Chitika Smowtion 468x60


Tuesday, April 17, 2012

සරත් ෆොන්සේකා මහතාගේ අවුරුදු සුබපැතුම


හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඔහු වෙත ලබාදුන් "එක් දින අවුරුදු නිදහස" ප්‍රතික්ෂේප කල පුවත මෙයට පෙර අප ලිපියකින් හෙළි කළා.

අද දිනයේ කොළඹ පෞද්ගලික රෝහලකට රැගෙන ආ සරත් ෆොන්සේකා මහතා අවුරුදු සුබපැතුමක් එක් කිරීමට අමතක කලේ නැහැ 
"සුබ අලුත් අවුරුද්දක් වේවා. මට අවුරුදු තුනක් අවුරුද්ද දවසේ හිරබත් කන්න සලස්සපු අයටත් ඒකෙන් කාලකන්නි සතුටක් ලබපු අයටත් සුබ අලුත් අවුරුද්දක් වේවායි කියා මං ප්‍රාර්ථනා කරනවා. ජයවේවා"
එහි වීඩියෝව පහතින් බලන්න 

රේණුගේ හැටහතර මායමට ජනාධිපතිත් යටවේ


නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාට මාස කිහිපයක හෝ සේවා දිගුවක් ලබාදෙන ලෙස ඔහුගේ නෑනාවන චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය මහත්මිය ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි වාර්තා වේ. ඒ අනුව සෝමතිලක දිසානායක මහතාට මාස හතරක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
රේණුකාගේ ඉල්ලීමට අනුව ජනාධිපතිවරයා සෝමතිලක දිසානායක මහතාට මාස හතරක් වැනි කෙටිකාලයක් සඳහා හෝ එසේ සේවා දිගුවක් ලබා දී ඇත්තේ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේද ඉල්ලීමට බලපෑමක් නොවන ආකාරයෙනි. සෝමතිලක දිසානායක මහතාගෙන් පසුව නාවික හමුදාපති ධුරය රියද් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාට ලබා දෙන ලෙස ජනාධිපති ආර්යාව ජනාධිපතිවරයා වෙත දිගින් දිගට බලපෑම් කර තිබූ බව අප මීට පෙරද වාර්තා කර තිබේ.

ජනාධිපතිවරයා මුස්ලිම්වරුන්ට එරෙහිව ඉනාමළුවේ හිමි උසුගන්වයි ?


දඹුල්ල නගරයේ මුස්ලිම් පල්ලියක් ඉදිකිරීමට එරෙහිව ඉනාමළුවේ සුමංගල හිමියන් ලබන 18වනදා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කොට ඇත්තේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තාවේ.
ඉනාමළුවේ හිමියන් ඊයේ පස්වරුවේ එම විහාරස්ථානයේ ප්‍රධාන දායකයින් කිහිපදෙනෙකු කැදවා පවසා ඇත්තේ, මෙම විරෝධතාවය ජනාධිපතිවරයාගේ උපදෙස් මත සිදු කරනු ලබනු බවයි.
මෙම උද්ඝෝෂණය සඳහා සමෘර්ධිලාභීන්ගේ සහය ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාතලේ දිස්ත්‍රික් ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ.
මෙම මුස්ලිම් පල්ලිය වසර 40කට වඩා පැරණිවන අතර මෑතකදී එය මුළුමනින්ම අලූත් වැඩියා කොට තිබේ.

දුමින්ද අත්අඩංගුවට ගැනීමට වරෙන්තු අවශ්‍ය නෑ!


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා සහ තවත් සිව් දෙනෙක් ඝාතනය කිරීමට අදාල නඩුව අද දින විභාග වීමට නියමිතව තිබුනා. මෙහි ප්‍රධාන සැකකරු වන්නේ ආරක්ෂක අමාත්‍යාංශ උපදේශක දුමින්ද සිල්වා යි.

ඔහු ද ඉතා බරපතල අබාධිත තත්වයෙන් පසුවන බැවින් ප්‍රතිකාර සඳහා මේ වනවිට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලට ඇතුල් කර තිබෙනවා. තවමත් ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් නැති බවත් නැවතත් සැත්කමකට යොමු කිරීමට නියමිතව ඇති බවත් ඔහුගේ පියා වන ප්‍රේමලාල් සිල්වා මහතා කට උත්තරයක් දෙමින් ප්‍රකාශ කර තිබෙනවා.

මේ නිසාම ඔහුට උසාවියේ පෙනී සිටීමට තරම් සුදුසු තත්වයකින් නොමැති බවත් දුමින්ද සිල්වා ගේ පියා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුව මෙම ක උත්තරය ලබාගෙන තිබෙන්නේ පසුගිය 30 වන දිනයි.


අඩ නිරුවත් චරිතයක් ලැබුනොත් ප‍්‍රතික්ෂේප කරනවා - පුෂ්පිකා


පුෂ්පිකා තවමත් විවාහය සැලැසුම් කර නැතිලු...
සංස්කෘතියට ගැලැපෙන විලාසිතා කරනවා... 



බිකිනිය හැර  ඕනෑම විලාසිතාවක් කිරීමට තමා සූදානම් බව වසර 2011 ශී‍්‍ර ලංකා රූ රැජිණ බවට පත් මහම්පිටිය ආරච්චිලාගේ පුෂ්පිකා සඳමාලි ද සිල්වා කියයි.

ඇය සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මේබව පවසා තිබේ.නිර්මාණකරණයේ යෙදීමේදී වර්ගීකරණය කර ක්‍ෂේත‍්‍රයේ රැඳී සිටීමට නොහැකි බව පවසන පුෂ්පිකා ඉන් අදහස් කරන්නේ සම්පූර්ණ ඇඟ පසඟ පෙන්විය යුතු බව නොවන බවද කියන්නීය.

සිරස ප‍්‍රවෘත්ති නිවේදිකා චේතනා ලියනගේ රිය අනතුරක


කැබ් රථයක් චේතනාගේ රථයේ හැපිලා...
මෝටර් රථය වෙලකට වැටිලා...

මැදවච්චිය හා පොලොන්නරුව අතරතුරදී සිරස ප‍්‍රවෘත්ති නිවේදිකාවක් හා මහරාජා ආයතනයේ පුහුණු කළමනාකාරිණියක වන  චේතනා ලියනගේ හා ඇයගේ පවුලේ අය ගමන්ගත් මෝටර් රථය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වේ.

අනතුර සිදුවන අවස්ථාවේදී චේතනාගේ සැමියා හා දරුවන් දෙදෙනාද මොටර් රථයේ සිටි බව පැවසේ.

ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ ගයාන් අතුරුදහන් !


පසුගිය අප්‍රේල් මස පලවනදා ඉතාලියේ පවතී සංගීත සංදර්ශනයකින් පසු ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ බේස් ගිටාර් වාදක ගයාන් ප්‍රනාන්දු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.

ගයාන්ගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් වාසය කරන්නේ ද ඉතාලයේ බවද වාර්තා වන අතර අප්‍රේල් පළමු වනදා පැවැත්වූ සංදර්ශනයට ඔහු සහභාගී වී නොමැත.

ගයාන් මෙලෙස අතුරුදන් වී ඇත්තේ ඔහු සතුව තිබු ලක්ෂ පහක් පමණ වටිනා රන් ආලේපිත බේස් ගිටාරයත් සමගයි.

කෙසේ නමුත් අප වෙත ලැබුණු පුවත තහවුරු කරගැනීම සඳහා ෆ්ලෑෂ් බෑක්සංගීත කණ්ඩායමේ කළමනාකරු ඇමතීමට උත්සාහ කලද එය ව්‍යාර්ථ විය.

හෝන් ගහන්නේ බලාගෙනයි !


මෝටර් රථ නලාව සහ සයිලන්සර් පාලනය කිරීමට නව නීති මාලාවක් ගෙන ඒමට යෝජිතව තිබූ බව අප මීට පෙර වාර්තා කලා. එය දැන් විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

 එමගින් මෝටර් රථ නලා හඬෙහි උපරිම අගයක් තීරණය කර ඇති අතර මෙය වාහනයේ ඉස්සරහ මුහුනතේ සිට මීටර 2 ක් හෝ 7 ක් දුර සිට වන අතර මීටර් 2 ක් දුර දී නලාවේ ශබ්දය ඩෙසිබල් 105 නොඉක්මවිය යුතු බවත් මීටර් 7 ක දුරක සිට මණින්නේ නම් එම අගය ඩෙසිබල් 93 නොඉක්මවිය යුතු බවට දන්වනවා.


රථවාහන නලා වල ශබ්දය පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇත්තේ පරිසර අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය ඒකාබද්ධව වන අතර ඔවුන්ගේ වාර්තා වලට අනුව ධාවනය වන වාහන ප්‍රමාණයෙන් 15 % - 20% ක් අතර ප්‍රමාණයක් අධික ශබ්ද නිකුත් කරන බව නිගමනය වී තිබෙනවා.

රංගිරි දඹුලු පූජාභූමිය අස්ගිරි හිමියන්ගේ අවදානයට


රංගිරි දඹුල්ල රජමහා විහාරයට අයත් සංවර්ධන කිරීමේ මුවාවෙන් රජයට පවරාගෙන වෙනත් ආගමිකයින් සඳහා විකිණීම්මේ ජාවාරමක් ගැන අප මීට පෙර වාර්තා කලා.
 

මෙය වැළැක්වීමට අස්ගිරි පාර්ශවයේ මහානායක පූජ්‍ය උඩුගම ශී‍්‍ර බුද්ධ රක්ඛිත ස්වාමීන්වහන්සේ මැදිහත් වී ඇති බවයි අපිට දැනගන්නට ලැබුනේ.

ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම් කැෂියන් හේරත් මහතාව දුරකතනය මඟින් අමතමින් ඊයේ උන්වහන්සේ පවසා ඇත්තේ බෞද්ධ විරෝධී ක්‍රියාවන් වලට බුද්ධශාසන අමාත්‍යාංශය කෙලින්ම මැදිහත් වී ගැටළුව නිරාකරණය කල යුතු බවත් එසේ නොවුවහොත් රටවැසියන් සමඟ තමන් වහන්සේ එවැනි ක්‍රියාවන් වලට එරෙහිව වීදි බහින බවත් ය.


ඇල්බට් අයින්ස්ටයින් ගේ තැනට පුංචි හෙයිඩි


මෙතෙක් පහල වූ අද්විතීය බුද්ධිමතුන් ලෙස සැලකෙන්නේ සාපේක්ෂතාවාදයේ පියා වන ඇල්බට් අයින්ස්ටයින් සහ භෞතික විද්‍යාඥ ස්ටොෆාන් හෝකිං වැන්නවුන් ය. නමුත් ඔවුන් ද පැරදවීමට තරම් පුංචි හපනියක් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඇය මහා බ්‍රිතාන්‍යයේ හෙයිඩි හැංකින්ස්. වයස අවුරුදු 4 යි. මෙන්සා, ගෝලීය බුද්ධිමතුන්ගේ සමාජයට අනුව හෙයිඩි හැංකින්ස් දැරියගේ IQ අගය ඒකක 159 කි. ඇල්බට් අයින්ස්ටයින්ගේ එම අගය ඒකක 160 ක්ද වන අතර සාමන්‍ය වැඩිහිටියකුගේ IQ අගය ඒකක 100 ක් පමණ වේ.

46 හැවිරිදි මැතිව් හැංකින්ස්, හයිඩිගේ පියා වන අතර ඔහු සවුත් හැම්ටන් විශ්වවිද්‍යාලයේ ආචාර්ය්‍ය වරයෙක් බවයි පැවසෙන්නේ. වයස අවුරුදු 2 දී තනිවම 40 තෙක් ගනක් කිරීමට තරම් හපනියක් වූ ඇය කියවීමට ද තනිව හුරු වූ බවයි ඇයගේ පියා පවසන්නේ.

උපේක්ෂාගේ සැමියාට එරෙහි නඩු විභාගය ජුනි මසදී


ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හා ජනප්‍රිය ටෙලි නාට්‍යය නිලි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට අමානුෂික ලෙස පහර දී තුවාල කිරීම පිළිබඳව චෝදනා නැගුනු අගේ සැමියා වන මහේෂ් චාමින්ද වලවේගමට එරෙහි නඩුව ජුනි මස 11 වනදා විභාගයට ගැනීමට නුගේගොඩ වැඩබලන මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු සුනීතා නානායක්කාර දින නියමකොට ඇත.

අධිකරණයෙන් සමථ මණ්ඩලයට යොමුකොට තිබු මෙම නඩුව  උපේක්ෂා - මහේෂ් සමතයකට පත් නොවන ආකාරයෙපරස්පර අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් මහරගම සමථ මණ්ඩලයේ වාර්තාවක් මගින් මෙම නඩුව නැවත අධිකරණයට යොමුකොට ඇත.


නිල්වලා ගඟේ කිඹුල් මෙහෙයුම (ජායාරූප එකතුව)


ජායාරූප නිලුපුල් රංගන  (http://www.wildreach.com/)

විදේශ අමාත්‍යාංශ ලේකම් ධුරය ෂේණුකාට ?


විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ධුරය, දැනට එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කරන ෂේණුකා සෙනවිරත්න මහත්මියට ලබා දීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් තමාට සහතික වූ බව එම අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සචින් වාස් ගුණවර්ධන මහතා ඊයේ රාත්‍රියේ ඔහුගේ හිතවතුන් පිරිසක් සමඟ අවදාරණයෙන් යුතුව ප්‍රකාශ කර ඇත.
ජී.එල්. පීරිස් මහතා තව දුරටත් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තබා ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්ෂ මහතා, ෂේණුකා සෙනවිරත්න මහත්මිය එම අමාත්‍යාංශයේ ලේකම්කරන ලෙසත් ඉල්ලා තිබේ.

මෙදා අවුරුදු දා ජනපති තනිවෙලා


මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු තංගල්ලේ කාල්ටන් නිවසේ හෝ මැදමුලන නිවසේ පැවති අලූත් අවුරුද් චාරිත්‍රවලට ආණ්ඩුවේ සියලූ මැතිඇමතිවරුන් පමණක් නොව, පළාත් සභා මැතිඇමතිවරුන්ද ආණ්ඩුවේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන්ද සිය ගණනින් සහභාගි වීම සම්ප්‍රදායක්ව පැවති නමුත් මෙවර අවුරුදු චාරිත්‍ර වැඩ සටහන්වලට ජනධිපතිවරයා සමඟ සහභාගි වී ඇත්තේ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු පමණි.

ජනාධිපතිට කැවු 'කිරිබත් කට' බිම වැටීම අසුබලූ!


මෙවර අලූත් අවුරුදු උදාව නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ තංගල්ල කාල්ටන් නිවසේ පැවති උත්සවයේදී, ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් නැකැත් වේලාවට ජනාධිපතිවරයාට කෑවූ කිරිබත් කෑල්ලෙන් කොටසක් බිම වැටීම බරපතල අසුබ කාරණයක් බව ප්‍රසිද්ධ ජෝතිෂ්‍යවේදියකු අප වෙත පැවසීය.
මෙම සිද්ධිය පිළිබඳ අප කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිලධාරියකු කියා සිටියේ, එම සිද්ධියෙන් පසු ජනාධිපතිවරයා බලවත් සේ කලබලයට පත්ව කාල්ටන් හී සිට විසුරුවා හැරි සජීවී රූපවාහිනී වැඩ සටහන වහාම නවත්වන ලෙස නියෝග කළ බවයි.

Share this article with your friends