Chitika Smowtion 468x60


Monday, April 30, 2012

සිසුන් පාසල් වලට ඇතුලත් කර ගැනීමේදී ගහන ගැහිලි


සිසුන් පාසල් වලට ඇතුලත් කර ගැනීමේදී බොහෝ ජනප්‍රිය පාසල් වල හොර මැර දූෂණ එළිපිටම සිදුවේ. බොහෝ විට මේවා සිදුවන්නේ අදාල පාසලේ විදුහල්පතිවරයා, පාසලේ බලවත් ගුරුභවතුන් , ආදී ශිෂ්‍ය සංගම්වල සාමාජිකයන් , අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන් , කලාපයේ දේශපාලකයන්ද සම්බන්ධ කරගෙනය. 

මෑතකදී කොළඹ මහානාම විදුහලේ අලුතෙන් සිසුන් පාසලට ගැනීමේදී මුල්‍ය අල්ලස් මෙන්ම ලිංගික අල්ලස් පවා ලබාගෙන ඇති බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.

දැනට මෙම සිද්ධිය සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලීසියට සහ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට පවරා ඇත. නමුත් මෙම පරීක්ෂණ දේශපාලකයන්ගේ බලපෑම් නිසා යට යාමේ බලවත් ප්‍රවණතාවයක් තිබේ. 


ආබාධිත රණවිරුවන්ගේ අවුරුදු උත්සවය


රණවිරු සැමරුම් මාසය අද (30) සිට මැයි 30 වැනි දා දක්වා ක‍්‍රියාත්මක වේ. අද පෙරවරුවේ අරලියගහ මැදුරේ දී  ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ප‍්‍රථම රණ විරු කොඩිය පැළඳවීමෙන් අනතුරු ව ජනාධිපතිතුමන් විසින් රණ විරු සැමරුම් මාසයේ ආරම්භය ප‍්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතය.

රණ විරු කොඩි අලෙවියෙන් ලැබෙන සියලු ම මුදල් රණ විරුවන්ගේත් එම පවුල්වලත් ඉදිරි සුබසාධන කටයුතු වෙනුවෙන් යොදවනු ලබයි.

පහතින් දැක්වෙන්නේ පසුගියදා පවතී අබාධිත රණවිරුවන්ගේ අවරුදු උත්සවයක ජයාරූප කිහිපයකි.
 ජයාරූප : මේනක මදුසංක (Event Media)



ජනපති ආර්යාව කොරියා සංචාරය අතරතුර..


දකුණු කොරියා ජනාධිපති ලී මයුං බක් මහතාගේ ආරාධනයකින් මහින්ද රාජපක්ෂ ජනපති පස් දින නිල සංචාරයක් සඳහා පසුගියදා දකුණු කොරියාව බලා පිටවත් විය.


ජනාධිපති සමගින් ගිය ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය දකුණු කොරියාවේ ජනාධිපති ආර්යා කිම් යූන් ඔක් මැතිනිය හමුවක්ද සිදු කෙරුණු අතර ඉන් අනතුරුව කොරියාවේ වෙළඳපලේ සංචාරයක් කිරීමටද අමතක කොට තිබුනේ නැහැ.


එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙන අතර ඒවා පහතින් බලන්න.

මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්‌ඩලයේ නිලධාරිනියක් අමාත්‍යංශ වාහන හතරක් එලවයි


සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ මහතාගේ කාර්ය මණ්‌ඩලයේ එක්‌තරා නිලධාරිනියක්‌ අමාත්‍යංශයේ අලුත් වාහන හතරක්‌ අනිසි ලෙස පරිහරණය කරන බවට වාර්තා වේ. 

මෙම නිලධාරිනිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේ ආනයනය කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක්‌ ඇයගේ පෙම්වතාගේ පරිහරණයට ලබා දී ඇත. 

එසේම ඇයගේ මවට සහ පියාටද අමාත්‍යංශයේ වාහන දෙකක්‌ ලබා දී තිබේ. මෙම නිලධාරිනිය තම නිල රථයට අමතරව ආසන විසි හතරක වෑන් රියක්‌ද අමාත්‍යංශයෙන් ලබාගෙන තිබේ. මෙම වෑන් රථය පවුලේ උදවිය සහ නෑදෑයන් සමග චාරිකා වල යෙදීමට ඇය භාවිතා කරන්නීය. 

ඊළාම් රාජ්‍ය ඇති කිරීමට දිවි හිමියෙන් ක්‍රියා කරනවා-කරුණානිධි


කරුණානිධි ප්‍රමුඛ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය යුධ සමයේ දී සිටම එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ලෙසයි ක්‍රියා කලේ.

වසර ගනනාවක් පුරා වෙනම ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් කල යුද්ධය නිමා වුවත් කරුණානිධි පවසන්නේ ශ්‍රී ලංකාව තුල ඊලාම් රාජ්‍යයක් පිහිටුවීමේ ප්‍රයත්නය තවදුරටත් ඉදිරියට ගෙන යන අතර ඒ සඳහා තමන් දිවි හිමියෙන් කටයුතු කරන බවයි.

1980 දශකයේ දී දෙමළ ජාතිකයන් හට වෙනම ප්‍රාන්තයක් අවශ්‍ය බව කියමින් සටන් කලේ ද මෙම සංවිධානයයි.


දාස හපුවලානගේ කාටුනයට මුතුහෙට්ටිගම පරල වෙයි


දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමය.නමුත් තවමත් නියෝජ්‍ය අමාත්‍යකමක් වත් නොලැබීම පිලිබඳ එතුමා සිටින්නේ කනස්සල්ලෙනි.

ඒ හේතුවෙන්ම පසුගියදා ජනපතිතුමා වෙත මුතුහෙට්ටිගම ලියුමක් ලියුවේ තමාට වැඩ කල හැකි අමාත්‍ය ධුරයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමිනි.ලියුමට ප්‍රතිචාර දැක්වූ ජනපතිවරයා මුතුහෙට්ටිගමට අමාත්‍යධුරයක් දෙනවා වෙනුවට දකුණු කොරියානු සංචාරයට එක් කරගත්තේය.

මේ සම්බන්ධව පුවත්පත් වල විවිධ කාටුන් පළවූ අතර ඒ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පසුගියදා මෙලෙස අදහස් දැක්වුවා.

කොහිල ගහේ නැගගත් මිනිස්සු - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න


මෙවර මැයි දිනය රට තුල අළුත් බලාපොරොත්තුවක් අතිකරන්න පුළුවන් සිද්දියක් වෙනව. මොකද? මේ රජයට විරුද්ධව මතුවන විරෝධය නැඹරුවීම් දෙකකින් ඉදිරියට එන නිසා. මෙතෙක් තිවුන දේශපාලන හිදැසැත් පිරවෙන ලකුණු ඉදිරිපත්වෙලා තියෙනව.
ආණ්ඩුව ලොකුවට මැයිදිනය තියන්න දැඟළුවත්, අවස්ථාවාදී වමටත් එය එපා වෙලා වගේ. වාසුදේවලා මහින්දගේ රජයේ ජරාව වහන්න කටයුතු කලත් බොරුවට හරි වෙනම මැයිදිනයක් පවත්වන්න යනව. අන්තිම මොහොතේ ජනාධිපතිගෙන් කණේපාරක් වැදුනහම මේ බොරු දැඟලිල්ල නවත්වල ආණ්ඩුවේ මැයිදිනයටම බලූ කුක්කකෝ වගේ එකතු වෙන්න ඉඩ තියෙනව. තමන්ගේ පක‍ෂවල බිඳීයාම නවත්තගන්න වෙන විදියක් නෑ, කම්කරුවන් පොදු සටනකට යන එක නවත්තගන්න මේ විදිහට බොරු ස්වාධීන මැයිදිනයක් පවත්වන්න ඉඩදෙන්න කියල බැගෑපත්ව උන්නැහැල එකාධිපතිට වැඳ වැටිල කියනව ඇති.

ජවිපෙ කම්කරු දිනයට සූදානම් වෙමින්...


ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජාත්‍යන්තර කම්කරු දින සැමරුම කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටී. එහි මැයි දින පෙළපාලිය දෙහිවල සරණංකර ක්‍රීඩාපිටියෙන් දහවල් 12.00ට ආරම්භ කිරීමට නියමිත අතර එම පෙළපාලිය පාමංකඩ, හයිවල් පාර ඔස්සේ හැව්ලොක්ටවුන් බී.ආර්.සී ක්‍රීඩාංගනයට පැමිණීමට නියමිතය. මැයි රැලිය එදින සවස 3.30ට පමණ ආරම්භ කිරීමට නියමිතය.
ජවිපෙ මැයි දිනයට සමගාමීව අධිරාජ්‍යවාදී මැදිහත්වීම් පැරදවිය හැක්කේ කෙසේද.. මැයෙන් වර්තමාන දේශපාලන තත්වය විග්‍රහ කෙරෙන පොතක් එළිදැක්වීමට නියමිතය. මැයිදින රැලිය www.jvpsrilanka.comවෙබ් අඩවිය මගින් සජීවි විකාශයක් කිරීමටද නියමිතයි.
ඡායාරූපවල දැක්වෙන්නේ ජවිපෙ සාමාජිකයින් විසින් කොළඹ බී.ආර්.සී පිටියේදී ඉදිකරන දැවැන්ත වෙදිකාවයි.

Sunday, April 29, 2012

දිනාල් විජේමාන්න සහ ප්‍රදීප් කාරියවසම් ජාතික ඉතිරිකිරීමේ සල්ලි වලටත් කෙලී


බොන්ඩ් කිං දේවසුරේන්ද්‍ර ගේ ගෝලයා දිනාල් විජේමාන්න සහ අගවිනිසුරු සැමි ප්‍රදීප් කාරියවසම් ජාතික ඉතිරිකිරීමේ සල්ලි වලටත් කෙලී

ශ්‍රී ලංකාවේ මෙතෙක් බොහෝ දෙනාගේ විශ්වාශය දිනාගත් රටේ බහුතර දුප්පත් ජනතාවගේ දහදිය මහන්සියෙන් ඉතිරි කරන මුදල් තැන්පත් කර ඇති ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් අප්‍රියෙල් 27 වන සිකුරාදා ලංකාවේ ලොකුම පොලුකාරයා නොහොත් ලලිත් කොතලාවල ගේ සෙලින්කෝ සමුහ ව්‍යාපාරයට හිමිව තිබු රටේ පැරණිම ෆිනෑන්ස් කොම්පැනිය වෙන, ද ෆිනෑන්ස් සහ සමාගමේ (the Finance & Company PLC) සාමාන්‍ය ජන්ද හිමි කොටස් 7,863,362 හෙවත් ද ෆිනෑන්ස් සමාගමේ 13.02% අයිතිය මිලදී ගන්නා ලදී.

මර්වින් මගේ හිත රිද්දුවා - උපේක්ෂා


මෙගා ස්ටාර් අවසන් තරගයේ දෙවන වටයේදී උපේක්ෂා ස්වර්ණමාලි හට තම විනිශ්චය ප්‍රකශ කිරීමේදී අමාත්‍ය මර්වින් සිල්වා මහතා කල කතාවක් බොහෝ දෙනාගේ පිලිකුලටත් ආන්දෝලනයටත් ලක්විය.
"'ඔව් ඉතින් අත දරුවෙක් වෙලා එයයිගෙන් කුක්කු ටිකක් බොන්න තිබුනානම් කොච්චර හොදයිද කියල හිතල බලන්නකෝ."
පසුව එම ප්‍රකාශය ගැන අමාත්‍යවරයා හා උපේක්ෂා ගේ සැමියා වූ මහේෂ් පුවත්පත් වලට ප්‍රකාශ කොට තිබුනේ අමාත්‍යවරයාගේ විහිලු ඔවුන් හදුනන බවයි.

නමුත් මෙගා ස්ටාර් තරඟය අවසන් වී වසරකටත් වැඩි කලක් ගතවූ පසුව උපේක්ෂා එම සිදුවීම පිලිබඳ සත්‍යය ප්‍රකාශකොට තිබුනේ මව්බිම පුවත්පතේ "හටන" විශේෂාංගයටයි.

දෙරණ සිටි ඔ‍ෆ් ඩාන්ස් අවසාන මහා තරඟය (ජයාරූප එකතුව)


"දෙරණ සිටි ඔ‍ෆ් ඩාන්ස්" තුන්වන අදියරේ අවසන් මහා තරගය ඊයේ දිනයේදී පැවැත්වුන අතර ඒ සඳහා තරග වැදුණු තරගකරුවන් සිව්දෙනා අතරින් ජයග්‍රහණය හිමිකරගැනීමට ඉමල්ෂා මධුෂානි සමත්විය.

හොඳම නර්තන කණ්ඩායම ‍ලෙස කිරුළ පැළඳීමට "ඩේන්ජරස් ගැන්ග්" කණ්ඩායම සමත්විය.

Shaggy Live in Colombo (Pictorial)




මර්වින් නිසා බැසිල් හා ගෝඨා අතර මතගැටුමක්


අමාත්‍ය මර්වින් සිල්වා මහතා වෙත ගම්පහ සන්ධාන නායක බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ සහය දැක්වීම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කර්නල් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නොසතුටට හේතු වී ඇති බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත පැවසීය. කුඩු ව්‍යාපාරවලට හා කප්පම්ගැනීම්වලට සම්බන්ධව සිටි, මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ ගෝලයින් කිහිපදෙනකු සුදු වෑන් යොදා පැහැරගෙන ගොස්, අනතුරුව ජනාධිපතිවරයාගේ නියමය මත මුදා හරිනු ලැබුවේද ගෝඨාභය රාජපක්ෂ මහතාය.

ජනාධිපතිවරයා රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන් හෑල්ලූ කරලා


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන් පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කිරීම තුළ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් පමණක් නොව වගකිවයුතු ඇමතිවරුන් පවා අපහසුතාවයට පත්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය. ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ සංචාරයේ සිදු වූ සිද්ධීන් කිහිපයක් ගෙන හැර දක්වමින් ඔහු ඒ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාට ජයරත්නගෙන් අනතුරු ඇගවීමක්


ජනාධිපතිවරයා තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණි නායකයින් හා ක්‍රියාකාරිකයින් අමතක කොට එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි හොරුන්ට වැඩි සැලකිලි හා වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන්නේ නම් ළඟදීම එහි ඵලවිපාක බුක්තිවිදීමට ඔහුට සිදුවනු ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ජයරත්න හේරත් මහතා අද කුරුණෑගල පැවති අභ්‍යන්තර සාකච්ඡාවකදී පවසා තිබේ.
එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විශේෂ වරප්‍රසාද ලබා දීම ජයරත්න හේරත් මහතාගේ කෝපයට හේතු වී තිබේ.

Saturday, April 28, 2012

පාන් මිල තුනකින් නගී


තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8.50 කින් ඉහල දැමීම හේතුවෙන් පාන් මිල ඉහල දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කොට ඇත.

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් ඉහල දමන බව ඔවුන් නිවේදනය කර සිටි.

පාන් මිල ඉහල යාම පිබඳ විමල් වීරවංශ අමාත්‍යවරයා මෙයට පෙර  සුත්‍රයක් ඉදිරිපත් කල බව අප ඔබට ලිපියකින් හෙළි කළා.


ඒ අනුව රුපියල් තුනකින් පාන් ගෙඩියක මිල වැඩි කල විට තුන් වේලම පාන කන අවාසනාවන්ත පවුලකට වැඩියෙන් දැරිය යුත්තේ බුලත් විඩ කියක මුදලක්ද?


 



























මෙගා ටෙලි නාට්‍යය වලට සීමා පනවයි


උපරිම කොටස් ගණන 
100 ක් විය යුතු බවට 
නියමයක් 

විවිධ පාර්ශව වලින් දිගින් දිගටම රජයට ලැබුණු 
පැමිණිලි හේතුවෙන් මෙගා ටෙලි නාට්‍යය සඳහා සීමාවන් පැනවීමට ජනමාධ්‍යය අමාතයාංශය තීරණයකොට ඇත.

ඒ අනුව විකාශය කරන ටෙලි නාට්‍යයක උපරිම කොටස් ගණන 100 ක් විය යුතු බවට නියමයක් පනවා තිබේ.

රතුගල ආදිවාසීන්ගේ අවරුදු උත්සවය


රතුගල ආදි වාසී නායකයා වන සුදා වන්නිලා ඇත්තන්ගේ මගපෙන්වීම අනුව ආදි වාසී පවුල් 98ක සාමාජිකයන් බිබිල රතුගල "තුරුලිය" වන ගොමුවේදී ප්‍රථම වරට අවුරුදු උත්සවයක් පසුගියදා පැවැත්වුවා.

මෙම අවරුදු උත්සවයේ තරංග සංවිධානයකොට තිබුනේ ආදිවාසීන්ගේ සිරිත් විරිත් වලට මුල් තැන දෙමින්. 

නියෝජ්‍ය අධ්‍යාපන ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතාද මෙම අවුරුදු උත්සවයට සහභාගි වූ අතර එහි පැවැත්වූ ඇතැම් තරඟ වලට සහභාගී වීමටද අමතක කලේ නැහැ.

එම අවරුදු උත්සවයේ ජයාරූප කිහිපයක් පහතින් බලන්න 

මෙවර මැයි දිනයෙන් පසු ''වම'' යා යුතු අත - කුසල් පෙරේරා


මේ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි වන පිරිස් පැහැදිලිවම අලූත් වෙමින් ඇත. සිවිල් යුද්ධය දිනා ගැනීමෙන් පසු ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය ලබා ගත හැකි යැයි සිතා, ආණ්ඩුව දියත් කළ යුද්ධය වෙනුවෙන් ඕනෑම නීති විරෝධී කි්‍රයාවක්, මර්දන කි්‍රයාවලියක් හා මහා දූෂණ වංචාවන් දැනුවත්ව ඉවසූ පිරිස් සමහරකට අමතරව, සාමාන්‍ය ජනතාවගේ ඇතැම් කොටස් ආණ්ඩුව හා උරණ වෙමින් සිටිති.
නගරයේ පහළ ආදායම්ලාභීන් සහ ග්‍රාමීය සමාජයේ පහළ මැද පංතික කොටස් ඔවුන් ගේ දෛනික වියදම් විඳ දරා ගැනීමට ඇති අපහසුව හමුවේ, රාජපක්ෂ ආණ්ඩුව හා විරෝධයන් අවුලූවා ගන්නේ ය. මේ අතර, උතුරු නැගෙනහිර දෙපළාතෙන් පිට ද, සු`ඵ වාර්ගික හා ආගමික ජනතාවගේ මූලික අයිතීන් නොතකා හැසිරීමෙන් ආණ්ඩුව තවත් ජන කොටස් තරහ කර ගෙන ඇත.

ජිනීවා යෝජනාව: අභ්‍යන්තර රාව ප‍්‍රතිරාව - සුනන්ද දේශප‍්‍රිය


‘හේයි ජිනීවා! අපි දැන් මරන්නේ නෑ, අපි කනවා විතරමයි...කන කොට වල් ඌරො ලස්සනයි, කන කොට රටත් ලස්සනයි, .... පන්සල්වලට අරක්කු, රටටම පිරිත් පැන්, අපෙ දූපත අපට දෙන්න, අපි දැන් කනව විතරමයි.. අපි දැන් වෙඩි තියන්නෙ නෑ, අපෙ නිදහස අපට දෙන්න..කව්ද මේ මිනි මරන්නේ, අපි නම් නෙවෙයි, අපි දැන් කනව විතරමයි’’ නම් අජිත් කුමාරසිරිගේ ගායනය සටහනක් ද සමඟ සිය වෙබ් අඩවියේ පළ කල කැනඩාවේ ජීවත්වන ශ‍්‍රී ලාංකික මාධ්‍යවේදී ඞී.බී.එස්. ජෙයරාජ් සඳහන් කළේ එය තමන්ට එවූයේ තානාපති දයාන් ජයතිලක විසින් බවයි.

''මේ සිංහල අපගේ රටයි, අප ඉපදෙන මැරෙන රටයි'' දඹුල්ලෙන් ඇසෙන ජාතික උදානය - ගාමිණී වියන්ගොඩ


පසු ගිය දා දඹුල්ලේ පිහිටි මුස්ලිම් පල්ලියක් කඩා විනාශ කෙරුණි. තවත් හින්දු කෝවිලක් බලහත්කාරයෙන් ඉවත් කරන බවට තර්ජනය කොට තිබේ. මේ මැර ප්‍රහාරය සහ තර්ජනය පෙරමුණේ සිටියේ, ගෞතම බුදුන් වහන්සේගේ බුද්ධ පුත්‍රයන් යැයි කියාගන්නා භික්ෂූන් පිරිසකි.
එවැනි එක් බුද්ධ පුත්‍රයෙක් තමාගේ සිවුර ගලවා උඩ පනිමින් මේ ප්‍රචණ්ඩත්වයට ජනතාව උසිගැන්නුවේය. විනාශය අවසානයේ මේ භික්ෂූහූ පිරිත් සජ්ජායනා කළහ. ජනතාව සාධුකාර දුන්හ.

ඒ වු නිදහසේ සවර්ග රාජ්යකයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ....


පටු අදහස් නම් පවුරින් ලෝකය කෑලි කෑලි වලට කැඩී බිදී යන බව මහගම සේකරයන් කිවුවේ මීට අවුරුදු ගණනාවකට පෙරයි. ඒත් බුද්ධ ශ්රාබවක වහන්සේලා විසින්ම පටු අදහස් පතුරුවනු ඇතැයි මහගම සේකරයන් කවදාවත් සිතන්නට නැතිව ඇති.
අප පොඩි කාලයේ අසා ඇති බණ කතා වල හැමදාම කියවුණේ නරක ගති ඇති පුද්ගලයන් බුදු බණ අසා දමනයවූ ආකාරයයි. බුදුන් මරන්නට පැමිණි දේවදත්තයන් පවා බුදු බණ අසා ධර්ම මාර්ගය තෝරා ගත්තේ බදු බණෙහි ඇති බලයෙන් බව අප කුඩා කලදී උගත්තෙමු. එමෙන්ම, මහණ වීමෙන් පසුවද නරක ගති දිගටම පවත්වා ගත් තෙරුන් වහන්සේලා ගැනද අප බණ කතා වල අසා ඇත්තෙමු. ඒ ඔවුන් පෙර ආත්ම වල සිදු කළ පාප ක්රිුයා නිසා බව අප උගත්තෙමු. බුදුන් වහන්සේ මෙවැනි මහණුන්ට අනුකම්පා කළහ, පවු වලින් නිදහස් වී සසර කෙළවර කර ගැනීමට මාර්ගය පෙන්වූහ.
දැං බලමු මේ බණ කතාව.

සුදු වෑන් ‘සෙල්ටෙල් රවී’ට ඉව අල්ලයි !


දෙමළ කෝටිපති ව්‍යාපාරිකයෙකු හා ජනාධිපතිවරයාගේ යාග-හෝම සම්බන්ධීකරණය කරන තිරුනඬේෂන්ගේ ප‍්‍රධානතම ගෝලයා ලෙස සැලකෙන රවි චන්ද්‍රන් නොහොත් ‘සෙල්ටෙල් රවී’ කවරාකාරයකින් හෝ අත්අඩංගුවට ගෙන ඔහු සම්බන්ධ බවට සැක කෙරෙන පැමිණිලි පිළිබඳව සම්පූර්ණ විමර්ශනයක් වහා සිදු කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා නියෝග නිකුත් කොට ඇතැයි වාර්තා වේ.
රවි චන්ද්‍රන් නොහොත් ‘සෙල්ටෙල් රවී’ මෙසේ පැහැර ගැනීමට හෝ අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් වී තිබෙන්නේ රජයේ බුද්ධි අංශ විසින් ඔහුව ‘ඩබල් ඒජන්ට්’ කෙනෙකු වශයෙන් හඳුනාගෙන තිබීමයි.

දඹුල්ලේ කාලි කෝවිලට ජනපතිගෙන් විශේෂ ආරක්ෂාවක් !


අනවසර ඉදිකිරිමක් ලෙස චොදනා කරමින් ආරම්භ වු දඹුල්ලේ ආගමික අවුලට 'අනවසර ඉදිකිරිමක්' වන කාලි කෝවිල මැදිහත් කර ගැනීමෙන් වලකා ගන්නා ලෙස ජනාධිපති රාජපක්ෂ ඊයේ උදෑසන 5.40 ට පමණ පොලිසිපති ඉලංගකෝන් මහතාට වහාම නියෝගයක් නිකුත් කර තිබෙන බව විශ්වාසවන්ත ආරංචි මාර්ග සදහන් කරයි.
ඊට හෙතුවි ඇත්තේ ඊයේ පාන්දර 2.30 ට පමණ මෙරට ප්‍රකට ජ්‍යොතීර්වේදියෙකු , මහෝපාද්‍ය වැලිවිටියායේ කුසලධම්ම නාහිමියන් සමඟ ජනාධිපතිවරයා දුරකතනය ඔස්සේ කල සාකච්ඡාවකින් පසුවය. ජනාධිපතිවරයාට කාලි මෑණියන්ගෙන් මහත් බලවත් අපලයක් තිබෙන බැවින් , දඹුල්ලේ කාලි කෝවිලට යම් හානියක් සිදුවුවහොත් එය ජනාධිපතිවරයාට ඉතා අසුභ බවත්, එය අනතුරකට හේතුවිය හැකි බවත් එසේම, මැයි 09 වෙනිදා සිදුවන ගුරු මාරුවේදී තදබල අසුභ තත්ත්වයන්ට ජනාධිපතිවරයා ලක්වීමට හේතු විය හැකි බවත් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ.

දුමින්ද සිල්වා ‘අපරාධ වින්දිතයෙකු’ බවට පත්වේ


භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන නඩුවේ ප‍්‍රධාන සැකකරු කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මහතා ‘අපරාධ වින්දිතයෙකු’ බවට පත් කිරීමේ සූදානමක් පවතින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත අනාවරණය වේ.


දුමින්ද සිල්වා හට යමක් කියවන විට අවබෝධ කර ගැනීමට හා එයට පිළිතුරුදීමට නොහැකි බවත්, ඔහුගේ මතකයේ ඇති යමක් පිළිබඳව කිසිදු මතකයක් නොමැති ලෙසත් ඔහු දැඩි මානසික ආතතියකින් පෙළෙමින් අසන දේ තේරුම් ගැනීමට නොහැකිව ජීවිතාන්තය දක්වා දැඩි මානසික ආබාධයකට ලක්ව ඇති බව මීළඟ නඩු දිනයේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ගොනු කිරීමට යන වැඩිදුර වාර්තාවේ සඳහන්ව තිබේ.

ජනක ඇතුලු ඇමතිවරු පිරිසකට එරෙහිව සී.අයි.ඞී.ය වැඩ අරඹයි!


මාතලේ දිස්ති‍්‍රක්කයේ දඹුල්ල පාර්ලිමේන්තු මන්තී‍්‍රව සිටිමින් රජයේ ඉඩම් අයථා ලෙස විකිණීම, රජයේ ඉඩම් කිසිදු නීත්‍යානුකූල පදනමකින් තොරව පවරාදීම සහ රජයට අයත් ඉඩම් - ඉඩම් කච්චේරියක් මගින් නිකුත් කළා යැයි ගම්‍යශීලී වන පරිදි ව්‍යාජ ලෙස මුදලට විකිණීම යන චෝදනා යටතේ දඹුල්ල පාර්ලිමේන්තු මන්තී‍්‍ර, ඉඩම් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට විරුද්ධව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (26) සිට විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තාවේ.


ඉනාමළුව පන්සලේ රහස් සාකච්ඡාවක්


පෙරේදා (26) පස්වරු 2.15 - පස්වරු 4.00 අතර කාලය තුළ ඉනාමළුව පන්සලේ පැවැති රහස් සාකච්ඡාවක් පිළිබඳව අප වෙත වාර්තා වේ.


මෙම රහස් සාකච්ඡාව ඉනාමළුවේ සුමංගල හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වී තිබෙන අතර, ඒ සඳහා මත්පැන් නිෂ්පාදක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා, ඉනාමළුව සංස්කෘතික ති‍්‍රකෝණය සුරැකීමේ සභාපතිවරයා, දඹුල්ල මූලස්ථාන පොලිසියේ මූලස්ථාන භාර ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජනක වීරසිංහ, සහකාර පොලිස් අධිකාරී ඒ.කේ. ගුණසේන, මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.අයි. අබේසිරිවර්ධන සහ තවත් නන්නාඳුනන පුද්ගලයින් තිදෙනෙක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි වී තිබේ.

ජෙනරාල්ට ඇප දීම තීරණය වන්නේ කල්ක්‍රියාව මතලූ!


ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට ඇප ලබාදීම තීරණය වන්නේ ඉදිරි දින කිහිපයේදී ඔහුගේ කල්ක්‍රියාව මත යැයි ජනාධිපතිවරයා පැවසූ බව ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා, ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙකුට දකුණු කොරියාවේ සිට ඊයේ පවසා තිබේ.
ෆොන්සේකා මහතාට එරෙහිව දෙවන යුද අධිකරණය විසින් ලබා දුන් මාස 30ක සිර දඬුවම 26වනදා අවසන් වූ බැවින් ඔහුට එරෙහි අනෙකුත් නඩු සම්බන්ධයෙන් ඇප අයැදුම් කළ හැකි බැවින්, ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියා මාර්ග පිළිබඳව අදාළ මාධ්‍යවේදියා කළ විමසීමේදී අලහප්පෙරුම ඇමතිවරයා එම කාරණය සඳහන් කර ඇත. එසේම එම කාරණය පුවත්පතෙහි පළ නොකරන ලෙස ද ඇමතිවරයා එකි මාධ්‍යවේදියාගෙන් ඉල්ලා තිබේ.

ගාමිණි සෙනරත්ට ග්‍රෙගරි පාරේ මිලියන 150ක නිවසක්


ජනාධිපති කාර්ය මණ්ඩලයේ ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා රුපියල් මිලියන 150ක මුදලක් වැය කෙට කොළඹ ග්‍රෙගරි පාරේ ඉදි කළ නව නිවහනට 27වනදා ගෙවැදීමට නියමිතය.
මෙම නිවස විදේශයෙන් ආනයනයන කරන ලද අනර්ඝතම බඩු බාහිරාදිය යොදා නිමකර ඇති අතර එහි නානාකමාර කට්ටල සඳහා පමණක් රුපියල් මිලියන 35කට වැඩි මුදලක් වැය වී ඇති බව වාර්තාවේ. මෙම නිවස ඉදිකිරීම සඳහා ප්‍රසිද්ධ කැසිනෝ ව්‍යාපාරිකයින් වන ධම්මික පෙරේරා මහතා සහ රවී විෙජ්රත්න මහතාද උදව් උපකාර කර තිබේ.

එලියන්ත වයිට් නැවතත් සුදු වෙයි!


ආණ්ඩුව හා විපක්ෂය එලියන්තගේ ගුණ ගයති 

ජනපති එලියන්ත කෙරේ විශ්වාසය තබයි 


එලියන්තට නැවතත් ආරක්ෂාව 


බ්‍රෝකර් වරයෙකු වශයෙන් ජීවිතය පටන් ගෙන ජිවකයෙකු වූ එලියන්ත වයිට් නම් වූ වෛද්‍යවරයා පිලිබඳ මුලින්ම හෙළිකළේ 
අප විසිනි. 

වෛද්‍යවරයෙකු වශයෙන් සිටියද ඔහුට ඒ සම්බන්ධව කිසිදු සුදුසුකමක් නොමැති බවද අප විසින් පෙන්වා දෙන ලදී.ඒ අනුව ඔහු විසින් සුවපත කරන ලදැයි කිවූ රෝගීන්ගේ ගණන තරමට ඉහුගෙන් ප්‍රතිකාර ලබා ජීවිතය වරදවාගත් අයද වෙති.

පසුව නෙත් එෆ්.එම් බැලුම්ගල වැඩසටහන ඔස්සේ මුළු රටටම ඔහුගේ නිරුවත සාක්ෂි සහිතව පෙන්වා දෙන ලදී.

නමුත් අද දින වන විට ඒ සියල්ල කණපිට හරි ඇත.එලියන්ත වයිට් නැවතත් දක්ෂ ජිවකයෙක් බවට පත්ව ඇත.තහනම් 
උත්තේජක සම්බන්ධයෙන් එලියන්තට චෝදනා කල විපක්ෂයම අද එලියන්තගේ ගුණ ගායනා කරති.


කළු ගඟේ අතුරුදන්වූ පෙම්වතාගේ සිරුර සොයාගනී


ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් පරීක්ෂණයක් 
වරද දුම්රිය දෙපාර්තමේන්තුවෙනම් වන්දි 


කළුතර බෝධිය අසල දුම්රිය පාලමේ මගී තීරුවේ ගමන් කල යුවතියක් එහි ලැල්ලක් කඩා වැටි කළු ගඟට වැටීමත් සමග පෙම්වතා ඇයව බේරාගැනීමට ගොස් දෙදෙනාම මියගිය අවාසනාවන්ත පුවතක් අප ඊයේ (26) වාර්තා කළා.
 
ඊයේ දිනය වන විට පෙම්වතියගේ සිරුර සොයාගත හැකි වුවත් මිය ගිය තරුණයාගේ සිරුර සොයාගැනීමට හැකි වුයේ නැහැ. අද උදෑසන කළුතර ත්‍රිවිල් රියදුරන් සහ නාවික හමුදාවේ සහයෝගයෙන් මිය ගිය තරුණයාගේ සිරුර සොයා ගැනීමට හැකිවී තිබෙනවා.


විමල් ගෙන් අලුත් සුත්‍රයක්


පාන් මිල පහකින් හෝ හයකින් වැඩි උනොත් 
වැඩිපුර ගෙවන්න වෙන්නේ බුලත් විඩ දෙකක මිල විතරයි! 

ඊයේ (26) දිනයේදී තිරිඟු පිටි මිල රුපියල් 8.50 කින් වැඩි වීම හේතුවෙන් පාන් මිලද රුපියල් තුනත් පහත් අතර මිලකින් ඉහල දැමීමට ඉදිරියේදී තීරණය කර ඇති බව 
 බේකරි හිමියන්ගේ හිමියන්ගේ සංගමය අද දිනයේ (27) ප්‍රකාශ කරා.

පාන් මිල ඉහල යාම පිලිබඳ විමල් වීරවංශ අමාත්‍යවරයා අලුත් සුත්‍රයක් ඉදිරිපත් කරමින් පසුගියදා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙවැන්නක්.


Share this article with your friends