Chitika Smowtion 468x60


Wednesday, October 24, 2012

වී කුරුල්ලන්ගේ, මාල ගිරවුන්ගේ නිදහස අහිමි කිරීමට යයි




1937 වසරේ පළමුව නීතිගත වූ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අවස්ථා අටක දී සංශෝධනය වීමෙන් පසු මේ වන විට බොහෝ වනජීවීන් ගේ රැකවරණය සැලසී ඇත.

අවසන් වරට සංශෝධිත 2009 අංක 22 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත මඟින් සත්ත්ව වර්ග රාශියක් ආරක්ෂිත සතුන් ලෙස නම් කර ඇත.

ආඥා පනතේ 49 වන වගන්තිය යටතේ වී කුරුල්ලන්, රෑන ගිරවුන් හා මාල ගිරවුන් ආරක්ෂිත සතුන් වන නිසා එම පක්‍ෂියකු මරණයට පත් කිරීම, එම පක්‍ෂියාට තුවාල සිදු කිරීම, හානි සිදු කිරීම, යම් පක්‍ෂියකු ගේ බිත්තර හෝ කූඩුව ගැනීම හෝ විනාශ කිරීම, ස්වාභාවික පරිසරයෙන් අල්ලා විකිණීම, විකිණීම සඳහා ප‍්‍රදර්ශනය කිරීම හා ප‍්‍රවාහනය කිරීම වරදක්‌ බවට පත් කර තිබේ.

විගණන අධිකාරි ලලිත් අඹන්වලට ඇසිඩ් ගැසූ 07 දෙනාම හිරේ යවයි




විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගසා ඔහුගේ මරණය සිදු කරන්නට උත්සහ දැරී යැයි යන අධි‍ චෝදනා ලබා සිටි විත්තිකරුවන් හත් දෙනා සියලු චෝදනාවලට වරදකරුවන් බව මහනුවර පළාත්බද මහාධිකරණ විනිසුරු ප්‍රිතී පද්මන් සූරසේන මහතා අද (24) තීන්දු කළේය.2002 මැයි මස 20 වැනිදා මහනුවර අස්ගිරිය ප්‍රදේශයේ දී විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගසා තිබුණි. එම ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් ඒ මහතා බරපතල තුවාල ලැබූ අතර ජීවිතයත් මරණයත් අතරේ සෑහෙන කාලයක් සටන් කරමින් සිට වෛද්‍යවරුන්ගේ දක්ෂතාව නිසා ජීවිතය බේරා ගන්නට හැකි විය. එහෙත් ඇසිඩ් ප්‍රහාරයෙන් ඒ මහතාගේ ඇසක් අන්ධ වී ගියේය. මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් 07 දෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිණ.

රන්ජන් - අනර්කලී ගැටුම ඇතිවුනේ නිල් බලකාය නිසා


සිදුවීමට "නිල් බලකායගැවිමත් සමග අනර්කලී රන්ජන් සමග පැටලෙයි.

මෙයට පෙර පුවතකින් අප වාර්තා කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතරත් පළාත් සභා මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂාත් අතර ඉටි මල් ටෙලි නාට්‍යයේ දර්ශන තලයේ ඇතිවූ ගැටුමක් සම්බන්ධවයි.

මෙම ගැටුම දේශපාලනය සම්බන්ධව පැන නැගුනක් බව බොහෝ දෙනා දන්නවා වුවත් ගැටුමට මුල් වූ දේශපාලන කාරණය දැනගෙන සිටියේ නැත. පසුගිය දිනක පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් දෙමින් රන්ජන් රාමනායක එම ගැටුමට හේතුව හෙළිකොට තිබේ.

රන්ජන් ගැටුමට හේතුව විස්තර කල අයුරු බලන්න පහතින් 

Share this article with your friends