Chitika Smowtion 468x60


Wednesday, August 29, 2012

පින්තුර කථාව ( වාසනාවන්ත පියවරු සහ දරුවන්)

මේ ජනාධිපතිතුමාගේ පුතා වන රෝහිත රාජපක්ෂය. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා පමණක් නොව ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීමයි.



විමල් වීරවංස හිටපු ජවිපෙ පුර්ණකාලිකයෙකි. සරසවි සිසුන්ට පන්ති වර්ජන කිරීමට, පිකටින්, පෙළපාලි වලට යාමට නායකත්වය දුන්නේය. ඔහු සමග අරගල කල සරසවි සිසුන් බොහොමයක් අද ජිවතුන් අතර නැත. ඉතුරුවූ ටික දෙනා නන්නත්තාර වි සිටිති. නමුත් විමල් ගොඩ ගියේය. ඔහු අද රජයේ ඇමතිවරයෙකි. බිරිඳ ෂොපින් යන්නේ ඇමරිකාවේය සහ යුරෝපයේය. විමල් වීරවංස ගේ පුතා ඉගෙනුම ලබන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. ඔහුට මහපොළ අවශ්‍ය නැත.

කෞතුකාගාර හොරකම කොටින්ගේ ගිණුමට !

අධි ආරක්ෂිත කලාපයක පිහිටා තිබූ ජාතික කෞතුකාගාරයේ පෞරාණික භාණ්ඩ තොගයෙන් කොටසක් මේ වනවිට පොලීසිය විසින් සොයාගන තිබෙනවා.

එම කෞතුක භාණ්ඩ සොරකම් කර ඇත්තේ ඒවා විකුණා එයින් ලැබෙන මුදල් එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ප්‍රතිසංවිධානය කිරීමටත් එම සංවිධානයට අවශ්‍ය අවි ආයුධ මිලදී ගැනීමටත් බවට කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත දික්ඕවිට මහතාගේ 
අත්සනින් යුතුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්ය.

කෞතුකාගාරයේ භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් පවත්වමින් පාතාලයට සම්බන්ධ පුද්ගලයන් සමඟ එක්ව මෙම අපරාධ කළ බවද පොලීසිය අධිකරණට වෙත දන්වා ඇත.



සුදර්මන් හිඟුරක්ගොඩ බැසිල් රාජපක්ෂගේ රැළියේ

රට පුරා සිටින වරෙන්තුකරුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා විසින් පලාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පසුගිය කාලයේ උපදෙස් දී තිබුණි.

ඒ අනුව සියළුම වරෙන්තු හා නොතීසි ලබන සැප්තැම්බර් 01 දිනට පෙර ක්‍රියාත්මක කර අවසන් කරන ලෙස එම නියෝගයේ සඳහන් විය. ජූනි 20 දින සිට ජූලි 20 දා දක්වා වූ මසක කාලය තුළ පලාත් 8ක කරන ලද මෙහෙයුම් වලදී නිකුත් කරන ලද වරෙන්තු කරුවන් 21,798න් 17,595ක් අත් අඩංගුවට ගැනුණි.

සැප්තැම්බර් 01 වනදාට තවත් ඇත්තේ දින 3ක් පමණි. නමුත් සුදර්මන් රදළියගොඩ තවමත් නොදැල්ලේය. ඔහු 2012/08/24 දින හිඟුරක්ගොඩදී බැසිල් රාජපක්ෂ මහතා සහභාගී වූ පොදුපෙරමුණු රැලියේදී දක්නට ලැබුණි.



ලාංකික තරුණියක් Miss Italy අවසන් වටයට

ඉතාලියේ විදේශ සංක්‍රමනිකයන් සඳහා වූ තරඟයක රූපසුන්දරිය තේරීම වෙනුවෙන් පැවැත්වෙන "Miss Italia nel Mondo 2012" තරඟයේ අවසන් වටයේ 6 දෙනා අතරට පිවිසීමට ලාංකික තරුණියකට හැකිවී තිබෙනවා.

ඇගේ නම නයෝමි ඇඳිබදුගේ ය. ඇය ඉපදී ඇත්තේ රෝම නගරයේය. 18 හැවිරිදි ඇගේ දෙමව්පියන් ලංකාවේ සිට ඉතාලියට සංක්‍රමණය වූවන්ය.

ලාංකීය තරුණියක් යුරෝපීය රටක පැවැත්වෙන මෙවන් තරඟයක් සඳහා අවසන් වටයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙහි අවසන් වටය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 9 වනදාය. නයෝමිගේ ජායාරූප කිහිපයක් පහතින්

හැරී කුමරුගේ නිරුවතට ලොවපුරා සහය

එංගලන්ත රජ පවුලේ ඔටුන්න හිමි කුමාරයෙකු වන හැරී කුමරු හෝටල් කාමරයක් තුල කාන්තාවක සමග නිරුවතින් සිටින ඡයාරූප කිහිපයක් ඇමරිකානු වෙබ් අඩවියක් හරහා පසුගිය කාලයේ එළිදැක්වීමත් සමගම එම ජායාරුප මහත් ආන්දෝලනයට ලක්විය.

ඇමරිකාවේ ලාස් වේගාස් නුවර හෝටල් කාමරයක් තුලදී හැරී කුමරු සිය රාජකීය නිරුවත දෑතින් වසා ගෙන සහ නිරුවත් කාන්තාවක් සමග එකට සිටින ඡයාරුප දෙකක් ඇමරිකානු වෙබ් අඩවියක් වන TMZ හරහා ප‍්‍රසිද්ධියට පත් කරන ලද අතර එංගලන්තයේ ශාන්ත ජේම්ස් මාලිගයේ ප‍්‍රකාශකයෙක් විසින් එම ඡයාරූපයේ සිටින්නේ හැරී කුමරු බවට පිළිගෙන ඇතැයි බී බී සී වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

රජුගේ බිසවක් වන්නට යුවතියන් තරගවදින ස්වාසිලන්තය

swaziland-2නිතර අසා නැති වුවත් මෑත දින කිහිපයේ දී අපට අසන්නට ලැබුණු රටක් වන්නේ අප්‍රිකා මහාද්වීපයට අයත් ස්වාසිලන්තයයි. ඒ අන් කිසිවක් නිසා නොව එහි රාජ්‍ය නායකයා වූ තුන් වැනි ස්වාති රජු මෑත දිනක දී අප රටට සැපත් වූ බැවිනි. උඩුකය නිරුවත් වන සේ ඇඳ සිටි ඔහුගේ ඇඳුමේ වූ සුවිශේෂී බව නිසාම වැඩි දෙනෙක් මේ පිළිබඳව කතා කරන්නට ද පටන් ගත්හ.
ස්වාසිලන්තය යනු අප්‍රිකාවට අයත් රටකි. උතුරේ සිට දකුණට කි.මී. 200 ක් ද නැගෙනහිර සිට බටහිරට කි.මී. 81 ක්ද ඇති මෙය එතරම් විශාල රටක් ද නොවේ.
swaziland-3ලෝකයේ ඒඩ්ස් රෝගීන් බහුලම රට ලෙස ද වාර්තා වන්නේ ස්වාසිලන්තයයි.

ශ්‍රී ලාංකිකයන්ගේ හිසට ඉහළින් මාරයා

asbestosමා පදිංචිව සිටින සිඞ්නි නගරයේ ඔස්ටේ‍්‍රලියානු ඩොලර් බිලියන 6 (6,000,000,000) ක වියදමෙන් කරගෙන යන්නා වූ බෙලන්ගලෝ නමැති සංවර්ධන ව්‍යාපෘතියක් තිබේ. ඊයේ (23)රාත‍්‍රී රූපවාහිනියෙන් මේ සංවර්ධන භූමියේ තිබී හමුවූ වර්ග අඩියකටත් වඩා කුඩා ඇස්බැස්ටස් කැබැල්ලක් නිසා ඇති වූ මහා කලබලය මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම නවත්වන තත්ත්වයකට පත් කොට තිබුණි. භූමියේ තිබෙන ඇස්බැස්ටොස් ඉවත් කරන තුරු දස දහස් ගණනක සේවකයන් ඒ පැත්ත පළාතේ යාම සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කර තිබීම මෙයට හේතුවයි.
ඕනෑම දෙයකට නිර්භීතව මුහුණ දෙන බැන්නත් හිනාවෙවී අහගෙන ඉන්න ඔස්ටේ‍්‍රලියානු ජාතිකයෝ ඇස්බැස්ටස් යන වචනය ඇහුණු ගමන් නවතින්නේ හැතැප්ම ගාණක් දිවීමෙන් පසුවයි. ඒ ඇහැට පේන්නේ නැති තරමේ ඇස්බැස්ටොස් කෙන්දක් හුළෙඟ් පාවී ඇවිත් හුස්ම ගත්තොත් එයින් පෙනහළු පිළිකාවක් හැදෙන බව දන්නා නිසායි.

පාඨකයන්ගෙන් ගැලවීමක් නොලද තැන ෂර්ලොක් හෝම්ස් මරණයෙන් නැගිටුවාලූ ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල්

E-mail
6-31886 කොනන් ඩොයිල් විසින් දී රචනා කරන ලද ඒ A study in scarlet කතාව ඔහු පුවත්පත් සහ සඟරා විශාල ප්‍රමාණයකට යවා තිබිණි. නමුත් ඒ සෑම ප්‍රකාශන ආයතනයකින්ම ප්‍රතික්ෂේප වූ මෙම කතාව, ‍පොත් රාක්කයේ මුල්ලකට දැමීමට පෙර අවසාන වශයෙන් ‘වෝඩ් ලොක්’ ප්‍රකාශන ආයතනයට යවනු ලැබිය.
සතියක් පමණ ගත වුණු තැන ශ්‍රීමත් ඩොයිල්ට වෝඩ් ලොක් වෙතින් තැපැල් පතක් ලැබි තිබුණි. “ඔබ විසින් එවන ලද A study in scarlet සඳහා මෙවර නත්තල් කලාපයේ ඉඩ වෙන් කළ නොහැකිය. ලබන වසරේ නත්තල් කලාපයේ එය පළ කිරීමට අපි කැමැත්තෙමු. ඒ සඳහා ඔබේ අදහස අපට දන්වන්න” ලෙස එහි සඳහන්ව තිබිණි. එය දුටු ශ්‍රීමත් ඩොයිල්ට මහත් දුකක් දැනිණි.

Share this article with your friends