Chitika Smowtion 468x60


Tuesday, February 21, 2012

ජනාධිපති ආර්යාවටත් ‘හූ’ කියලා


පසුගිය 18වනදා කොළඹ පැවති ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම්ගේ ‘සොනු නිගම් ලයිව් ඉන් කොන්සෙට්’ හි දී දහස් ගණනක් සංගීත ලෝලීන් ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියටද නොකඩවා ‘හූ’ කියමින් විරෝධය පළ කර තිබේ.
එම ප‍්‍රසංගයේදී විමල් වීරවංශ අමාත්‍යවරයාට ‘හූ’ කියූ බවට වූ ප‍්‍රවෘත්තිය එදින රාත‍්‍රියෙම අපගේ වෙබ් අඩවියේ පළ විය. ප‍්‍රසංගය පැවැති මොහොතේ එහි සිටි සංගීතලෝලියකු විමල්ට එරෙහි ‘හූ’ හඬ පැතිරෙමින් තිබියදී අප වෙත දුන් දුරකතන ඇමතුමක් ලද වහාම එම ප‍්‍රවෘත්තිය පළකළ නමුත් ආර්යාවට ද ‘හූ’ කියා ඇති බව අප එම මොහොතේ නොදැන සිටියෙමු. 

සෝනු නිගම් දළඳා මාලිගාව වැඳපුදා ගනී


"පසුගිය වසර එකහමාර කාලය තුළම මගේ මව තරමක් අසනීප තත්ත්වයෙන් සිටි බව සහ ඇය මාත් සමග ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටි බව, මට පළමුවෙන්ම කියන්න වුවමනා වුණා. ඉතිං ඔබ දන්නවානේ අපි ශ්‍රී ලංකාවට කොතරම් ගෞරව කරනවාද කියලා සහ ආදරේ කරනවාද කියලා.

අපි සියල්ලෝම, ඒ කියන්නේ මගේ පියා, මගේ මව, මගේ බිරිඳ, මගේ පුතා සහ මම නිගම් පවුලේ සියලුදෙනාම ශ්‍රී ලංකාව බැලීමට සහ ශ්‍රී ලංකාවේ ජනතාව හමුවීමට පැමිණිලා දැන් ශ්‍රී ලංකාවේ ඉන්නේ. මේ ගමන ලංකාව වෙනුවෙන් විශාල වැදගත්කමක් අපේ ජීවිතයට සහ අපේ හදවත්වලට එක් කළා"

පසුගියදා මාධ්‍යය හමුවේ එලෙස කියූ ඉන්දීය සුපිරි ගායක සෝනු නිගම් අද දිනයේ ශ්‍රී දළදා මාලිගාව වන්දනාමාන කිරීමට යාමට අමතක කලේ නැහැ.එහි ජායාරූප පහතින් බලන්න 
                            සියලුම ජයාරූප මෙතනින් 

එක්සත් ජාතික පක්ෂයෙන් ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව අමුතු විරෝධයක්

ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතනවල මන්ති‍්‍රවරුන් අද දිනයේ ද බක්කි කරත්ත සහ පාපැදිවලින් සභාවාර රැස්වීම්වලට පැමිණ තිබේ.


මෙහිදී තිරික්ක වලින් පැමිණි මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් එම තිරික්කලේ ගොනුන් හට පුනක්කු හා පිදුරු ලබාදීමත් පාපැදි වලින් පැමිණි මන්තිරිවරුන් "මහා පාපැදි තරඟයක්" ලෙස ශබ්ධ විකාශන යන්තරයක් මගින් හදුන්වා පිළිගැනීමට අමතක කලේ නැහැ .එහි ජයාරූප එකතුවක් පහතින් බලන්න 
                           සියලුම ජයාරූප මෙතනින් 

ප්‍රශස්ති 2012


සියලුම ජායාරුප පහලින්
Album-No.01 
Album-No.02 
Album-No.03 

 Photographs: Shaan Panagoda, Uthum Perera & CLiK
Event Managment by ACSBB with SHOWTOWN Ent.
Lights n LED : MOS
Sound Gear : Malinda Lowe
Produced by ACSBB


EDEXCEL ලෝක ශ්‍රේණිගත කිරීමෙන් ලංකාවේ සිසුවියක් මුල් තැනට


ලන්ඩන් ඒ ලෙවෙල් හි ඉංග්‍රීසි සාහිත්‍යයේ EDEXCEL ලෝක ශ්‍රේණිගත කිරීම අනුව ලංකාවේ සිසුවියක් මුල් තැනට පැමිණ සිටිනවා.

ඇය ලන්ඩන් ඕ ලෙවල් හිද EDEXCEL ලෝක ශ්‍රේණිගත කිරීම අනුව පළමු තුන් දෙනා අතරට පැමිණ සිටියා.

නිශිකා සමරතුංග නම් ඇය කොළොඹ ජාත්‍යන්තර පාසලේ ආදී ශිෂ්‍යාවක්.

ඇය මේ වනවිට නිතිය හදාරමින් සිටිනවා.ඇය ලංකාවේ සිටින ලාබාලම මෝස්‌තර නිර්මාණකාරිය වනවා.

වයස අවරුදු 13 දී මෝස්තර නිර්මාණ කරන ඇය "නිශි" යන වෙළඳ නාමය යටතේ සිය නිර්මාණ එලි දක්වා තිබෙනවා.


රුපියල අව ප්‍රමාණ කිරීමෙන් අපට වගතුවක් තිබේද?

පසුගිය නොවැම්බර් මාසයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2012 අයවැයෙන් රුපියල 3% කින් අවප්‍රමාණය කිරීමට තීන්දු කිරීමත් සමඟ 110.38 ට තිබූ ඇමරිකානු ඩොලරය රුපියල් 113.80ක් දක්වා ඉහළ නැගුණි.

එමඟින් රජය බලාපොරොත්තු වූයේ දේශීය භාණ්ඩ අපනයනය කිරීමෙන් වැඩි ලාභයක් උපයාගැනීමයි.

ඉන්පසු පසුගිය මාස කීපයක් ඇමරිකානු ඩොලරය රු. 113ක් වූ ස්ථාවර ම අගයක පැවතුන අතර රුපියලේ අගය දිගින් දිගටම පිරිහීම ආරම්භ වුයේ පෙබර්වාරි 02 වෙනිදා සිටයි. පෙබරවාරි 03 වැනිදා ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල රු. 114.88 දක්වා ඉහල ගියේය.

පෙබරවාරි 06 වනදා වනවිට ඩොලරයක අගය රු.114.30ක් විය. ඒ අනුව ඩොලරයක ගැණුම් මිල රු. 113.31ක් වූ අතර විකුණුම් මිල දැක්වුණේ රු. 115.18ක් ලෙසයි.

සුන්දර පාරාදීසියක අතිනත ගත් ඔල්ගා හා ව්ලැද්මීර්


ඔල්ගා ග්‍රෝබචෙවා සහ ව්ලැද්මීර් ඇලෙක්සැන්ඩ්‍රෝරිච් ලුෂාකොව්ස්කි නමැති රුසියානු ජාතික යුවළ පසුගිය 11 වැනි දා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් සමග ලංකාවට පැමිණ ඇත්තේ සුන්දර පාරාදිසියක ඔවුන්ගේ විවාහ උත්සවය පැවැත්වීමේ අදහසිනි.

ඔවුන්ගේ එම අදහස යතාර්ථයක් බවට පත් කරමින් නැඟෙනහිර පාසිකුඩා සංචාරක කලාපයේ “මාළු මාළු” රිසෝට් සහ ස්පා හෝටලයේ එම විවාහ උත්සවය සංවිධාන කළ අතර එය රුසියානු, සිංහල සහ හින්දු චාරිත්‍ර වාරිත්‍ර මිශ්‍ර විවාහයක් ලෙස පැවැත්විණි.

මෙම අවස්ථාවට හෝටලයේ අමුත්තන්, කාර්යය මණ්ඩලය සහ ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ද සහභාගී වූ අතර සාම්ප්‍රදායික සිංහල සහ රුසියානු චාරිත්‍රවලට අනුව උදෑසන විවාහය පැවැත්වුණු අතර සන්ධ්‍යා කාලයේ දී විවාහ උත්සවය හින්දු චාරිත්‍රවලට අනුව සිදු කෙරිණි. 


එම උත්සවයේ ජායාරුප පහතින් බලන්න 

ජනතාවට එපාවුණ දවසට මම යනවා - ජනාධිපති


පසුගිය කාලයේ රටම උණුසම් වීමට බලපෑ කාරණය වුයේ ඛනිජ තෙල් මිල ඉහල යාමයි.විශේෂයෙන්ම මෙම තෙල් මිල ඉහල දැමීම කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව හදිසියේ සිදු වුවක් නිසා ඉන් උදාවූ ප්‍රතිපල වල වගකීමක් ගැනීමට කිසිදු අමාත්‍යවරයෙකු ඉදිරිපත් නොවීමත් මෙහිදී දැකිය හැකි විශේෂ කාරණයක් වුවා.

ඒ වනවිට ජනාධිපතිවරයා සිංගප්පුරුවේ සංචාරයකට ගොස් සිටි නිසා දිගින් දිගටම ඇමතුම් දෙමින් ලංකාවේ තත්වය පිලිබඳ සොයා බැලීමට අමතක කලේ නැහැ.එහිදී අමාත්‍යවරුන් කිවේ තත්වය බරපතල බැවින් තාවකාලික විසදුම් හෝ සහනාධාර වලින් තොරව ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙසයි.

ඒ අනුව ජනාධිපතිවරයා තමන් නැවත ලංකාවට ආ විගස ඒ පිලිබඳ තීරණයක් ගන්නා බවට මැති ඇමතිවරුන්ට පොරොන්දු විය.ඒ අනුව පසුගියදා ලංකාවට පැමිණි ජනාධිපතිවරයා බොහෝ අංශවල පැවති ගැටළු ලිහිල් කිරීමට සමත් වුවා.එහි ප්‍රතිඵලයක් වශයෙන් මුහුදු යාම වර්ජනය කල ධීවරයන් ඊයේ රාත්‍රියේ සිට මුහුදු යාමට එකඟ වුවා.

රජය පෙරලීමට විපක්ෂය ගන්නා උත්සාහයත් මහජනතාවගේ 
අප්‍රසාදයත් පිළිබඳවත් ලංකාවට පැමිණි පසු පැවැත්වූ පළමු රැස්වීමේදීම අදහස් දැක්වීමට ජනාධිපතිවරයා අමතක කලේ නැහැ.
පහතින් දැක්වෙන්නේ එම කතාවයි 

උදය ශ්‍රී සෙන්ටිග්‍රේඩ්ස් වෙතින් ඉවත් වූයේ ඇයි?


පසුගියදා යුග දිවියට එළඹුන උදය ශ්‍රී සෙන්ටිග්‍රේඩ්ස් වෙතින් ඉවත්වීමට යන කරුණ පසුගිය කාලයේ සංගීත ලෝකයේ ආන්දෝලනයට ලක්වූ මාතෘකාවක් වුවා.මේ පිලිබඳ ඇත්ත දැනගැනීමට අප සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමේ උදය ශ්‍රී වික්‍රමසිංහ දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා.

එහිදී අප වෙත අදහස් දක්වා සිටි උදය කිවේ තමා නිල වශයෙන් සෙන්ටිග්‍රේඩ්ස් කණ්ඩායමෙන් ඉවත්වූ බවයි.පසුගිය කාලයේ තමා සිදු කල ගීත කිහිපයක් ඉදිරියේදී නිකුත් වීමට නියමිත බවත් ඉන්පසුව තනිව ගීත එලි දැක්වීම නොකරන බව ඔහු අප වෙත දන්වා සිටියා.

Share this article with your friends