ඔබ යලිත් විවාහ උනොත් ? මම විවාහ වෙන්නේ නෑ කියන්නේ නෑ. මගේ විවාහ ජිවිතයේ දරුවෙක් හිටියේ නැතිඑක හොඳයි. මගේ දෙමවුපියෝ වෙන් උනේ මට අවුරුදු 3 දී. මම ඒ වේදනාව හොඳට දන්නවා. ඉතිං මට ඒ පාපයට අතගහන්න නොලැබීම භාග්යක්. මම යලිත් විවාහ වෙන්න කැමතියි. නමුත් ගිනිපෙනෙල්ලෙන් බැට කාපු මනුස්සයා කලාමැදිරි එළියටත් බයයි කියල කතාවක් තියනවනේ. ඒ නිසා මට ගැලපෙන කෙනෙක් ලැබුනොත් යලිත් විවාහ වේවි.දේශපාලන වැඩ කටයුතු එහෙම ?ඇත්තටම කාර්යබහුලයි. මේ දිනවල ඇය වැය විවාදය නිසා දිනපතාම පාර්ලිමේන්තු යෑමට සිදුවෙනවා. මට පුළුවන් ප්රමාණයෙන් ජනතාවට සේවය කරනවා.ඔබ දේශපාලනයේදී පක්ෂ පාට මාරුකිරීම අනුමත කරනවාද?
ඒ දෙය සිදු කරන්න වන්නේ ඇයි කියන කාරනාව තමයි වැදගත් වෙන්නේ. දේශපාලන පක්ෂ වල ගැටළු තිබෙන්න පුළුවන්. නමුත් තමුන්ගේ හිතට එකඟව ස්වාධීන තීරණ ගැනීම වැදගත්. මොකද කුමන දෙයකින් හෝ ජනතාවට සේවය කිරීමයි වැදගත්.

