ශී‍්‍ර ලංකාවේ බේරුවල ප‍්‍රදේශය පදනම් කොට ගෙන කි‍්‍රයාත්මක වන දැඩි මූලධර්මවාදී මුස්ලිම් සංවිධානයක් වන ‘වාහිබ්’ සංවිධානයේ කි‍්‍රයාකාරකම් පිළිබඳව ඉන්දීය රජය මේ වනවිට දැඩි සුපරික්‍ෂාකාරීව පසුවන බව වාර්තාවේ.
ඇමරිකන් අධිරාජ්‍යවාදය පරාජය කිරීම සඳහා ලෝකය පුරා මුස්ලිම් මතධාරීන් ගෙන යන මතවාදී සහ සන්නද්ධ අරගලයේ දේශීය කි‍්‍රයාකාරිකයන් ලෙස තමන්ව හඳුන්වා ගන්නා ‘වාහිබ්’ සංවිධානය, පසුගියදා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ඇමරිකාව ශී‍්‍ර ලංකාවට එරෙහිව ගෙන එන ලද යෝජනාව පරාජය කිරීම සඳහා, ශී‍්‍ර ලංකාවේ මුස්ලිම් ජනයා බහුලව වෙසෙන නගර කිහිපයකම පෙළපාලි සහ උද්ඝෝෂණ සංවිධානය කොට ඇත.