Chitika Smowtion 468x60


Sunday, March 11, 2012

ජොන්ට පහරදෙන්නැයි ජනපතිවරයා පවිත‍්‍රාට කියයි


රත්නපුරයට මත්කුඩු ගෙනයාමට හා කහවත්තේ ද්විත්ව ඝාතන සිද්ධීන්ට ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා සම්බන්ධ බවට රත්නපුර දිස්ත‍්‍රික්කය පුරා රහසිගත ප‍්‍රචාරයක් ක‍්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා පවිත‍්‍රා වන්නිආරච්චි අමාත්‍යවරියට දැනුම්දී තිබේ.
ජනාධිපතිවරයා පැවරූ එම රාජකාරිය මේ වනවිට අකුරටම ක‍්‍රියාත්මක කරමින් සිටින වන්නිආරච්චි ඇමතිවරිය ජෝන් සෙනවිරත්න මහතාට එරෙහිව මඩ ව්‍යාපාරයක්ද ක‍්‍රියාත්මක කර තිබේ.

ආණ්ඩුවෙන් එළවලූ ගොවීන්ට තර්ජන


දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවලූ ගොවීහු එළවලූ විකණීමෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමග ආණ්ඩුවේ දේශපාලනඥයින් පිරිසක් විසින් වෙළදුන් බියගැන්වීමට පටන්ගෙන තිබේ. පසුගිය මාස 2 ක තුළ එළවලූ සඳහා නිසි මිලක් නොතිබීම හේතුවෙන් එළවලූ ගොවීහු අස්වනු නෙළීම නවතා දැමීමට තීරණය කළේය.
එයට හේතු වූයේ එළවලූ කිලෝ එකක මිල අසීමිත ලෙස පහත වැටීම හේතුවෙන් ගොවීන්ට නිශ්පාදන හා ප‍්‍රවාහන වියදම් පියවා ගැනීමටවත් අවම මුදලක් හෝ ලබාගැනීමට නොහැකිවීමයි. පසුගිය සතිය වන විට තක්කාලි කිලෝ ග්රූම් 1 ක් රුපියල් 4 දක්වා පහත වැටින. මේ සතිය වනවිට එහි මිල රුපියල් 2 ක දක්වා පහත වැටී තිබේ.

ජිනීවා හිලව්වට ඉන්දියාවට තෙල් නිධි


එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් සමුලූවේදී ලංකාවේ වෙනුවෙන් පෙනී සිටීමටනම් මන්නාරම් ද්‍රෝනියේ පවතින තෙල් ගවේෂන කොටස් ඉන්දියාවට ලබාදිය යුතු බවට කොන්දේසියක් පැනවී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පසුගිය 06 වන දින හින්දු පුවත්පත කළ අනාවරණයකට අනුව ලංකාවේ තෙල් ගවේෂණය සම්බන්ධයෙන් වෙනත් රාජ්‍යයන්ගේ මැදිහත්වීම ඉන්දීය රජය නොසතුට පළකර තිබේ.
ශ‍්‍රී ලංකාව සතු තෙල් නිධි කොටස් නමයෙන් මෙතෙක් ඉන්දියාවට ලබාදී ඇත්තේ කොටස් දෙකක් පමණක් වන අතර ඉන්දියාවේ කෙයාන්ස් සමාගම විසින් එම කොටස් දෙකින් එක් කොටසක තෙල් ගව්ෂන සිදු කොට එහි තෙල් ඇති බවද තහවුරු කර තිබේ.

තමාගේ දේපල පෙර ආත්මයේ දියණියට ලියා දුන් ජයරත්න මහතාගේ කතාව


  • අවුරුදු 30දි බුද්ධ ශක්තිය ගත්තා 
  • රාවණා රජු මට සිහිනයෙන් කතා කරනවා
  • මා මේ යන්නේ බුදුබව පතාගෙන යන ගමනක් 
  • දැන් ගත කරන්නේ දාන පාරමිතාව 
  • බුදුන් කාලයේ සමහර චරිත තවම සසර සැරිසරනවා 
  • ගෝඨාභය හා ලලිත් වීරතුංග සිටින තැනට මම 2045 දී එනවා 
  • හැබැයි එතනට ඇවිත් දවස් හතෙන් මැරෙනවා 
තමාගේ පෙර ආත්මයේ දියණියට සියලු දේපල ලියා දුන් ලංකාවේ ඉතිහාස ගවේෂක ජයරත්න පතිආරච්චි මහතා පිළිබඳව අප මෙයට පෙර ලිපියකින් හෙලි කලා. පහතින් දැක්වෙන්නේ ඔහු ඒ පිළිබඳව සිදුකල හෙළිදරව්වක් වේ.

පෙර ආත්මයේ දියණිය කියා හදුනාගත් යුවතියකට ඔබට විසීමට තිබු එකම නිවස සහ ඉඩම පරිත්‍යාග කළා කියා දැනගන්න ලැබුනා. මේ ගැන ඇහුව බොහෝ දෙනා ඇහුවේ ඔබට පිස්සුදැයි කියා. ඒ ප්‍රශ්නය කෙලින්ම ඔබට යොමු කරනවා.
මට පිස්සු නැහැ. මා හොඳ සිහි බුද්ධියෙන් ඉන්නවා. මට මානසික රෝගයක් නැති බව පසුගිය අවුරුද්දක ගල්කිස්ස දිසා අධිකරණයේ නියෝගය පිට පර්යේෂණ කොට අංගොඩ මානසික රෝහලේ වෛද්‍යය වාර්තාවක සඳහන් වනවා.

ඇයි මේ වගේ පරිත්‍යාගයක් කරන්න හිතුනේ?
කොහෙත්ම අවරුදු 12 සිට ආශාවන් ඇත හැරියා. දැන් කිසිම දෙයක් ගැන ආශාවන් නැහැ. මා අවුරුදු 12 සිටම ඇඟට පළදනා කිසිම දෙයක් පලදලා නැහැ, පලදින්නේත් නැහැ, ඒවාට ආසත් නැහැ.අත් ඔරලෝසු මුදු තියා මම පාවහන් හෝ සපත්තුවත් පලදින්නේ නැහැ.

කව්රුහරි තෑගී දුන්නත් මා ඒවා වෙන කෙනෙකුට දෙනවා. කුඩා කාලයේ මහන වීමට ආසාවෙන් හිටියා නමුත් බැරි වුනා.අම්ම ඊට ඉඩ දුන්නේ නැහැ. පසුව බිබිල පැත්තේ කාලයක තිබෙන ගල් ගුහාවක අවුරුදු තුනහමාරක් භාවනා කරමින් භාවනා කරමින් කාලය ගත කළා. ඉතිපිසෝ ගාථාව හාරලක්ෂ අසුපන්දහස් හාරසිය හතලිස් අට වරක් කියලා බුද්ධ ශක්තිය ලබා ගත්තා.

Share this article with your friends