Chitika Smowtion 468x60


Wednesday, June 27, 2012

රටවල් 60 ක් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියට


ලොව වැඩිම රටවල් ගනනාවක් සහභාගී වන තොරතුරු තාක්ශණ තරගාවලිය ලෙස සැලකෙන Microsoft Imagine Cup තරගාවලිය මෙවරත් රටවල් 75ක සහභාගීත්වයෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජූලි 6 වන දින සිට ජූලි 10 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙවර එම තරගාවලිය නියෝජනය කරමින් ශ්‍රීලංකාවෙන් සහභාගී වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ශණ පීඨයේ සිසුන් පිරිසකි. මෙම තරගාවලියේ එක් අංගයක් වන People’s Choice අ වර්ඩ් සදහා රටවල් 60ක් සහභාගීවී ඇති අතර ඒඅතරින් ජනප්‍රියතම කණ්ඩායම ලෙස මේවනවිට ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රීලංකාව නියෝජනය කරනක ණ්ඩායමයි.

මනාප පල කිරීම ජූනි 20 වන දින සිට ජූලි 9 වන දින දක්වා සිදුකල හැකි අතර පැය කිහිපයකට වරක් එකම IP ලිපිනයෙන්ද මනාප පලකල හැක. ශ්‍රීලංකා කණ්ඩායමට මනාප පලකොට ඉදිරියට ගෙන ඒමට පහත සබැඳිය වෙතට ගොස් වීඩියෝව යටතින් මතුවන "VOTE" බොත්තම ඔබන්න. 

'

ශිහාන් හා උදාරිගේ ජායාරූප එකතුව





ආසියා ජගත් විවාහක රැජින කිරුළ ශ්‍රීමාලිට


පසුගියදා ලේසියාවේ ක්වාලලම්පූර් නුවර පැවති ආසියා ජගත් විවාහක රැජින 2012 තරගාවලියේ ප‍්‍රථම ස්ථානය දිනා කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ශ්‍රීමාලි ෆොන්සේකා මහත්මිය සමත් වූනා. මෙම කිරුළ ශ්‍රී ලංකාවට හිමි වූයේ 27 වසරකට පසුවය.

මේ අතර තරගාවලියේ වයස අවුරුදු පනහට වැඩි විශිෂ්ට ලාලිත්‍ය හිමි කාන්තාව ලෙස ජයගත්තේ ලංකාව නියෝජනය කළ සුරක්ෂි සිරිවර්ධන මහත්මියයි.

ශ්‍රීමාලි සහ සුරක්ෂි අද ආපසු දිවයින බලා පැමිණි අතර පිළිගැනීමට ගුවන්තොටුපලට ගොස් සිටියේ ආසියා ජාත්‍යන්තර ජගත් රූ රැජින තරගාවලියේ ජාතික අධ්‍යක්ෂිකා වාසනා දන්තනාරායන මහත්මියයි.



නයනාගේ දෙවන කැමැත්ත

මාධ්‍යය ඔස්සේ මේ දිනවල වැඩි අවධානයක් දිනා සිටින නයනා කුමාරි පසුගිය දිනවල සිය දෙවන කැමැත්ත සම්බන්ධයෙන් පුවත්පතකට අදහස් පලකොට තිබුනා. පහතින් දැක්වෙන්නේ එහි තෝරාගත් කොටස් කිහිපයකි.

නයනා, ඇත්තටම ඔබ නයනා කුමාරි නොවුනානම් ? 
මං ආසයි යශෝධරාවක් වෙන්න.

ඇයි ඔබ යශෝධරාවක් වෙන්න කැමති ? 
ඇය ආත්ම ගනනක් ආදරය වෙනුවෙන් පෙරුම් පිරු, ඒ වෙනුවෙන් කැප වූ ඇති උතුම් ගැහැනියක්. ඒක හීනයක් වගෙයි. ඉවසිලිවන්තකමේ උපරිමයට ගිය කාන්තාවක්. ඇත්තටම යශෝධරාවක් වගේ වෙන්න මම පින් කරලා නැතුව ඇති කියල මට හිතෙනවා.

ඇයි ඔබ ශ්‍රී ලාංකිකයෙක් උනේ නැත්නම්? 

BNS හා DTAP ෆේස්බුක් ගැටුම


"ලන්දු" ගීතය තුලින් ජනප්‍රියත්වයට පත් මාතරින් බිහිවූ Dtap සංගීත කණ්ඩායම පසුගියදා ඔවුන්ගේ නවතම ගීත ඇල්බමය "ලන්දු" යන නමින් වෙළඳපොළට නිකුත් කරනු ලැබුවා.

තරිඳු රොෂාන් සහ දයාන් අරවින්ද යන සාමාජිකයන් දෙදෙනාගෙන් සමන්විත Dtap සංගීත කණ්ඩායම ඔවුන්ගේ අලුත් ඇල්බමයට 2007 වසරේ නිකුත් කල තිබු ගීතයක වෙනස් කොට නව ගීතයක් මෙන් එලි දක්වා තිබුනා.

මෙම ගීතය සම්බන්ධයෙන් භාතිය හා සන්තුෂ් ප්‍රමුඛ සරිගම මියුසික් හි ප්‍රධාන සංගීත ඉංජිනේරුවරයා වන ක්‍රිෂාන් ප්‍රනාන්දු අදහස් දක්වා තිබුනේ 2007 ගීතයම මදක් වෙනස්කොට 2012 දී එළිදක්වා ඇති බවයි.

ඒ ඔස්සේ පටන් ගත් වාදය එකිනෙකා බැන ගැනීමක් දක්වා වර්ධනය වූ අයුරු පහතින් බලන්න 

සරණාගත බෝට්ටු මගඩියේ සුලමුළ හෙළිවේ ?


පසුගියදා ඕස්ටේ්‍රලියාවට අයත් ''ක්‍රිස්මස් අයිලන්ඩ්'' ආසන්නයේ දී සියයකට ආසන්න පිරිසක් මරණයට පත් කරමින් අනතුරට පත් වූ සරණාගතයින් රැගත් බෝට්ටු අනතුරෙන් පසුව එකී සිද්ධියට අදාළ දැවැන්ත මිනිස් ජාවාරමක තොරතුරු හෙළිවෙමින් පවතී.
මෙසේ අනතුරට පත් වූ බෝට්ටුවේ ශ්‍රී ලාංකික සරණාගතයින් හැත්තෑපහකට ආසන්න පිරිසක් ගමන් කරමින් සිට ඇති අතර අනෙක් පිරිස සමන්විත වී තිඛෙන්නේ දැනට දරුණු සිවිල් යුද්ධයකට මුහුණ පා ඇති මැද පෙරදිග සිරියාවේ සහ ගැටුම්පවතින අනෙක් මැදපෙරදිග රටවල වැසියන්ගෙනි.

‘ජනාධිපතිගේ මාධ්‍ය නඩය මට ගහනවා’ - බැසිල්ගෙන් චෝදනා


ජනාධිපතිවරයා වටා ගැවසෙන මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු දිගින් දිගටම තමාට පහර දෙමින් සිටින බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි. මාදිවෙල ඊයම්පෝරුව විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කළ සංඝාවාසය විවෘත කිරීමේ උත්සවයට පැමිණ සිටි බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා, ‘නෙත්’ ගුවන් විදුලියේ අයිතිකාර නිහාල් ඈපා සෙනෙවිරත්න මහතාට චෝදනා කරමින් එසේ පවසා ඇත.
බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා එම ප‍්‍රකාශය සිදු කොට ඇත්තේ, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, නාවික හමුදාපති ඇතුළු රජයේ ප‍්‍රමුඛතම නිලධාරීන් පිරිසක්ද සිටියදීය. ‘නෙත්’ ගුවන් විදුලියේ ‘බැලූම්ගල’ වැඩසටහනින් තමාට කිහිප වරක් පහර දුන් බව පවසා ඇති බැසිල් රාජපක්‍ෂ මහතා, ආණ්ඩුවට හිතවත් මාධ්‍ය පවා මෙලෙස ආණ්ඩුව බරපතළ ලෙස විවේචනය කිරීම යුක්තිසහගත නොවන බවද සඳහන් කර තිබේ.

සබරගමුව එජාප මහ ඇමැති අපේක්‍ෂකත්වය හේමකුමාරට ?


ජනාධිපතිවරයාගේ කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කළ හේමකුමාර නානායක්කාර මහතා ඉදිරියේදී පැවැත්වෙන සබරගමුව පළාත් සභා ඡන්දයේදී එක්සත් ජාතික පක්‍ෂයේ මහ ඇමති අපේක්‍ෂකයා ලෙස නම් කිරීමට මේ දිනවල සාකච්ඡා සිදුවෙමින් පවතින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.
එම උපදේශක තනතුරින් ඉල්ලා අස්වීමට පෙර හේමකුමාර නානායක්කාර මහතා, එජාප ප‍්‍රධානි කිහිපදෙනෙකුම පෞද්ගලිකවම හමු වී ඉදිරියේදී ගනු ලබන දේශපාලන කි‍්‍රයාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

මස්සිනාට ගහන්නැයි ජනපතිගෙන් උපදෙස් ?


මහතාගේ වංචා දූෂණ හෙළිදරව් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පෞද්ගලික පුවත්පත් ආයතන ප‍්‍රධානීන් දෙදෙනෙකුට උපදෙස් දී ඇත. ජනාධිපති බිරිඳ ශිරන්ති වික‍්‍රමසිංහ රාජපක්‍ෂ මහත්මියගේ සොයුරෙකු වන නිශාන්ත වික‍්‍රමසිංහ මහතා,
ශී‍්‍ර ලංකන් ගුවන් සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පසුගිය මාස කිහිපයෙහි බලවත් උත්සාහයක් දැරුවද ජනාධිපති බිරිඳ එය වළකා තිබේ.

කැමරාවට කොළේ වැසූ හොරා දැළේ

අම්පාරේ වෙළඳසැලකට දෙවරක් හොරු පැනීමෙන් පසු වෙලඳසැල් හිමියා විසින් අලුතින් කැමරා පද්ධතියක් එහි සවිකර තිබුණ අතර තුන් වන අවස්ථාවේ වෙළඳසැලට ඇතුළුවූ හොරාව අල්ලාගැනීමට එමඟින් හැකිවී තිබුණා

වෙළඳසැලට ඇතුළු වූ හොරා කඩදාසි මඟින් කැමරා දෙකම වසා සොරකම කරන අයුරු එහි කැමරා පද්ධතියේ සටහන් වී තිබුනේ මෙසේය

නාහල්ලේ රාහුල හිමිගේ යටගියාව


මම ජීවත් වෙලා ඉන්නේ එංගලන්තයේ ලෙච්වර්ත් විහාරය ආසන්නයේ. ලංකාවේ පුරුද්දට අපි ලෙච්වර්ත් පන්සලට කියන්නේ ‘අපේ ගමේ පන්සල’ කියලා. මම එංගලන්තයේ ආපු දවසේ ඉදලම ලෙච්වර්ත් පන්සලත් එක්ක බොහොම කිට්ටුවෙන් ඇසුරු කළා. 

ඒ කාලේ ඒ පන්සලේ වැඩ හිටපු සුබෝධි හාමුදුරුවො, රාහුල හාමුදුරුවො, කුසල ධම්ම හාමුදුරුවො අපිත් එක්ක හරි හිතවත්. අපි ශිෂ්‍යයො කාලෙ ලංකාවේ විදිහට කටට රහට කෑම ටිකක් කන්න හැම සති අන්තයකම ලෙච්වර්ත් පන්සලට යනවා. දිනපතාම මැක්ඩොනල්ඞ්, කේ.එෆ්.සී. 

නැත්තම් සෑම් චිකන් කන අපිට මැල්ලූමක් පරිප්පු හොද්දක් එක්ක උණු උණුවේ බත් හදලා දෙන්නේ ලෙච්වර්ත් පන්සලේ හාමුදුරුවරුමයි.

Share this article with your friends