Chitika Smowtion 468x60


Thursday, March 15, 2012

හයිකොප් නඩුවෙන් සරත් ෆොන්සේකා නිදහස්



හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා හයිකොප් නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

ශ්‍රී ලංකාවේ අපරාධ නිති සංග්‍රහය අනුව හා ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතින් පිළිබදව සම්මුතින්ට අනුව එක් පුද්ගලයෙකුට එකම සිද්ධියක් සම්බන්ධයෙන් නඩු දෙකක් පැවරිය ‍‍නොහැකි නිසා මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවයි විනිසුරු විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

යුධාධිකරණයේ හයිකෝප් සිද්ධියට අදාළව පැවැති නඩු විභාගයත්, මහාධිකරණයට යොමුකර ඇති නඩු විභාගයත් යන දෙකම එක සමාන බවයි ඔහු තීන්දුව දෙමින් කියා සිටියේ

හයිකෝප් නඩුවෙන් නිදහස ලබා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයෙන් පිටව යද්දී මාධ්‍යවේදීන් අමතමින් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ,

ජොනී, ජවිපේ ‘වී’ ලක්ෂ 2100 කට මිලදී ගනී


ජනතා විමුක්ති පෙරමුණ සතුව තිබූ ‘වී’ එෆ් එම් ගුවන් විදුලි නාලිකාව අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා විසින් රුපියල් ලක්ෂ 2100 ක් ගෙවා මිලදී ගෙන තිබේ. 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහාය දැක්වීම වෙනුවෙන් එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විමල් වීරවංශ මහතාට තිලිණයක් වශයෙන් බැසිල් රාජපක්ෂ මහතා විසින් ‘වී එෆ් එම්’ ගුවන් විදුලියට අදාල ගුවන් විදුලි බලපත‍්‍රය ලබාදී තිබිණ.
අනතුරුව ජනතා විමුක්ති පෙරමුණ විසින් ස්ථාපිත කරනු ලැබූ ‘ලංකා ටෙලිවිෂන් නෙට්වර්ක්’ පෞද්ගලික සමාගම විසින් ‘වී එෆ් එම්’ ගුවන් විදුලි නාලිකාව ආරම්භ කරනු ලැබීය. ආරම්භයේදී එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ජවිපේ ක‍්‍රියාකාරිකයින් සිව් දෙනෙකු පත්කර තිබිණ. සුභසිංහ පතිරන ගේ යාපා දොන් සරත් ප‍්‍රියන්ත, කාරියවසම් කන්කානන්ගේ ජගත් චන්ද්‍රවංශ, දිසානායක මුදියන්සෙලාගේ දිසානායක, විතානගේ සේනාධීර ගුණතිලක එසේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කළ ජවිපේ ක‍්‍රියාකාරිකයින්ය. එම සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂක ලෙස නම්කර තිබුණේ දිසානායක මහතාය.

නිදහස් කරන බව කියන ජෙනරාල්ට තවදුරටත් නඩු පැවරීම ගැටලූවක් - අර්ජුන


ලඟදීම නිදහස් කරන බව කියන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව තවදුරටත් නඩු පවරන්නේ ඇයිදැයි තමන්ට බලවත් ගැටලූවක් මතුවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි. ජෙනරාල්වරයාට එරෙහිව අලූතින්ම විභාගයට ගැනුනු නඩුවක් සඳහා ජෙනරාල්වරයා පෙරේදා පෙරවරුවේ අධිකරනයට රැගෙන ආ මොහොතේ ඔහු බැහැදැකීමට අධිකරන භූමියට ගිය අර්ජුන රණතුංග මන්ත‍්‍රිවරයා ජෙනරාල්වරයා සමග කතාබහ කිරීමෙන් පසු නීතීඥවරුන් කිහිප දෙනෙකු සමග ඉහත ප‍්‍රකාශය කර තිබේ.

මිනීමරු සුදුවෑන් රථය පැහැරගත් එකක්


පසුගියදා වැල්ලම්පිටියේදී ජනතාව විසින් කොටුකරගත් WP 8649 දරන කුප‍්‍රකට සුදුවෑන් රථය යුද හමුදාවේ කපිතාන්වරයෙකු විසින් කිලිනොච්චිය ප‍්‍රදේශයෙන් පැහැරගත් එකක් බවට පිලිගත හැකි සාක්ෂි මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.
මෙම සුදුවෑන් රථය 2011 ජුනි මස 20 වන දින පළමුවරට මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට ඇති අතර එම ලියාපදිංචියේ සඳහන් ආකාරයට අයිතිකරුවන් වන්නේ කිලිනොච්චිය, තරුනගර් දකුණ අංක 1139 ලිපිනයේ පදිංචි අරුල්නායගම් අර්ෂිකදර් නැමැත්තෙකි. මෙම වාහනයේ චැසි අංකය LAJRSKF 16 A 000 2174 වේ.

මාර්ග අංක 332 (ගම්පහ-යාගොඩ) පුද්ගලික බස්රථ සේවය පිලිබඳවයි


මෑතකදී ඉදිකල ලංකාවේ සුපිරිතම පක්‍ෂ කාර්යාලය වන ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාර්යාලය පිහිටා ඇති ගම්පහ ඔරුතොට ප්‍රදේශය හරහා දිවෙන මාර්ග අංක 332 (ගම්පහ - පහල යාගොඩ) පුද්ගලික බස්රථ සේවය පිලිබඳ කෙරෙන විමසුමකි මේ. 

පක්‍ෂ කාර්යාලය සුපිරි හා එයට පැමිණීමට ඇති මාර්ගය සුපිරි වුවත් ඒවෙත පැමිණීමට ඇති බස්රථ සේවය ඉතාමත් අකාර්යයක්‍ෂම වේ. පෞද්ගලික බස්රථ හතරකින් පමණක් සමන්විත වන 332 බස් සේවය, බස්රථ හිමිකරුවන්ගේ ආදිපත්‍යයට යටවී ඉතා ශෝකජනක ඉරණමකට ගොදුරුව පවතී. ගම්පහ සිට බැලුම්මහරට දිවෙන එක් ලංගම බස් රථයක් පැවතුනද එහි සේවයද ගම්පහ-යාගොඩ මාර්ගයේ බොහෝ මගීන්ට නොලැබී යයි. 

බැසිල් ගේ පුතු යුග දිවියට


ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හා ජනාධිපතිතුමාගේ කනිටු සොයුරු වන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ හා පුෂ්පා රාජපක්ෂ යුවලගේ පුත්‍රයා වන අසංක විරාජ් රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවර පසුගිය 05 වනදා යුග දිවියට එළඹ ඇත.

එරට වෙසන ශ්‍රී ලාංකික යුවලකගේ දියණියක් හා අසංක විරාජ් අතිනත ගත් බව වාර්තා වේ.මේ විවාහය නිමිත්තෙන් මෙරටදී ගනු ලබන සාදය ලබන සතියේ කොළොඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.

එය පවුලේ ඥාතීන්ට පමණක් සීමාවූ චාම් උත්සවයක් ලෙස පැවතීමට සැලසුම් කර ඇත.


මානෙල් වානගුරුට ලැබුණු අපුරු උපන්දින තෑග්ග


මානෙල් වානගුරු පසුගියදා ඇගේ උපන් දිනය සැමරුවා. සාදය සංවිධානය කළේ ජනිත්. මේ උපන්දින උත්සවයට කලින් දවසේ මානෙල්ට දුරකථන ඇමතුමක්‌ ලැබිණි. ඒ බත්තරමුල්ල ඩේවිඩ් පීරිස්‌ සමාගමේ චෙරි QQ අංශයෙනි.

"ඔබතුමියට තෑග්ගක්‌ තියෙනවා. ඇවිත් ගන්න..." සමාගමේ නිලධාරිනියක්‌ එසේ කියද්දී මානෙල්ට හිතුණේ එය විහිළුවක්‌ කියා. නමුත් යළිත් ඇමතුම ආ විට ඇයට එය විශ්වාස කළාය.
 

ඉතිහාසයේ පලමු වරට ආරක්ෂක කැමරා සවි කළ වෑන් රථයක් කොළඹට


ආරක්ෂක කැමරාවක් (CCTV) සවි කරන ලද වෑන් රථයක් පෙරේදා සිට පොලීසිය විසින් කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා මාර්ග වල ධාවනයට යොදා තිබෙනවා.

ආරක්ෂාව සඳහාත්, රථවාහන පාලන කටයුතු සඳහාත් වෑන් රථයක ආරක්ෂක කැමරාවක් සවි කර මහ මගට යොමු කළ පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වෙන්නේ.

මෙම වෑන් රථයේ සිට කොළඹ නගරය තැන තැන සවි කර ඇති ආරක්ෂිත කැමරා වල දර්ශණ ද නැරඹීමේ පහසුකම තිබීම විශේෂිතයි.

අමරසිරි පිරිස්ගේ ගීත විකුණා කෝටි ගණන් මුදල් ඉපයූ තරුණ ගායකයන් දෙදෙනා කවුද?


නිර්මාණ මංකොල්ලය විවිධ කාල වලදී විවිධ අයුරින් සිදුවන්නක්.

රෝයි පිරිස් මහතා වසර 25 ක් පුරාවට ගැයූ "මා දෑසේ වේදනා" නම් ගීතයත්, නාමල් උඩුගමගේ නාමල් උඩුගම විසින් ගායන කරන "රෑ සිහිනෙන්" ගීතයත් රිඟින් ටෝන් සඳහා ශිහාන් මිහිරංග විසින් නව සංගීතය මුසුකොට ගායනා කිරීම පිළිබඳව මීට පෙර ලිපි දෙකක් මඟින් අප ඔබ වෙත කරුණු ගෙන ආවා.

"මා දෑසේ වේදනා" නම් ගීතය රිඟින්ටෝන් වලට දීම සඳහා පොරොන්දු පත්‍රයක් සකස්කොට අත්සන් අරන් තිබුනේ EVOKE නම් සමාගම විසිනි.

ක්‍රිකට් කමිසයෙන් මොබිටෙල් ඉවත්වුනේ ඇයි?


ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ නිල අනුග‍්‍රාහකයා වන මොබිටෙල් සමාගම ආසියානු කුසලාන තරඟාවලියේදී සිය ලාංජනය කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ කමිසවලින් ඉවත්කර ඇත.

ආසියානු කුසලානය යටතේ ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර බංග්ලාදේශයේ පෙරේදා (13) පැවැති තරගයේදී ශී‍්‍ර ලංකා පිල කී‍්‍රඩාකරනු ලැබුවේ මොබිටෙල් ලාංඡනය ඉවත්කරන ලද කමිස සහිතවය.

Share this article with your friends