ඉන්ධන මිල ඉහළ දැමීමෙන් පසු රට පුරා මතු වී ඇති ජනතා විරෝධය හමුවේ තම තමන්ගේ ආසනවලට යාමට පවා නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ආණ්ඩුවේ ඇමතිවරු සියලූ දෙනාම පාහේ ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී කරුණු දක්වා තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විදේශගතව සිටින බැවින් අග්‍රාමාත්‍ය දීමූ ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම විරෝධතාවය මතු වී ඇත.
හලාවත ධීවරයකු ඝාතනය කිරීමේ සිද්ධිය ද ඇමතිවරු කීපදෙනෙකුගේ විවේචනයට ලක් වී තිබේ. උද්ඝෝෂණ කරුවන්ට වෙඩි තැබීමට අණ දීම බලවත් වරදක් බවද එම ඇමතිවරුන් පවසා ඇත.