Chitika Smowtion 468x60


Sunday, May 20, 2012

IPL තරඟ පාවා දෙන්නට අපේ ක්‍රීඩකයෙකුට රු. කෝටි 24 ක්


ඉන්දීය දූෂණ මර්දන ඒකකය විසින් ක්‍රිකට් ක්‍රීඩකයන් හට තරඟ පැරදවීම සඳහා මුදල් ලබා දුන් බවට සැක කරමින් ඉන්දීය ඔට්ටු කරුවන් වන සෝනු යෝගේන්ද්‍ර ජාලන් සහ දේවේන්ද්‍ර කෝතාරි පසුගිය 17 වන දින අත් අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී කළ ප්‍රශ්ණ කිරීම් හමුවේ සෝනු යෝගේන්ද්‍ර පවසා තිබෙන්නේ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයකු ටද එලෙස මුදල් ලබා දුන් බවයි. ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 10 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 24ක් පමණ) ශ්‍රී ලාංකීය ක්‍රීඩකයාට ලබා දුන් බව ඔහු පවසා තිබෙනවා.

එසේම ඉන්දීය ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට ද මෙලෙස මුදල් ලබා දුන් බව ඔහු නාගරික දූෂණ මර්දන ඒකකය හමුවේ වැඩි දුරටත් පවසා තිබෙනවා.

කොළඹ රතිඤ්ඤා ඉවරයි


කොළඹ ඇතුළු තදාසන්න නගර ආශ්‍රිතව ඇති වෙළෙඳසල්වල තිබූ රතිඤ්ඤා සියල්ලක්ම පාහේ පසුගිය සිකුරාදා දහවල් වන විට විකිණී අවසන්වී තිබෙනවා.

සාමාන්‍යයෙන් රතිඤ්ඤා තොග මේ ආකාරයට හදිසියේම විකිණීමක් මෙවැනි කාලයක සිදුනොවන බැවින් බුද්ධි අංශ මෙන්ම ආරක්ෂක අංශද ඒ ගැන යම් සොයා බැලීමක් කිරීමට පියවර ගෙන තිබුණා.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ නිදහස්වීම ප්‍රකාශයට පත්වනවිටත්, ඔහු නිදහස ලබා ජනතාව අමතන විටත් දල්වා සතුට පළ කිරීමට එසේ රතිඤ්ඤා මිලදී ගැනීම් සිදුව තිබෙන බවත්, පාට පක්ෂ බේදයකින් තොරව ජනතාව රතිඤ්ඤා මිලදීගෙන ඇති බවත් එහිදී අනාවරණය වී තිබෙනවා.


අප්සරා සහ අපර්ණා ශ්‍රී ලංකාවට: පියා දැක බලාගනී


ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමට යන බව සැලවීමත් සමග ඇමරිකාවේ පදිංචිව සිටි අපර්ණා ෆොන්සේකා සහ අප්සරා ෆොන්සේකා දියණියන් දෙදෙනා ලංකාවට පැමිණියහ. අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි ඔවුහු අද දහවල් කොළඹ නවලෝක රෝහලට ගොස් සිය පියා දැක බලා කතා බහ කළහ. අප්සරා ෆොන්සේකා තම පියා සිරගත කළ පසුව වසර දෙක හමාරක් තිස්සේ ඔහුව දැක බලා ගෙන නැත. සේයාරූ වලින් දැක්වෙන්නේ දියණියන් දෙදෙනා පියා බලා ගැනීමෙන් පසු රෝහලින් පිටතට පැමිණි අවස්ථාවයි.

ෆොන්සේකාට සමාව දීම ගැන රාජපක්ෂලා අතර කඹ ඇදිල්ල


ෆොන්සේකාට සමාව දීම ගැන රාජපක්ෂලා අතර කඹ ඇදිල්ල නීතිමය ප්‍රශ්නයක් ලෙස කරළියට

සරත් ෆොන්සේකා නිදහස් කිරීමට රාජපක්ෂ පවුල තුල ඇතිවී ඇති අර්බුදය නීතිමය ප්‍රශ්නයක් ලෙස මතු කර ඇතැයි 
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. ඒ අනුව ෆොන්සේකා විසින් සුදු කොඩි නඩු තීන්දුවට එරෙහිව පවරා ඇති අභියාචනය ඇතුළු අභියාචනා ඉවත් කර ගත යුතු බව පැවසේ.

රෙජීමාධිපති මරා දැන් තැන තැන කියන්නේ ෆොන්සේකා හිර කරන්න යැයි කීවේත් අද නිදහස් කරනවාට විරුද්ධ වන්නේත් ඇමැතිවරුන් බවයි. ගෝඨාභය ෆොන්සේකා නිදහස් කරන ලෙස තමාට බල කරන බවද ඔහු පවසයි. මේවාට මරාවාදී මාධ්‍යකරුවෝ ඉහළ ප්‍රචාරයක් ලබා දෙමින් සිටී.

මේ කතාව ගැන ඇමැතිවරුන් අමු තිත්ත කුණු හරුපයෙන් රාජපක්ෂලාට බැන වදිමින් සිටිති. රාජපක්ෂ පවුලේ පලිගැනීමේ චේතනාව නිසා සරත් ෆොන්සේකා හිරේ දමා දැන් එය ඇමැතිවරු පිටින් යැවීම ගැන ඔවුන් දැඩි සේ කෝප වී සිටිති. ෆොන්සේකා මරා දමන බව කියමින් 'I ll hang him' කියා බීබීසියට ඛෙරිහන් දුන්නේ ඇමැතිලාද ගෝඨාභය දැයි එක් ඇමැතිවරයෙක් 
අප වෙබ් අඩවිය වෙතින් ප්‍රශ්න කෙළේය. කැබිනට් එකේදී කිසිදු කතාවක් කතා නොකොට සමාව දීමට කැබිනට් අනුමැතිය දුන්නා යැයි රාජපක්ෂලා කරන ප්‍රචාරය ගැනද ඔවුහු කෝප වී ඇති අතර හිරේ දාන්න ලබා ගත් කැබිනට් අනුමැතිය කුමක්දැයි විමසති. 

ඔය වැඩේ කළේ කවුද කියල මං දන්නවා - නයනා කුමාරි


මේ වගේ ඉතාම නින්දිත චෝදනා එල්ල කරමින් මට මඩ ගහන්නේ ඇයි කියලා හිතාගන්න බැහැ....

ජනපි‍්‍රය රංගන ශිල්පිනියක වන නයනා කුමාරි රංගනයෙන් දායක වූ නවතම ටෙලි වෘත්තාන්තය ‘යශෝධරා’ තව නොබෝ දිනකින් විකාශය වීමට නියමිත බව අපිට දැනගන්නට ලැබුණා.

එහි දි ඇය දරුවන් හත් දෙනෙකුගේ මවක ගේ චරිතයක් නිරූපණය කිරීමට නියමිතයි. ඒ වගේ ම ‘සඳ එළිය’ නමින් නවතම ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීමටත් ඇය සැලසුම් කර තිබෙනවා. මේ පිළිබඳවත් ඇගේ නවතම තොරතුරු පිළිබඳවත් අපි ඇගේ තොරතුරු සොයා බැලුවා.

ලංකාවට පෙන්වන රෙජීමයේ හොර වෙස් මුහුණ වොෂින්ටනයේදී ගැලවේ


ශ්‍රී ලංකාවට එක මතයක් සහ විදේශයන්ට ගොස් ඊට හාත්පසින්ම වෙනස් තවත් මතයක් දෙසාබාන ශ්‍රී ලංකාවේ වංචනික රාජපක්ෂ රෙජීමය ඊයේ ඇමරිකාවේ හිලරි ක්ලින්ටන් සමග සාකච්ඡාවේදී ද ඒ සන්තෑසියම සිදුකර තිබේ.

මාර්තු මාසයේදී ජිනීවා නුවරදී ඇමරිකානු යෝජනාව සම්මත වනවාත් සමගම ඇමරිකානු රාජ්‍ය ලේකම්වරිය ශ්‍රී ලංකාවට දන්වා සිටියේ එම යෝජනා ක්‍රියාත්මක කරන ආකාරය ගැන ඇමරිකාවට පැමිණ දැනුම් දෙන ලෙසයි. ඒ සමගම විදේශ ඇමැති ජී ඇල් පස්පඩංගුවේ දිවුරමින් කීවේ ශ්‍රී ලංකාව ජිනීවා යෝජනා ක්‍රියාත්මක නොකරන බවයි. ජිනීවා යෝජනා වලින් කීවේ ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද උගත් පාඩම් කොමිසමේ නිර්දේශ කි්‍රියාක්මක කරන ලෙසයි. එනම් විදේශ ඇමැති සහ රෙජීමයේ ලොක්කන් දිව්රා ලංකාවේ දී කීවේ උගත් පාඩම් නිර්දේශ ක්‍රියාත්මක නොකරන බව නොවේද?

පෙර කී ඇමරිකානු දැනුම් දීම අනුව 
පෙරේදා (18) උදෑසන වොෂින්ටන්යේදී රෙජීමයේ විදේශ ඇමැති හිලරි ක්ලින්ටන් හමුවිය.

එම සාකච්ඡාවට ප්‍රථම හොඳ නම දිනා ගැනීම සඳහා ඇමරිකාව දේශපාලන සිරකරුවෙකු ලෙස නම් කර වහාම නිදහස් කරන්නැයි කරන ලද බල කිරීම මත ජෙනරාල් ෆොන්සේකා නිදහස් කරන බවට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බවට නිල ප්‍රචාරයක් ද ආණ්ඩුව කෙළේය. නමුත් ඊට පැය කිහිපයකට පෙර කැබිනට් ප්‍රකාශකයාගේ මාධ්‍ය සාකච්ඡාවේදී කීවේ කැබිනට් මණ්ඩලයේදී ෆොන්සේකා නිදහස් කිරීමක් ගැන සාකච්ඡා නොවූ බවයි. මාධ්‍ය විසින් ද එය තහවුරු කර තිබිණ. එසේ තිබියදී රෙජීමය නිවේදනය කෙළේ ජෙනරාල් ෆොන්සේකා නිදහස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවකි. (ලංකාවේ නීතිය අනුව සිරකරුවෙකුට ජනාධිපති සමාව දීමේදී කැබිනට් අනුමැතියක් අවශ්‍ය නොවේ.) 

ජෙනරාල්ගේ ‘නිදහසට’ නීතිමය ගැටලූවක් හරස් වෙලා ?


ජෙනරල් සරත් ෆොන්සේකා මහතා ඊයේ (19) දින නිදහස් කරන බවට ජනාධිපතිවරයා පසුගිය 16 වැනිදා රාත‍්‍රියේ ටිරාන් අලස් මන්ත‍්‍රීවරයාගේ නිවසේදී අනෝමා ෆොන්සේකා මහත්මියට පොරොන්දු වී තිබුණද, ඒ සඳහා මේ වන විට නීතිමය බාධාවක් මතු වී ඇතැයි ජනාධිපතිවරයා පෙරේදා දහවල් දැනුම් දී තිබේ.


ජෙනරාල්වරයාට එරෙහිව යුද අධිකරණය විසින් ලබා දුන් තීන්දු දෙකකට හා සිවිල් අධිකරණය විසින් ලබා දුන් සුදු කොඩි නඩුවට එරෙහිව ඔහු විසින් ගොනු කර ඇති අභියාචනා ‘ජනාධිපති නිදහසට’ බාධාවක් වී ඇතැයි ජනාධිපතිවරයා පවසයි.
එහෙයින් එම අභියාචනා ලබන සඳුදා ම ඉල්ලා අස් කර ගන්නා ලෙසත්, එසේ ඉල්ලා අස් කර ගත් වහාම ජෙනරාල්වරයා නිදහස් කරන බවට ජනාධිපතිවරයා යළිත් වරක් පොරොන්දු වී තිබේ.

Share this article with your friends