Chitika Smowtion 468x60


Thursday, April 19, 2012

අයි.පී.එල් අතරතුර මුරලිගේ උපන්දින සැමරුම


මේ දිනවල ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරඟාවලියේ "රෝයල් චැලෙන්ජර්ස්" පිල වෙනුවෙන් ක්‍රීඩාකරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි දඟපන්දු යවන්නෙකු වූ මුත්තයියා මුරලිදරන් පසුගිය 17 වනදා 40 වන උපන්දිනය සමරනු ලැබුවා.

සිය හතලිස්වන උපන්දිනය දිල්ශාන් ඇතුළු "රෝයල් චැලෙන්ජර්ස්" පිල සමග සැමරීමට මුරලි අමතක කොට තිබුනේ නැහැ.පහත දැක්වෙන්නේ එම අවස්ථාවේ ජායාරූප එකතුවකි.


මාතර මුහුදෙන් ඇල්ලු කිඹුලා


නිල්වලා ගඟේ සිට මාතර මුහුදු තිරයට පැමිණි අඩි 10 ක් පමණ දිග කිම්බුලෙකු අද සවස මාතර පරෙවි දුපත අසලින් අල්ල ගැනීමට සමත්ව තිබෙනවා.එම අවස්ථාවේ ජයාරූප එකතුවක් පහතින් බලන්න 

ජායාරූප එව්වේ : රොෂාන් මධුශංක


හොර සී.ඩී සොයා පොලීසියෙන් නැවත වැටලීම්


2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත යටතේ MP3, MP4 සහිත CD, VCD සංයුක්ත තැටි ව්‍යාජ ලෙස පිටපත් කිරීමත්, ලඟ තබාගැනීමක් වරදක් වන අතර මීට පෙර පොලීසිය විසින් කොළඹ මල්වත්ත පාරේ කල හදිසි වැටලීමකදී ව්‍යාජ සි.ඩී තැටි රාශියක් අත්අඩංගුවට ගත්තා.

ඒවා අලෙවි කර තිබුනේ එකක් රුපියල් සියය බැගින්. ඒවා ලබා දුන් වෙළෙන්දන් කීප දෙනෙක් ද අත් අඩංගුවට ගත් නමුත් වැටලීම් දිගටම ක්‍රියාත්මක වුනේ නැහැ.

නැවත පෙරේදා සිට, ජනප්‍රිය චිත්‍රපට සහ ගී තැටි ව්‍යාජ ලෙස මුද්‍රණය කරන මධ්‍යස්‌ථාන සහ ඒවා අලෙවි කරන ස්‌ථාන වැටලීමේ පුළුල් මෙහෙයුම් කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් ආරම්භ කර තිබෙන බව කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස්‌ අධිකාරිවරයා පවසනවා.


2012 දී ලාංකිකයකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3000 ක්.


ජාතික සංවර්ධන මට්ටම මැනීම සඳහා යොදා ගන්නා සාධකයක් වන්නේ ඒක පුද්ගල ආදායමයි. රටේ මුළු නිෂ්පාදනයේ වෙළෙඳපොළ අගය වසර මැද ජනගහනයෙන් එය ගණනය කරනු ලබනවා

2008 දී ඒක පුද්ගල ආදායම ඩොලර් 1000 නොයික්මවා තිබුන අතර 2011 වන විට එය දෙගුණයක් වූ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

එබැවින් 2012 වසර සඳහා ඒකපුද්ගල ආදායම ඩොලර් 3000 තෙක් ඉහල නැංවීම තම අපේක්ෂාව බව රජය ප්‍රකාශ කරනවා. ඉන්පසු 2015 දී ඇමෙරිකානු ඩොලර් 4000ක ඉලක්කයට ගමන් කිරීමට හැකි බවයි මහ බැංකුව පවසන්නේ.


ලලිත් හා කූගන් CCD යෙන් රැගෙන යයි ?


පසුගිය 12වන දා රාත්‍රියේ සිට දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාශ මූලස්ථානයේ රඳවාගෙන සිටි ලලිත් හා කූගන් යන ජනඅරගල ව්‍යාපාරයේ ප්‍රධානීන් දෙදෙනා අද(19) උදැසන 2.20ට පමණ එම ස්ථානයෙන් රැගෙන ගොස් ඇති බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් අප වෙත වාර්තාවේ.
මොවුන් දෙදෙනා පොලිස් සුභසාධක මූලස්ථාන ගොඩනැගිල්ලේ රඳවාගෙන සිටින බව පසුගිය 12වනදා අපගේ වෙබ් අඩවියෙන් හෙළිදරව් කරන ලදී. අනතුරුව එදිනම රාත්‍රී ඔවුන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාශ මූලස්ථානයට රැගෙන ආ බව අප වෙත වාර්තා වී තිබුණද අප ඒ පිළිබඳව හෙළිදරව් කිරීමෙන් වැලකී සිටියේ ඔවුන්ගේ ජීවිත වලට තර්ජනයක් වෙතැයි සැකය හේතුවෙනි.

ශ්‍රීලනිප වෘත්තිය සමිති නායකයින්ගෙන් ජනපතිට දොස්මූරයක් ?


ශ‍්‍රී ලංකා නිදහන් පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිති නායකයින් 18වනදා පෙරවරුවේ දී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ‍්‍රවනාගාරයට කැඳවා ඇති අතර සාකච්ඡුා අතර වාරයේදී ඔවුන් සියලූ දෙනාම පාහේ ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ ක‍්‍රියාකාරිත්වය දැඩි ලෙස විවේචනය කර තිබේ.
ශ‍්‍රීලනිප ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි දින පෙළපාලිය පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා ඔවුන් සියලූ දෙනා කැඳවා තිබේ.
බස්නාහිර පළාතේ ආණ්ඩුකාර අලෙවි මවුලානා හා අනුර ප‍්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, මහින්දානන්ද අලූත්ගමගේ යන අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක යන මහත්වරුන් මෙන්ම ශ‍්‍රීලනිප වෘත්තීය සමිති නායකයන් විශාල පිරිසක් ද මෙම රැුස්වීමට සහභාගිවී ඇත.

චන්ද්‍රිකාට හා රනිල්ට පහර දෙන්නැයි විමල් හා චම්පිකට නියෝගයක් ?


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පුළුල් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික හෙළ උරුමයේ මහලේකම් අමාත්‍ය චම්පික රණවක මහතාගෙන් හා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
චන්ද්‍රිකා හා රනිල් දෙදෙනා පසුගිය දා ඉන්දියාවට ගොස් ජනවාර්ගික අර්බුදය හා විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සන්ධාන ආණ්ඩුව දරන ස්ථාවරය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ජනාධිපතිවරයාගේ කෝපයට හේතු වී තිබේ. වහාම මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට අනතුරුව පුළුල් මාධ්‍ය මෙහෙයුමක් කි්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිවරයා එම ඇමතිවරුන් දෙදෙනාගෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත.

කටුගෙයි කඩු සොරකමට සියඹලාපිටිය හවුල් ලූ ?


ජාතික කෞතුගාගාරයේ අසිපත් හා රන් කාසි සොරකමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට සුවච කීකරු අමාත්‍යවරයකුවන රංජිත් සියඹලාපිටිය මහතා සම්බන්ධ බවට සාධාරණ සැකයක් මතු වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු තම පුවත්පත් ආයතනයේ මාධ්‍යවේදියකුට ප්‍රකාශ කර ඇතැයි 'දිවයින' පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු අප වෙත පැවසීය.
ඒ සම්බන්ධයෙන් කිසිදු කටඋත්තරයක් හෝ නොගන්නැයි පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇතැයි ඔහු සඳහන් කළේය.
මෙම තොරතුරු ඇතුළත් විශේෂ වාර්තාවක් පසුගිය ඉරිදා දිවයින පුවත්පතේ පළ කිරීමට කටයුතු යොදා තිබුණද, තම පුවත්පත් ආයතනයේ ප්‍රධානී, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති නිමල් වෙල්ගම මහතාගේ නියමයෙන් පුවත්පත මුද්‍රණයට පෙර එම වාර්තාවේ ඇමතිවරයාට හා ආණ්ඩුවේ දේශපානඥයින්ට අදාළ කොටස් ගණනාවක් ඉවත් කළ බවද ඔහු සඳහන් කළේය.

ලංකාවේ ජාතික පුෂ්පයේ වෙනසක්


ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස මානෙල් මල ප්‍රකාශයට පත් කිරීමට 1986 වසරේදී අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුන අතර මෙහිදී ප්‍රකාශයට පත් කෙරුණු මලෙහි උද්භිද නාමය වුයේ නිමිෆියා ස්ටෙලාටා වන අතර නූතන ශාක නාමකරණයේ කාලීනව සිදුවන වෙනස්කම් නිසා එය පසුකාලීනව නිමිෆියා නෟචලි ලෙස වෙනස් වී ඇත. මේ නාම දෙකෙන්ම 1986 දී ප්‍රකාශිත ජාතික පුෂ්පය හැඳින්වේ.

මේ නාමයන්ට අදාළ වූ මානෙල් මලෙහි ඡායාරූප ඉදිරිපත් කිරීමේදී නමට නියමිත මල වෙනුවට වෙනත් මලක ඡායාරූපයක් ඉදිරිපත් වීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවී තිබිණි.



සුළු මවගේ නිවසේ උගස බේරන්න කියා උපාධි අපේක්‍ෂිකාවක් මාලයක් කඩයි


ලක්‍ෂ නවයක් එකතු කරලා...
තව අඩු පනස් දාහක් විතරලු...
බැංකුවේ අවසන් නිවේදනයෙන්
පිහිය අතට අරන්... 

සුළු මවගේ නිවසේ උගස බේරීම සඳහා දෙවැනි වසරේ උපාධි අපේක්‍ෂිකාවක පිහියක් පෙන්වා කතකගෙන් රන් මාලයක් කඩාගෙන පැන යද්දී ගම්පොල ත‍්‍රිරෝද රියැදුරෝ පිරිසක් ඇය අල්ලා පොලිසියට බාරදුන්හ.

රුපියල් ලක්‍ෂ නවයක් එකතු කැර ගත් ඇයට තවත් රුපියල් පනස් දාහක අඩුවක් තිබූ බවද බැංකුවේ අවසන් නිවේදනය ආ පසු පිහියත් රැගෙන ඇය පාරට බැස ඇති බවද කියති. මව අහිමි ඇය ආබාධිත පියාද පාසල් වියේ සහෝදර සහෝදරයින්ද රැක බලා ගනිමින් සුළු මව සමග ජීවත් වන බවද පොලිසිය පවසයි.

පෙම්වතියගේ නිරුවත් පින්තුර ඉන්ටනෙට් එකට දාන්න ගිහින් වැඩ වරදියි


තර්ජනය කර පැරණි පෙම්වතිය 
නිවසටම ගෙන්වාගෙන...

තමා සන්තකයේ ඇති නිරුවත් ජායාරූප අන්තර් ජාලයට මුදා හරින බවට තර්ජනය කර පැරණි පෙම්වතිය නිවසට ගෙන්වාගෙන පහරදුන් බව කියන ලාංකිකයකු ඉතාලි පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉතාලියේ මෙස්සිනා නුවර පදිංචි තිස් හැවිරිදි ශ‍්‍රී ලාංකිකයෙකි.ලාංකිකයා මෙස්සිනා පොලිසිය විසින් පසුගිය 15 වැනිදා අත් අඩංගුවට ගෙන තිබේ.


දියණියට අතවර කළැයි නඩු දැමු අම්මා පැමිණිල්ල ඉල්ලා අස්‌කර ගනී!


දැන් අපි තුන්දෙනා හොඳට ජීවත් වෙනවා... 
පවුලේ යහපත වෙනුවෙන් නඩුව සමථයකට පත්කර දෙන්න...

ශ්‍රී ලංකාවේ වාසය කළ බ්‍රිතාන්‍ය ජාතිකයකුට එරෙහිව බාල වයස්‌කාර දැරියකට ලිංගික අපචාර සිදු කිරීමක්‌ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයා සියලු චෝදනාවන්ගෙන් නිදහස්‌ කිරීමට නියෝග කරන ලදී.මෙසේ නිදහස්‌ වූයේ මහනුවර පදිංචිව සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.


මහනුවර පදිංචි 33 හැවිරිදි කාන්තාවක සමඟ මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා විවාහ වී සිටි අතර, 2002 අගෝස්‌තු පළමු දිනත් 2003 අප්‍රේල් පළමු වැනි දිනත් අතර කාලයේ අවස්‌ථා කීපයකදී ඔවුන්ගේ දියණිය වූ හත්හැවිරිදි දැරියට මෙම පියා ලිංගික අතවර සිදුකර ඇති බව සඳහන් කරමින් දැරියගේ මව මහනුවර පොලිසියට පැමිණිලිකර තිබිණි. 


මම බඳිනව කියලවත් බඳින්නෙ නැහැ කියලවත් කියන්නෙ නෑ - උපේක්ෂා


කවුරු හරි හොඳ කෙනෙක් මට හඳුනා ගන්න ලැබුණොත් ඉදිරියේ දී මම විවාහ වේවි...


ඇය උපේක්ෂා ස්වර්ණමාලි. කවුරුත් දන්නා පරිදි ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකි; රංගන ශිල්පිනියකි; නර්තන ශිල්පිනියකි. එහෙත් මුළු රටම ඇයව හඳුනන්නේ ‘පබා’ ලෙස ය. ඒ මීට කලකට පෙර විකාශය වූ ‘පබා’ ටෙලිනාට්‍යයේ පබා ලෙස ඇය නිරූපණය කළ චරිතය නිසා ය. උපේක්ෂා මේ වනවිට දෙරණ නාලිකාවේ ‘උපේක්ෂායි ඔබයි මමයි’ වැඩසටහන ද ගෙන එන්නීය.


ඇතිදැඩි කළ සර්පයා තමන්ට විදිනවා


ධනපති සමාජය තුල ගෝලීයකරණය කෙතරම් ගමන් කරමින් තිබුණත් තාම පංති ගනුදෙනුව යන්නේ ඒ ඒ රටවල රාජ්‍ය යන්ත්‍රය හරහායි. මර්ධනයේ හා පාලනයේ ආයතනය රාජ්‍යයයි.

ඒ තුල පංති ඒකාධිපතිභාවය මොන ව්‍යවස්ථාව යටතේත් පවතිනව. එය සිදුවෙන්නේ මොන තරම් එළිපිටද නැද්ද කියල කියන්න පුළුවන් වෙන්නේ පාර්ලිමේන්තුව තුල ඇති බල ආධිපත්‍යය උඩයි. එහෙම නැතුව පාර්ලිමේන්තු පරම බලය කිව්වට එය පවතින්නේ රාජ්‍ය බලය උඩයි. හමුදාවන්ට ඇති බලය උවමනා වෙලාවේදී එළියට එනව.
අනෙක් අතට රජයක් නිර්මානය වෙන්නෙම ජාතියක් මුල් කරල. ඒ අනුව ජාතික රජයක් සමඟ මහා ජාතිවාදය නිකම්ම පැටලෙනව. ඈත ඉතිහාසයේ කරුණුත් දමල මහ ජාතියේ ගැලවුම්කරුවා හැටියටයි රජයක් නිර්මානය වෙන්නේ. ඒනිසා රජයට බසක් තියෙනව විතරක් නෙමෙයි ආගමකුත් තියෙනව. එහෙම නැති යථාවාදී රජයක් තිඛෙන්නේ එක්තරා කඩතුරාවක් තුල පමණයි.

ජනපතිගේ බලය පෙන්වා ජානකී කොන්ත්‍රාත් දේ ?


මේ වනවිට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපතම හිතවතියකව සිටින තේ සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ජානකී කුරුප්පු මහත්මිය, ජනාධිපතිවරයාගේ බලය ප්‍රදර්ශනය කරමින් එම ආයතනයේ ගොඩනැගිලි හා කාර්යාල කාමර නවීකරණය කිරීමේ කටයුතු ඇයගේ ඥාතියෙකු වෙත ලබා දෙමින් අයතා ගණුදෙනුවක නියැලී සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.
මීට මාස කිහිපයකට පෙර රුපියල් ලක්ෂ ගණනක් වැයකොට අලූත් වැඩියා කරන ලද කාර්යාල කාමර පවා යළිත් කඩා බිඳදමා, රුපියල් ලක්ෂ 100කට වැඩි මුදලක් වැයකොට අලූතින් නවීකරණ කටයුතු ආරම්භ කර තිබේ.

ඉන්දීය නියෝජිතයින් ජනපතිගේ සංග්‍රහ ප්‍රතික්ෂේප කරලා ?


ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයින් සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 17දා පෙරවරුවේ අරලියගහ මන්දිරය තුළ තේ පැන් සංග්‍රහයක් සංවිධානය කර තිබුණද, එම පිරිස එම සංග්‍රහය කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබේ.
ඉන්දීය රජය විසින් සකසන ලද වැඩසටහන යටතේ එම නියෝජිත පිරිසට ජනාධිපතිවරයා හමු වීමට නියමිතව ඇත්තේ ලබන 20වනදාය. එහෙයින් එම වැඩසටහනට පිටින් කටයුතු නොකරන ලෙස ඉන්දීය නියෝජිත පිරිසට උපදෙස් දී ඇත්තේ එරට විදේශ අමාත්‍යාංශය විසිනි.

මේනකට දික්කසාදය ලැබෙයි !


නෙහාරාගේ දික්කසාද තීන්දුව ලැබීමට ඔන්න මෙන්න කියා තිබියදී ඇයගේ විවාහ බිඳී යාමට හේතුවූ බවට සැලකෙන, ඇය හා සමීප ඇසුරක් පැවති මේනක රාජපක්ෂ ද දික්කසාද වීමට තීරණය කර තිබෙන පුවතක් මීට පෙර අප විසින් ගෙන ආවා.

එම දික්කසාද නඩුවේ තීන්දුව අද කොළඹ අධිකරණයේදී ලැබී තිබෙනවා. 


නඩු තීන්දුව අනුව මේනකගේ භාර්යාවගේ හා ඔවුන් දෙදෙනාගේ දියනියගේ නඩත්තු සඳහා මාසිකව මුදල් ගෙවීමට මේනක බැඳී සිටිනවා. 

දියනියගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම්ද ඇයට වයස 24 සම්පූර්ණ වන තෙක් දැරීමටද මේනකට සිදුවී තිබෙනවා.

සනත්ගේ අවුඩි වික්‍රමය


ක්‍රිකට් ප්‍රසිද්ධ වී ඇත්තේ මහත්මාවරුන්ගේ ක්‍රීඩාවක් ලෙසයි. එම ක්‍රීඩාව ක්‍රීඩා කල සනත් ජයසූරිය ද මහත්මා ගතිගුණ ඇති ක්‍රීඩකයෙක් ලෙසයි ලොව ප්‍රකට උනේ.

එහෙත් ක්‍රීඩකයාගේ මහත්මා ගතිය ඉක්මවා මංත්‍රී කෙනෙකුගේ නොහික්මුනු කමක් ඔහුගෙන් ඉස්මතු වූ අවස්තාවක් අපට වාර්තා වෙනවා.

තම අවුඩි රථයෙන් කොළඹ සිට මහරගම හංදියට පැමිණි සනත් ට අවශ්‍ය වුනේ දකුණු අධිවේගී මාර්ගයට යෑමටයි.

Share this article with your friends