සවුදි අරාබියේ තානාපතිවරයාට විරුද්ධව චෝදනා එල්ල වූයේ වරක් දෙවරක් නොවේ.
සේවය කරන නිවසෙන් අතවරයට පත්ව පිහිට පතා තානාපති කාර්යාලයට එන බොහෝ කාන්තාවන් නැවත අතවරයට ලක් කරන්නෙත් ගණිකා සේවයේ යොදවන්නේත් සවුදි අරාබියේ තානාපති කාර්යාලය මඟිනි.
ලංකාවට පැමිණි බොහෝ ගෘහ සේවිකාවන් පසුගිය කාලයේ පවසා තිබුනේ ඇඳුම් ඉවත් කර පහර කෑමට ලක්වූ තුවාල කැලැල් පෙන්වීමට ඇත්තේද තානාපති කාර්යාලයේ පිරිමින්ට බවය.
ජනාධිපතිවරයා විසින් කැලණිය ආසන සංවිධායක ධූරයෙන් මර්වින් සිල්වා මීට පෙර අයින් කරන ලද්දේ ගස් බැඳීමේ නාට්‍යයෙන් පසුවය.
පසුව විනය පරීක්ෂන නාට්‍යයෙන් පසුව නැවතත් ඔහුට එම සංවිධායක ධූරයම ලැබිණි.
මෙවර තිර පිටපත ඊට වඩා මඳක් වෙනස් විය. මෙවර ආසන සංවිධායක ධූරයෙන් මර්වින් සිල්වාම ඉල්ලා අස්විය. ඒ හසිත මඩවල ඝාතන චෝදනාව මර්වින් සිල්වාට එල්ලවූ නිසාය.
නමුත් ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙක් රජය විසින් පත් කළේ නැත. මර්වින් සිල්වාව වෙනත් ආසනයකට දැමීම හෝ පන්නා දැමීමක්ද කළේ නැත.
අන්තර්ජාල හා අනෙකුත් දැනුවත්කිරීම් ඔස්සේ "නෝ ලිමිට්" ආයතනයට එරෙහිව ගෙන යන විරෝධතා රැල්ල හේතුවෙන් ඔවුනට මාසිකව මාසිකව රුපියල් ලක්‍ෂ 53ක් පාඩු සිදුවී තිබෙනවා.
ඒ අනුව මේ වනවිට නෝ ලිමිට් ආයතනයේ මුලු ආදායම 30%කින් හෙවත් රු. කෝටි 300කින් අඩුවී තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මේ අතර පසුගිය දින වල දෙමටගොඩ ප්‍රදේශයේදී සිංහල රාවය සංවිධානය විසින් අත් පත්‍රිකා රැසක් ජනතාව අතර බෙදා හැර තිබුනේ නෝ ලිමිට් ආයතනයෙන් මිලදී ගැනීම් නොකරන ලෙසයි.
එම අත් පත්‍රිකාවට විරුද්ධව දෙමටගොඩ නෝ ලිමිට් ශාඛාව විසින් සිංහල රාවය ජාතික සංවිධානයේ භික්ෂූන් වහන්සේට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබුනේ තමන්ට පාඩු වන එම මුදල සිංහල රාවය ජාතික සංවිධානයෙන් අයකර දෙන ලෙස ඉල්ලමිනි.
දේශීය ධාන්‍ය ඇසුරින් බිස්කට් නිර්මාණයේ ඉතිහාසය
මහව බලල්ලේ පදිංචි අජිත් දසනායක මහතා ගේ පියා පාරම්පරික බේකරි කරුවෙකි. සිය පියාගේ වියෝවෙන් පසුව බේකරියේ පාලනය සියතට ගන්න අජිත් මහතා සහල් පිටි වලින් විස්කෝතු සෑදීමට ආරම්භ කරනු ලබන්නේ 1990 දීය. නමුත් එය අසාර්ථක වී ඇත්තේ සහල් පිටි එකතු කල විට තිරිඟු පිටි මෝලිය පට්ටයක් ලෙසට සවිවීමෙනි.
ඉන්පසු ඔහු ප්‍රදේශයේ වැව් වලින් බහුලව කඩා ගත හැකි ඕලු ඇට පිටි කොට ඒවා සහල් පිටි වලට මිශ්‍ර කොට විස්කෝතු සෑදීමේ ක්‍රියාවලිය දියුණු කරලිමට හැකි දැයි අත්හදා බලා ඇත.