Chitika Smowtion 468x60


Saturday, July 21, 2012

කහවත්තේ තවත් මවක් හා දියණියක් පුළුස්සා දැමූ නිවෙසක් හමුවේ.


මහේස්ත්‍රාත් පරීක්ෂණ ඇරඹේ !


කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ 18 වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු මවක් හා දියණියක් පිලිස්සී ගිය නිවෙසක් 19 අළුයම කහවත්ත පොලීසිය විසින් සොයාගෙන තිබේ. මෙම මව හා දියණිය තනිව මෙම නිවසේ වාසය කර තිබූ අතර මියගිය කාන්තාවගේ සැමියා මීට ස්වල්ප කාලයකට පෙර මියගොස් ඇත. මියගිය තරුණියගේ සහෝදරයන් කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වන බව ආරංචි මාර්ග පවසයි. මෙම තරුණිය කහවත්ත ප්‍රදේශයේ පුද්ගලික වෙලෙදසැලක සේවයේ නිරතව සිට ඇත.

දැරිය දූෂණය කළ කෝටිපති පුතා ඇතුළු පස් දෙනාට ඇප


නාවලපිටිය නගරයේදී 15 හැවිරිදි පාසල් දැරියක පැහැර ගෙන ගොස් ලැගුම්හල්වල සිරකර දූෂණය කළා යැයි චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැරයන්වරයකු හා කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුතෙකු ඇතුළු පස් දෙනා මුදල් හා ශරීර ඇප මත මුදා හැරීමට නාවලපිටිය මහෙස්ත්‍රාත් දීප්ති කොඩිතුවක්කු මහත්මිය නියෝග කළාය. ඒ අනුව සැකකරුවන් හතර දෙනෙකු හට රුපියල් ලක්ෂයක ශරීර ඇප හා රුපියල් 25,000 බැගින් මුදල් ඇපද ලැගුම්හල වෙනුවෙන් පෙනී සිටි සැකකරු හටරුපියල් 75000ක ශරීර ඇපද නියම විය.

මාතර සමලිංගික ආදරය


කාන්තාවන්ගේ ජංගම දුරකථන වලට මගහැරුණ ඇමතුම් හෙවත් මිස්කෝල් ලබාදී ඔවුන් සමග සම්බන්ධකම් පවත්වාගන්නා පිරිමින් පිලිබඳ කොතෙකුත් අසා ඇත.

එය සාමන්‍යය තත්
ත්වයක් වුවද කාන්තාවන් විසින් තවත් කාන්තාවන්ට මිස්කෝල් ලබාදී සම්බන්ධකම් පවත්වාගැනීමේ ජාවාරමක් පිළිබඳව සිදුවීම් දෙකක් පසුගිය සතිය තුළදී මාතරින් වාර්තා වී ඇත.

මේ එම සිද්ධීන් දෙක පිලිබඳ කෙටි විස්තරයකි.


පසුගිය දිනක කොළොඹ පොලිස් හදිසි ඇමතුම් අංශය වන 119 දුරකථන අංකයට කිසියම් තොරතුරක් ලැබුණි.ඒ මාතර ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරිපිට පිරිමියෙක් 
කාන්තාවකට පහරදෙන බව පවසමින්.ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ජංගම මුර සේවයේ නිරතවූ පොලිස් නිලධාරීන් දෙදෙනා රණ්ඩු කල යුවළ මාතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය වෙත් ඉදිරිපත්කොට ඇත.


Share this article with your friends