Chitika Smowtion 468x60


Monday, December 3, 2012

ලෝක බෞද්ධ උරුමය රැකගැනීමට තව ඇත්තේ දින ගණනකි !



ඇෆ්ගනිස්තානයේ Mes Aynak හි පිහිටි වසර 1,600ක් පැරණි බෞද්ධ විහාර සංකීර්ණයක් මෙම වසර අවසානයේදී තඔ පතලක් සඳහා චීන සමාගමකට පැවරීමට නියමිත පුවතක් මීට හරියටම මාස 2කට පෙර  හෙළිකල බව ඔබට මතක ඇති.

2001 වසරේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළ තලෙයිබානුවන්ට බැන බැන නොසිට ඇස් පනාපිට මෙම වසරේ දෙසැම්බර් මාසයේ අගදී විනාශ වී යාමට නියමිත මෙම ලෝක උරුම බෞද්ධ විහාර සංකීර්ණය රැකගැනීම අප කාගේත් යුතුකම බවයි එම ලිපියෙන් අප එහිදී මතක් කළේ.

මේ පිළිබඳව ලංකාවේ කිසිදු මාධ්‍යයක අවධානයක් යොමු නොවූ නමුත් එය වැලැක්වීම සඳහා වූ අන්තර්ජාල පෙත්සමට මේ වනවිට අත්සන් 65,426ක් ලැබී ඇති නමුත් තවත් 34,574 ක අවශ්‍යතාවයක් තිබෙනවා.



කවුද රාම රාවණා යුද්ධ ගැන දන්නේ? - පුරාවිද්‍යා කොමසාරිස් අසයි

වැල්ලවාය ප්‍රදේශයෙන් පසුගියදා උමං මාර්ගයක් හමුවූ අතර එය රාවණා සමයට අයත් බවයි බොහෝ මාධ්‍යය වාර්තා කළේ.

නමුත් පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් පැවසුවේ එය කිසිම පුරාවිද්‍යා වටිනාකමක් නැති උමඟක් ලෙසයි.

රාම රාවණා පිළිබඳව පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් කල විමසුමකදී ඔහු පවසා ඇත්තේ "කවුද රාම-රාවණා යුද්ධ ගැන දන්නේ? රාම රාවණා යුද්ධ තිබුනා කියන්න මොනවද තියන සාක්ෂි?" යනුවෙනි. ඒ සාකච්ජාව පහතින්.


මුලිම අපි කතා බහ ගෙනයමු සාදින්නාගල කන්දෙන් මතුවූ උමඟ වෙතට. එය රාම රාවණා යුගයට අයත් වෙන බව පැවසෙනවා නේද?

Share this article with your friends