Chitika Smowtion 468x60


Monday, April 30, 2012

සිසුන් පාසල් වලට ඇතුලත් කර ගැනීමේදී ගහන ගැහිලි


සිසුන් පාසල් වලට ඇතුලත් කර ගැනීමේදී බොහෝ ජනප්‍රිය පාසල් වල හොර මැර දූෂණ එළිපිටම සිදුවේ. බොහෝ විට මේවා සිදුවන්නේ අදාල පාසලේ විදුහල්පතිවරයා, පාසලේ බලවත් ගුරුභවතුන් , ආදී ශිෂ්‍ය සංගම්වල සාමාජිකයන් , අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන් , කලාපයේ දේශපාලකයන්ද සම්බන්ධ කරගෙනය. 

මෑතකදී කොළඹ මහානාම විදුහලේ අලුතෙන් සිසුන් පාසලට ගැනීමේදී මුල්‍ය අල්ලස් මෙන්ම ලිංගික අල්ලස් පවා ලබාගෙන ඇති බවට පොලිස් ආරංචි මාර්ග පවසයි.

දැනට මෙම සිද්ධිය සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත්වීමට රහස් පොලීසියට සහ අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමට පවරා ඇත. නමුත් මෙම පරීක්ෂණ දේශපාලකයන්ගේ බලපෑම් නිසා යට යාමේ බලවත් ප්‍රවණතාවයක් තිබේ. 


ආබාධිත රණවිරුවන්ගේ අවුරුදු උත්සවය


රණවිරු සැමරුම් මාසය අද (30) සිට මැයි 30 වැනි දා දක්වා ක‍්‍රියාත්මක වේ. අද පෙරවරුවේ අරලියගහ මැදුරේ දී  ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ප‍්‍රථම රණ විරු කොඩිය පැළඳවීමෙන් අනතුරු ව ජනාධිපතිතුමන් විසින් රණ විරු සැමරුම් මාසයේ ආරම්භය ප‍්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතය.

රණ විරු කොඩි අලෙවියෙන් ලැබෙන සියලු ම මුදල් රණ විරුවන්ගේත් එම පවුල්වලත් ඉදිරි සුබසාධන කටයුතු වෙනුවෙන් යොදවනු ලබයි.

පහතින් දැක්වෙන්නේ පසුගියදා පවතී අබාධිත රණවිරුවන්ගේ අවරුදු උත්සවයක ජයාරූප කිහිපයකි.
 ජයාරූප : මේනක මදුසංක (Event Media)



ජනපති ආර්යාව කොරියා සංචාරය අතරතුර..


දකුණු කොරියා ජනාධිපති ලී මයුං බක් මහතාගේ ආරාධනයකින් මහින්ද රාජපක්ෂ ජනපති පස් දින නිල සංචාරයක් සඳහා පසුගියදා දකුණු කොරියාව බලා පිටවත් විය.


ජනාධිපති සමගින් ගිය ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය දකුණු කොරියාවේ ජනාධිපති ආර්යා කිම් යූන් ඔක් මැතිනිය හමුවක්ද සිදු කෙරුණු අතර ඉන් අනතුරුව කොරියාවේ වෙළඳපලේ සංචාරයක් කිරීමටද අමතක කොට තිබුනේ නැහැ.


එම අවස්ථාවේ ජයාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙන අතර ඒවා පහතින් බලන්න.

මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්‌ඩලයේ නිලධාරිනියක් අමාත්‍යංශ වාහන හතරක් එලවයි


සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ මහතාගේ කාර්ය මණ්‌ඩලයේ එක්‌තරා නිලධාරිනියක්‌ අමාත්‍යංශයේ අලුත් වාහන හතරක්‌ අනිසි ලෙස පරිහරණය කරන බවට වාර්තා වේ. 

මෙම නිලධාරිනිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය යටතේ ආනයනය කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක්‌ ඇයගේ පෙම්වතාගේ පරිහරණයට ලබා දී ඇත. 

එසේම ඇයගේ මවට සහ පියාටද අමාත්‍යංශයේ වාහන දෙකක්‌ ලබා දී තිබේ. මෙම නිලධාරිනිය තම නිල රථයට අමතරව ආසන විසි හතරක වෑන් රියක්‌ද අමාත්‍යංශයෙන් ලබාගෙන තිබේ. මෙම වෑන් රථය පවුලේ උදවිය සහ නෑදෑයන් සමග චාරිකා වල යෙදීමට ඇය භාවිතා කරන්නීය. 

ඊළාම් රාජ්‍ය ඇති කිරීමට දිවි හිමියෙන් ක්‍රියා කරනවා-කරුණානිධි


කරුණානිධි ප්‍රමුඛ ද්‍රවිඩ මුන්නේත්‍ර කලහම් පක්ෂය යුධ සමයේ දී සිටම එල්.ටී.ටී.ඊ. හිතවාදීන් ලෙසයි ක්‍රියා කලේ.

වසර ගනනාවක් පුරා වෙනම ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් කල යුද්ධය නිමා වුවත් කරුණානිධි පවසන්නේ ශ්‍රී ලංකාව තුල ඊලාම් රාජ්‍යයක් පිහිටුවීමේ ප්‍රයත්නය තවදුරටත් ඉදිරියට ගෙන යන අතර ඒ සඳහා තමන් දිවි හිමියෙන් කටයුතු කරන බවයි.

1980 දශකයේ දී දෙමළ ජාතිකයන් හට වෙනම ප්‍රාන්තයක් අවශ්‍ය බව කියමින් සටන් කලේ ද මෙම සංවිධානයයි.


දාස හපුවලානගේ කාටුනයට මුතුහෙට්ටිගම පරල වෙයි


දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප සංඛ්‍යාවක් ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමය.නමුත් තවමත් නියෝජ්‍ය අමාත්‍යකමක් වත් නොලැබීම පිලිබඳ එතුමා සිටින්නේ කනස්සල්ලෙනි.

ඒ හේතුවෙන්ම පසුගියදා ජනපතිතුමා වෙත මුතුහෙට්ටිගම ලියුමක් ලියුවේ තමාට වැඩ කල හැකි අමාත්‍ය ධුරයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමිනි.ලියුමට ප්‍රතිචාර දැක්වූ ජනපතිවරයා මුතුහෙට්ටිගමට අමාත්‍යධුරයක් දෙනවා වෙනුවට දකුණු කොරියානු සංචාරයට එක් කරගත්තේය.

මේ සම්බන්ධව පුවත්පත් වල විවිධ කාටුන් පළවූ අතර ඒ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පසුගියදා මෙලෙස අදහස් දැක්වුවා.

කොහිල ගහේ නැගගත් මිනිස්සු - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න


මෙවර මැයි දිනය රට තුල අළුත් බලාපොරොත්තුවක් අතිකරන්න පුළුවන් සිද්දියක් වෙනව. මොකද? මේ රජයට විරුද්ධව මතුවන විරෝධය නැඹරුවීම් දෙකකින් ඉදිරියට එන නිසා. මෙතෙක් තිවුන දේශපාලන හිදැසැත් පිරවෙන ලකුණු ඉදිරිපත්වෙලා තියෙනව.
ආණ්ඩුව ලොකුවට මැයිදිනය තියන්න දැඟළුවත්, අවස්ථාවාදී වමටත් එය එපා වෙලා වගේ. වාසුදේවලා මහින්දගේ රජයේ ජරාව වහන්න කටයුතු කලත් බොරුවට හරි වෙනම මැයිදිනයක් පවත්වන්න යනව. අන්තිම මොහොතේ ජනාධිපතිගෙන් කණේපාරක් වැදුනහම මේ බොරු දැඟලිල්ල නවත්වල ආණ්ඩුවේ මැයිදිනයටම බලූ කුක්කකෝ වගේ එකතු වෙන්න ඉඩ තියෙනව. තමන්ගේ පක‍ෂවල බිඳීයාම නවත්තගන්න වෙන විදියක් නෑ, කම්කරුවන් පොදු සටනකට යන එක නවත්තගන්න මේ විදිහට බොරු ස්වාධීන මැයිදිනයක් පවත්වන්න ඉඩදෙන්න කියල බැගෑපත්ව උන්නැහැල එකාධිපතිට වැඳ වැටිල කියනව ඇති.

ජවිපෙ කම්කරු දිනයට සූදානම් වෙමින්...


ජනතා විමුක්ති පෙරමුණ මෙවර ජාත්‍යන්තර කම්කරු දින සැමරුම කොළඹදී පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටී. එහි මැයි දින පෙළපාලිය දෙහිවල සරණංකර ක්‍රීඩාපිටියෙන් දහවල් 12.00ට ආරම්භ කිරීමට නියමිත අතර එම පෙළපාලිය පාමංකඩ, හයිවල් පාර ඔස්සේ හැව්ලොක්ටවුන් බී.ආර්.සී ක්‍රීඩාංගනයට පැමිණීමට නියමිතය. මැයි රැලිය එදින සවස 3.30ට පමණ ආරම්භ කිරීමට නියමිතය.
ජවිපෙ මැයි දිනයට සමගාමීව අධිරාජ්‍යවාදී මැදිහත්වීම් පැරදවිය හැක්කේ කෙසේද.. මැයෙන් වර්තමාන දේශපාලන තත්වය විග්‍රහ කෙරෙන පොතක් එළිදැක්වීමට නියමිතය. මැයිදින රැලිය www.jvpsrilanka.comවෙබ් අඩවිය මගින් සජීවි විකාශයක් කිරීමටද නියමිතයි.
ඡායාරූපවල දැක්වෙන්නේ ජවිපෙ සාමාජිකයින් විසින් කොළඹ බී.ආර්.සී පිටියේදී ඉදිකරන දැවැන්ත වෙදිකාවයි.

Share this article with your friends