Chitika Smowtion 468x60


Thursday, January 17, 2013

බෙරගල ගොල්ෆ් රිසෝර්ට් (Beragala Golf Resort) එකට අක්කර 628ක් බිලි


බදුල්ල, හල්දුම්මුල්ල සොරගුණේ වනාන්තරය මැද කාමර 2,000කින් යුත් හෝටලයක් හා ගොල්ෆ් පිටියක ඉදිල්කිරීම් මේ වනවිට ආරම්භවී තිබෙනවා.

මෙම හෝටලයේ හා ගොල්ෆ් පිටියේ ඉදිකිරීම් 2011 වසරේ අවසන් බාගයේ ආරම්භ කිරීමට සූදානම් කර තිබූ නමුත් වේලි ඔය ව්‍යාපාරයේ ගොවීන් හා පරිසරවේදීන්ගේ දැඩි විරෝධය හේතුවෙන් නවතා දමා තිබුණා.

වසරකට වැඩි කාලයක් නවතා දමා තිබූ එම "බෙරගල ගොල්ෆ් රිසෝර්ට්" 
(Beragala Golf Resort) ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා වනාන්තරය මැදින් යෝජිත හෝටලයේ වැඩබිම තෙක් මාර්ගයක් ඉදිකරමින් සිටින බව පරිසර හා සොබාදම් අධ්‍යන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසනවා.

Share this article with your friends