Chitika Smowtion 468x60


Monday, May 21, 2012

සරත් ෆොන්සේකා නිදහස්..!


5:19pm
ජනතාව වෙනුවෙන් කැපවෙනවා 
මින් ටික වේලාවකට ප්‍රථම සරත් ෆොන්සේකා මහතා විසින් පරෙවියෙකු නිදහස් කල අතර ජනතාව අමතනු ලැබුවා.එහිදී ඔහු කියා සිටියේ තමාට සිදුවූ අසාධාරණයට ජනතාව සාධාරණයක් කරනු ඇති බවයි.

මින් ඉදිරියට ජනතාව වෙනුවෙන් කැපවෙන බවත් වසර දෙකහමාරක් දේශපාලන වෛරයකට පාත්‍ර වුනත් මින් ඉදිරියට ජනතාව දිගින් දිගටම රැඳී සිටින බවත් රටේ දැනට පවතින දුෂණ ක්‍රියාකාරකම් නවතා දැමීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියා.තමාගේ ධෛර්ය කඩා වැටි නොමැති බවද ඔහු ජනතාව හමුවේ පැවසුවා තමා වෙනුවෙන් උදේ සිට රැස්ව සිටි පිරිසට ස්තුති කිරීමටද ඔහු අමතක කලේ නැහැ.

05:08pm
වැලිකඩ බන්ධනාගාරය ඉදිරියට දිවයිනේ විවිවධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් රොක් වී ඇති අතර දේශපාලන නායකයන්ද ආගමික නායකයන්ද ඒ අතර වනවා.ඇතැම් පිරිස් ජාතික ධජ ගෙන පැමිණ ඇති අතර ඇතැම් පිරිස් පරෙවියන් නිදැහැ කිරීමට රැගෙනවිත් තිබෙනවා.
මේ අතර සරත් ෆොන්සේකා ඇතුළු දේශපාලන නායකයින් විවෘත රථයකින් ගමන් කරමින් සිටිනවා.සරත් ෆොන්සේකා මහතා තව ස්වල්ප වෙලාවකින් ජනතාව ඇමතීමට නියමිතයි.

සින්ඩ්‍රෙල්ලා" චිත්‍රපටය රූගතකිරීම් අතරතුර ජායාරූප එකතුවක්

අසම්මත ප්‍රේමයකින් වෙලෙන තරුණියකගේ චරිතයට පන පොවන උපේක්ෂා ස්වර්ණමාලි "සින්ඩ්‍රෙල්ලා" චිත්‍රපටය පිළිබඳව පසුගියදා පවසා තිබුනේ "හැම චිත්‍රපටයකින්ම කළේ මාව අඬවන එකයි. නමුත් මේකේ කිසිම තැනක මම අඬන්නේ නෑ" යනුවෙනි.

එම චිත්‍රපටය රූගතකිරීම් අතරතුර උපේක්ෂා ස්වර්ණමාලිට ඇබැද්දියකට මුහුණපාන්නට සිදුවූ පුවතක් මීට පෙර අප ඔබට ගෙනාවා. "සින්ඩ්‍රෙල්ලා" චිත්‍රපටය රූගතකිරීම් කරන අතරතුර ගත් ජායාරූප එකතුවක් පහතින්.




දීපාලි විජේසුන්දරට විශේෂ ආරක්ෂාවක්


හිටපු මහාධිකරණ විනිසුරු හා වත්මන් අභියාචනාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මියට හා ඇයගේ පවුලේ සමාජිකයින්ට පූර්ණ ආරක්ෂාව සැපයීමට ආරක්ෂක අමාත්‍යාංශට තීරණය කර තිබෙනවා

තමන්ට හා තම පවුලේ සාමාජිකයින්ට ජීවිත තර්ජන එල්ලවී ඇතැයි දීපාලි විජේසුන්දර මහත්මිය ආරක්ෂක අංශ වලට කරන ලද පැමිණිල්ලක් සළකා බැලීමෙන් පසුවයි මෙලෙස විශේෂ ආරක්ෂාව ආරක්ෂාවක් සපයා ඇත්තේ. 


ගුරු මාරුව ගැන තවත් අදහසක්


  • රට පුරා සුදුකොඩි ඔසවන විශාල විපතක් 
  • රාජ්‍ය බලයට ඇතුළතින්ම විශාල හාස්‍යයක් ඇතිවන කාලයකි
  • විපක්ෂයේ ප්‍රගතියට වින කටින නායකයන් විසිවේ 
  • රාත්‍රී සමාජ ශාලා බහුල වේ. සූදුවට මිනිසුන් පෙළඹෙන පරිසරයක්
  • ෆොන්සේකා ගැන ආයෙත් රටම කතා කරයි
  • අලුතෙන් බිහිවූ විපක්ෂයක් ජනතාව අතර වැඩි කතා බහට 
පහුගිය 17 වනදා සිදුවූ ගුරු මාරුව පිළිබඳව ජ්‍යෝතිශවේදී මංජුල පීරිස් මහතා දැක් වූ අදහස් මීට පෙර ලිපියෙන් පල කලා. නමුත් ඔහුගේ ප්‍රකාශයන්ට සපුරා විරුද්ධ අදහසකුයි ජ්‍යෝතිශවේදී පී.ඩී.පෙරේරා මහතා දරන්නේ. මෙම ලිපිය මව්බිම පුවත්පතේ පලවී තිබුනේ ගුරු මාරුවට දින 4කට කලිනි.

මේ ඔහුගේ අදහස්.

Share this article with your friends