Sunday, February 19, 2012
ඇමරිකානු කුමන්ත්රණයේ කී නොකී කතා - සනත් බාලසූරිය
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කැරෙන යෝජනාවකට ඇමරිකාව සහයෝගය දක්වන බවට, මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් කරඇති නිවේදනය රටතුළ අර්ථ දැක්වෙමින් තිබෙන ආකාරය ප්රශ්නකාරීය. අති බහුතරයක් ජනමාධ්‍යවලට අනුවද, ආණ්ඩුවේ විවිධ තරාතිරම්වල දේශපාලකයන්ට අනුවද, විෂයභාර අමාත්‍යාංශ නිලධාරීන්ට අනුවද මෙය ලංකාවට සතුරු යෝජනාවකි.
ජිනීවා මානව හිමිකම් සමුළුව වෙත ගෙනඑනු ඇතැයි කියැවෙන යෝජනාවට එක්සත් ජනපද රාජ්‍යයේ සහයෝගය හිමිවන බවට තමන් ලංකා ආණ්ඩුවට සනාථ කළබව, පසුගිය සතියේ දිනෙක ජනමාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ 2005 වසරට පසු මෙරටට පැමිණි වඩාත්ම ජ්‍යෙෂ්ට ඇමරිකානු රාජ්‍ය නිලධාරියා වන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිවිල් ආරක්ෂාව, ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් පිළිබඳ සහකාර ලේකම් මරියා ඔටෙරෝය.
ආණ්ඩුවට කණගාටු ලූ!
ඕකිඩ් දේශපාලනය - නිලන්ත ඉලංගමුව
රාජපක්ෂගේ අන්තවාදය වෙනස් කිරීමට නොහැකිය
- සිංගප්පුරුවේ හිටපු ජනාධිපති ලීක්වාන් යූ
මහදවල් ආලෝකයක් නැතුව විසීමක් වැනි තත්වයට ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පත් කොට ඇත. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ පුහු ප්‍රදර්ශනාත්මක සහ අධිපතිකාරී මර්දන දේශපාලනය විසිනි. සිංගප්පුරුව ඔහුගේ දේශපාලනය හරි හැටි කියවා ඇති රටක් ලෙස පෙනේ. සිංගප්පුරුව , චීනය හෝ රුසියාව මෙන් රාජපක්ෂට ආචාර්ය උපාධියක් දීමට නොගියේය. ඔවුහු තීරණය කරනු ලැබුවේ මහින්ද සහ ශිරන්ති නමින් ඕකිඩ් විශේෂයක් නම් කිරීමටය. දේශපානය තුළ මෙය හැදින්විය හැක්කේ කේක් නොමැතිව අයිසින් කිරීමක් හා සමාන තත්වයක් ලෙසය. සිංගප්පූරුව, රාජපක්ෂගේ දේශපාලනය හරි හැටි කියවා ඇති ආකාරය සහ ඊට නිසි ප්‍රතිචාර දක්වන ආකාරය දක්නට ලැබීම අතිශය අකර්ශනාතමක වන්නා සේම ඉන් ලබා දෙන ආදර්ශයද දැකුම් කළු වේ. ඕකිඩ් වූකලී පරපෝෂිත ශාකයක් නොවන බව ඇත්තය, නමුත් ඕකිඩ් මහා පොළවේ වර්ධනය වීමට පෙර එය තමන්ගේ වාසභූමිය ලෙස තෝරා ගනු ලැබුවේ සරුවට වැඩෙන අනෙකුත් ශාක විශේෂයන්ය. ඒවායේ කඳන්ය. ඕකිඩ් විශේෂ උඩවැඩියා ලෙසින් හැදින්වෙන්නේ මේ නිසාය.
රාජපක්ෂ පඩුපුල් අසුන රත්වන්නේ උණූ ලේ වලින් විතරද? - සුනන්ද දේශප්‍රිය
එනමුත් අපේ ශ්‍රී ලංකාවට පතිත වූ රාජපක්ෂ භිෂනයේ් හිම පතනය එළෙස අහිංසක ලෙස වේදිකාවෙන් බැස යන පාටක් නැත. අත්දකින්නට තරම් අප අවාසනාවන්ත වු මෑත සිදුවීම් විසින් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ භීෂණයේ හිම දියව යන්නේ උණු ලේ වලින් පමණක් බව ද? මහරජානන් ලෙස ස්ත්රෝත්ර ගායක ජනමාධ්‍ය විසින් දිවා රෑ පින්තාරු කරන ලද ජනාධිපති රාජපක්ෂගේ ප~ුපුල් අසුන රත්වන්නේ පුරවැසියන්ගේ උණු ලේ වලින් පමණක් ද?
රට වලපල්ලට යද්දී එජාපයේ කල්ලි වාදය ඉහලට
සෝනු නිගම්ගේ ප්රසංගයේදී විමල්ට අම්බානක ‘හූවක්’
ප්‍රසිද්ධ ව්‍යාපාරිකා සුදර්මා නෙත්තිකුමාරි මහත්මිය විසින් සංවිධානය කරනු ලැබූ මෙම ගී ප්‍රසංගයේ මූලික සම්බන්ධිකරන කටයුතු සිදුකරනු ලැබුවේ විමල් වීරවංශ මහතාගේ බිරිඳවන ව්‍යාපාරික ශෂී වීරවංශ මහත්මියයි.
ජෝනිගේ ගෝලයෙක් කප්පම් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට පහරදේ
ජනාධිපතිවරයාට වෙබ් පුවත් වාර්තා කිරීමට නිලධාරිනියක්
‘‘රනිල් ශක්තිමත් කරන විරෝධතාවලට අපි නැහැ’’ - සජිත් කණ්ඩායම
තෙල් මිළ අඩු කළ හැක්කේ රට යන මාවත වෙනස් කිරීමෙනි. - නිදහසේ වේදිකාව කියයි.
ජනාධිපතිවරයා දුමින්ද බලන්න දෙවරක් ගිහින්
ජනාධිපතිවරයා එහි ගිය දෙවතාවේදීම දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ සොයුරු ඒ.බී.සී නාලිකා ප්‍රධානී රේනෝර් ද සිල්වා මහතාද එහි සිට ඇත. මෙම අවස්ථාවේදී දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා සමග අපහසුවකින් තොරව කතාබහ කර ඇති බවද වාර්තා වේ.
වෛද්‍ය පරීක්ෂණය නිමාකර ජනපති යළි දිවයිනට එයි
ජනාධිපතිවරයා සිංගප්පූරුවට යාමට දින දෙකකට පෙර ඇමරිකාවේ පදිංචි ඔහුගේ බාල සොයුරු ඩඞ්ලි රාජපක්ෂ මහතා ඇමරිකානු විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකු සමග සිංගප්පූරුවට පැමිණි බව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙකු අප වෙත පැවසීය.
Subscribe to:
Posts (Atom)