ජිනීවා රාජකාරියෙන් කැපේ: කේලමා අනුර ප්‍රියදර්ශන!
ජිනීවාහි ජගත් මානව හිමිකම් කොමිසමේ රාජකාරි සඳහා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරියේදී සහභාගී කරවා නොගැනීමට රාජපක්ෂ රෙජීමය තීන්දු කර ඇතැයි
අප වෙබ් අඩවිය වෙත වාර්තා වේ. නිමල් සිරිපාල ඇමැතිවරයා මරා රෙජීමය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ නිසියාකාරව වැඩ කෙළේ නැතැයි යනුවෙන් ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා විසින් මරා වෙත කේලාම් කීමේ ප්‍රතිඵලයක් ලෙස මරා විසින් ඉහත තීන්දුව ගෙන ඇතැයි දැන ගන්නට තිබේ.ජිනීවාහි ජගත් මානව හිමිකම් කොමිසමේ රාජකාරි සඳහා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරියේදී සහභාගී කරවා නොගැනීමට රාජපක්ෂ රෙජීමය තීන්දු කර ඇතැයි
මේ ආකාරයටම ජිනීවා හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත වරිය ලෙස කටයුතු කළ තමරා කුගනායගම් මහත්මියද ඉන් ඉවත් කර කියුබාවේ තානාපතිනිය කර යැවුවේ ය.
පසුගිය කාලයේ සාම ක්‍රියාවලියේදී ද යුදමය ක්‍රියාවලියේදී ද ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ කටයුතු කර ඇති නීතිඥ නිමල් සිරිපාල ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රමාණික පළපුරුද්දක් ඇත්තෙක් වන අතර පසුගිය ජිනීවා සමුළුවේදී ජාතිවාදී අන්තවාදියෙකු ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ හැසිරී නොමැත. එසේ හැසිරීමද රට තවත් අපකීර්තියට ලක්වන්නකි. මේ තත්ත්වයන් නොඉවසන මරා අනුර ප්‍රියදර්ශනගේ කේලාම් සියල්ල අනුමත කර තිබේ. අනෙක් අතට ශ්‍රීලනිපයේ දෙවන පෙළ නායකයන් සමග මරා තුල ඇත්තේ කැපිල්ලකි. මන්ද යත් රාජපක්ෂලා ඉදිරියට ගත යුතු බැවිනි. එම හේතුවද නිමල් සිරිපාල ඇමැතිවරයා ඉදිරි ජිනීවා මානව හිමිකම් කොමිසමේ කටයුතු වලින් ඉවත් කිරීමට ගත් තීරණයට බලපා තිබේ.