‘‘මාගේ මිත්‍රයිනි, ශරීරය නසා එයින් පසු වෙන කිසිවක් කරන්ට බැරි අයින්ට භය නොවන්නැයි නුඹලාට කියමි. නමුත් නුඹලා භයවිය යුතු කාටදැයි නුඹලාට පෙන්වමි .’’
( ගෝලයන් ධෛර්යය කිරීම, ලුක් 12 : 4-5)
ඇන්තනි ප්‍රනාන්දු නම් වූ ඝාතනය කරන ලද ධීවරයාගේ කතෝලික අධ්‍යාත්මය හරහා ශී්‍ර ලාංකීය සිංහල කතෝලික හෘදය සාක්ෂිය කියවීම මෙම ලියවිල්ලේ මුඛ්‍ය අරමුණ යි. මාර්තු 15වැනිදාට ඔහු ඝාතනය කිරීමේ සිද්ධියට මසකි. අදට මාසයකුත් සතියකි. එහෙත් මිනී මරන්නන්ට අතීතය අමතක වන නිසාත් මසුන් මරන්නන්ගේ අනාගතය මුහුදුබත් වෙමින් පවතින නිසාත් මෙම ලියවිල්ල ම`ග හැර යා නො හැකිය.
ශී්‍ර ලාංකීය සිංහල කතෝලික බහුතරය ඔවුන් කතෝලිකයන් බව හඳුණාගැනීමට හැකි එකම ම`ග වනුයේ ඔවුන් විසින්ම ඔවුන් කතෝලිකයන් බව හඳුන්වා දෙනු ලැබීම තුළ මතු වන උත්ප්‍රාසයයි. හිත රිදවෙන කියමනක් වුවද, හරයාත්මකව ගත් කල එසේ හඳුන්වනු ලැබීමට අවශ්‍ය නිර්දිෂ්ඨ බොහොමයක් ඔවුන් සපුරා නැත. කතෝලිකකම යනු පුද්ගලයන් තුළ ඒ ඒ යුගයන්හි ඒ ඒ භූමි වපසරි තුළ පවත්නා අශිෂ්ඨ, අධම, දුර්දාන්ත, මානව විරෝධී පාලනයන්ට එරෙහිව උත්පාද වන දේශපාලනික ආස්ථානයන් මිසක තම තමන් හඳුන්වා දිය හැකි විශේෂණ පදයක් හෝ ආගමික ධම්ම පදයක් නොවනා බැවිනි.