Chitika Smowtion 468x60


Saturday, June 30, 2012

ආසියාවේ ආශ්චර්යයට ගෙන්වූ Lamborghini Gallardo රථය


ලංකාවේ මං මාවත්වලට නුහුරු දසුනක් වූ ලම්බෝගිනි රථය නුදුරේදීම සුලභ දසුනක් වන බව සනාථ කරමින් Lamborghini Gallardo වර්ගයේ රථයක් ලංකාවට ගෙනවිත් තිබෙනවා.

මෙම රථයේ ලෝකප්‍රකට මෝටර් රථ ධාවන ශුරයා වන දිලන්ත මාලගමුව සිටියත් එහි හිමිකරුවා ඔහුද යන්න අපට තහවුරු වී නොමැත.

මට අතිරේක දර්ශන සුදුසු නෑ - යුරේනි


2006 සේවිකා රූ රැජින ලෙස තේරුනු යුරේනි නොෂිකා පසුව ''කිඳුරංගනා'' ටෙලි නාට්‍යයේ සංජු විදියට කළ ප්‍රථම රංගනයට ලංකාවේ ජනප්‍රියත්වට පත්වුණා.

එම නාට්‍යයෙන් පසුව සෑහෙන කලක් ටෙලි නාට්‍යය වල නොසිටි ඇය පසුගිය කාලයේ ඉන්දියාවේ සිටි අතර ජෝන් ඒබ්‍රහම් සමග වෙළෙඳ දැන්වීමක පෙනී සිටියා.

ඊට පෙර බොලිවුන් සිනමාවේ දැනට ජනප්‍රියතම නිළියන් අතර කරීනා කපුර්,කත්‍රිනා කයිෆ් හා විද්‍යා බාලන්ට පසුව ජනප්‍රියතම නිලිය ලෙස සැළකෙන ප්‍රියංකා චොප්රා සමඟ සුළු දර්ශනයක පෙනී සිටීමට ලැබූ දැන්වීමක් යුරේනි විසින් ප්‍රතික්ෂේප කර තිබෙන්නේ තමා 2006 ලංකාවේ සේවිකා රෑ රැජින වූ බැවින් එවැනි අතිරේක දර්ශනයකට සිටිම සුදුසු නැති නිස බවයි.

ඒ පිලිබඳ වැඩිදුර අදහස් දක්වන යුරේනි 


පසුගිය කා‍ලේ හින්දි සිනමාවට එකතු වීමේ හීනය ඇතුව ලොකු කැපවීමක් කලා කියලා ආරංචියි...?

Friday, June 29, 2012

උඩුකය නිරුවත් දර්ශනය ප්‍රතික්ෂේප කල නිරෝෂා


එකමත් එක රටක චිත්‍රපටය තුල ආන්දෝල්නාත්මක චරිතයක් නිරුපනය කල නිරෝෂා පෙරේරා තමා ඒ චරිතයට එකඟ වූ ආකාරය පිලිබඳ මාධ්‍යයට හෙළිකොට තිබෙනවා.

එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කල සනත් ගුණතිලක විසින් වසර හයක් තිස්සේ එම චරිතය රඟපෑමට තමාට ආරාධනා කල බවත් තම එයට අකමැතිවූ පසු සිය පියා මාර්ගයෙන් මේ බව දන්වා පියාගේ කැමැත්ත අනුව එම චිත්‍රපටයේ රඟපෑ බව හෙළිකොට තිබෙනවා.

එම චිත්‍රපටයේ උඩුකය නිරුවත් දර්ශනයක් තිබුනත් ඇය එය ප්‍රතික්ෂේප කල බවද සඳහන්කොට තිබෙනවා.

මේ පිලිබඳ වැඩිදුර අදහස් දක්වන නිරෝෂා 

ටෙලිකොම් සීමාරහිත අන්තර්ජාල සම්බන්ධතා වලට ජනතා විරෝධය


ශ්‍රී ලංකා ටෙලිකොම් සිමාරහිත අන්තර්ජාල සම්බන්ධතා භාවිතයේදී පාරිභෝගිකයන් මුහුණපාන ගැටළු අප හෙළි කලේ වරක් දෙවරක් නොවේ.

ටෙලිකොම් විසින් අලුතෙන් හදුන්වා දුන් අන්තර්ජාල පැකේජයන් හට සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගත කිරීමේ සීමාවන් පනවා ඇතත් ටෙලිකොම් "අන්ලිමිටඩ්" පැකේජය භාවිතා කරන පැරණි පාරිභෝගිකයන් හටද සාධාරණ භාවිත ප්‍රතිපත්තිය යටතේ භාගතකිරීම් කිරීම සිමාකිරීම් හේතුවෙන් ඔවුන් අපහසුතාවයට පත්ව ඇත.


ඩෙංගු මදුරුවා මගේ ළඟ දණ ගැස්සුවා - මර්වින්


මර්වින් සිල්වා අමාත්‍යවරයා හට ඩෙංගු රෝගය වැළඳී තිබු බව මෙයට පෙර ලිපියකින් අප හෙළිකර සිටියා.මර්වින් සිල්වා හට වලදී ඇත්තේ අලුත් ඩෙංගු වෛරසය බවත් එය එතරම් බරපතල නොවන බවත් අප වැඩිදුරටත් හෙළිකර සිටියා. 

පසුගියදා කිරිබත්ගොඩ දිසා රෝහලට ගිලන් රථ පරිත්‍යාග කිරමේ උත්සවයකට සහාභාගී වූ මර්වින් සිල්වා තමාට ඩෙංගු වැළඳීම පිලිබඳ අදහස් පලකලේ මෙසේය.

මුගේ හොම්බ කඩන්න ඕන!- හඩ්සන් පරල වෙයි


ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් එලියන්ත වයිට්ගේ ප්‍රතිකාර වලින් පසුගිය කාලයේ රෝගාතුරුව සිටි බව ඊයේ දිනයේ අප හෙළි කළා.

නැවත සුවපත් වීමෙන් පසු "රට යන අත" වැඩසටහනට පැමිණි හඩ්සන් සමරසිංහ තමා අමාරුවේ දැමු වෛද්‍යවරයාම නැවතත් සුදු චරිතයක් කිරීමට උත්සහ කල අතර නෙත් එෆ්.එම් ගුවන් විදුලියේ විකාශය වන බැලුම්ගල වැඩසටහනද දැඩි ලෙස විවේචනයට ලක් කළේය.

නෙත් එෆ්.එම් බැලුම්ගල හඩ්සන් සමරසිංහ විසින් විවේචනය කල පළමු අවස්ථාව මෙය නොවේ.මෙයට පෙර රුවන් වැල්ලේ සෝභිත ගැන බැලුම්ගල විසින් හෙලිකල අවස්ථාවේද නෙත් එෆ්.එම් වසා දැමිය යුතු බව ඔහු කියා සිටියා. මෙවර නෙත් එෆ්. එම් හඩ්සන් අතින් විවේචනය වූ ආකාරය පහතින් බලන්න 


රජය අපව නැවත රවටමින් සිටිනවා


- දෙමළ දේශපාලන සිරකරුවන්


සත්‍යග්‍රහයක නිරතවූ දෙමළ දේශපාල සිරකරුවන්ට රජය විසින් ලබාදුන් පොරොන්දුව සියල්ල තවමත් පවතින්නේ හමස් පෙටිටියේය. තමන්ට රජය පොරොන්දුවූ පරිදි විශේෂ අධිකරණ කිසිවක් මෙතෙක් පිහිටුවා නැතැයිද සිරකරුවෝ චෝදනාකර සිටිති.

රජය තවදුටත් තමන් රවටමින් සිටින්නේනම් තමන් නැවත සත්‍යග්‍රහයන් වෙත යොමුවන බව ඔවුන් පවසා සිටිති. මේ අතර ඉදිරි සති දෙක තුළදී විශේෂ අධිකරණ පිහිටුවීමට කටයුතු කරන බව අධිකරණ අමාතංශයේ උසස් නිළධාරියෙක් "යුක්තිය" වෙත පැවසීය.

වව්නියාව බන්ධනාගාරයේ සැබෑලෙසම සිදුවූයේ කුමක්ද ?


අද ජාතික පුවත්පතක් වන දිවයින සහ ලංකා සී නිවුස් වෙබ් අඩවිය වාර්තාකර තිබුණේ වව්ව්නියාව බන්ධනාගාරයේ කැරැල්ලක් ඇති වී ඇති බවත් සිරකරුවන් විසින් බන්ධනාගාර පාලනාධිකාරීවරයාව ඔවුන්ගේ ග්‍රහණයට ගන්නට සැරසුණු බවත්ය.
එම පුවතේ තවදුරටත් සඳහන් වූයේ මෙහිදී කිලිනොච්චි එල්ටීටීඊ අධිකරණයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළ අලගරත්නම් සහ මුහුදු කොටි නායකයකු වන සරනභවාන් ඇතුළු තවත් එල්ටීටීඊ රැඳවියකු ත්‍රස්‌ත විමර්ශන ඒකකය විසින් වැඩිදුර විමර්ශනය සඳහා 26 වැනිදා රැගෙන යැමෙන් පසු ඔවුන් නැවත වව්නියාව බන්ධනාගාරය වෙත ගෙන එන තෙක්‌ බන්ධනාගාර නිලධාරීන්ට බන්ධනාගාරය තුළට නොඑන ලෙස පාලනය ගෙන තිබෙන එල්ටීටීඊ රැඳවියන් පවසා ඇත.

රැජින සහ හිටපු අයි ආර් ඒ නායකයන් අතර හමුවක්


බ්‍රිතාන්‍ය එලිසබත් රැජින, උතුරු අයර්ලන්ත ජනරජ හමුදාවේ (අයි.ආර්.ඒ.) හිටපු ප්‍රධාන නායකයකු වන, උතුරු අයර්ලන්තයේ නියෝජ්‍ය මහ ඇමති මාර්ටින් මැගිනස් සමග අතට අත දුන්නාය.
උතුරු අයර්ලන්තයේ සංචාරයක නිරත වෙමින් සිටින එලිසබත් රැජින බෙල්ෆාස්ට් නගරයේ නෘත්‍යාගාරයකදී මාර්ටින් මැගිනස් සමග අතට අත දෙද්දී ඔවුන් සිනාමුසුව සිටිනු දක්නට ලැබුණි.
උතුරු අයර්ලන්තයේ සංහිදියාව ඇති කිරීම සඳහා කටයුතු කරන අයර්ලන්ත සහයෝගිතා ව්‍යාපාරය විසින් සංවිධානය කළ එම අවස්ථාව මාධ්‍ය මගින් විස්තර කෙරුනේ උතුරු අයර්ලන්ත සාම වැඩපිළිවෙලේ සංකේතාත්මක මොහොතක් හැටියටයි.

'ශ්‍රී ලංකාවට ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් අවශ්‍යයි'


ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයත් සමග ශ්‍රී ලංකාවේ ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් ඇති කළ යුතු අන්දම පිළිබඳ කතිකාවතක් මතු වී ඇතැයි දේශපාලන නායකයෝ කියා සිටිති.
ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයත් සමග වත්මන් මනාප මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ජනතාව කලකිරී සිටින බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේය.
ඝාතනය කෙරුණ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර වෙනුවෙන් කොළොන්නාවේ ඉදි කෙරෙන පිළිරුවට මුල්ගල් තබමිනුයි ඉහතකී අදහස් පළකෙරුණේ.

හිරුණිකා - නාමල් හමුවක්

හිරුණිකා නාමල්ට කියන්නේ මොකද්ද?

මුල්ලේරියාවේ සිදුවූ වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පිලිරුවක් ඉදිකිරීමට මුල්ගල තැබීම කොළොන්නාව කර්මාන්ත ශාලා පරිශ්‍රෙය්දි කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (27) දිනයේ සිදු කරනු ලැබුවා.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ භාරත ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය සමග සුහද කතාබහක නිරතවන අයුරු ජායරුපයට නැගී තිබුනේ මෙලෙසිනි.

Thursday, June 28, 2012

චමිලා අසංකා හැඩ ගැන්වූ අයුරු


ලිංග විපර්යාසයකට ලක්වූ ශ්‍රී ලාංකික නිරුපිකාවක් වන චමිලා අසංකාගේ ජායාරුප හා තොරතුරු අප මෙයට පෙර ලිපියකින් හෙලිකල අතර පහතින් දැක්වෙන්නේ ඇය එම ජායාරුප ගැනීම සඳහා හැඩගැන්වූ අයුරුය. 
 Makeup artist - Gayani Batz / Dressing - Roshan Indrajith



රන්මිණිතැන්නේ රුපියල් කෝටි 170 ක් දිරාපත් වන සැටි



පසුගිය සති අන්තයේ කතරගම වන්දනා චාරිකාවක යෙදෙන්නට එක්වන ලෙස ඉල්ලා සිටිමින් මාගේ මිතුරන් කිහිප දෙනෙකුගෙන් ආරාධනාවක් ලැබිණ.

මම එය ඉතා සතුටින් භාර ගත්තෙමි. මන්ද අවුරුදු ගණනාවක් තිස්සේ විදේශගත වී සිටි මට කතරගම වන්දනාවේ යෙදෙන්නට අහඹු අවස්ථාවක් උදාවූ බැවිණි. කතරගම වන්දනාවෙන් ඉක්බිති තිස්සමහාරාමය ප්‍රදේශයේ ඉදිකර තිබෙන 'රන්මිණිතැන්න' මහින්ද රාජපක්ෂ ටෙලි සිනමා උද්‍යානය ද නරඹන්නට මා තුළ තිබුණ තදබල ආශාව මගේ මිතුරන්ට හෙළි කළෙමි.

මරුනේ... අපිත් කවදාවත් ඕක බලන්න ගිහින් නැහැ.. යැයි වන්දනාවේ නඩේ ගුරා සතුටින් ඉපිලෙමින් පැවැසුවේය.

පින්තුර කථාව


මේ පින්තුර වලින් දැක්වෙන්නේ මියුනිච් නගරයේ ගිම්හාන සෘතුවේ පැවැත්වෙන ‘ද රින්ග්‘ නම් වූ ඔපෙරා සංදර්ශණයක පින්තුරය. මෙම ඔපෙරාවට එක්වූ 1700 නිරුවත් ගැහැණු සහ පිරිමි තමන්ගේ ශරීර රතු හා රන්වන් පැහැය අලේප කර ගෙන මෙම ඔපෙරාවේ රඟපාන ලදී. 

මෙවැනි ඔපෙරාවක් ලංකාවේ ප්‍රදර්ශනය වුයේ නම් ශ්‍රී ලංකාවේ සංස්කෘතික වශයෙන් පසුගාමී ගෝත්‍රික ජනතාව තුල වන ඇති වන තිගැස්ම ගැන සිතා බලන්න. ආර්ථික සහ අධ්‍යාත්මිකව සහ සංස්කෘතිකව දියුණු වූ සමාජයකට මෙවැනි ඔපෙරාවක නිරුවත රස විඳීමට හැකි වුවද විකෘති ධනවාදයක් සහිතව මානව ප්‍රේමයක් නොමැති ගූඨ ආගම් , මිත්‍යා විශ්වාස , බමුණු මතවාද කරපින්නාගෙන ජාතිවාදය ආගම සේ අදහන මිනිසුන් සිටින නුගත්කම සහ අශිෂ්ඨභාවය වපුරන දේශපාලන බලවේග සහ මාධ්‍ය ජාල තිබෙන මේ රටේ මෙවැනි ඔපෙරාවක් පෙන්නුවහොත් සංස්කෘතිය සදාචාරය බිඳ වැටෙනවා කියමින් බොරු සුචරිතවාදීන් කැති මුගුරු අමෝරා ඔපෙරා රඟහල වට කරනු ඇත. 

චීන ක්‍රීඩකයා ලංකාවට කියා දුන් පාඩම


15 වැනි ආසියානි කනිෂ්ඨ මලල ක්‍රීඩා උලෙල අවසන් වුවද එහි පසු කතා තවමත් තැන තැන ඇසෙමින් තිබේ. මෙම සිදුවීමද එවන් කතාවකි. ක්‍රීඩාවේ සැබෑ ගුණය මතුවන මෙම සිදුවීම ඇසින් දුටු කිහිප දෙනෙක් එය මාධ්‍ය වල පල නොවුනේ ඇයි දැයි විමතියෙන් කතා කලේය.

පසුගිය දින සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති 15 වැනි ආසියානු කනිෂ්ඨ උලෙලේදී මීටර් 10,000 ඇවිදීමේ තරඟය ආරම්භ විය. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන්ද තරඟ කරුවන් සහභාගී වී සිටියේය. මේ අතරින් පාවහන් යුගලක් නොමැතිව තරඟයට සහභාගී වි සිටියේ ශ්‍රීලංකාවේ ක්‍රීඩකයෙකු පමණි. තරඟය ආරම්භවී වට ගනනාවක් යනවිට පාවහන් නොමැතිව තරඟ වැදුන ශ්‍රී ලාංකික ක්‍රීඩකයා හා තවත් කීප දෙනෙකු පසුබසිනු දක්නට ලැබුණි.

SLPL කණ්ඩායම් මිලදී ගැනීමේ ඇතුල් කතාව


ලබන අගෝස්තු මස 10 වනදා ලංකාවේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 20 -20 SLPL තරඟාවලියේ කණ්ඩායම් හතම ඉන්දියානු සමාගම් හතක් විසින් මිලදීගෙන තිබේ.

කෙසේ නමුත් මෙම කණ්ඩායම් හතෙන් කණ්ඩායම් දෙකක් මිලදීගෙන ඇත්තේ බුකි කරුවන් ලෙස පෙර චෝදනා ලැබූ අය විසින් බව මේවනවිට නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.


ඉන්දියාවේ කල්කටා නුවර කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාර කටයුතු වල යෙදෙන මෙම බුකි කරුවන් පසුගිය කාලය තුල ඉන්දියාව තුල 
පැවති ප්‍රධාන ක්‍රිකට් තරඟාවලියන් මුදලට පාවා දුන් අය බව වාර්තා වේ.

SLPL කණ්ඩායම් හත ඉන්දියානු සමාගම් විසින් මිලදී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 30.1 ආසන්න මුදලකටය. මෙම මුදල බංගලාදේශ ප්‍රිමියර් ලිග් තරඟාවලිය විකිණී තිබු අගයට වඩා වැඩි වුවද ඉන්දියානු ප්‍රිමියර් ලිග් තරඟාවලියේ කණ්ඩායම් වල මුළු අගය වූ ඇමරිකානු ඩොලර් මිලියන 723 හා සැසදීමේදී සුළු මුදලකි.

SLPL කණ්ඩායම් මිලදී ගත් හිමිකරුවන් හා එහි වටිනාකම මෙසේය.



කෝපි කඩේ දයාවතීගේ නඩුව ජුලි මාසයේ


කෝපි කඩේ ටෙලි නාට්‍යයේ ජනප්‍රිය චරිතයක් වන "දයාවතිගේ" චරිතය නිරුපනය කරන සුසිලා කොට්ටේගේ හට මුදල් වංචා කිරීමේ චෝදනාවක් මත මේ දිනවල නඩුවක් විභාග වනවා.

ව්‍යාපාරයක් ආරම්භ කිරීමටයි පෞද්ගලික කළමණාවරියකගෙන් රුපියල් ලක්ෂ පහක් ලබාගෙන වංචා කලයි යන සිදුවීමක් මත සැකකාර ටෙලි නිළිය සම්බන්ධ නඩුව ලබන ජුලි මස 09 වනදා කැඳවීමට නුගේගොඩ මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා නියෝග කොට ඇත.


රූපවාහිනිය ඩිජිටල් කිරීමේ කොන්ත‍්‍රාත්තුව බැසිල්ට


ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශන කටයුතු මුළුමනින්ම ඩිජිටල් තාක්‍ෂණය ඔස්සේ සිදු කිරීමට මේ වන විට සැලසුම් කර ඇති අතර, රුපියල් කෝටි ගණනක් වූ එම ව්‍යාපෘතිය තමන් අතට ගැනීමට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා බලපෑම් කරමින් සිටී.
ජාතික රූපවාහිනිය ඩිජිටල් කිරීමට අදාළ සැලසුම් අධ්‍යයනය කොට වාර්තා කිරීම සඳහා පත් කළ විද්වත් කමිටුව යෝජනා කොට ඇත්තේ ඒ සඳහා DVB-T2 තාක්‍ෂණය ඒ සඳහා යොදා ගත යුතු බවයි. එය ආසියාවේ රටවල්වල පමණක් නොව යුරෝපා රටවල් සියල්ලම පාහේ භාවිතා කරන තාක්‍ෂණයක් හෙයින් එය රූපවාහිනී විකාශන කටයුතු සඳහා යොදා ගැනීම සෑම අතින්ම ප‍්‍රයෝගික මෙන්ම ඵලදායීබව එම විද්වත් කමිටුව නිර්දේශ කර ඇත. ඒ අනුව සැකසුනු අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් මණ්ඩලයේ ද අනුමැතිය හිමි වී ඇති අතර, මේ වන විට ඒ සඳහා සුදුසු ආයතනයක් තෝරා ගැනීම සඳහා ව්‍යාපෘති වාර්තා කැඳවා තිබේ.

ඊලියන්ත වයිට්ගෙන් ප‍්‍රතිකාර ගෙන හඩ්ඩා රෝහලේ


ජනාධිපති වෛද්‍ය ඊලියන්ත වයිට් මහතාගෙන් ප‍්‍රතිකාර ගත් ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා පසුගියදා රෝහල් ගත කර ඇත. වයිට් මහතාගෙන් ප‍්‍රතිකාර ගැනීමත් සමග හඩ්සන් මහතාගේ ශරීර අභ්‍යන්තරයේ ලේ වහනයක් සිදු වී ඇති අතර, ජනාධිපතිවරයාගේ නියමයෙන් වහාම ඔහුව ‘ඇපලෝ’ රෝහලට ඇතුළත් කර තිබේ.
දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ගැනීමෙන් පසු සමරසිංහ මහතා සුවය ලබා ඇතත්, ඔහු මේ වන විටත් සිහිමද ස්වභාවයෙන් පසුවන බව වාර්තා වේ.

'හමුදා ඉඩම් කොල්ලයට' එරෙහිව කිලිනොච්චියේ උද්ඝෝෂණ


ශ්‍රී ලංකා යුද හමුදාව උතුරේ දෙමළ ජනයාට අයත් ඉඩම්වල බලහත්කාරයෙන් පදිංචිවී සිටීම නිසා යුද අනාථයන් යලි පදිංචි කිරීමට මෙන්ම ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට සහ ධීවර කර්මාන්තයට බාධා පැමිණ ඇති බව උද්ඝෝෂකයෝ පවසති.
බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින උතුරේ ඉඩම්වලින් හමුදාව ඉවත් කරගන්නා මෙන් ඉල්ලමින් කිලිනොච්චිය තිරිමුරුකන්ඩි කෝවිල අසල පැවති උද්ඝෝෂණයක් ඇමතූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රදේශයේ දෙමළ ජනතාව කෘර අන්දමින් පාලනය කරන බවට හමුදාවට චෝදනාවක්ද එල්ල කළේය.

එල්ටීටීඊ සාමාජිකයන් රඳවා සිටීම අසාධාරණයි - අමාත්‍ය කරුණා


ආයුධ සන්නද්ධව යුද වැදි එල්ටීටීඊ නායකයන් නිදහසේ සිටියදී සුළු චෝදනා ලබා සිටින විශාල පිරිසක් සිරභාරයේ සිටීම අසාධාරණ බව යලි පදිංචි කිරීම පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමුර්ති මුරලිදරන් (කරුණා) පිළිගත්තේය.
කෙසේ වුවද ශ්‍රී ලංකා ආණ්ඩුව දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එල්ටීටී ඊ රැඳවියන් යොදා ගන්නා බවට එල්ලවන චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කළේය.
බීබීසී දෙමළ සේවයේ ජෙයප්‍රගාශ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළකළේ දැනට රැඳවුම් භාරයේ සිටින සියලු එල්ටීටීඊ සැකකරුවන්ට පොදු සමාවක් දෙන මෙන් සිවිල් අධීක්ෂණ කමිටුවේ මනෝ ගනේෂන් පසුගියදා කළ ඉල්ලීම පිළිබඳව ප්‍රතිචාරය පළකරමින්.

පාර්ලිමේන්තුවට ආචාර ධර්ම අවශ්‍යයි - අමාත්‍ය මර්වින්


පාර්ලිමේන්තුව වැනි උත්තරීතර ආයතනයකට ආචාර ධර්ම තිබීම යෝග්‍ය යයි තමා විශ්වාස කරන බව කැබිනට් අමාත්‍ය මර්වින් සිල්වා ප්‍රකාශ කරයි.
කෙසේ වුවත් පාර්ලිමේන්තුවේදී නොමනා අන්දමින් හැසිරෙන, අසභ්‍ය වචන භාවිතා කරන මන්ත්‍රීවරුන්ට දිය යුත්තේ කවර ආකාරයේ දඬුවම් දැයි තීරණය කිරීම නඩුකාරවරුන්ගේ හෝ පාර්ලිමේන්තුවට ආචාර ධර්ම පද්ධතියක් සම්පාදනය කිරීම සඳහා පත්කොට තිබෙන කමිටුවට අයත් කාර්යයක් බවද ඇමතිවරයා කියා සිටියේය.

Wednesday, June 27, 2012

රටවල් 60 ක් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියට


ලොව වැඩිම රටවල් ගනනාවක් සහභාගී වන තොරතුරු තාක්ශණ තරගාවලිය ලෙස සැලකෙන Microsoft Imagine Cup තරගාවලිය මෙවරත් රටවල් 75ක සහභාගීත්වයෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජූලි 6 වන දින සිට ජූලි 10 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර එම තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රීලංකාවෙන් සහභාගී වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ශණ පීඨයේ සිසුන් පිරිසකි. මෙම තරගාවලියේ එක් අංගයක් වන People’s Choice අ වර්ඩ් සදහා රටවල් 60ක් සහභාගීවී ඇති අතර ඒඅතරින් ජනප්‍රියතම කණ්ඩායම ලෙස මේවනවිට ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රීලංකාව නියෝජනය කරනක ණ්ඩායමයි.

මනාප පල කිරීම ජූනි 20 වන දින සිට ජූලි 9 වන දින දක්වා සිදුකල හැකි අතර පැය කිහිපයකට වරක් එකම IP ලිපිනයෙන්ද මනාප පලකල හැක. ශ්‍රීලංකා කණ්ඩායමට මනාප පලකොට ඉදිරියට ගෙන ඒමට පහත සබැඳිය වෙතට ගොස් වීඩියෝව යටතින් මතුවන "VOTE" බොත්තම ඔබන්න. 

'

ශිහාන් හා උදාරිගේ ජායාරූප එකතුව





ආසියා ජගත් විවාහක රැජින කිරුළ ශ්‍රීමාලිට


පසුගියදා ලේසියාවේ ක්වාලලම්පූර් නුවර පැවති ආසියා ජගත් විවාහක රැජින 2012 තරගාවලියේ ප‍්‍රථම ස්ථානය දිනා කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය සමත් වූනා. මෙම කිරුළ ශ්‍රී ලංකාවට හිමි වූයේ 27 වසරකට පසුවය.

මේ අතර තරගාවලියේ වයස අවුරුදු පනහට වැඩි විශිෂ්ට ලාලිත්‍ය හිමි කාන්තාව ලෙස ජයගත්තේ ලංකාව නියෝජනය කළ සුරක්ෂි සිරිවර්ධන මහත්මියයි.

ශ්‍රීමාලි සහ සුරක්ෂි අද ආපසු දිවයින බලා පැමිණි අතර පිළිගැනීමට ගුවන්තොටුපලට ගොස් සිටියේ ආසියා ජාත්‍යන්තර ජගත් රූ රැජින තරගාවලියේ ජාතික අධ්‍යක්ෂිකා වාසනා දන්තනාරායන මහත්මියයි.



නයනාගේ දෙවන කැමැත්ත

මාධ්‍යය ඔස්සේ මේ දිනවල වැඩි අවධානයක් දිනා සිටින නයනා කුමාරි පසුගිය දිනවල සිය දෙවන කැමැත්ත සම්බන්ධයෙන් පුවත්පතකට අදහස් පලකොට තිබුනා. පහතින් දැක්වෙන්නේ එහි තෝරාගත් කොටස් කිහිපයකි.

නයනා, ඇත්තටම ඔබ නයනා කුමාරි නොවුනානම් ? 
මං ආසයි යශෝධරාවක් වෙන්න.

ඇයි ඔබ යශෝධරාවක් වෙන්න කැමති ? 
ඇය ආත්ම ගනනක් ආදරය වෙනුවෙන් පෙරුම් පිරු, ඒ වෙනුවෙන් කැප වූ ඇති උතුම් ගැහැනියක්. ඒක හීනයක් වගෙයි. ඉවසිලිවන්තකමේ උපරිමයට ගිය කාන්තාවක්. ඇත්තටම යශෝධරාවක් වගේ වෙන්න මම පින් කරලා නැතුව ඇති කියල මට හිතෙනවා.

ඇයි ඔබ ශ්‍රී ලාංකිකයෙක් උනේ නැත්නම්? 

BNS හා DTAP ෆේස්බුක් ගැටුම


"ලන්දු" ගීතය තුලින් ජනප්‍රියත්වයට පත් මාතරින් බිහිවූ Dtap සංගීත කණ්ඩායම පසුගියදා ඔවුන්ගේ නවතම ගීත ඇල්බමය "ලන්දු" යන නමින් වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා.

තරිඳු රොෂාන් සහ දයාන් අරවින්ද යන සාමාජිකයන් දෙදෙනාගෙන් සමන්විත Dtap සංගීත කණ්ඩායම ඔවුන්ගේ අලුත් ඇල්බමයට 2007 වසරේ නිකුත් කල තිබු ගීතයක වෙනස් කොට නව ගීතයක් මෙන් එලි දක්වා තිබුනා.

මෙම ගීතය සම්බන්ධයෙන් භාතිය හා සන්තුෂ් ප්‍රමුඛ සරිගම මියුසික් හි ප්‍රධාන සංගීත ඉංජිනේරුවරයා වන ක්‍රිෂාන් ප්‍රනාන්දු අදහස් දක්වා තිබුනේ 2007 ගීතයම මදක් වෙනස්කොට 2012 දී එළිදක්වා ඇති බවයි.

ඒ ඔස්සේ පටන් ගත් වාදය එකිනෙකා බැන ගැනීමක් දක්වා වර්ධනය වූ අයුරු පහතින් බලන්න 

සරණාගත බෝට්ටු මගඩියේ සුලමුළ හෙළිවේ ?


පසුගියදා ඕස්ටේ්‍රලියාවට අයත් ''ක්‍රිස්මස් අයිලන්ඩ්'' ආසන්නයේ දී සියයකට ආසන්න පිරිසක් මරණයට පත් කරමින් අනතුරට පත් වූ සරණාගතයින් රැගත් බෝට්ටු අනතුරෙන් පසුව එකී සිද්ධියට අදාළ දැවැන්ත මිනිස් ජාවාරමක තොරතුරු හෙළිවෙමින් පවතී.
මෙසේ අනතුරට පත් වූ බෝට්ටුවේ ශ්‍රී ලාංකික සරණාගතයින් හැත්තෑපහකට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර අනෙක් පිරිස සමන්විත වී තිඛෙන්නේ දැනට දරුණු සිවිල් යුද්ධයකට මුහුණ පා ඇති මැද පෙරදිග සිරියාවේ සහ ගැටුම්පවතින අනෙක් මැදපෙරදිග රටවල වැසියන්ගෙනි.

‘ජනාධිපතිගේ මාධ්‍ය නඩය මට ගහනවා’ - බැසිල්ගෙන් චෝදනා


ජනාධිපතිවරයා වටා ගැවසෙන මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු දිගින් දිගටම තමාට පහර දෙමින් සිටින බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. මාදිවෙල ඊයම්පෝරුව විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයට පැමිණ සිටි බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා, ‘නෙත්’ ගුවන් විදුලියේ අයිතිකාර නිහාල් ඈපා සෙනෙවිරත්න මහතාට චෝදනා කරමින් එසේ පවසා ඇත.
බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා එම ප‍්‍රකාශය සිදු කොට ඇත්තේ, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, නාවික හමුදාපති ඇතුළු රජයේ ප‍්‍රමුඛතම නිලධාරීන් පිරිසක්ද සිටියදීය. ‘නෙත්’ ගුවන් විදුලියේ ‘බැලූම්ගල’ වැඩසටහනින් තමාට කිහිප වරක් පහර දුන් බව පවසා ඇති බැසිල් රාජපක්‍ෂ මහතා, ආණ්ඩුවට හිතවත් මාධ්‍ය පවා මෙලෙස ආණ්ඩුව බරපතළ ලෙස විවේචනය කිරීම යුක්තිසහගත නොවන බවද සඳහන් කර තිබේ.

සබරගමුව එජාප මහ ඇමැති අපේක්‍ෂකත්වය හේමකුමාරට ?


ජනාධිපතිවරයාගේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කළ හේමකුමාර නානායක්කාර මහතා ඉදිරියේදී පැවැත්වෙන සබරගමුව පළාත් සභා ඡන්දයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මහ ඇමති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට මේ දිනවල සාකච්ඡා සිදුවෙමින් පවතින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.
එම උපදේශක තනතුරින් ඉල්ලා අස්වීමට පෙර හේමකුමාර නානායක්කාර මහතා, එජාප ප‍්‍රධානි කිහිපදෙනෙකුම පෞද්ගලිකවම හමු වී ඉදිරියේදී ගනු ලබන දේශපාලන කි‍්‍රයාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

මස්සිනාට ගහන්නැයි ජනපතිගෙන් උපදෙස් ?


මහතාගේ වංචා දූෂණ හෙළිදරව් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෞද්ගලික පුවත්පත් ආයතන ප‍්‍රධානීන් දෙදෙනෙකුට උපදෙස් දී ඇත. ජනාධිපති බිරිඳ ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂ මහත්මියගේ සොයුරෙකු වන නිශාන්ත වික‍්‍රමසිංහ මහතා,
ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පසුගිය මාස කිහිපයෙහි බලවත් උත්සාහයක් දැරුවද ජනාධිපති බිරිඳ එය වළකා තිබේ.

කැමරාවට කොළේ වැසූ හොරා දැළේ

අම්පාරේ වෙළඳසැලකට දෙවරක් හොරු පැනීමෙන් පසු වෙලඳසැල් හිමියා විසින් අලුතින් කැමරා පද්ධතියක් එහි සවිකර තිබුණ අතර තුන් වන අවස්ථාවේ වෙළඳසැලට ඇතුළුවූ හොරාව අල්ලාගැනීමට එමඟින් හැකිවී තිබුණා

වෙළඳසැලට ඇතුළු වූ හොරා කඩදාසි මඟින් කැමරා දෙකම වසා සොරකම කරන අයුරු එහි කැමරා පද්ධතියේ සටහන් වී තිබුනේ මෙසේය

නාහල්ලේ රාහුල හිමිගේ යටගියාව


මම ජීවත් වෙලා ඉන්නේ එංගලන්තයේ ලෙච්වර්ත් විහාරය ආසන්නයේ. ලංකාවේ පුරුද්දට අපි ලෙච්වර්ත් පන්සලට කියන්නේ ‘අපේ ගමේ පන්සල’ කියලා. මම එංගලන්තයේ ආපු දවසේ ඉදලම ලෙච්වර්ත් පන්සලත් එක්ක බොහොම කිට්ටුවෙන් ඇසුරු කළා. 

ඒ කාලේ ඒ පන්සලේ වැඩ හිටපු සුබෝධි හාමුදුරුවො, රාහුල හාමුදුරුවො, කුසල ධම්ම හාමුදුරුවො අපිත් එක්ක හරි හිතවත්. අපි ශිෂ්‍යයො කාලෙ ලංකාවේ විදිහට කටට රහට කෑම ටිකක් කන්න හැම සති අන්තයකම ලෙච්වර්ත් පන්සලට යනවා. දිනපතාම මැක්ඩොනල්ඞ්, කේ.එෆ්.සී. 

නැත්තම් සෑම් චිකන් කන අපිට මැල්ලූමක් පරිප්පු හොද්දක් එක්ක උණු උණුවේ බත් හදලා දෙන්නේ ලෙච්වර්ත් පන්සලේ හාමුදුරුවරුමයි.

Tuesday, June 26, 2012

ප්‍රීමියර් ලීගයට පෙර 'දූෂණ මැඬලීමේ පියවර ගත යුතුයි'


ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාකරන සියලුම රටවල් ක්‍රීඩාවේ දූෂණ මැඬලීමේ නීති ක්‍රියාත්මක කළ යුතු නමුත්, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මේ වනතුරුම එම නීති ක්‍රියාවට නැගීමට පියවර ගෙන නැතැයි ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය කියයි.
ජුනි 24 සහ 25 දිනවල මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවර දී රැස්වුණු ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුව එම නීති ක්‍රියාවට නගන මෙන් ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට උපදෙස් දෙන මෙන් අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයට නිර්දේශ කොට තිබේ.

හේමාල් හා මලීකාගේ නවතම ජයාරූප එකතුව

ශක්‍රයා ස්ත්‍රී සොඬෙක් ද?


දෙවිවරුන් යනු රටේ කැබිනට් මණ්ඩලය ලෙසත්, ඒ කැබිනට් මණ්ඩලයේ නායකයා ශ්‍රක්‍ර දෙවියා බවත්, ශ්‍රකයා සැම විටම ගැහැණු පස්සේ යන මුදල් විනාශ කරන කෙනෙකු බවත් ප්‍රවින සිංහල දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා පසුගියදා පවසුවා.

කැබිනට් එකේ මහාමාර්ග හා ප්‍රවාහන ඇමති යනු කතරගම දෙවියන් බවත්, වනිතා කටයුතු ඇමති යනු පත්තිනි දෙවියන් බවත්, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ගණ දෙවියන් බවත්, සංස්කෘතික කටයුතු ඇමති සරස්වතී දෙවියන් බවත්, බුද්ධ ශාසන ඇමති විභීෂන දෙවියන් බවත්,
කැබිනට් ඇමතිවරුන්ගේ නායකයා ජනාධිපති මෙන් දෙවි වරුන්ගේ නායකයා ශක්‍රයා බවත්, වෘක්ෂ දේවතාවුන් හරියට ප්‍රාදේශීය සභා මංත්‍රීවරුන් යැයිද ඔහු ප්‍රකාශ කර සිටියේ පසුගියදා කොළඹ බිෂොප් විද්‍යාලයේ පැවති මහාචාරය ගංගනාත් දිසානායක මහතාගේ "පැණි වළලු" පොත එලිදැක්විමේ උත්සවයට සහභාගිවෙමින්. 

දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන් ගැන ඔබ නොදත් දේ


දකුණෙන් පහල වූ මෛත්‍රි බුදුන් යයි හදුන්වා ගත පුද්ගලයා ගැන මුලින්ම හෙළිදරව් කරන ලද්දේ අප වෙබ් අඩවිය විසිනි. ඉන් අනතුරුව අන්තර්ජාලයේ ඔහුගේ අකටයුතු වලට මහත් විරෝධයක් ගොඩ නැගුන අතර ඔහුගේ ෆේස්බුක් පිටුව ඉවත්කිරීමට තරම් එක්රැස් වූ ජන බලය ශක්තිමත් විය.

නමුත් කේ. ලාල් සිරිවර්ධන නම් තැනැත්තා ගාල්ල වඳුරඹ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ඔහුගේ අමුතු ධරමය දේශනා කිරීමේ ක්‍රියාවලිය නැවතුනේනම් නැත. කලකට ඉහතදී සිරිවර්ධන වැවිලි සමාගමක ලිපිකරුවෙකි. බිරිඳද ඔහු අතහැර ගොස් ඇති අතර අසාර්ථක පවුල් ජිවිතයක් ගත කල අයෙකි.

ටික කලකින් ඔහු ධර්ම දේශනා කටයුතු පටන් ගත අතර ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ බන දෙසුම් වලට පැමිණි ඔහු ස්වාධින රුපවාහිනියේ හා ටි.එන්.එල් රුපවාහිනියේ ධර්ම දේශකයෙකු ලෙස වැඩසටහන් වලට සහභාගී විය.


දිල්ශාන් ගැන නුපුර් මේතා සිදුකල හෙළිදරව්ව


පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ ඉන්දියාව හා පකිස්ථානය අතර පැවති තරඟය පවා දී ඇති බවට මේ දිනවල චෝදනා නැගෙනවා. මෙයට මැදිහත්වී ඇත්තේ ඉන්දියානු බුකි කරුවෙක් වන අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මේ පිළිබඳව පරීක්ෂණයක්ද සිදුකිරීමට නියමිතයි.

මේ අතරම බුකි කරුවන් හෙළි කලේ ඉන්දියානු නිළියක්ද මෙයට සම්බන්ධ වී ඇති බවයි.බොලිවුඩ් නිළියක වන නුපුර් මේතා ඒ අනුව මෙම තරඟ පාවාදීමේ කතාවට සම්බන්ධ වන අතර ඇය ඒවා ප්‍රතික්ෂේප කරමින් තමා ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු වූ තිලකරන්ත දිල්ශාන් සමග පමණක් සම්බන්ධතාවයක් පැවැත්වූ බව හෙළි කර සිටියා.

පසුගියදා රේඩිෆ් වෙබ් අඩවියට නුපුර් මේතා දිල්ශාන් පිලිබඳ අපුරු විස්තරයක් හෙළිදරව් කර තිබුනා. පහතින් දැක්වෙන්නේ එහි පරිවර්තනයයි.

Monday, June 25, 2012

Walawe Super Cross 2012



සරසවි සිසුන් අතරට හමුදා ඔත්තුකරුවන් යැවීමේ සැලසුමක් ?


සරසවි ශිෂ්‍ය ව්‍යාපාර සහ ශිෂ්‍ය උද්ඝෝෂණ මර්ධනය කිරීමේ අරමුණෙන් හමුදා ඔත්තුකරුවන් සරසවි සිසුන් හා මිශ්‍ර කිරීමේ වැඩ පිළිවෙලක් ආරක්ෂක අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වන බව විශ්වාස කටයුතුදායක ආරංචි මාර්ගයකින් අප වෙබ් අඩවිය වෙත වාර්තාවේ.

මෙහි පළමු පියවර ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි යුද හමුදා මූලස්ථානය විසින් දිවයිනේ පිහිටි සෑම හමුදා කඳවුරකටම ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ එම හමුදා කඳවුරු වල සේවය කරන යුද සෙබළුන්ගෙන් අ.පො.ස. (උසස්) පෙළ දක්වා හෝ සරසවි අධ්‍යාපනය ලැබූ අය වෙත්නම් වහාම ඔවුන් පිළිබඳව දන්වා එවන ලෙසයි. එම ලිපිය යවා ඇත්තේ එවැනි හමුදා නිලධාරීන් වැඩි දුර අධ්‍යාපනය සඳහා විවිධ සරසවිවලට අනුයුක්ත කිරීමට විශේෂ පාඨමාලාවක් ඇරඹීමට නියමිත බව සඳහන් කරමිනි.

එ.ජා. සරනාගත කොමිසම රහස් තොරතුරු ආරක්ෂ අමාත්‍යාංශයට දෙයි?


ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමෙහි (යූ.එන්.එච්.සී.ආර්) දේශීය කාර්යාලය එහි ලියා පදිංචි වී සිටින විදෙස් මුස්ලිම් ජාතික සරනාගතයින්ගේ තොරතුරු ආරක්ෂක අමාත්‍යාංශයට ලබා දෙන්නේ ද යන ප‍්‍රශ්ණය රාජ්‍ය තාන්ත‍්‍රික අංශයන්හි කතා බවට ලක්ව තිබේ.

මෙයට හේතු වී ඇත්තේ එහි ලියා පදංචි වී සිටින 150කට වැඩි ඉරාන, ඇපගනිස්ථාන දසහ පකිස්ථාන ජාතික සරණාගත පුද්ගලයින්ට දින හතරක් ඇතුළත ශ‍්‍රී ලංකාවෙන් පිටව යන ලෙස ආරක්ෂ අමාත්‍යාංශය යටතේ ඇති ආගමන සහ විගමන දේපාර්ථවේන්තුව විසින් නියෝග කිරීමය.
ඊටත් වඩා ප‍්‍රශ්ණයට හේතු වී ඇත්තේ එම පුදගලයින්ට යවන ලද ලිපි වල ඔවුන්ට එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමෙහි දේශීය කාර්යාලය විසින් ලබා දී ඇති අංකයන් ද සඳහන් කර තිබීමය. මෙම අංක ආරක්ෂ අමාත්‍යාංශයට ලබා දී ඇත්තේ කොළඹ යූ.එන්.එච්.සී.ආර් කාර්යාලයෙනි.

නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ කෑ පතේ පහරයි!


ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අපකීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියන නුගේගොඩ කොට්ඨාශ භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා පසුගිය 21වනදා තලවතුගොඩ හෝකන්දර පාරේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් මහතාට අයත් අක්කරයකුත් පර්චස් 29ක ඉඩමකට ඇතුලූ වී එහි තිබූ ගොඩනැගිලි කඩා ඉවත් කොට සිදුකරන ලද අනර්ථකාරී ක්‍රියාවක් පිළිබඳව අප වෙබ් අඩවිය වෙත වාර්තාවේ.

නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතා මෙසේ මෙම අනර්ථකාරී ක්‍රියාව සිදු කොට ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය භාරව කටයුතු කරන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතය. හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ආර් පීරිස් මහතාට අයිති මෙකී භූමි පරිශ්‍රය අනවසර ගොඩකිරීමක් බවත් එහි ඉදිකර ඇති ඉදිකිරීම් සියල්ලම අනවසර ඉදිකිරීම් බවත් පවසමින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ශ්‍රී ලංකා පොලීසියේ සහ යුද හමුදාවේ නිලධාරීන් 500කට අධික ප්‍රමාණයක් යොදවමින් මෙම අනර්ථකාරී ක්‍රියාව සිදු කර තිබේ.

වෘත්තීය සමිති නායකයින්ට හා වෘත්තීය ක්‍රියාමාර්ගවලට එරෙහි ආණ්ඩුවේ මර්ධනය වහා නවතනු


විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය අඩපන කිරීමේ අරමුණින් රජයට සම්බන්ධ කණ්ඩායම් යොදා ගනිමින් කරන බියවැද්දීම් තර්ජනය කිරීම් හා මර්ධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහය වහාම නතර කරන ලෙස ආණ්ඩුවට බල කර සිටිමු.
ආණ්ඩුව, ආණ්ඩුවට එරෙහිව මතුවන සමාජ මතයන්, ක්‍රියාකාරීත්වයන් සුදු වෑන් යොදා ගනිමින් කරනු ලබන පැහැර ගැනීම් හරහාත් එහි අවසානය රාජ්‍ය නිල ත්‍රස්තවාදය යොදා ගනිමින් සිදු කරන පුද්ගල ඝාතනයන් හරහාත් සිදුකරමින් පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී වියරු හැසිරීම හෙළා දකින අතර රජයේ ආරක‍ෂක අංශ මගින් හෝ රජයේ වෙනත් කණ්ඩායම් මගින් හෝ අචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාටත්, පවුලේ සාමාජිකයින් වෙතත් එල්ල වෙමින් පවතින මර්ධනීය ක්‍රියාමාර්ග දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට එල්ල වන තර්ජන හෙළා දකිමු!


පසුගිය 21 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ අසල්වැසියන්ගේ නිවෙස්වලට පැමිණි, තමන් ආරක්ෂක අංශවල යැයි හඳුන්වා දුන් පිරිසක් ඔහු පිළිබඳ තොරතුරු විමසා තිබේ. එම සිදුවීම ඒ මහතා විසින් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුවද ගත වූ දින කිහිපය තුළ ඊට අදාළ විවිධ තර්ජනාත්මක සිදුවීම් ගණනාවක් සිදුවී ඇත. ඔහුට හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට නිර්ණාමික දුරකතන ඇමතුම් මගින් තර්ජනය කර ඇති අතර ඔහුගේ නිවස අසල නාඳුනන පිරිස් ව්‍යාජ අංක තහඩු සහිත වාහනවලින් සැරිසරන බවට තොරතුරු ලැබී තිබේ.

'එජාපය යනු ජනතා හඬට කන් දෙන පක්‍ෂයක්’ - දයා ගමගේ


සාමකාමීව උද්ඝෝෂණ පවත්වා තම අයිතීන් වෙනුවෙන් හඬක් නගන ජනතාවට වෙඩි උණ්ඩයෙන් පිළිතුරු දීම වත්මන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය වුවද, එජාපයේ ප‍්‍රතිපත්තිය එය නොවන බව එජාප ජාතික සංවිධායක, නැගෙනහිර පළාත් සභාවේ විපක්‍ෂ නායක හා දයා සමූහ ව්‍යාපාරයේ සභාපති දයා ගමගේ පවසයි.
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව කිසිදු දේශපාලන උසිගැන්වීමකින් තොරව හලාවත පැවති සාමකාමී ධීවර උද්ඝෝෂණයක් ඉලක්ක කොට එල්ල වූ පොලිස් වෙඩි ප‍්‍රහාරයට ලක්වූ ධීවරයින් තිදෙනෙකුගේ පවුල් වෙත රු. ලක්‍ෂ 25ක් වටිනා බෝට්ටු තුනක්, දරුවන් වෙත විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපන ශිෂ්‍යත්ව හා පොත් ප‍්‍රදානය කිරීම හලාවත ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී පැවති අවස්ථාව අමතමින් ගමගේ මහතා ඒ බව කීය.
ඉන් එක් ධීවරයෙකු ඇන්තනී වෙඩි ප‍්‍රහාරයෙන් මරුමුවට පත්වූ අතර, කිංස්ලි නමැති ධීවරයා පසුගියදා ගෙල වැලලාගෙන සියදිවි නසාගත්තේ, වෙඩි ප‍්‍රහාරයේදී තම කකුලක් අහිමි වීම නිසා පවුලේ ජීවනෝපාය ඉපයීමට තමා අසමත් වීම පිළිබඳව කලකිරීමට පත්වීමෙනි.

තානාපති කාර්යාල වලදී විකිණෙන අපේ ළඳුන්


අපේ රටට විශාල වශයෙන් විදේශ විනිමය ගෙනෙන සේවාවන් අතර විදෙස් ශ‍්‍රමික සේවයට ලැබෙන්නේ මූලිකස්ථානයකි. මැදපෙරදිග ගෘහ සේවය අපට ගෙනෙන විදේශ විනිමය සෙසු රටවල් හා සංසන්දනය කිරීමේ දී එය ඉතා විශාල අගයක පවතී.

රටේ ජීවනාලිය බඳු කාන්තාව මැදපෙරදිග කදුළු මතින් ගෙනෙන විනිමයට කණකොකා හැඞීමට පටන් ගෙනඇති බව අපට දැන් නිතර නිතර මාධ්‍යමගින් දැනගන්නට ලැබෙන සුලභ පුවතකි. ගෘහ සේවිකාවන්ගෙන් බහුතරය මැදපෙරදිග රටවලට යන අතර ඔවුන් එහිදී අනේක දුක් ගැහැටයන්ට මුහුණදෙති. 



පුෂ්පිකාට හේමමාලා කුමරිය අහිමි වූයේ බිකිනිය ඇන්ද නිසාද?


සිරි දළදාගමනය චිත්‍රපටයේ හේමමාලා කුමරියගේ චරිතය සඳහා 2011 වසරේ දෙරණ මිස්‌ ශ්‍රී ලංකා කිරුළ හිමිකරගත් පුෂ්පිකා සඳමාලි තෝරාගන තිබුණ නමුත් හදිසියේම ඇයව එම චරිතයෙන් ඉවත් කර තිබුනේ ඇගේ අඩ නිරුවත් ජායාරූප අන්තර්ජාලයේ පලවී තිබෙන බව පවසමිනි.

හේමමාලා කුමරිය වැනි උසස් චරිතයකට එවැනි නිළියක් විසින් පණ පෙවීම බෞද්ධ ආගමට අගෞරවයක් වන බව නිශ්පාදකයින් පැවසූ අතර සනත් අබේසේකර විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරනු ලබන එම චිත්‍රපටය නිෂ්පාදනය කරනුයේ ඊ.ඒ.පී. චිත්‍රපට වෙනුවෙන් සෝමා එදිරිසිංහ සහ බෝසත් ලංකා පදනම වෙනුවෙන් අකරවිට සංඝානන්ද හිමියන්ය.

බෞද්ධ භික්‍ෂුන් වහන්සේ නමක විසින් චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරන පළමු අවස්‌ථාව මෙය වන අකරවිට සංඝානන්ද හිමි යනු ඕස්ට්‍රේලියාවේ ඩැන්ඩිනෝස් භාවනා මධ්‍යස්ථානයේ නායක හිමිපාණෝය.

Z ලකුණු අහෝසි කිරීමට අධිකරණය නියෝග කරයි

පසුගිය වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ ඉසෙඩ් ලකුණුවලට අදාළ තීන්දුව දෙස ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ දැඩි අවධානයෙන් සිටි අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද එම තීන්දුව ප්‍රකාශයට පත් කරණු ලැබුවා.

ඒ අනුව අධිකරණය මඟින්, මීට පෙර නිකුත් කළ Z ලකුණු අහෝසි කර තිබෙනවා. නව හා පැරණි නිර්දේශ සඳහා වෙන වෙනම Z අගයන් ගනනය කර කඩිනමින් ප්‍රතිපල නිකුත් කරන ලෙසද අධිකරණය විසින් ප්‍රතිපාදන කොමිෂන් සභාවට නියෝග කර තිබෙනවා

ඉසෙඩ් ලකුණ නිකුත් කිරීමේදී සිසුන්ට අසාධාරණයක්‌ සිදුවී තිබේද යන්න සොයා බැලීමට විද්වත් කමිටුවක්‌ පත් කිරීම සඳහා අනුමැතිය දෙන්නැයි උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා මීට පෙර ඉල්ලීමක් කර තිබූ අතර ශේෂ්ඨාධිකරණය විසින් එය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවා.


සුරංගි කෝසලා මවක් වෙයි


නිලියක් නිවේදිකාවක් වූ සුරංගි කෝසලා පසුගියදා මව් පදවිය ලබා ඇති බව වාර්තා වේ.වෘතියෙන් ගුරුවරියක වූ ඇය ජනප්‍රියත්වයට පත්වුයේ මුතු කිරිල්ලි ටෙලි නාට්‍යය මගින්.

සුරංගි හා සදුන් ගේ කැදැල්ලට එක්වූ පුංචි දියණියට තවමත් නමක් තබා නොමැති අතර සුරංගි මේ දිනවල රංගනයෙන් ඈත් වී මවකගේ යුතුකම් නොපිරිහෙලා ඉටුකරන බව වාර්තා වේ.

සුරංගි ගේ හා පුංචි දියණියගේ ජායාරූප බලන්න පහතින්

Share this article with your friends