Chitika Smowtion 468x60


Saturday, March 31, 2012

මාලිංග ගේ මහගෙදරට කටු කම්බි


පසුගියදා පැවති ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති ක්‍රිකට් තරගමාලාව නැරඹීමට ඕස්ට්‍රේලියාවට ගොස් නැවත තම නිවසට පැමිණෙන විට ප්‍රවේශ මාර්ගය අවහිරවන සේ කටුකම්බි ගසා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගගේ මව විසින් රත්ගම පොලිසියට පැමිණිලි කොට ඇත.

ලසිත් මාලිංගගේ මව වන වී. බී. ස්වරණවතී පැමිණිල්ලෙන් දන්වා ඇත්තේ ඉඩම් ආරවුලක් මත මෙය සිදුකර ඇති බවයි. ඒ අනුව ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 87286 යටතේ පාර්ශවකරුවන් දෙදෙනකුට එරෙහිව නඩු පවරා ඇත.


ලසිත් මාලිංග පසුගියදා ඩික්ස්මන් රෝඩ් පෙදෙසෙන් අලුත් නිවහනක් මිලදීගෙන ඇති අතර එහි වටිනාකම ලක්ෂ 650 ක් බව ගොසිප්9 වෙත වාර්තා වේ.


බන්දුල-රවී විවාදය දෙරණ ටීවී හරහා


මාධ්‍ය අනුග්‍රහය දෙරණ ටීවී 

විවාදය ලබන අඟහරුවාදා


බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් එක් අයෙකුට මසකට රුපියල් 2500ක මුදලකින් කාලා බිලා නොමැරී සිටිය හැකි බවට කල ප්‍රකාශය සම්බන්දයෙන් වූ ලිපි කිහිපයක්ම අප පසුගිය දින කිහිපයේ ඔබට ඉදිරිපත් කළා. 

මේ අතර නවතම වාර්තා අනුව ඔහුගේ එම අභියෝගය රවී කරුණානායක, එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයා විසින් භාර ගෙන තිබෙනවා. එසේම එම විවාදය සදහා මාධ්‍ය අනුග්‍රහය ලබා දීමට දෙරණ ටීවී සුදානම් ව සිටිනවා. මෙම විවාදය දෙරණ ටීවී වාද පිටිය හරහා එළබෙන අඟහරුවාදා දින සිදු කිරීමට නියමිතයි. 

ජනපතිගෙන් SMS පණිවිඩයක්


අදට යෙදෙන මිහිකත සුරැකීමේ ජාතික උත්සවය නිම්ත්තෙන් අනවශ්‍ය විදුලි පහන් නිවා දමා එය සමරන මෙන් ජනාධිපතිතුමා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

මිහිමත ඇති බලශක්ති ප්‍රභව රැක ගැනීම මෙහි අරමුණයි. මෙම මිහිකත සුරැකීමේ හෝරාව නිම්ත්තෙන් අද රාත්‍රී 8:30 සිට 9:30 දක්වා මෙසේ අනවශ්‍ය විදුලි පහන් නිවා දමන ලෙසටයි එම SMS පණිවිඩයේ වැඩි දුරටත් සදහන් වන්නේ. 

මෙම මිහිකත සුරැකීමේ හෝරාව පිළිබදව වැඩි විස්තර 
http://www.earthhour.org  මගින් ලබා ගත හැක.







ඔබාමට පිස්සු!


"අපි සිංහයෝ" නමින් හදුන්වාගත් සංවිධානයක් විසින් මේ දිනවල මහනුවර හා ඒ ආසන්න ප්‍රදේශවල ඇමරිකානු විරෝධී පෝස්ටර් විරෝධයක් ආරම්භකොට ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙවන් පෝස්ටර් අලවා තිබෙන ඇති අතර ඇතැම් පෝස්ටර් වලින් කියා ඇත්තේ ඔබාමට පිස්සු බවයි.

අලවා තිබු එවන් පෝස්ටර් කිහිපයක් හා ඇමරිකානු විරෝධී ස්ටිකර් ව්‍යාපාරය පහතින් බලන්න 
 

ජීනිවා ලොස් පීරිස්, ග්‍රේට් ලණු පීරිස් වේ


ජීනිවා මානව හිමිකම් සමුළුව ඇරඹි දින කිහිපයක් ඇතුළතදීම විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හොඳ හැටි අනා ගන්නා බව තේරුම් ගත් හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා, ජී.එල්. පීරිස් මහතාව ජීනිවා ලොස් පීරිස් ලෙස භෞතීස්ම කළ පරිදිම ජනාධිපතිවරයා පසුගියදා විදේශ කටයුතු අමාත්‍යවරයාව හඳුන්වා ඇත්තේ ‘‘ලොස් පීරිස් නෙමෙයි, ඕකට කියන්න ඕනි ගේ‍්‍රට් ලණු පීරිස් (Great lanu)’’ යැයි පවසා තිබේ.
ජී.එල් දෙන තරමක් දෙන්නේ ලණු බව ජනාධිපතිවරයා පසුගියදා සති අන්ත පුවත්පතක කතුවරයෙකුට පැහැදිලි කර දී ඇත. ඒ අනුව එම කතුවරයා ජි.එල්.ගේ ක‍්‍රියාකලාපය විවේචනය කරමින් කතුවැකියක් පවා ලියූ අතර, එම පුවත්පතේ ඒ සම්බන්ධයෙන් කාටුන් චිත‍්‍රයක් ද පළ කර තිබේ.

දයාන් වෙනුවට ෂේණුකා ප‍්‍රංශයට


ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක මහතා වහාම ඉවත් කොට විදේශ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ෂේණුකා සෙනෙවිරත්න මහත්මිය ප‍්‍රංශයේ ශ‍්‍රී ලංකා තානාපති ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත‍්‍රී සජින්වාස් ගුණවර්ධන මහතා ඊයේ (30 ) විදේශ කටයුතු අමාත්‍යාංශය තුළ කැඳවනු ලැබූ විශේෂ සාකච්ඡාවකදී මේ බව සඳහන් කර ඇත.

ගංජා වගා කළ රාජ්‍ය සම්මාන දිනූ නළුවා අත් අඩංගුවට


මහරගම නගරයේ සිව් මහල් ගොඩනැඟිල්ලක් තුළ ගංජා වගා කළ බව කියන රාජ්‍ය සම්මාන දිනූ නළුවෙකු මහරගම පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් පසුගියදා අත් අඩංගුවට ගෙන තිබෙනවා

මෙම නළුවා රාජ්‍ය නාට්‍යය උළෙලකදී රංගනය වෙනුවෙන් පමණක් නොව හොඳම සංගීතඥයා වශයෙන්ද වරක් සමාන ලැබූ අයෙක්.

ඔහු ගංජා වගා කර තිබුණේ පෝච්චියකය. ගංජා ගසේ උස අඩි 8යි අඟල් 6කි.

"මං මේ ගංජා ගහ ගැදුවේ පානය කරන්න" යැයි පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ප්‍රකාශ කර තිබෙනවා.


ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ගම්මිරිස් සමුළුව


මෙවර පැවැත්වෙන්නේ 40 වැනි සමුළුවයි

40 වැනි වරට පැවැත්වෙන ජාතන්තර ගම්මිරිස් සමුළුව මෙවර කොළඹ දී පැවැත්වීමට තීරණය කර ඇතිබව සුළු අපනයන බෝග අමාත්‍යාංශය නිවේදනය කරනවා. මෙවර සමුළුවේ මුලසුන ශ්‍රී ලංකාවට හිමිවී ඇති අතර ඒ අනුව ගම්මිරිස් සමුළුවේ සහාපති ලෙස එම අමාත්‍යංශයේ ලේකම්වරයා පත්කර තිබෙනවා.

ඔක්තෝබර් මස 30 වැනිදා සිට නොවැම්බර් 2 වනදා දක්වා පැවැත්වෙන මෙම ගම්මිරිස් සමුළුවට රටවල් 7ක නියෝජිතයන් සහභාගී වනු ඇති.


වික්ටර් අයිවන්ට (නැවත) ප්‍රකෘති සිහිය එන්නේ කවදා ද? - ගාමිණී වියන්ගොඩ


රාවයේ 25 වැනි සංවත්සරය තුළින් වික්ටර් අයිවන් අපේක්ෂා කළ පරමාර්ථය නිරර්ථක එකක් බවත්, එවැනි පරමාර්ථයක ඔහු එල්බ සිටින්නේ මීට පෙර රාජ්‍ය පාලකයන් කෙරෙහි ඔහු තුළ නොතිබූ ප්‍රසාදයක් මහින්ද රාජපක්ෂ කෙරෙහි ඔහු තුළ ඇති නිසා බවත්, එම ප්‍රවේශය පුද්ගලවාදී බවත් මගේ අදහස විය. එය පුද්ගලවාදී ප්‍රවේශයක් වශයෙන් මා හඳුන්වන්නේ, මහින්ද රාජපක්ෂ සහ ඔහු අතර ඇති විශේෂ හොඳ හිතක් වෙනුවෙන් ඔහුගෙන් පිදෙන ත්‍යාගයක් වශයෙන් ඔහුගේ වර්තමාන ලියවිලි මා සළකන නිසා පමණක්ම නොවේ.
කරුණු පහදා දීම මගින් සුමගට ගැනීමේ අවකාශයක් ඇති බවක්, මහින්ද රාජපක්ෂ රජයේ කිසි පිළිවෙතකින් බිම් මට්ටමේ දී සාධනය නොකෙරෙන බව ඔහු වැන්නෙකුට නොපෙනී යතැ යි මට සිතාගත නොහැකි නිසා ය. එහි අදහස වන්නේ, රටේ ජනතාව දැනුවත් කිරීම සහ පෙලගැස්වීම පමණක්ම, අප කතා කරන ප්‍රජාතන්ත්‍රීය අභිලාෂයන් මුදුන්පත් කරගැනීමේ එකම මාර්ගය වශයෙන් මා සළකන බවයි.

නාමල්ගේ නිල්බලකාය අත්තුඩාවේ නිදන් කොල්ලයක ?


නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ ‘නිල්බලකාය’ ප‍්‍රධානීන් පිරිසක් පසුගිය දින රාත‍්‍රියේදී මාතර අත්තුඩාවේ අසපුව ආරණ්‍යසේනාසනය ආසන්නයේ නිදන්වස්තු සොයා කැණීම් සිදුකර ඇති බව තිහගොඩ පොලිසියේ අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් වාර්තාවේ.
මාතර නිල්බලකායේ ප‍්‍රධානීන්වන මාතර යුද හමුදා මූලස්ථානයේ අණදෙන නිලධාරී කපිතාන් භාරත කොඩිතුවක්කු සහ මාතර ආපදා කලමණාකරන ඒකකයේ ප‍්‍රධානී මේජර් බාලසූරිය ඇතුලූ පිරිසක් මෙම නිදන්කොල්ලය සඳහා සහභාගි වි තිබේ.
අදාළ ප‍්‍රදේශයට එම පිරිස ගොස් ඇත්තේ ආපදා කලමණාකරන ඒකකයට අයත් නිල වාහනවලින්ය. අනතුරුව එම ප‍්‍රදේශයට බාහිර පුද්ගලයන්ට ඇතුල් වීම වලකාලමින් යුද හමුදා ආරක්ෂාවක් යොදවා තිබී ඇත.

Friday, March 30, 2012

අසභ්‍යය වීඩියෝ පටයක් නිසා කෝට්ටේ මහනගර සභාව රත් වෙයි


කෝට්ටේ මහනගර සභාවේ නියෝජ්‍යය නගරාධිපති නීතිඥ මධුර විතානගේ මහතාගේ රුව ඇතුලත් අසභ්‍යය ජයාරූප හා වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කරීම වලකාලමින් කොළොඹ දිසා විනිසුරු ධම්මික ගනේපොල මහතා එම නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතාට පසුගිය 28 වනදා වාරණයක් පනවා ඇත.

මෙම වාරණ නියෝගය අප්‍රේල් 11 වනදා තෙක් බලපැවැත්වේ.මෙම වාරණ නියෝගය පනවනු ලැබ ඇත්තේ කෝට්ටේ මහනගර සභාවේ නියෝජ්‍යය නගරාධිපති නීතිඥ මධුර විතානගේ මහතා කොළොඹ දිසා අධිකරණයේ ගොනු කල පැමිණිල්ලකට අනුවය.ඒ අනුව තමාට සිදුවූ අපකීර්තිය හේතුවෙන් කෝටි 20 ක් වන්දි මුදල්ද ඉල්ලා තිබේ.

බිඳුණු කන්‍යා භාවය හදන පිළිවෙල


වෙලාව පස්වරු 2.00 පමණ වී ඇත. දින ගණනක් බලාපොරොත්තු වී සිටි දුරකථන ඇමතුම ලැබුණි. ලැබුණු පණිවිඩයට අනුව කිරුලපන හන්දියට පැමිණි ත්‍රි රෝද රථයෙන් නුගේගොඩ පසුකොට අතුරු පාරවල් දිගේ ගොස් අදාළ ස්ථානයට පිවිසුනෙමි.

පෙනුමෙන් ඩිස්පන්සරියක හැඩරුව ඇති පෞද්ගලික වෛද්‍ය ආයතනයක් ලෙස බලු බැල්මට දිස්වේ. එබැවින් කිසිවෙකු මෙම ස්ථානයේ මෙවැනි කාර්යයක් සිදුකරනු ඇතැයි විශ්වාස නොකරනු ඇත. මා වෛද්‍යවරයා හමුවීමට යනවිට තවත් රෝගීන් 10 දෙනෙකු පමණ සාමාන්‍ය රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටියහ.

ඔවුන්ද මෙම ස්ථානය හයර්මන් රෙපෙයාර් හෙවත් කන්‍යාපටල නැවත සකසන ස්ථානයක් ලෙස නොදාන්න බවට වෛද්‍යවරයා මා සමග පැවසුවේය. ඉනික්බිතිව ශල්‍යාගාරය වෙත කැඳවාගෙන ගිය ඔහු "අපි මෙතන ඉදන් කතා කරමු" කියමින් දිගු කතාවකට මුල පිරිය.


Shaggy ගේ ප්‍රසංගයක් කොළඹදී


සුප්‍රසිද්ධ හිප්පොප් හා රෙගේ ගායකයෙකු වන "Shaggy" හෙවත් "Mr. Boombastic" ගේ සංගීත ප්‍රසංගයක් කොළඹ CR & FC හිදී පැවැත්වීමට සුදානම් වෙනවා. 

දෙවන වරට ලංකාවට පැමිණෙන Shaggy ගේ එම ප්‍රසංගය අප්‍රේල් මස 28 වෙනි සෙනසුරාදා හවස 4 සිට රාත්‍රී 11:30 දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා. මේ සදහා සහභාගී වීමට අවශ්‍ය ප්‍රවේශ පත්‍ර මිලට ගන්නා ආකාරය ඉදිරියේදී මාධ්‍ය මගින් දන්වා සිටින බවයි සංවිධායකයන් පවසා සිටින්නේ.

මේ සදහා MTV/MBC මාධ්‍යජාලය මාධ්‍ය ආවරණය ලබා  දෙන අතර මෙම අවස්ථාවට Rayvon, භාතිය-ශන්තුෂ්, නතාෂා රත්නායක, Azlan Sheriffdeen ඇතුළු පිරිසක්ද සහබාගි වීමට නියමිතයි.


Shaggy ගේ ජනප්‍රිය ගීත කිහිපයක් පහතින් බලන්න.

උපේක්ෂාට කුරුල්ලෙක් වෙන්න ආසලු.


පසුගිය සති අන්ත ටැබ්ලොයිඩ් පුවත්පතකට සාකච්ඡාවක් ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලි ඇගේ "සෙකන්ඩ් චාන්ස්" ගැන පැහැදිලි කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එයින් කිහිපයකි.

ඔබ උපේක්ෂා නොවුනානම් ?
උපේක්ෂා නොවුනානම් ද? එහෙනම් මම මදර් තෙරේසා වනවා.

ඔබ සිංහලයෙක් වුනේ නැත්නම්
එහෙම නැත්නම් මම අනිවාර්යෙන් ඉන්දියන් වනවා

උපේක්ෂා ගැහැනියක් නොවුනානම් ?
මම කුරුල්ලෙක් වෙනවා. ලස්සන අහිංසක පුංචි කුරුල්ලෙක් වෙලා අහසේ හැමතැනම පියාඹනවා
ඇයි උපේක්ෂා කුරුල්ලෙක් වෙන්නේ?

නිෂ්පාදන කණ්ඩායම මට තදින් දොස් කිව්ව පුවත සම්පූර්ණ බොරුවක්- ඩිල්ෂාන්


ස්වාධීන රූපවාහිනියේ විකාශයවන "වෙනස" වැඩසටහන අතරතුර සජීවී රූපවාහිනී කැමරාවට දිව දික්කිරීම නිසා එම වැඩසටහන ඉදිරිපත් කළ ඩිල්ෂාන්ට ප‍්‍රධානීන්ගෙන් බැණුම් අසන්නට සිදුවූ බව අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධ වූ පුවත අසත්‍යක් බව ලක්බිම පුවත්පත සමඟ පැවති සාකච්ජාවකදී ඔහු ප්‍රකශ කර තිබෙනවා.

එම සිද්ධිය වී තිබුනේ ලොව දිගම දිව හිමි කාන්තාව ලෙස ගීනස් වාර්තාව උසුලන චැනල් ටැපර් ඇගේ දිව කැමරාවට පෙන්වා එය නාසයේ ගාවන දර්ශනය ඇතුළත් වීඩියෝවක් විකාශය කරනු ලැබු පසු නිවේදක ඩිල්ෂාන්ද ‘හැබැයි ඔය ලෝක වාර්තාව තියන්න මටත් පුළුවන්’ යනුවෙන් පවසා දිව නාසයේ ගෑවීමේ අවස්ථාවක්.

ශ්‍රී ලාංකික විද්‍යාඥයින් සොයා ගත් සුපිරි පොහොර


හතර ගුණයක් අස්වනු ලබාදිය ලංකාවේ පොහාරවල පේටන්ට් එක කෝටි 30 කට ඉන්දියාව ගනී 

වී සහ තේ වගාවට යොදාගත හැකි ඉතා ඉහළ ඵලදාවත්වයකින් යුත් පොහොර විශේෂයක් නැනෝ තාක්ෂණය භාවිතයෙන් ලොව ප්‍රථම වරට නිෂ්පාදනය කිරීමට "නැනෝ තාක්ෂණය" පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය සමත්ව ඇත.

නයිට්‍රජන් (යුරියා) සහ පොටෑසියම් (පොටෑෂ්) යන රසායනික ද්‍රව්‍යය අඩංගු එම පොහොර විශේෂය දැනට වෙළඳපොළේ තිබෙන එම පොහොර වර්ග මෙන් හතරගුණයක පමණ ඵලදාවත්වයකින් යුක්ත බව නැනෝ තාක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ ජේෂ්ඨ විද්‍යාඥ සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නිල්වලා කොට්ටෙගොඩ මහත්මිය පවසා සිටිනවා.


නන්දිකඩාල් කලපුවෙන් කෝට්ටේ පන්සලට


සෝම හිමිගෙන් පටන් ගෙන මාවරවල්ලේ භද්ධිය හිම දක්වා ලංකාවේ අසපු බුදු දහම මගින් රේණුකානේ චන්ද්‍රවිමල මහා නායක හිමි වැනි බුදු දහම නිවරදිව කියාදුන් භික්ෂූන් වහන්සේලා විසින් ගොඩ නැගූ නිවරදි බුදු දහමට කණකොකා හැඩවීය. පසුව බිහිවූ ඒ.සෝභිත හිමි වැනි විහිලුකාරයන් අතට පවා බුදු දහම පත්වන්නේ මේ වැරදී නිසාවෙනි. අවසානයේ ලංකාවේ අනුසෝතඝාමී අසපු බුදු දහම අපට ඉතිරිකර දුන්නේ බෞද්ධ යතිවරයන්ගේ හිසට මන්නා පිහිපහරවල් එල්ල කරන්නට හැකි නිළමේවරුන් හා හීරලුවන්ය.
පහත දැක්වෙන්නේ වෙබි අඩවි දෙකක කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධ්කරණයට ඉදිරිපත් කල සැකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීනිඥවරයාට අධිකරණ භූමියේ රැස්ව සිටි බෞද්ධ උපාසක, උපාසිකාවන් විසින් අමානුෂික ආකාරයෙන් පහරදීම සම්බන්ධයෙන් පල වූ ප්‍රවෘත්ති දෙකකි.

ඇන්තනිගේ දුව සහ භාරතගේ දුව


පසුගිය දා හලාවතදී පැවති ධීවර උද්ඝෝෂණයක දී හමුදාවේ වෙඩි පහරින් මියගිය ඇන්තනි ප්‍රනාන්දු නම් ධීවර සහෝදරයා ගැන විවිධ ශෝක ප්‍රකාශ, කවි, අටුවා,ටීකා, ටිප්පනී ලියවිණි. ලංකාවේ වෙබි ජනමාධ්‍ය ඇතුලු බොහෝ විද්‍යුත්,මුද්‍රිත සහ ඩිජිටල් මාධ්‍යයේ ඇන්තනිගේ මරණය ගැන විවිධ දෑ ලියවිණි.
ගොසිප් ලංකා වැනි වෙබි අඩවි වල ඇන්තනී පුනාන්දුගේ වෙඩි වැදුන පින්තූරයේ සිට මරණය අවසන් වන තුරු සියලු ඡායාරූප එකක් නෑර සියල්ලම පල විය. නලු නිලියන්ගේ මංගල සාද, උපන්දින සාද පලකරණු ලබන ආකාරයටම ඔවුන් ඇන්තනිගේ මරණයද කිසිදු වෙනසකින් තොරව සිය වෙබි අවකාශයේ පල කලේ කුමන හෝ ප්‍රවෘත්තියක් ඉක්මනින්ම පලකර හිටි වැඩි කර ගන්නට ඔවුනට ඇති දැඩි අවශ්‍යතාවය නිසාය. හිටි වැඩි වෙන විට දැන්වීම් වැඩියෙන් ලැබෙන නිසාම නලු නිලියන්ගේ ඕපාදූප කතා කිරීම සිය පරමාර්ථය කරගත් මෙවැනි වෙබි අඩවි වලට ඇන්තනිගේ මරණය තවත් එක් විකුණාගත හැකි උණු උණු කැවුමක් පමණක් විය.

වේයන්ගොඩ සමීරගේ අවසන් මොහත


දුම්රිය පා පුවරුව ගැලවීමෙන් ඇදවැටි මරණයට පත්වූ සමීරගේ ශෝකනිය පුවත මෙයට පෙර අප ලිපියකින් ඔබ වෙත හෙළි කර සිටියා.

සමීර ද අප අතර නැතත් ද "වේයන්ගොඩ සමීර" යනු බොහෝ හදවත් වල වීරයෙක් බවට පත්වී හමාරය.පහතින් දැක්වෙන්නේ සමීරගේ අවසන් පැය කිහිපය ගතවූ ආකාරය පිලිබඳ තැබෙන සටහනකි.

සමීර ප්‍රසාද් අසුරමාන්න විසිහතර හැවිරිදිය. ඔහු පාසල් දිවියට ආයුබෝවන් කීවේ අපොස සාමාන්‍ය පෙළ මෙන්ම උසස්‌ පෙළ ද හොඳින් සමත් වූ පසුවය. සමීර කුඩා කල සිටම යන්ත්‍ර සූත්‍ර හැදීමට කැමැත්තක්‌ දැක්‌වීය. ඒ අනුව පාසල් දිවියෙන් පසු ඔහුගේ සිත ඇදී ගියේ වායුසමීකරණ පාඨමාලාවක්‌ වෙතය. හරි ඉක්‌මනින්ම ඒ තාක්‌ෂණය ඔහු හඳුනාගත්තේය. මල්වාන ප්‍රදේශයේ වාසුසමන යන්ත්‍ර ආයතනයක රස්‌සාවක්‌ ලැබුණේ ඊට පසුවය. වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වූ සමීර ඒ රස්‌සාව හරි ආශාවෙන් කරන්නට පටන් අරන් වැඩි කාලයක්‌ ද නැත.


සමීරලා ජීවත්ව සිටියේ වේයන්ගොඩ එළුවාපිටියේය. වේයන්ගොඩ නගරය සමීරට ගම බඳුය. පාරට බැස්‌ස විට මිතුරන් ඔහු වටා රොක්‌වන්නේ සැබෑ මිතුරෙකු ලෙස ඔහු කීර්තියක්‌ දිනා සිටි නිසාය.
 

සමීර බොහෝ විට ගමන් බිමන් ගියේ දුම්රියෙනි. දුම්රියේ යැම ඒම ඔහුට හොඳ හැටි පුරුදුය.
 

පසුගිය සෙනසුරාදා (17 වැනිදා) සමීර දුම්රියේ නැගී ගමනක්‌ ගියේය. ආපසු එනවිටත් ඔහු පැමිණියේ දුම්රියෙනි. මහව දුම්රිය ස්‌ථානයට දුම්රිය පැමිණි පසු දෙපාර්තමේන්තුවේ සේවකයන් පැමිණ දුම්රිය පාපුවරුවේ ගැලවී තිබූ ඇණ සවිකරන්නට වූහ.
 


මහින්දානන්දට එරෙහිව නාමල් කුමන්ත‍්‍රණයක


ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මානව හිමිකම් නඩුවක් පවරණ ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ පුත් නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ හිටපු සභාපති මේජර් ජෙනරාල් පාලිත පෙරේරාට දැනුම් දී තිබේ.
දෙවතාවකට වඩා ක‍්‍රීඩා සංගමයක ප‍්‍රධාන තනතුරු දරන්නේ නම් ඒ සඳහා ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා ගත යුතු අතර, ඒ අනුව වාර දෙකක් මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති ධූරය දැරූ පාලිත පෙරේරා මහතා තවත් ධූර කාලයක් සඳහා සභාපතිධූරයේ රැඳී සිටීමට යොමු කර තිබූ ඉල්ලීම ක‍්‍රීඩා ඇමතිවරයා විසින් ප‍්‍රතික්ෂේප කර තිබිණ. නාමල් මන්ත‍්‍රීවරයා පාලිත පෙරේරා මහතාව නඩු මගට පොළඹවා ඇත්තේ ඒ අනුවය.

නිමල් ඩබල් ගේමක් ගැහුවා - අනුර, ජනපතිට කියයි


මානව හිමිකම් සැසිවාරය සඳහා ජීනීවා ගිය ශ‍්‍රී ලාංකික නියෝජිතයින් පිරිසට නිසි වගකීමක් හා නිසි කාර්යභාරයක් පවරා නොතිබුණ බවත්, බොහෝ සංවාදවලට එක්වූ නිමල් සිරිපාල අමාත්‍යවරයා සමහර අවස්ථාවලදී ඇමෙරිකාවට වාසි සහගතවන පරිදි කටයුතු කළ බවත් ජීනීවා සවාරියට එක්වූ අනුර ප‍්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා ජනාධිපතිවරයාට පවසා තිබේ.

චන්ද‍්‍රිකා සමග රනිල් - මංගල ඉන්දීය සංචාරයක


හිටපු ජනාධිපතිනී චන්ද‍්‍රිකා බණ්ඩානාරයක කුමාරතුංග මහත්මිය ලබන මස මුදලදී ඉන්දියාවේ පැවැත්වෙන විශේෂ සමුළුවක් සඳහා සහභාගීවීමට නියමිත අතර, ඒ සඳහා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සහ එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා ද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

ජෝන්ගේ නිර්දේශ දැක ජනපතිට මල පනී


රජයේ රැකියා සඳහා අයදුම් කර තිබූ උපාධිධාරීන් හතළිස්දාහකට රැකියා ලබා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා නිර්දේශ කර තිබීම පිළිබඳව ජනාධිපතිවරයා බලවත් සේ කෝපයට පත්ව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
උපාධිධාරීන්ට රැකියා ලබා දීම සම්බන්ධයෙන් නාමල් රාජපක්‍ෂ මන්ත‍්‍රීවරයා විසින් සම්මුඛ පරීක්‍ෂණ කැඳවා රාජපක්‍ෂවරුන්ට හිතවත් පිරිසක් පමණක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කර තිබියදී ජෝන් සෙනෙවිරත්න මහතා සිදු කළ මෙම නිර්දේශය තමාට එරෙහිව එල්ල කළ කනේ පහරක් බව ජනාධිපතිවරයාගේ ස්ථාවරය වී ඇත.

විදෙස්ගත ජනමාධ්‍යවේදියකුගේ දියණිය රාජ්‍ය මාධ්‍ය විසින් ඉලක්ක කර ගැනීම හෙළා දකින්න


අයිතීන්_සඳහා එකමුතුව නම් ශ්‍රී ලාංකික ජනමාධ්‍ය වේදීන්ගේ සහ මානව හිමිකම් ආරක්ෂකයින්ගේ ජාලය ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් විදෙස්ගත ජනමාධ්‍යවේදියකුගේ දියණියද ඉලක්ක කර ගනිමින් ගෙන යන වෛර ප්‍රචාරය නොපැකිළව හෙළා දකියි. මෙම ප්‍රහාරය දියත් කර ඇත්තේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ වගවීම අරභයා යෝජනාවක් සම්මත කිරීමට අදාළව ය. මේ වනාහී නිසැකවම ශ්‍රී ලංකාවෙහි විසංවාදී අදහස් මර්දනය සඳහා සිතා මතා දැරෙන පියවරකි.
පසුගිය සති කිහිපය පුරා රාජ‍්‍ය පාලිත අයිටිඑන් රූපවාහිනී නාලිකාව විදෙස්ගත ජනමාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතාගේ බාල වසස්කාර දියණියගේ පසුබිම් දර්ශන 24 වතාවක් පෙන්වා තිබේ.

රාජ්‍යතාන්ති‍්‍රක මොළය අපට පහළ වන්නේ කවදාද? - මෛතී‍්‍රපාල සිරිසේන අසයි


‘‘තමා නියම බෞද්ධයෙකු බවත්, බෞද්ධාගම අනුව කළ යුත්තේ සතුරන් මිතුරන් කර ගැනීමත් - මිතුරන් ශක්තිමත් කර ගැනීමත්ය.’’ නමුත්, අද සිදුවන යම් යම් දේ විමසීමේදී සිදු වී ඇත්තේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයක් බවත්, එම තත්ත්වය නිවැරදි කරවා ගැනීම සඳහා අවශ්‍ය ‘රාජ්‍යතාන්ති‍්‍රක මොළය’ අපට පහළ වනවිට සිදුවිය යුතු සියලූදේම සිදුවී අවසාන විය හැකි බව අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා පසුගියදා ප‍්‍රකාශ කර තිබේ.

ඉන්දියාව බැසිල්ව ඇන්ද වූ බව ජනාධිපති කියයි


තම සොහොයුරා වන ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාව ඉන්දියාව විසින් විහිළුකාරයෙකුගේ තත්ත්වයට ඇද දමා ඇති බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කොට තිබේ.

ජිනීවාහි ඇමරිකානු යෝජනාවට පක්‍ෂව ඉන්දියාව න්දය දීමෙන් පසු ශී‍්‍ර ලංකාව හා ඉන්දියාව අතර පළුදු වී ඇති රාජ්‍යතාන්ති‍්‍රක සබඳතා යළි ගොඩනැංවීම සඳහා ශී‍්‍ර ලංකා රජයේ විශේෂ නියෝජිතයෙකු ලෙස ඉන්දියාවට යාම සඳහා බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇතත්, එසේ අවසර ලබාදීම ජනාධිපතිවරයා ප‍්‍රතික්‍ෂෙප කොට තිබේ.

‘වාහිබ්’ සංවිධානයේ කි‍්‍රයාකාරකම් පිළිබඳව ඉන්දියාවේ අවධානය


ශී‍්‍ර ලංකාවේ බේරුවල ප‍්‍රදේශය පදනම් කොට ගෙන කි‍්‍රයාත්මක වන දැඩි මූලධර්මවාදී මුස්ලිම් සංවිධානයක් වන ‘වාහිබ්’ සංවිධානයේ කි‍්‍රයාකාරකම් පිළිබඳව ඉන්දීය රජය මේ වනවිට දැඩි සුපරික්‍ෂාකාරීව පසුවන බව වාර්තාවේ.
ඇමරිකන් අධිරාජ්‍යවාදය පරාජය කිරීම සඳහා ලෝකය පුරා මුස්ලිම් මතධාරීන් ගෙන යන මතවාදී සහ සන්නද්ධ අරගලයේ දේශීය කි‍්‍රයාකාරිකයන් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ‘වාහිබ්’ සංවිධානය, පසුගියදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමරිකාව ශී‍්‍ර ලංකාවට එරෙහිව ගෙන එන ලද යෝජනාව පරාජය කිරීම සඳහා, ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ජනයා බහුලව වෙසෙන නගර කිහිපයකම පෙළපාලි සහ උද්ඝෝෂණ සංවිධානය කොට ඇත.

Thursday, March 29, 2012

බන්දුලගේ 2500 අභියෝගය වික්‍රමබාහු බාරගනී


පසුගියදා අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා කිවේ තුන් දෙනෙකුගෙන් යුත් පවුලකට මසකට ජිවත් වීම සඳහා රුපියල් 7500 ක මුදලක් ප්‍රමාණවත් බවයි.ඉන් පසුව එම ප්‍රකාශය වෙනස් කරමින් එතුමා පැවසුවේ එක අයෙකුට රුපියල් 2500 කින් කා බි නොමැරී සිටිය හැකි බවයි.

මෙම ප්‍රකාශය විවාදයට තුඩු දුන් අතර අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා ප්‍රකාශ කොට සිටියේ තමා අවරුදු 15 සිට ආර්ථික විද්‍යාව ඉගෙන ගත බවත් මේ පිලිබඳ ඒ හා සමාන විද්වතෙකු සමග විවාදයකට පැමිණීමට සුදානම් බවය.අමාත්‍යවරයා අභියෝග කල ආකාරය පහතින් බලන්න 
"කාල බිලා මැරෙන්නේ නැතුව මනුස්සයෙකුට ජීවත්වෙන්න පුළුවන් රුපියල් 2500 කින්.අපේ දරුවෝ විශාල ප්‍රමාණයක් එලෙසින් ජිවත් කරවනවා පාසලේ නේවාසිකාගාර තුළ.

සුදු වෑන් වලින් පැහැරගන යද්දී ජනාධිපතිට හා ආරක්‍ෂක ලේකම්ට බේරා දිය හැකිද?


සුදු වෑන් වලින් පැහැරගන යද්දී ජනාධිපතිට හා ආරක්‍ෂක ලේකම්ට බේරා දිය හැකිදැයි බොහෝ දෙනා තුළ ගැටළුවක් පැන නැඟී තිබෙනවා.

ඒ පෙරේදා (26) රාත්‍රියේ සුදු වෑන් රථයකින් පැහැරගන යද්දී එම පැහැරගත් මැර කල්ලියට දුරකථන ඇමතුමක් ලැබීමෙන් පසුව පැහැර ගැනීමකට ලක්‌ව නිදහස්‌ වී පැමිණි ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ මස්‌සිනා වන බස්‌නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සාගර සේනාරත්න මහතා අද දිවයින පුවත්පතට පවසා තිබූ කරුණු අනුවයි

නිදහස්වී පැමිණි ඔහු පවසා සිටියේ ජීවන් කුමාරතුංග අයියාත්, ජනාධිපතිතුමාත්, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් මැදිහත් නොවන්නට තමන් අද ජීවතුන් අතර සිටිනවාදැයි කිව නොහැකි බවයි.


Wednesday, March 28, 2012

ජැක්ලයින්ට ගරු නොකලැයි වෙළඳ සේවිකාවන් දෙදෙනෙක් අස් කරයි


ලාංකීය රූ රැජිනක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඉන්දියාවේ බොලිවුඩ් නිළියක් වූ ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් පසුගියදා වැලිසර පිහිටි අබාන්ස් හි Abstract (A- World) වෙළඳසැළට පැමිණි අවස්ථාවේ ඇයට ගරු නොකලැයි කියා එම අවස්ථාවේ ආයතනයේ සේවය කළ ආරක්ෂක නිළධාරිණියකුගේ හා වෙළඳ සේවිකාවකගේ සේවය අත්හිටුවා තිබෙනවා.

සන්ඩේලීඩර් පුවත්පතේ ෆ්‍රෙඩ්රිකා ජෑන්ස්ගේ නෑනා කෙනෙක් වන ජැක්ලයින් ෆර්ඩිනැන්ඩස් විසින් මේ බව ඊමේල් පණිවිඩයක් මඟින් ආයතනයේ කලමණාකාරීත්වයට දැනුම් දී ඇත්තේ අදාල සේවිකාවන් දෙදෙනාගේ 
 සේවය අත් හිටවන ලෙසයි.

රාජපක්ෂවරුන් බලයේ සිටිනතාක් මට අත තියන්න කාටවත් බෑ - මර්වින්


මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයේ සිටින තාක්, ඩී.ඒ රාජපක්ෂ පරපුර බලයේ සිටින තාක් කල් තමාට අත තියන්නට කාටවත් හැකියාවක් නැතැයි මර්වින් සිල්වා පවසනවා. 

තමා මැද මුලන වලව්වේ හැදුණු වැඩුණු පුද්ගලයකු බැවින් වැරදි නොකරන බවත්, හැකිතාක් පුණ්‍ය කටයුතුවල නිරත වන බවත් ඔහු සඳහන් කළේ ඊයේ අමාත්‍ය මර්වින් සිල්වාගේ උපන් දිනය නිමිත්තෙන් ඔහුට ආශීර්වාද කිරීමට කැලණිය රජ මහා විහාරයේ පැවති පින්කමකට සහභාගීවීමෙන්.

කැලණිය ආසනය පුරාම නව ආසන සංවිධායකවරයකු ගැන ‍පෝස්ටරයක් අලවා තියෙනවා. කවුරු මොන ‍පෝස්ටර් ඇලෙව්වත් කැලණිය ආසනයේ ශ්‍රී ල.නි.ප. ආසන සංවිධායක මමයි. මම කප්පම්, පගාගන්න පුද්ගලයෙක් නොවෙයි. එහෙම කළානම් මට බුදුන් වැඩිය පුරවරයට පය තියන්නවත් බැරිවෙනවා. කැලණිය රජ මහා විහාරාධිපති නාහිමියන්ගේ අනුශාසනා පරිදියි මින් මතුවට මම වැඩකරන්නේ. මාධ්‍ය මගින් මට මඩ ගැසුවත් කිසිම දවසක මාධ්‍යවේදීන් සමග මගේ කිසිදු අමනාපයක් නැහැ. මාධ්‍යවේදීන් ළඟ වැඩියි. මම ඈත වැඩියි. අපි සමීපයි.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව එදිරිවාදු ප්‍රචාර සහ පළිගැනීමේ තර්ජන භයානක ලෙස ඉහළ යයි - අයි.එප්.ජේ.


ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදීන් සහ මානව හිමිකම් ආරක්ෂකයින් ගණනාවක්ට රුහැණිව රජයේ නියෝජිතයින් සහ රාජ්‍ය පාලික ජනමාධ්‍ය විසින් කැරෙන එදිරිවාදු ප්‍රචාර, විවෘතවම පළිගන්නා බවට කැරෙන තර්ජන බිය ජනක ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් ජාත්්‍යන්තර ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනය ( අයි.එප්.ෙජ්./ජා.ජා.ස) සිය දැඩි කණගාටුව පළ කරයි.
පසුගිය මාර්තු 22දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවෙහි දීර්ඝ කාලීන යුදධයේ අවසන් භාගයේ දී සිදු වූ පෘතූල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළ කරමින් සහ රටෙහි ප්‍රධාන ජනවාර්ගික කණ්ඩායම් දෙක අතර සාමය ඇති කිරීම සඳහා ප්‍රතිසංධානය සඳහා වහාම පියවර ගන්නැයි ඉල්ලා සිටිමින් වූ යෝජනාව සම්මතවීමෙන් පසු මෙම තත්ත්වය උද්ගත විය.

Share this article with your friends