Chitika Smowtion 468x60


Wednesday, December 28, 2011

ජනවාරි සිට වරාය ගාස්තු අන්තර්ජාලයෙන්


rohitha-abeygunawardena
ලබන වසරේ ජනවාරි සිට වරාය ගාස්තු අන්තර්ජාලය ඔස්සේ ගෙවීමට පහසුකම් සලසන ක්‍රමයක් සකස් කරන බව වරාය හා මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි

ඒ අනුව වරාය අධිකාරයේ රේගු බදු ආදී වූ ගෙවීම්වලදී මෙම ස්ව්‍යංක්‍රීය ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රමය භාවිතා කිරීමට සේවාදායකයින්ට හැකියාව ලැබේ.

දැනට පවතින ක්‍රමය අනුව සිදුකෙරන ගෙවීම්වලදී සේවාදායකයාට ස්ථාන කිහිපයකට යමින්, ලියකියවිලි ඉදිරිපත් කරමින් කාලය වැය කිරීමට සිදුවේ. නමුත් නව ක්‍රමය ක්‍රියාත්මක වීමෙන් පසු සේවාදායකයාට නිවසේ සිටම අන්තර්ජාලට ඔස්සේ ක්‍රෙඩිට් කාර්ඩ් පත් භාවිතා කරමින් ගෙවීම් කොට තම ගනු දෙනු පහසුවෙන් කර ගැනීමට හැකි වනු ඇත.

ඒ අනුව මෙම ක්‍රමය මඟින් ඔවුන්ගේ කාලය අනවශ්‍ය ලෙස වැය නොවන අතර බාධාවකින් තොරව සිය කටයුතු කර ගත හැකි වේ යයි අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

උසස්පෙළ ප්‍රතිඵල හිට්ලර් දැක්කනම්?


බොහෝ සිදුවීම් වලට උපසිරැසි ඔස්සේ ප්‍රති නිර්මාණය වූ වීඩියෝවක් වන Downfall (2004) චිත්‍රපටයේ "හිට්ලර් ගෙට්ස් ඇන්ග්රි වීඩියෝවට" මෙවර උසස්පෙළ ප්‍රතිඵල ගැටලුව සම්බන්ධයෙනුත් උපසිරැසි පෙළක් නිර්මාණයකොට තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම විඩියෝවයි.

උසස්පෙළ විෂයන් වල ප්‍රතිඵල මාරු වීමට හේතුව


විභාග අංකය වෙනුවට GIT විභාග අංකය යොදලා 
සැකනම් නම් උත්තරේ පත්තරෙත් පෙන්නනවා 


පසුගියදා ඇතිවුන උසස්පෙළ ප්‍රතිඵලයේ හේතුවෙන් විභාගයට මුහුණදුන් සිසුන්ට තම උසස්පෙළ ප්‍රතිඵල පිලිබඳ අවිශ්වාසයක් ගොඩ නැගී ඇත.මෙම අවිශ්වාසය දුරු කිරීම සඳහා ඊයේ දිනයේදී උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් මාධ්‍යය හමුවක් පැවැත්වුවා.


එහිදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා ප්‍රකාශකොට සිටියේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික් කුසලතා මාතරටටත්,මාතර දිස්ත්‍රික් කුසලතා බස්නාහිර පලාතටත් මාරුවීම නිසා මෙම ගැටලුව හටගත් බවයි.

ප්‍රතිඵල නිවරදිකොට අන්තර්ජාලයට නිකුත් කෙරුනද සිසුන් මැසිවිලි නැගුවේ තවමත් විභාග ප්‍රතිපල වල ගැටළු තිබෙන බවයි.


නැගෙනහිර ත්‍රස්තවාදී කණ්ඩායමක්


"වහබ්" නමින් හදුන්වන මුස්ලිම් අන්තවාදී සන්නද්ධ කණ්ඩායමක් සිය බලය නැගෙනහිර පළාතේ පතුරන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.මෙම "වහබ්" සංවිධානයට ප්‍රමුඛපෙලේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලින්ද ආධාර ලැබෙන බව පැවසේ.

මේ සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා දක්වන අදහස් 


"මේ නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වෙලා තියෙන වහබ් කල්ලිය සුෆි මුස්ලිම් භක්තිකයන් ක්‍රමයෙන් විනාශ කරමින් යනවා.පහුගිය කාලේ සුෆි භක්තිකයන්ගේ පල්ලි ගණනාවක්ම මොවුන් විසින් කඩා දැමුවා..මේ වහබ් කල්ලියට මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවකින් මුල්‍ය ආධාර ලැබෙන බව මම දන්නවා..

ශිහාන්ගේ විවාහය ලබන වසරේ


සිරස සුපර් ස්ටාර් පළමු අදියරේ සිටි වඩාත් ආකර්ශනීයම තරඟකරුවා වුයේ ශිහාන් මිහිරංගය.පළමු වටයේ සුපර් ස්ටාර් බවට පත්වූ අජිත් බණ්ඩාර ට වඩා ජනප්‍රියතාවයක් ඉසිලීමට ශිහාන් ට හැකිවිය.ශිහාන් එකල මෙන්ම අදටත් තරුණියන්ගේ වඩා ආකර්ෂණය දිනු පුද්ගලයෙකු මෙන් හැදින්විය හැකියි.

සුපර් ස්ටාර් පළමු වටයේ ශිහාන් තරඟයෙන් ඉවත්වූ විට කුඩා දරුවන් ජනාධිපතිවරයාට පවා කතාකොට ශිහාන් නැවත තරඟයට ගන්න ලෙස ඉල්ලීම් කල බව එකල ප්‍රසිද්ධ රහසකි.නමුත් එදා මෙදාතුර ශිහාන් තමාට පෙම්වතියක් සිටින බවනම් හෙළිකළේ නැත.


ජෙනරාල්ට තටු කැපූ සමාවක්


ලබන වසර මුලදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට නියමිත ‘පොදු සමාව’ කොන්දේසි රාශියක් මත දෙන ‘නිදහසක්’ බව ඉතා විශ්වාසවන්ත කටයුතු මාර්ගවලින් වාර්තාවේ.
මේ යටතේ ජෙනරාල් ෆොන්සේකා මහතා බන්ධනාගාරයෙන් නිදහස් කළද, ඔහුට දේශපාලන කටයුතුවලට සම්බන්ධවීමේ අයිතිය අහිමි කිරීමට නියමිතය.
ජෙනරාල් නිදහස් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වන පුද්ගලයින් මෙම කොන්දේසිවලට එකඟ වී ඇති බවත්, එහෙත් තමා මේ වෙනුවෙන් ඉදිරිපත් වන්නේ ජෙනරාල්ව කොන්දේසි විරහිතව නිදහස් කර ගැනීම සඳහා බවත් ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානේෂ්වර හිමියන් එජාප ජ්‍යෙෂ්ඨ නායකයෙකු සමග ඊයේ (27) පවසා ඇත.

එජාපයට නියෝජ්‍ය නායක තනතුරු 03 ක් !


ලබන වසර මුලදී එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාවට සංශෝධනයක් එක්කොට, නියෝජ්‍ය නායක තනතුරු 03 ක් ස්ථාපිත කිරීමට නියමිත බව සිරිකොත එජාප මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
මේ අනුව, පසුගිය 19 වනදා පැවැති නිලවරණයේදී නියෝජ්‍ය නායකයා ලෙස තේරී පත් වූ සජිත් පේ‍්‍රමදාස මහතාට අමතරව, තවත් පුද්ගලයින් දෙදෙනෙකු සඳහා මෙම තනතුරු ස්ථාපිත කිරීමට නියමිතය.

ගලබොඩ හිමියන් ටිරාන් හෙළිදරව් කිරීමට යයි


ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව ගෞරවාන්විතව නිදහස් කර ගැනීමට තමන් වහන්සේ දරන උත්සාහයට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටිරාන් අලස් මහතා බලවත් බාධාවක් සහ හිරිහැරයක් වී ඇති බවත්, එම තත්ත්වය යටතේ ටිරාන් අලස් මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයා කලාපය හෙළිදරව් කිරීමට තමා ළඟදීම කටයුතු කරන බවත් ගංගාරාම විහාරාධිපති ගලබොඩ ඥානේෂ්වර හිමියන් අවධාරණය කර සිටිති.
මේ දිනවල විදේශගතව සිටින විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ඊයේ (26) පස්වරුවේ උන්වහන්සේ බැහැදැකීමට ගිය එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ මන්තී‍්‍රවරයෙකුට ගලබොඩ හිමියන් ඉහත කාරණය අවධාරණය කර තිබේ.

‘කෘත්‍යාධිකාරී සාමාජිකත්වය මට හිමි විය යුත්තක්’ - කරූ


එක්සත් ජාතික පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු ලෙස තමාට කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය අනිවාර්යයෙන්ම හිමිවිය යුත්තක් බව එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කරූ ජයසූරිය මහතා සඳහන් කරයි.
2012 වසර සඳහා ගම්පහ දිස්ති‍්‍රක්කය වෙනුවෙන් තමාව කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කිරීමේ වගකීම උපදේශක මණ්ඩලයට පැවරෙන බවද කියා සිටින ජයසූරිය මහතා, පැවැති උපදේශක මණ්ඩලයේ නිර්දේශ මත ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කරනු ලැබුවේ, මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ විපක්‍ෂ නායක එඞ්වඞ් ගුණසේකර මහතා බවද කියා සිටී.
ඒ අනුව, දැනට ගම්පහ දිස්ති‍්‍රක්කය වෙනුවෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට නම් කොට ඇති එඞ්වඞ් ගුණසේකර මහතා, පක්‍ෂ නායකයාගේ නාම ලේඛනයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කිරීමට හැකියාවක් තිබෙන බවද ජයසූරිය මහතා පවසයි.

Share this article with your friends