Chitika Smowtion 468x60


Tuesday, September 11, 2012

මාලක සිල්වා සර්වඥ ධාතු වඳියි


සුදර්මන් II කොටස රඟ දැක්වේ - මාරක සිල්වා තවමත් නිදැල්ලේ

අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇතුළු පස් හය දෙනෙක් විසින් කළ යුද හමුදාවේ බුද්ධි අංශයේ මේජර්වරයකුට දරුණු ලෙස පහර දීමෙන් පසුව මාලක සිල්වා තවමත් නිදැල්ලේ හැසිරෙන අතර පොලීසිය විසින් තවමත් ඔහුව අඩංගුවට ගෙන නැහැ.

පහර දීමෙන් තුවාල ලැබූ බුද්ධි බළකා මේජර්වරයා සහ සහායකයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේය ප්‍රතිකාර ලබමින් සිටි අතර මේ වනවිට යුධ හමුදා රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

මාලක සිල්වාගේ රියදුරා විසින් මේජර්වරයාගෙන් පැහැරගත් ගිනි අවිය සහ ජංගම දුරකථනය ගෙනැවිත් පොලීසියට භාර දී තිබෙන්නේ දෙපාර්ශ්වය අතර ගැටුම සිදුවන අවස්‌ථාවේ බිම වැටී තිබූ නිසා තමන් රැගෙන ගිය බව දන්වමිනි.

නමුත් මෙම ගැටුම සිදුවන අවස්‌ථාවේ මාලක සිල්වා ඇතුළු පිරිස මේජර්වරයා වට කොට පහර දෙන අයුරුත් පසුව ගිනි අවිය සහ ජංගම දුරකථනය මේජර්වරයාගෙන් උදුරා ගනිමින් මේජර්වරයා පැළඳ සිටින රන් දම්වැල කඩා ගන්නා අයුරුත් ජායික්‌ හිල්ටන් ගොඩනැඟිල්ලේ තිබූ ආරක්‍ෂිත කැමරාවල පැහැදිලිව සටහන්ව තිබෙනවා.

සියැට් ශ්‍රීලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රිය

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ 2012 සියැට් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙල පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්විණි.

එහිදී වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩක සම්මානය, ටෙස්ට් පිතිකරු සම්මානය හා වසරේ සියැට් ජනප‍්‍රිය ක‍්‍රීඩක සම්මානය හිටපු නායක කුමාර් සංගක්කාරට හිමිවූ අතර වසරේ එක්දින පිතිකරු ලෙස මහේල ජයවර්ධන ද වසරේ දක්ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් ද සම්මාන දිනා ගත්තේය.

රංගන හේරත් වසරේ ටෙස්ට් පන්දු යවනවා සම්මානය හිමිකර ගත් අතර එක්දින පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මාන හිමිකර ගනු ලැබීය. වසරේ නැගී එන කි‍්‍රකට් ක‍්‍රීඩකයා සම්මානය දිනේෂ් චන්දිමාල්ට හිමිවිය. වසරේ හොදම ක‍්‍රීඩා සමාජය ලෙස නාවුක හමුදාව සම්මාන දිනා ගත්තේය.

එම සම්මාන රාත්‍රියේ ජයාරූප එකතුවක් පහතින් බලන්න







නොකියා ඇනගන සමාව ඉල්ලයි


නොකියා සමාගම විසින් නිශ්පාදිත අලුත්ම ස්මාට්ෆොන් වර්ගය වන "Lumia 920" වෙළඳපොළට නිකුත් කිරීමත් සමග එහි ප්‍රචාරය සඳහා ප්‍රදර්ශනය කරන ලද වීඩියෝව නිසා එම දුරකථන සමාගම දැඩි ලැජ්ජාවට පත්ව තිබෙනවා

තරුණයෙක් හා තරුණියක් බයිසිකල් දෙකක යමින් සිටින අතර තරුණයා නොකියා දුරකථනයකින් තරුණියගේ වීඩියෝ දර්ශන ලබාගන්නා ආකාරය එහි පෙනෙන්නට සලස්වා දැන්වීම අවසානයේ වීඩියෝ දර්ශන බොඳවීමකින් තොරව දුරකථනයේ Optical Image Stabilisation (OIS) විශේෂාංගය මගින් ලබා ගත හැකි බවටද එහි දක්වා තිබෙනවා.

මෙගා බයිට් නිෂ්පාදක ඉවත් වෙයි ?


හිරු ටීවී නාලිකාවේ ජනප්‍රිය වැඩසටහනක් වූ මෙගා බයිට් වැඩසටහනේ නිෂ්පාදක වූ මියුසික් වීඩියෝ නිර්මාණයෙහි නමක් දැරූ පුද්ගලයෙක් වන ඉන්දික වික්‍රමරත්නය.

කලාකරුවන් බයිට් කිරීම සඳහා වෙන්වුන මෙම වැඩසටහනෙන් අවසානයේ නිෂ්පාදකතුමාටද බයිට් වීමට සිදුවූ අවසථාවක් පිලිබඳ මෙයට පෙර ලිපියකින් වාර්තා කළා.

නිල නොවන ආරංචි මාර්ග වලින් අප වෙත වාර්තා වන්නේ මේ වනවිට ඉන්දික වික්‍රමරත්න හිරු ටි.වී මෙගා බයිට් වැඩසටහනේ නිෂ්පාදක ධුරයෙන් ඉවත්ව ඇති බවයි.


Share this article with your friends