Chitika Smowtion 468x60


Wednesday, February 1, 2012

"යුක්තිය" සයිබර්ගත වෙයි.


අප ගෙවමින් සිටින්නේ ඉතිහාසයේ අඳුරුතුම යුගයකි. සෑම අස්සක් මුල්ලක් නෑරම අයුක්තියේ අඩුදඬු විහිදවූ යුගයකි. ඒ නිසාම දෑස් විවරකොට මනා සිහියෙන් තම ජීවිතය දෙසද අන්ජීවිත දෙසට යථාවාදී බැල්මක් හෙලිය යුතු සමයකි. නමුත් සියල්ලෝ සිටින්නේ ස්ව්‍යං වින්දනාත්මක නිද්‍රාවක ගිලීය. මේ ස්ව්‍යංවින්දනයේ අවසානය නැතිනම් ඔබගේ නිද්‍රාව ඔබ අවට සැරිසරන ගැහැණුන් සහ මිනිසුන්ගේ මරණීය හෝරාව කරනු ඇත. ඔබට අනන්‍ය වූ මතවාදයන් තියෙන්නට පුළුවන. නමුත් ඒ සියලු මතවාදයන් දැරිය හැකි යුක්තිගරුක සමාජයක් අපට උවමනාය.

ජනමාධ්‍ය ලේකම් දැයට කිරුලෙනුත් ගසාකයි


‘දැයට කිරුල’ ප‍්‍රදර්ශන භූමිය තුළ ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලබාදී ඇති කුඩා කුටියෙහි කාටූන් ප‍්‍රදර්ශනය සහ එහි සැරසිලි සඳහා විශාල මුදලක් අනුමත කරමින් එම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. ගනේගල මහතා කොමිස් ජාවාරමක් සිදුකර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

චන්ද්‍රපාල, ‘ලක්හඩ’ භාරගැනීම ප‍්‍රතික්ෂේප කරයි


ජනාධිපති මාධ්‍ය අංශයේ සිට ඉතාලියේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයට පිටුවහල් කරනු ලැබූ චන්ද්‍රපාල ලියනගේ මහතා, සිය සේවා කාලය අවසන්වීමෙන් අනතුරුව යළි ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති අතර, ඔහුව ‘ලක්හඩ’ ගුවන් විදුලි ප‍්‍රධානියා ලෙස පත්කිරිමට ජනාධිපතිවරයා කළ යෝජනාව ලියනගේ මහතා විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

ආයෝජන මණ්ඩල සභාපති අන්තඃපුරයක


ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩෝ මහතා එම කාර්යාලය තුළ අන්තඃපුරයක් පවත්වාගෙන යනු ලබන බව පසුගියදා හෙලිදරව් වී තිබේ.
වයස අවුරුදු 60 ද ඉක්මවා සේවය කරන ෆර්ඩිනැන්ඩෝ මහතා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාද වේ.

උදාරි මවක් වෙන්නේ සිංගප්පුරුවේදී


වන්දනා හා සිහින පියාපත් යන ටෙලිනාට්‍ය දෙකේ රංගන කටයුතු අවසන් කිරීමෙන් පසු පසුගිය 28වෙනිදා උදාරි සිංගප්පුරුව බලා පිටත් වීමට සූදානමින් හිටියා. 

නමුත් විශේෂ හේතුවන් නිසා ඇය එම ගමන සතියකින් කල් දාගන තියනවා.


කෙසේවුවද ලබන සතියේ ටික කලකට රංගන දිවියෙන් සමුගන්නා ඇය මවක් වීමට බලාපොරොත්තු වන්නේ සිංගප්පුරුවේදියි. නමුත් මාර්තු මාසයේ ලංකාවට ඒමට අදහසකුත් ඇගේ තියනවා.

උදාරිගේ ලඟදී ගත් ඇගේ ජායාරූප එකතුවක් පහලින්.

නීතිය ක්‍රියාත්මක නොවන ඇමති රෝහිතගේ "මාර පුත්‍රයා"


පසුගියදා පයාගලදී ඝාතන දෙකක් සිදුකර තවත් අයෙකුට මාරාන්තික තුවාල සිදුකරමින් පළාගිය වාහනයේ සැබෑ රියැදුරු වන ලෙෂාන් ද සිල්වාට එරෙහිව දේශපාලන බලපෑම් හමුවේ රටේ නීතිය ක්‍රියාත්මන නොවෙන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා.

ලෙෂාන් ද සිල්වා යනු කළුතර දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි වරාය සහ මහා මාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන හෙවත් "රත්තරන්" නමැති ඇමැතිවරයාගේ සොහොයුරියකගේ පුතෙකි.

වයස අවුරුදු 22 ක් පමණ වන, මෙම ඝාතන වලට වගකිව යුතු ඇමති පුත්‍රයා එම අවස්ථාවේදී හොඳටම බීමත්ව සිට ඇති අතර අනතුර සිදුවීමෙන් පසු ඔහු අල්ලාගත් විට ඇමැති රෝහිත අබේගුණවර්ධන පැමිණ ප‍්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට බැන වැදී තිබෙනවා.

CSN ට එරහිව MTV Sports

MTV/MBC හෙවත් මහරාජා මාධ්‍යජාලය යටතේ ක්‍රියාත්මක වන නවතම නාලිකාව පසුගිය 26 වෙනිදා විකාශනය ආරම්භ කළා.

“MTV Sports” ලෙස නම ක‍ර ඇති මෙම නාලිකාව ක්‍රීඩා හා විනෝදාත්මක වැඩසටහන් සදහා වෙන් වුවක්. ඒ අනුව ක්‍රීඩා සදහා වෙන්වූ රුපවාහිනී නාලිකා දෙකක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වනවා.

ඒ CSN හෙවත් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් හා MTV Sports නාලිකාවයි. මෙම MTV Sports නාලිකාවේ ප්‍රවෘත්තිමය වැඩසටහන්ද විකාශය වන අතර දැනගන්නට ලැබෙන ආකාරයට BBC වැනි ජාත්‍යන්තර මට්ටමේ සන්නාම නාමයක් බවට MTV/MBC පත් කිරීම මහරාජා මාධ්‍යජාලයේ ඉහල කළමණාකාරිත්වයේ අරමුණයි.

Dot.Tk ඩොමේන් ගන්නේ බලාගෙනයි - Giant Scam Revealed..!


Dot.TK

"Giant Scam Revealed"
Dot.tk is a giant parking page SCAM set up to lure you in by offering FREE domains only to bait and switch you once your website traffic starts rolling on in.


In my case, they stole several of my high traffic domains without any notice and parked them to earn money from the back link traffic. No notice was sent to me as to why, nor was I able to reclaim them by any means. My phone calls and faxes fell upon-deaf ears as well.

Share this article with your friends