ඔබට මෙම අනුවේදනීය ජායාරූපය මතකද?
මේ ගවදෙන දැන් කොහෙද?
මෙම ජායාරුපය මිට වසර ගණනාවකට පෙර දෙමටගොඩ ගව ඝාතකාගාරයේදී ගන්නා ලද්දකි.මෙහි දැක්වෙන්නේ එම අවස්ථාවේදී මස් පිණිස මරණයට කැපව සිටි ගව දෙනකි.මේ අවස්ථාවේදී අයගේ කුසයේ පැටවෙකුද සිටිබව දැන ගන්නට ලැබේ.
නමුත් පුජ්‍ය අහංගම ආනන්ද හිමියන්ගේ මැදිහත් වීම මත ඇයට ජිවත් වීමට ඉඩ ලැබුණි. ඉහත ජායාරුපයේ දැක්වෙන්නේ එම ගවදෙන තමාව මරණයෙන් බේරාගනු ලැබූ එම හිමියන්ට කදුළු සළන දෙනතින් යුක්තව දනනමා නමස්කාර කරන අන්දමය. එය වසර හතරකට පමණ පෙර සිදුවූ සිද්දියකි.
දැන් අප ඔබට කියන්නට යන්නේ මෙහි වර්තමාන කතන්දරයයි.
ආනන්දහිමියන් මේ වනවිට මරණයට කැපවූ ගවයන් දහස් ගණනක් බේරාගෙන ඇත.එමනිසා උන්වහන්සේට මේ ගවදෙන පිලිබදව මතකයෙන් බැහැරව ගොස් තිබුණි.කෙසේ වෙතත් මිට මාස කිහිපයකට පෙර මේ ජයාරුපය පිලිබදව නැවතත් ජනමාධ්‍ය වල අවධානය යොමු වීම සමගම “ මේ ගවදෙන දැන් කොහෙද ? " යන ගැටලුව බොහෝදෙනාට නැගුනාට කිසිදු සැකයක් නැත.