Chitika Smowtion 468x60


Tuesday, July 17, 2012

මොබයිලය කනේ ගසා‍‍‍ගෙන දුම්රියකට යට වෙන්න යයි


දූම්රිය රියදුරෙකුගේ විමසිලිමත්භාවය හේතුවෙන් තරුණියකගේ දිවි ගලවා ගැනීමට හැකි වීමේ පුවතක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අසන්නට ලැබේ. 
පසුගිය සෙනසුරාදා (14) පෙරවරුවේ නුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයට ළගා වීමෙන් අනතුරුව රියදුරා එහි එන්ජිම මාරු කිරීමේ කටයුතුවල නිරතවී ඇත. එම දුම්රිය නුවර සිට කොළඹට ගෙන ආ එන්ජිම ගලවා ඉවත්කර වෙනත් එන්ජිමක් සවි කරගෙන මාතර බලා ධාවනය කරවීම මෙහිදී සිදු කෙරේ.
දුම්රියට එන්ජිම සවිකිරීම සදහා එහි රියදුරු දුම්රිය එන්ජිම පදවා ගෙන එමින් සිටියදී දුම්රිය මාර්ගයේ ජංගම දුරකථනයක් කනේ ගසාගෙන එමින් සිටි තරුණියක් දුම්රිය රියදුරුගේ ඇස් ගැටී ඇත.

වාර්ෂික ගිවිසුමේ ගැටලුව නිමවන තෙක් SLPL ක්‍රීඩා කරන්නේ නැහැ - මහේල


2012 එස්. එල්. පී. එල්. තරගාවලිය හඳුන්වාදීමේ ප‍්‍රධාන මාධ්‍ය සාකච්චාව ඊයේ (16 වැනිදා) පස්වරුවේ පැවති අතර එහිදී මාධ්‍යය අමතා අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා නායක මහේල ජයවර්ධන පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ඇති ගැටලුව නිම වන තෙක් ඔවුන් එස්. එල්. පී. එල්. තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා නොකරන බවය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ කි‍්‍රකට් කී‍්‍රඩකයන් අතර ඇතිකරගනු ලබන ‘වාර්ෂික’ ගිවිසුම සාමාන්‍යයෙන් අත්සන් කරනු ලබන්නේ අපේ‍්‍රල් මාසයේදීය.එහෙත් මෙවර ලසිත් මාලිංග තමාට 
ලැබිය යුතු වැටුප වැඩි විය යුතු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටි අතර අනෙක් ක්‍රීඩකයන්ද ගිවිසුම අත්සන් කිරීමට ප්‍රථම සිය වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා ඇත. 

ඒ සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර එකගතාවක් නොමැති වීමෙන් වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීම දිනෙන් දින කල් දමා ඇත.වාර්තාවන ආකාරයට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සම්පූර්ණ ආදායමෙන් 25% ක ප‍්‍රමාණයක් කී‍්‍රඩකයන් විසින් ඉල්ලුම්කොට ඇත.


කෙල්ලො දැක්කම බලහත්කාරකම් කරන්න හිතෙනවා !


අපේ කට්ටිය නොපෙනන දේවල් උස්සලා පෙන්නගෙන යනවා !

මේ දිනවල දිගින් දිගටම ඇසෙන්නට ඇත්තේ අපචාර සිදුවීම්ය.අපචාර වලට නොයෙක් දෙනා විවිධ හේතුන් හෙළි කරද්දී දේශපාලන වේදිකාවේද මෙය උණුසුම් මාතෘකාවක් බවට පත්වි 
ඇත.

විපක්ෂයේ මැති ඇමතිවරුන් කියා මෙම සිදුවීම් ආණ්ඩුවේ ගිණුමට බැර කරන අතරේ මර්වින් සිල්වා පසුගියදා අපචාර ක්‍රියා වැඩි වීම හා එයට පෙලඹවීමට හේතුව පැහැදිලි කරමින් අපුරු කතාවක් සිදු කළේය.

මර්වින් ගේ කතාව
 හා වීඩියෝව බලන්න පහතින් 

රට විජයග‍්‍රහණය කළ හැකි ක‍්‍රමයක් ජනපති පහදයි.

ජාතීන් අතර සමානාත්මතාව වර්ධනය කිරීම තුළින් රට විජයග‍්‍රහණය කරා ගෙන යා හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සමාජ ඒකාබද්ධතා සතියෙහි සමාරම්භක උළෙලට අරලිය ගහ මන්දිරයේ දී ඊයේ (16) එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. මෙහිදී ජනාධිපතිවරයා අතින් සමාජ ඒකාබද්ධතා ප‍්‍රතිපත්ති රාමුව, සමාජ ඒකාබද්ධතා තේමාව සහ ලාංඡුනය එළිදැක්වීම ද සිදුකෙරුණා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. 

Share this article with your friends