්සව අවස්තාවන් වලදී ගුගල් සලකුණ එයට ගැලපෙන ආකාරයෙන් සකස් කරන්නාවූ සේවාවකි. එහිදී අපට ගුගල් වෙත වැදගත් අවස්තාවන් දිනයන් පිලිබඳ යෝජනා කල හැකි අතර ඔවුන් ඒවා සලකා බලා එයට ගැලපෙන නිර්මාණයක් සිදුකොට doodles ලෙසින් අන්තර්ජාලයට මුදාහරිනු ලබයි.


Sunday, February 3, 2013

යළි ඉපැදී සිටින ඩඩ්ලි සේනානායක මීළඟ රාජ්‍ය නායකයාද?


පසුගිය දිනක ජාතික පුවත්පතකවෙනස් ආකාරයේ පුවතක් පලවිය. රජයට සහය දක්වන පුවත්පතක් වන දිවයින පුවත්පතේ ජෝතිර්වේදියකු විසින් එවන ලද ලිපියක් මගින් පැහැදිලිකොට තිබුනේ ඩඩ්ලි සේනානායක මහතා යලි ඉපදී ඇති බවත් ඒ මහතා 2016 ශ්‍රී ලංකාවේ රාජ්‍යය නායකයා වනු ඇති බවය.

1974 දී රජරට ප්‍රදේශයේදී ඩඩ්ලි සේනානායක නැවත උපතලද ඇති බවත් දැන් වයස අවරුදු 39 ක් බවත් ඔහුගේ ඇති පුණ්‍ය මහිමයෙන් සියලු බාධා මැඩපවත්වා 2016 වසරේදී රාජ්‍ය නායකයා බවට පත්වී වසර 20 ක් දැහැමිව රට පාලනය කරන බව එම ලිපියෙන් දක්වා තිබුනේ ඉන්දියාවේ සෘෂි වරුන්ගේ නාඩි වාක්‍ය ඇසුරින් දැනගත් බව පවසමින්. 


එමෙන්ම එම සෘෂිවරුන් විසින් වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ පිළිබඳවද මෙසේ දැක්වෙයි

Saturday, February 2, 2013

අයිපෑඩ් හොරකම් කළ නිරූපිකාවගේ අතුරු කතාව - iPad Model's True Story

zwhs mEâ fydrlï l;djZ
.kqfokqjla u.yeßh
jHdmdßlhd 
ug uv .ykak lrmq jevla

-  il=rd meyeÈ,s lrhs

whsmEâ fidrlfï .sh ksrEmsldj ms<sn| mqj;g wod< we;a; l;dj úia;rjQ l;djg fjkia tlla nj tu isoaêhg uqyqK mE 21 yeúßÈ ;reKsh jk il=rd fi!uHd l=udß  meyeÈ,s lrkq ,enqjd'


fï .ek uq,ska jd¾;djQfha miq.sh Èkl fuu ielldßh fld,a¨msáfha fl%ialeÜ idmamq ixlS¾Kfha idmamqjlg oekaùula ,nd.ekSug wjYH nj mjid f.dia tys whs;slre we;=<g .sh fõ,dfõ Tyqf.a whsmEâ tl fidrlï lr  we;s njh'
kuq;a il=rd fi!uHd l=udß mjikafka weh tu whs mEâ tl whs;slre bÈßmsg Tyq ±kqj;aj t;ekska /f.k wd nj;a Tyq ;udg isÿ l< uqo,a fkdf.ùula iïnkaOj wemhg th ,nd.;af;a tu uqo,a kej; ÿka miq whsmEâ tl ndrfok woyiska nj;ah'

zuu we;a;gu ksrEmsldjla fkfuhs' W;aij j,g ksrEmsldjka imhk flfkla'

රු. කෝටියක වන්දි ඉල්ලා ඉරාජ්ට නඩු

"මට ආලෝකෙ ගෙන දේවි සංසාරයේ" පැරණි ගීතයේ පද මාලාව වෙනස් කර තමන්ගේ ගීතයක් ලෙස ඉදිරිපත් කළැයි ඉරාජ් වීරරත්නට එරෙහිව රුපියල් කෝටියක වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරා තිබේ.

එම ගීතය ලියා තිබෙන්නේ 1950 වසරේදී හර්බට් එම් සෙනවිරත්න මහතා විසිනි. නඩුව පවරා ඇත්තේ දැන් ගීතයේ දැන් හිමිකරුවන් වන ඔහුගේ බිරිඳ වන ස්වර්ණා ලක්ෂ්මී සෙනවිරත්න සහ පුත් චින්තන සෙනවිරත්න විසිනි.



පවිත්‍රා බැසිල් ඉදිරියේ දෙකට නැමෙයි ?

මර්වින් සිල්වා චන්ද්‍රිකා කුමාරතුංග සමයේ ඇගේ විශ්වාසවන්ත මංත්‍රීවරයෙක් විය. වරක් මර්වින් චන්ද්‍රිකාට වැන්දේය.

මර්වින් සිය කැබිනට් අමාත්‍යධූරය ලබාගත්තේ ජනාධිපතිවරයාගේ දෙපා මුල සුනඛයකු සේ වැටීමෙනි.

මර්වින් සිල්වාට විරුද්ධව කෙතරම් චෝදනා එල්ලවුවද තවමත් මර්වින් වරදකරුවෙකු වී නැත.

සරණ ගුණවර්ධන ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමති ලෙස වැඩ බාරගත්තේ බැසිල් රාජපක්ෂට වැඳවැටීමෙනි. කෙතරම් කප්පම් චෝදනා එල්ල වුවද ඔහු තවමත් යහතින් සිටී.

Thursday, January 31, 2013

අපි තවම බැන්දේ නෑ - නෙහාරා (We are not married, yet - Nehara)

මේනක හා නෙහාරා විවාහ ගිවිසගෙන තිබෙන පුවතක් පසුගියදා අප ඔබට ගෙන ආවා.

නමුත් ඔවුන් දෙදෙනා පවසන්නේ තවමත් ඔවුන් විවාහ ගිවිසගෙන නොමැති බවයි.

ඒ පිලිබඳවත්, එම පුවත පිළිබඳ වෙබ් අඩවි වල පලවන ප්‍රතිචාර සම්බන්ධවත් නෙහාරා පුවත්පතකට අදහස් දක්වා තිබෙන්නේ මෙලෙසින්.


ඔබ නෙහාරා සමග විවාහ ගිවිසගත් බවට ආරංචියක් මේ දිනවල පැතිරෙනවා. එය ඇත්තක්ද ?

නැහැ. ඒක බොරු කතාවක් අපි තවමත් විවාහ ගිවිස ගෙන නැහැ.

නමුත් ඔබත් නෙහාරත් පසුගිය දිනෙක විවාහ ගිවිස ගත්බව ඇතැම් මාධ්‍යයන්හි පළකොට තිබුණා?

ගණිත හා විද්‍යා ප්‍රථම ස්ථාන දෙකම රාජපක්ෂ විදුහලට


කලා, වාණිජ, තොරතුරු තාක්ෂණික විෂයන් තුනේ දිවයිනේ ප්‍රථම තිදෙනා එකම පාසලකින් 
මෙයට පෙර අප වාර්තා කලේ ගණිත හා විද්‍යාව අංශයෙන් දිවයින ප්‍රථමයා වී ඇත්තේ හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ පාසලේම සිසුන් දෙදෙනෙකු බවයි. මේ වනවිට අප වෙත වාර්තා වන්නේ කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් තිදෙනෙකු කළා වාණිජ හා තොරතුරු තාක්ෂණික අංශයන්ගෙන් දිවයින් ප්‍රථම ස්ථානයන් ලබාගෙන තිබෙනවා. 

ඒ අනුව දෙවි බාලිකා විද්‍යාලයේ උපෙෂා සෙව්වන්දි කලා අංශයෙන්ද ශේශානි ගුණතිලක වාණිජ අංශයෙන්ද සමාලි ලියනගේ තොරතුරු තාක්ෂණික අංශයෙන් ප්‍රථම ස්ථාන ලබා තිබෙනවා
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ දින රාත්‍රීයේ අන්තර්ජාලයට නිකුත් කරන ලදී.

ඒ අනුව මෙවර ගණිත හා විද්‍යා අංශ දෙකෙහිම ප්‍රථම ස්ථානය හිමිව ඇත්තේ හම්බන්තොට වීරකැටිය රාජපක්ෂ මාධ්‍ය මහා විද්‍යාලයටය.

ඒ අනුව රුසිරු ගාම්භීරආරච්චි ගණිත අංශයෙන්ද කසුන් ලක්මාල් විද්‍යාව අංශයෙන්ද දිවයිනේ ප්‍රථමයන් වී තිබෙනවා.

ඔවුන්ගේ ප්‍රතිඵල සටහන බලන්න පහතින්.

අරුණි රාජපක්ෂගේ අළුත්ම පෙම්වතා (Aruni Rajapaksa's New Boy Friend)

2008 වසරේ දෙරණ මිස් ශ්‍රී ලංකා කිරුල දිනාගත් අරුණි රාජපක්ෂ, සරත් අමුණුගමගේ ඥාති පුත් දිලුම් අමුණුගමගේ එක් බිරියක්ව විවාහවී තිබූ බව පසුගිය කාලයේ වාර්තා වුනා.

2012 වසරේ ජූනි මාසයේ පුවත්පතකට ඇය පවසා තිබුනේ තමන්ට පෙම්වතෙක් නැති බවත්, තෝරාගන්නා කෙනා අඩි 6 ට වඩා උස විය යුතු බවත්ය.

නමුත් ඊට මාස දෙකකට පසුව ඇය පුවත්පතකට පවසා 
තිබුනේ  තමන්ට පෙම්වතෙක් සිටිනා බවත්, කලින් විවාහ වීම පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, එම ජායාරූප තමන් නොදුටු බවත්ය.

Wednesday, January 30, 2013

සුමනා ගෝමස්ගේ ඇමරිකාවේ ජායාරූප (Sumana Gomas New Photos - USA)





ජනාධිපතිවරයා පවිත්‍රාටම විදුලිබල ඇමතිකම දුන්නේ ඇයි?


පසුගියදා වූ කැබිනට් අමාත්‍යධූර වෙනස්වීමේදී චම්පික රණවකගේ විදුලි බල ඇමති ධූරය ජනාධිපතිවරයා විසින් පවිත්‍රා වන්නිආරච්චි වෙත ලබාදුන්නා.

එයට හේතුව ඊයේ ජනාධිපතිවරයා විසින් පැහැදිලි කර තිබුණා.

Monday, January 28, 2013

සුදු අයට මම කැමති නෑ - ශලනි තාරකා (I don't like white guys - Shalani Tharaka)

සිරස කුමරිය ලෙස තේරී පත්වීමෙන් පසු නිළියක් ලෙස කලා ලෝකයට පැමිණි ශලනි තාරකා ඩාන්සින් ස්ටාර් තරඟයේදී කැපී පෙනෙන නර්තනයක යෙදුනා.

පසුව නළු නිළි යුවළගේ බාල පුතු වන සංකේත් අභිලාෂ් වික්‍රමගේ හා ශලිනි තාරකා පිළිබඳව පසුගිය කාලයේ කටකතා පැතිර තිබුණා.

කෙසේ වුවද ශලනි තාරකාගේ අනාගත සහකරුවා කෙබඳු අයෙකු විය යුතුද යන්න ඇය පවසා තිබෙනවා.

ඒ අනුව සුදු අයට අකමැති බවයි ඇය පවසන්නේ.
 

"මම එච්චර උස නැති හින්දා උස අය ගැන පුංචි විශේෂත්වයක් මගේ හිතේ තිබුණා. ඒ වගේම සුදු අයට මම කැමති නැහැ. ඒ හින්ඳා මගේ හිතේ ඇඳුනු රූපයක් තිබුණා.

ඇමති ධූර වෙනසක් - පරණ බූරු කුට්ටමම යලිත් අනයි (Sri Lanka President changes 10 ministerial portfolios in cabinet reshuffle)

ජයේ අමාත්‍යධූර සංශෝධනයක් අද සිදුවුණා. 

නව සංශෝධනය අනුව ඇමති ධූර කිහිපයක් වෙනස්වීමකට ලක්කර තිබෙන අතර අමාත්‍යවරුන් 10 දෙනෙක්, ව්‍යාපෘති අමාත්‍යවරුන් දෙදෙනෙක් හා නියෝජ්‍ය අමාත්‍යවරු 6 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දී තිබේ

අගවිනිසුරුවරියට ගෙන ආ දෝෂාභියෝගයේදී සැලකිය යුතු කාර්යභාරයක් සිදුකළ පවිත්‍රා වන්නිආරච්චි හට විදුලිබල අමාත්‍යධූරය ලැබී ඇති අතර චම්පික රණවකට තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ධූරය ලැබී තිබේ

නව සංශෝධනය අනුව සීනි කර්මාන්තය සඳහා වෙනම අමාත්‍ය තනතුරක් ඇතිකර තිබේ. එමෙන්ම උද්භිද උද්‍යාන සඳහාද ඇමතිවරයෙක් සිටී. අධ්‍යාපනය වෙනුවෙන් සිටින ඇමතිවරයා පන්නා දැමීම වෙනුවට ඔහු සිටියදී තවත් නව ඇමති ධූරයක් ඇතිකර තිබේ

නව සංශෝධන අනුව අමාත්‍ය ධූර වෙනස්වී ඇත්තේ මේ ආකාරයටය.



බුදුන් වහන්සේ මහියංගනයට වැඩමකළේ චූලෝදර මහෝදර ආරවුල විසඳීමටයි- නිමල් සිරිපාල

දුරුතු පෝය දින බුදුරජානන් වහන්සේ මහියංගනයට වැඩම කළේ චූලෝදර මහෝදර මැණික් පුටුවේ ආරවුල විසඳීමට බව නිමල් සිරිපාල අමාත්‍යවරයා පෙරේදා පවසා තිබුණා.

ඒ මහියංගන විහාරස්ථාන පුදබිමේ පිහිටි විල්ලුවපිටිය වැවේ මංගල දියවර නිකුත්කිරීමේ උත්සවයේදී ජනතාව අමතමිනි.

පෝයදා කළ එම එම ප්‍රකාශයත් සමඟ එතැන සිටි කුඩා ළමයින් පවා ඇමතිවරයාගේ දැනුම ගැන විශ්මයට පත්වී තිබෙනවා.



එකක් බදු රහිතව රු. කෝටි 3.8 පමණ වන රෝල්ස් රොයිස් කාර් 50 ක් ලංකාවට? (50 Rolls Royce to Sri Lanka?)


ශ්‍රී ලංකාවට ගෙන්වන ලද නවතම රෝල්ස් රෝයි රථයයි මේ. අප වෙත තොරතුරු ලබාදෙන පාර්ශවයක් මෙම ජායාරූප එවන ලදී.

ඔහු පවසන පරිදි මෙය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා පැමිණෙන ප්‍රභූන්ගේ භාවිතය සඳහා ගෙන්වා තිබෙන අතර තවත් මෙවැනිම රෝල්ස් රෝයි රථ 50 ඉදිරියේදී ගෙන්වීමට නියමිතය.

එහෙත් අප කල සොයාබැලීමකදී තවත් පාර්ශවයක් හෙළිකර සිටියේ මෙය "ප්රෙස්ටිජි" නම් ආයතනය සිදුකල පෞද්ගලික අනයනයක් බවයි.

එහි කිසියම් සත්‍යතාවයක් පැවතිය හැකිය . මෙවැනි රථ එංගලන්ත රැජින
වත් භාවිතා නොකරන අතර 2011 වසරේ ඔස්ට්‍රලියාවේ පැවතී පොදුරාජ්‍ය මණ්ඩල සමුළුවවේදීද රැජින සඳහා භාවිතා කරන ලද්දේ රේන්ජ් රෝවර් රථයකි.


Sunday, January 27, 2013

නෙහාරා හා මේනක හොර රහසේම විවාහ වෙයි (Nehara & Menaka secretly married)

නෙහාරාගේ දික්කසාද නඩුවේ තීන්දුව ලැබෙන්න ඔන්න මෙන්න කියා තිබියදීම තමයි මේනකත් දික්කසාද නඩුවක් දමා තිබුනේ.

අනතුරුව දෙදෙනාටම ඔවුන්ගේ පළමු කසාද වලින් දික්කසාද වීමට අවසරය ලැබුණා. මේනකට දික්කසාදය ලැබුනේ පසුගිය වසරේ අප්‍රේල් 18 වනදාය.

නෙහාරා හා මේනක පෙම්වතුන් ලෙස මෙතෙක් කලක් දිවි ගෙවූ අතර ලඟදීම විවාහයට සූදානම් වන බව මීට දින කිහිපයකට පෙර 
අප ඔබට ගෙන ආවා


Friday, January 25, 2013

මුස්ලිම් ප්‍රජාවට එරෙහි පීඩා සොයන්න ජනපතිගෙන් කමිටුවක්

මෑත කාලයේදී ශ්‍රී ලංකා‍වේ මුස්ලිම් ජනයාට එල්ලවන විවිධ අපහාස හා ගැටලු පිළිබඳව සේවීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් අද නියෝග කර තිබෙනවා.

ඒ මුස්ලිම් කොංග්‍රසයේ නියෝජිතයින් පිරිසක් අද අරලියගහ මන්දිරයේදී ජනාධිපතිවරයා හමුවී කළ දැනුම් දීමකට අනුවය.

එම පිරිසට අමාත්‍ය රාවු‍ෆ් හකීම්, හිස්බුල්ලා, අස්වර්, අතාවුල්ලා, ෆයිසල් කාසිම්, අබ්දුල් කාදර් හා අධිකරණයට ගල් ගැසූ රිෂාද් බදියුදීන් යන මැති ඇමතිවරුන් සහභාගී වී තිබෙනවා.



නෙහාරා - මේනක විවාහයට සුදානම් වෙයි (Nehara & Menaka getting ready to be married)


නෙහාරා හා මේනක ගේ මෙතෙක් මාධ්‍යයට හෙළි නොකළ පෙම් කතාව සති අන්ත පුවත්පතකට ප්‍රසිද්ධ කොට තිබෙනවා. 

මෙය මෙතෙක් කලක් මාධ්‍යයෙන් වසන් කලත් මේනක රාජපක්ෂ සිය දික්කසාදය ගත්තේද මෙම අරමුණෙන් බව 
අප විසින් මෙයට පෙර හෙළිදරව් කරනු ලැබුණි. 

පසුගිය කාලයේ මාධ්‍යයට දිවා රෑ නොබලා තමාත් මේනකත් අතර සම්බන්ධයක් නොමැති බව කියූ නෙහාරා එම මුවෙන්ම පහත වදන් ලිස්සා හැර තිබුනේ කිසිවක් නොදන්නා කෙනෙකු මෙනි.

නෙහාරා හොර රහසේම මේනකට ආදරය කරනවා කියන්නේ ?
අනේ නැහැ..මම හිතන්නේ මුළු ලංකාවම විතරක් නෙවෙයි ලෝකයම දන්නවා අපි දෙන්න සැබෑවටම ආදරය කරනවා කියා.විදෙස්ගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයන් පවා දන්නවා. මම හිතන්නේ ඒක රහසක් නෙවෙයි.

මේනක පිළිබඳව නෙහාරගේ අදහස 

Monday, January 21, 2013

සෞදි තානාපති ආපසු කැඳවූවායි ආණ්ඩුව කිව්වේ බොරුද ?

සවුදි අරාබියේ තානාපතිවරයාට විරුද්ධව චෝදනා එල්ල වූයේ වරක් දෙවරක් නොවේ.

සේවය කරන නිවසෙන් අතවරයට පත්ව පිහිට පතා තානාපති කාර්යාලයට එන බොහෝ කාන්තාවන් නැවත අතවරයට ලක් කරන්නෙත් ගණිකා සේවයේ යොදවන්නේත් සවුදි අරාබියේ තානාපති කාර්යාලය මඟිනි.


ලංකාවට පැමිණි බොහෝ ගෘහ සේවිකාවන් පසුගිය කාලයේ පවසා තිබුනේ ඇඳුම් ඉවත් කර පහර කෑමට ලක්වූ තුවාල කැලැල් පෙන්වීමට ඇත්තේද තානාපති කාර්යාලයේ පිරිමින්ට බවය.

මර්වින්ගේ ඉල්ලා අස්වීම තවත් එක් නාට්‍යයක්ද?


ජනාධිපතිවරයා විසින් කැලණිය ආසන සංවිධායක ධූරයෙන් මර්වින් සිල්වා මීට පෙර අයින් කරන ලද්දේ ගස් බැඳීමේ නාට්‍යයෙන් පසුවය.

පසුව විනය පරීක්ෂන නාට්‍යයෙන් පසුව නැවතත් ඔහුට එම සංවිධායක ධූරයම ලැබිණි.

මෙවර තිර පිටපත ඊට වඩා මඳක් වෙනස් විය. මෙවර ආසන සංවිධායක ධූරයෙන් මර්වින් සිල්වාම ඉල්ලා අස්විය. ඒ හසිත මඩවල ඝාතන චෝදනාව මර්වින් සිල්වාට එල්ලවූ නිසාය.

නමුත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙක් රජය විසින් පත් කළේ නැත. මර්වින් සිල්වාව වෙනත් ආසනයකට දැමීම හෝ පන්නා දැමීමක්ද කළේ නැත.

විරෝධතා නිසා Nolimit මාසික පාඩුව ලක්‍ෂ 53යි


අන්තර්ජාල හා අනෙකුත් දැනුවත්කිරීම් ඔස්සේ "නෝ ලිමිට්" ආයතනයට එරෙහිව ගෙන යන විරෝධතා රැල්ල හේතුවෙන් ඔවුනට මාසිකව මාසිකව රුපියල් ලක්‍ෂ 53ක් පාඩු සිදුවී තිබෙනවා.

ඒ අනුව මේ වනවිට නෝ ලිමිට් ආයතනයේ මුලු ආදායම 30%කින් හෙවත් රු. කෝටි 300කින් අඩුවී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මේ අතර පසුගිය දින වල දෙමටගොඩ ප්‍රදේශයේදී සිංහල රාවය සංවිධානය විසින් අත් පත්‍රිකා රැසක් ජනතාව අතර බෙදා හැර තිබුනේ නෝ ලිමිට් ආයතනයෙන් මිලදී ගැනීම් නොකරන ලෙසයි.

එම අත් පත්‍රිකාවට විරුද්ධව දෙමටගොඩ නෝ ලිමිට් ශාඛාව විසින් සිංහල රාවය ජාතික සංවිධානයේ භික්ෂූන් වහන්සේට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුනේ තමන්ට පාඩු වන එම මුදල සිංහල රාවය ජාතික සංවිධානයෙන් අයකර දෙන ලෙස ඉල්ලමිනි.

ධාන්‍යය වලින් දේශීය බිස්කට් හැදු ව්‍යාපාරිකයා පැහැර ගනියි


දේශීය ධාන්‍ය ඇසුරින් බිස්කට් නිර්මාණයේ ඉතිහාසය 
මහව බලල්ලේ පදිංචි අජිත් දසනායක මහතා ගේ පියා පාරම්පරික බේකරි කරුවෙකි. සිය පියාගේ වියෝවෙන් පසුව බේකරියේ පාලනය සියතට ගන්න අජිත් මහතා සහල් පිටි වලින් විස්කෝතු සෑදීමට ආරම්භ කරනු ලබන්නේ 1990 දීය. නමුත් එය අසාර්ථක වී ඇත්තේ සහල් පිටි එකතු කල විට තිරිඟු පිටි මෝලිය පට්ටයක් ලෙසට සවිවීමෙනි.

ඉන්පසු ඔහු ප්‍රදේශයේ වැව් වලින් බහුලව කඩා ගත හැකි ඕලු ඇට පිටි කොට ඒවා සහල් පිටි වලට මිශ්‍ර කොට විස්කෝතු සෑදීමේ ක්‍රියාවලිය දියුණු කරලිමට හැකි දැයි අත්හදා බලා ඇත. 


Friday, January 18, 2013

මොකක්ද මේ හලාල් සහතිකය - What is Halal ?


මුස්ලිම් ජාතිකයන් විසින් සිය ආහාර ලබාගැනීමට ප්‍රථම පහතින් කුරාණයේ දැක්වෙන ආකාරයට ආකාරයේ මාංශ එම ආහාරයන්හි අඩංගු දැයි යන්න සොයා බැලිය යුතුය.

ඉස්ලාමීය ඉගැන්වීම් තුළ හලාල් හෙවත් අනුමත දේ සහ හරාම් හෙවත් තහනම් දේ පිළිබඳ එලෙස සංකල්පයක් ඉදිරිපත් කොට ඇත.

අද වනවිට මේ සංකල්පයට අනුව ලාංකේය වෙළෙඳ භාණ්ඩ 4,500කට අධික ප්‍රමාණයක් හලාල් සහතිකය ලබාගෙන ඇති අතර ඒ තුළ මුස්ලිම් ජනතාවට හලාල් හෙවත් අනුමත නිෂ්පාදනයන් ලබාදෙන්නට මෙරට ව්‍යාපාරිකයන් කටයුතු කොට ඇත.




එහෙත් හලාල් (අනුමත) සහතිකය ලබාදීම සඳහා වූ එම සහතිකය ලබාදෙන සමස්ත ලංකා  ජමියතුල්ලා උලමා සංවිධානය අදාළ වෙළෙඳ ආයතන තුළින් විශාල මුදලක් අයකර ගැනීමත් ඒ සඳහා වූ කොන්දේසි කිහිපයක් හිමි කිරීමක් මත වෙනත් අරමුණු ඉටු කරගැනීමේ මෙහෙයුමක් දියත් කරන්නේදැයි සැකයක් සමාජය තුළ උද්ගතව තිබේ.

Thursday, January 17, 2013

බෙරගල ගොල්ෆ් රිසෝර්ට් (Beragala Golf Resort) එකට අක්කර 628ක් බිලි


බදුල්ල, හල්දුම්මුල්ල සොරගුණේ වනාන්තරය මැද කාමර 2,000කින් යුත් හෝටලයක් හා ගොල්ෆ් පිටියක ඉදිල්කිරීම් මේ වනවිට ආරම්භවී තිබෙනවා.

මෙම හෝටලයේ හා ගොල්ෆ් පිටියේ ඉදිකිරීම් 2011 වසරේ අවසන් බාගයේ ආරම්භ කිරීමට සූදානම් කර තිබූ නමුත් වේලි ඔය ව්‍යාපාරයේ ගොවීන් හා පරිසරවේදීන්ගේ දැඩි විරෝධය හේතුවෙන් නවතා දමා තිබුණා.

වසරකට වැඩි කාලයක් නවතා දමා තිබූ එම "බෙරගල ගොල්ෆ් රිසෝර්ට්" 
(Beragala Golf Resort) ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වනාන්තරය මැදින් යෝජිත හෝටලයේ වැඩබිම තෙක් මාර්ගයක් ඉදිකරමින් සිටින බව පරිසර හා සොබාදම් අධ්‍යන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසනවා.

Wednesday, January 16, 2013

හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක (Shirani Bandaranayake) මහත්මිය විසින් නිකුත් කළ නිවේදනය.

මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතළිස් තුන්වන අග්‍රවිනිශ්චයකාරවරිය වෙමි. 

අග්‍රවිනිශ්චයකාරවරිය වශයෙන් මේ රටේ විනිශ්චයකාරවරුන්, නීතිඥයන් සහ පුරවැසියන් උදෙසා වූ නොසැලෙන වගකීමක් මා වෙත තිබේ. 

මා අද ඔබ ඉදිරියේ නැගී සිටින්නේ අසාධාරණ ලෙස පීඩනයට, අපවාදයට හා හෙළාදැකීමට පත්කරනු ලබමිනි. පසුගිය සති කිහිපය තුළ මා වෙත දක්වන ලද සැලකීම්, ජනරජයෙහි අග්‍රවිනිශ්චයකාරවරිය තබා සාමාන්‍ය පුරවැසියකුවත් නොලැබිය යුතු තරම් වේදනාකාරී ඒවාය. අවුරුදු පනස් හතරක මගේ ජීවිත කාලයෙන් අවුරුදු තිස් දෙකක් අඛණ්ඩව කොළඹ විශ්වවිද්‍යාලය හා ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මම මගේ මව්බිම වෙනුවෙන් සේවය කර ඇත්තෙමි. අවාසනාවකට ඒ වෙනුවෙන් මට ලැබුණු තෑග්ග නම් මේ අයුක්තිසහගත සැලකිල්ලයි. 


පොලීසය "ඕක ගන්නවා අයිසේ"යි අගවිනිසුරුවරියට කෑගසයි


දෝශාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව ජනපති එයට අත්සන්කොට ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය ධුරයෙන් පහකොට නව අගවිනිසුරුවරයෙකු පත්කිරීමේ කාර්යය ඊයේ දහවල් කාලයේදී සිදුවුවා.

ඒ අනුව නව අගවිනිසුරු ලෙස කැමිනට් මණ්ඩල උපදේශක (විශ්‍රාමික නීතිපති) මොහොන් පීරීස් 
ඊයේ (15) දහවල් 12.35 ට අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්දීම සිදුකරනු ලැබුවා.

නව අගවිනිසුරු ධුරයේ දිවුරුම් දීමත් සමග 
ඊයේ සවස්වරුවේ හිටපු සිය පවුලේ උදවිය සමගින් අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු නිල නිවෙසින් නික්ම ගි‍යාය. 

පොලීසිය විසින් ඇයට මාධ්‍ය වෙත අදහස් දැක්වීමට අවස්ථාව ලබානොදුන් අතර අගවිනිසුරුවරිය සිය වාහනයේ යමින් සිටියදී හැඟුම්බරව කල කතාව පහතින් වේ.

Sunday, January 13, 2013

Rizana Nafeek ගේ මරණයට පසු ?


http://i.imgur.com/vxiKj.jpgරිසානාගේ මළ සිරුර ‍සෞදි වැලි යට වැළලේ
රිසානාගේ පවුලට නව නිවසක්‍
සෞදි ශ‍්‍රී ලංකා තානාපති යළි සිය රටට
රිසානා‍ වෙනුවෙන් හඩ නගන්නේ සිංහලුන් පමණ ද ?
සෞදියේ දමාම් නගරයේ සේවය කළ රිසානා නෆීක්‌ ගේ ගෙල සිඳ මරා දැමීමත් සමඟ කම්පාවට පත් ත්‍රිකුණාමලය, මුතූර් ඇතුළු ප්‍රදේශවල ජනතාව දහස්‌ ගණනක්‌ ඊයේ (10) ඇගේ නිවසට පැමිණ ඇගේ දෙමාපියන් සහ ඥතීන්ට සිය ශෝකය ප්‍රකාශ කළහ.

මම රුපියල් හැට හැත්තදාහේ සාරි උස්සලා තියෙනවා.


 ශිවන්තිගෙ ගෑනු කල්ලියේ 'සුද්දි' 'මව්බිම පුවත්පත සමග පැවැත් වූ සම්මුඛ සාකච්චාව

• නම මොකක්ද? මගේ ඇත්ත නම නම් වෙන එකක් හැබැයි ෆීල්ඩ් එකේ කියන්නෙ 'සුද්දි' කියලා.

  • මමත් ඔයාට 'සුද්දි' කිව්වට කමක් නැද්ද?
කමක් නෑ. හැබැයි මහත්තයෝ මගේ ෆොටෝ නම් ගන්න එපා.දැනටමත් මාව පොලිසියෙන් හොයනවා.

• බය නැද්ද?

පෙම් සුව විදිමින් සිටි පාසල් පෙම් යුවළක් දැලේ


කළුතර නගරයේ පාසල් දෙකක ඉගෙනුම ලබන 15 හැවිරිදි ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක් නිරුවතින් නිවසක කාමරයක්‌ තුළ රැඳී සිටියදී පසුගිය දා (8) සවස කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

119 අංකයට ලැබුණ පැමිණිල්ලක්‌ අනුව මේ පාසල් සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම දෙදෙනාගේ පාසල් නිල ඇඳුම් කාමරයේ පසෙක තිබූ අතර පාසල් ශිෂ්‍යයා අධික ලෙස මත්පැන් පානය කර සිට ඇත.
සිසුන්‍ දෙදෙනා පෙරේදා රාත්‍රි කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් කළ අතර පාසල් ශිෂ්‍යාව ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

Saturday, January 12, 2013

දැයට කිරුළ බොරු පොරොන්දු වලට එරෙහිව ගමක් පාරට බසී (Deyata Kirula Lies)


දැයට කිරුළට තව ඇත්තේ දවස් 24 කි. ඒ වෙනුවෙන් මහා පරිමාණයෙන් විශාල බෝඩ් ගසා ආරම්භ කල පාරවල් වලට අතවත් තබා නැත.

තමන්ව රැවටු බව තේරුම් ගත් අම්පාර කෙත්සිරිගම ජනතාව 
පසුගියදා පාරට බැස තිබුනේ මෙම බොරු පොරොන්දු වලට එරෙහිවය. අධික වර්ෂාව නොතකමින් ඔහුන්ගේ ආවේගය පිට කරන ලද්දේ මාර්ගය වසා දමමිනි.

ආවාට සහිත පාරවල් වල හා ජනතාව විරෝධය පල කල ජායාරූප පහතින්.

ෂෙරිල් හා රුවන්ගේ පෙම ඇරඹුන හැටි (Sheryl Romen & Ruwan Love Story)


පසුගිය දා ජනප්‍රිය ටෙලි නිළියක වන ෂෙරිල් රොමේන් ඩෙකර් හා ජනප්‍රිය ගායකයෙකු වන රුවන් හෙට්ටිආරච්චි හදිසියේ විවාහ ගිවිසගැනීම සිදුකලේ සැවොම පුදුමයට පත්කරමිනි. 

ෂෙරිල් ගේ නම හා මිට පෙර කලා ලෝකයේ කිහිප දෙනෙකුගේ නම් සම්බන්ධව කතා ගොඩනැගී තිබුනත් ඒ සියල්ල යටපත් කරමින් පසුගියදා සිදුවූ විවාහ ගිවිසගැනීම දක්වා වූ පෙම් කතාව රුවන් විසින් මාධ්‍යයට හෙලිදරව්කොට තිබෙනවා.


Friday, January 11, 2013

මර්වින් ඉල්ලා අස්වෙයි ( Mervin Silva Resigned )


දෝශාභියෝග උණුසුමේ මර්වින් සිල්වා සංවිධාක ධුරයෙන් අස්වෙයි 

කැළණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මිනී මැරීමට ආධාර සහ අනුබල දීම සම්බන්ධයෙන් පසුගියදා මර්වින්ගේ ලඟම ආධාරකරුවන් අත්අඩංගුවට ගනු ලැබූ අතර හා කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සමුල ඝාතනයක් කිරීමට සුදානමින් සිටි බවට තොරතුරු ලැබීම හේතුවෙන් මර්වින් සිල්වා කැලණිය සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉවත්කිරීමට තීරණය කර තිබුනත් එය මෙතෙක් කල් ජනපතිවරයාගේ නියමයෙන් පමාවී තිබුනේ දෝෂාභියෝගයේ ජන්ද විමසීම අවසන් වන තෙක්ය. 

වැඩි ජන්ද 106කින් දෝෂාභියෝගය සම්මත වෙයි ( Chief Justice Dr. Shirani Bandaranayke )

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ දෝෂාභියෝගයේ විවාදය දින දෙකක් පැවති අතර අද එය අවසන් වූයේ ජන්ද විමසීමකිනි.

අකාරාදි පිළිවෙල අනුව නම් වශයෙන් ආරම්භ වූ එම ඡන්ද විමසීම එමීට ස්වල්ප මොහොතකට පෙර අවසාන වුනා.

ඒ අනුව වැඩි ජන්ද 106කින් දෝෂාභියෝගය සම්මතවී තිබෙනවා.

දෝෂාභියෝගයට එරෙහි උද්ඝෝෂණයට ආ රජයේ පොලු හමුදාව


අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව හා විපක්ෂව ඊයේ (10) කොළඹදි විරෝධතා දෙකක් පැවැත්විය.

ශ‍්‍රී ලංකා නීතීඥ එකමුතුව විසින් කොළඹ අලූත්කඩේ උසාවි සංකීර්ණයේ සිට පාර්ලිමේන්තුව දක්වා ඊයේ දිනයේදී සාමකාමී පා ගමනක නිරතවීමට සැළසුම් කර තිබුනේ නියෝජිතයන් හා සාමාන්‍ය ජනතාව සමගිනි.

මෙහිදී ආණ්ඩුව විසින් රැගෙන ආ උද්ඝෝෂණයට පක්ෂ පිරිස් අතර පොලු හමුදාවක්‌ ද විය. එම පොලු හමුදාව සඳහා ආරක්ෂාව පොලිසිය විසින් ලබාදුන් අතර පොලු හමුදාව සිටියේ පොලිසියට මුවා වෙමිනි.

ඒ අනුව ඊයේ දිනයේ පැහැදිලි ලෙසම දෝෂාභියෝගයට විරුද්ධ පාර්ශවය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් එවන ලද පොලු හමුදාවට නිර්ලජ්ජිත ලෙස පොලිසිය විසින් ආරක්ෂාව ලබාදුනි.

Rizana Nafeek ගේ ව්‍යාජ වීඩියෝව පෙන්නා අයි.ටී.එන් ඇන ගනී


මේ දිනවල අන්තර්ජාලය ඔස්සේපැතිර යන රිසානා නෆීක් (Rizana Nafeek) ගෙල සිඳ දමා මරාදමන ආකාරය දැක්වෙන වීඩියෝව ව්‍යාජ එකක් බවත් එය ඉන්දිනිසියානු කාන්තාවකගේ වීඩියෝවක් බවත් ඊයේ දිනයේ අප විසින් හෙළිදරව් කරන ලදී. 

නමුත් කිසිදු අධ්‍යනයකින් තොරව ස්වාධින රුපවාහිනිය ඊයේ (10) රාත්‍රී 9:30 පුවත් විකාශය තුලින් රිසානා නෆීක්ගේ ගෙල කපා දමන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ප‍්‍රකාශ කොට ගෙල කපන අවස්ථාවෙ දර්ශනයද රටටම පෙන්වුයේය. 

ඔවුන්ට දශමයක හෝ දැනුමක් තිබුනේනම් අඩුම තරමෙ අදාල වීඩියෝව Upload කල දිනය බලන්නට තිබුණි.වීඩියෝව පහතින් එය Upload කල වසර 2011 ලෙස පැහැදිලිව සටහන්ව ඇත.

Thursday, January 10, 2013

Rizana Nafeek ගේ බවට හුවමාරු වන වීඩියෝව ඉන්දුනීසියානු කාන්තාවකගේ


ඊයේ රිසානාට (Rizana Nafeek) මරණ දඩුවම දුන් වීඩියෝ පටය බව දක්වමින් වීඩියෝවක් මේ වනවිට ෆේස්බුක් හා වෙනත් වෙබ් අඩවි ඔස්සේ හුවමාරු වෙමින් පවතිවා.

නමුත් අප වෙත දැනගන්නට ලැබෙන්නේ එය රිෂානාගේ නොව 2011 වසරේදී ඉන්දුනීසියානු ගෘහසේවිකාවක මරා දමන වීඩියෝවක් බවයි.

ඒ බව පැහැදිලි වන්නේ ඉරානයේ ප්‍රේස් ටී.වී නාලිකාව විසින් එම වීඩියෝව ඉන්දුනීසියානු ගෘහසේවිකාවකගේ බවට විකාශය කර තිබීම නිසාය.

රිෂානාගේ බවට හුවමාරු වන වීඩියෝව පහතින්.

Wednesday, January 9, 2013

ලොරි කූඩුවට රු.30,000 ක බද්දක් අය කිරීමට විරෝධය පෑවාට ගුටි


කුඩා ලොරි පිටුපස සවිකර ඇති කූඩුව සඳහා රු. 30,000 ක බද්දක් අය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

වාහනයක ලියාපදිංචි ගාස්තුව මෙන් 3 ගුණයක් පසුපස කොටසේ වහලය සඳහා අයකිරීමට විරෝධය පා නාරම්මල ප්‍රදේශයේදී ඊයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා තිබුණා.

ඒ වයඹ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය විසිනි.

මෙම උද්ඝෝෂණය සඳහා කුඩා ලොරි (ඩිමෝ බට්ටා) 500ක් පමණ නගරය ගෙනැවිත් තිබූ අතර රියදුරන් හා ලොරි හිමියන් විශාල ප්‍රමාණයක් සහභාගී වී තිබුණා.

රිෂානා නෆීක් සෞදියේදී මරා දමයි ( Rizana Nafeek Killed )

සෞදි ආරාබියේ මරණ දඬුවම නියම වී සිටි ගෘහ සේවිකාවක වූ රිෂානා නෆීක් (Rizana Nafeek) නිදහස් කරගැනීමට පසුගිය කාලයේ ලංකාවෙන් සෞදි රජය වෙත විවිධ ඉල්ලීම් කර තිබුණා.

2005 වසරේදී හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක දරුවකු මැරීයැයි මරණ දඩුවම නියමවී සිටි ඇය ඒ වනවිට 17 වන වියේ පසුවිය. ඇගේ පදිංචිය වූයේ මුත්තූර් ය.

මීට දින දෙකකට පෙර ජනාධිපතිවරයා විසින් සෞදි අරාබියේ රජුගෙන්ද ඒ පිළිබඳ රාජත්‍රාන්ත්‍රික මට්ටමෙන් ඉල්ලීමක් කර තිබූ නමුත් පසුගිය වසර 7 පුරාවටම සිර දඬුවම් විඳි ඇයගේ බෙල්ල කපා අද මරා දමා තිබෙනවා.

Tuesday, January 8, 2013

නාරදගේ විවාහ මංගල්‍යය (Narada's Wedding)

යං ඒෂියා රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ නාරද බක්මීවැවගේ (Narada Bakmeewewa) විවාහ මංගල්‍යය පසුගියදා පැවැත්වුණා. මනමාලිය වුනේ රාගම වෛද්‍යපීඨයේ කථිකාචාර්යවරියක වූ දිනූෂි අතපත්තුයි. එහි ජායාරූප එකතුවක් පහතින්.



ආදාහන, ඔප්පු, උප්පැන්න හා මරණ සහතික ගාස්තුත් වැඩි කෙරේ

මාසික ආදායම 50,000 වැඩි නම් 2%ක බද්දක්

මෙතෙක් කලක් අය කළ විවාහ ලියපදිංචි කිරීමේ ගාස්තුව වැඩි කල පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

එමෙන්ම මල සිරුරක් ආදාහනය කිරීමේ ගාස්තුවද රු. 2,000 කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.


එමෙන්ම උපතේ සිට විපත දක්වාත්, භුමියේ හිමිකම් පිලිබඳ ඔප්පු තිරප්පු වල පිටපතක් ලබාගැනීමේදීත් තිබූ නොමිලේ සැපයූ හා අඩු මුදලට සැපයූ සේවාද ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සඳහා 100%කටත් වඩා ගාස්තු අය කෙරෙන අතර මෙතෙක් කලක් නොමිලේ ඔප්පුවක් ලියාපදිංචි කිරීමට අවශාව තිබූ නමුත් පසුගියදා සිට ඒ සඳහා රු. 100/-ක් අය කෙරේ.

Monday, January 7, 2013

Sunday, January 6, 2013

කැලණිය උණුසුම් කල හසිත මඩවල ගේ ඝාතනය (Hasitha Madawala Killed)

කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රී හසිත මඩවල (Hasitha Madawala) මහතා ඊයේ (05) රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබේ. වාර්තා වන පරිදි සිද්ධිය මෙසේය.

ඊයේ රාත්‍රියේ රාත‍්‍රී 7.30ට පමණ හසිත මඩවල සිය රථයෙන් නිවසට පැමිණ රථය නිවස ඉදිරිපිට නවතා එයට හේත්තු වී සිටියදී පසුපසින් ඔහුව හඹා ආ මෝටර් සයිකලයක සිටි සම්පුර්ණයෙන් මුහුණ ආවරණය කරගත් දෙදෙනකු විසින් ගිනි අවියකින් මඩවල මහතාට දිගට හරහට වෙඩි තබා තිබේ.

Friday, January 4, 2013

සංගීත සංදර්ශනය බලා යමින් සිටි නිළියට හතර දෙනකුගෙන් අතවර (Actress Raped)

ගුවන් භටයන් දෙදෙනෙකුත් ඒ අතර

පසුගිය දෙසැම්බර් 31වනදා රාත්‍රියේ පැවති සංගීත ප්‍රසන්ගයක් අවසන්වී යමින් සිටි වේදිකා නාට්‍ය නිළියක පැහැරගෙන ගොස්‌ ඇයට අමානුෂික ලෙස හතර දෙනෙකු දූෂණය කර තිබෙනවා.

ඔවුන් අතර ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙකුද වේ.

තම නේවාසිකාගාරය අසල පැවැත්වූ වර්ෂාවසාන සංගීත සංදර්ශනය අවසන් වීමෙන් පසු ඇය නේවාසිකාගාරය බලා පිටත්ව ගොස් ඇත්තේ ජනවාරි 01 වෙනිදා (අවුරුදු දින) අලුයම අලුයම 1.00 ට පමණය.


වේදිකා නාට්‍ය නිළිය 28 හැවිරිදි එක්‌දරු මවකි. ඇයට නාට්‍යවල රඟපෑම පහසුවීම සඳහා නේවාසිකාගාරයේ නතර වී ඇත.

සුපර්මාර්කට් ටැක්ස් එක නිසා භාණ්ඩ මිල ඉහල යෑමක් ඉදිරියේදී (Supermarket Tax)

සුපිරි වෙලඳසැල් ඇතුලු තොග හා සිල්ලර වෙලඳසැල් සඳහා මෙතෙක් පැනවී තිබුනේ ජාතිය ගොඩ නැඟීමේ බද්ද පමණකි.

නමුත් 2013 වසර සඳහා ඉදිරිපත් කල අය-වැය මඟින් තොග හා සිල්ලර වෙලඳාම් වලට "අගය මත එකතු කළ බද්ද" හෙවත් "වැට් බද්ද" ද එකතුකර තිබෙනවා.

ඒ කාර්තුවකට මිලියන 500කට වඩා ආදායමක් (ලාභයක් නොව ආදායමක්) ලබන වෙලඳ සැල් සඳහාය.

මේ අනුව කාර්තුවට මිලියන 500 කට වැඩි ආදායම් ලබන වෙලදසල් සඳහා පනවනු ලද බද්දක් නිසා මෙම බද්දට හසු වීමේ ප්‍රධාන ඉලක්ක වන්නේ සුපිරි වෙලඳසල් බව පැහැදිලිය. 


මෙය 2013 අය වැයේ අන්තර්ගත විශාලම බද්දක් වන අතර මෙයින් බිලියන 5ක පමණ ආදායමක් රජය විසින් බලාපොරොත්තු වෙයි.

Share this article with your friends