Chitika Smowtion 468x60


Sunday, January 15, 2012

සිරස කුමරිය නැවතත්



සිරස ටීවී මගින් විකාශය වූ සිරස කුමරිය වැඩ සටහනේ නවතම කලාපය ආරම්භ කිරීමට යන බව අප වෙත වාර්ථා වෙනවා.

ඒ සදහා තරුණියන්ගේ අයදුම් පත් භාර ගැනීම මේ දිනවල සිදුවෙනවා.මිට පෙර 2007 වසරේදී පැවති අදියරේදී ශලිනි තාරකා මෙනවිය සිරස කුමරිය ලෙස අභිෂේක ලැබුවා.

කෙසේ වෙතත් පළමු අදියරේ සිරස කුමරිය වැඩ සටහනට සමගාමිව සිරස කුමරියන්ගේ යැයි කියන නිරුවත් දර්ශන අඩංගු වීඩියෝවක් කරලියට පැමිණුනා.සිරස ආයතනය මේ පිලිබදව නීති මගින්ද කටයුතු කළා.

මේ අතර සිරස ආයතනයේ සේවය කල දක්ෂතම නිර්මාණ කරුවන් රැසක්ම එම නාලිකාවෙන් ඉවත් වී වෙනත් නාලිකාවන් සමග සම්බන්ද වීමද සැලකිය යුතු කරුනක්.

පහත දැක්වෙන්නේ සිරස කුමරිය නවතම වැඩසටහන පිළිබද පුර්ව ප්‍රචාරකපට කිහිපයක්.

දියණියගේ චරිතය බිලිදී, කෙහෙළිය ඇමතිකම රැකගනී


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු කාර්යාලයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජ්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගේ දියණියවන චන්දුලා මෙනවියට සිදුකළ ලිංගික අතරවරය නොසලකා නිහඬව සිටීමට කෙහෙළිය ඇමතිවරයා තීරණය කර ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු අප වෙත පැවසීය.
ජනාධිපතිවරයාගේ බලපෑම් මත එසේ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට කෙහෙළිය ඇමතිවරයා තීරණය කර තිබේ.

ජෙනරාල්ගේ ප්‍රධානීන් අතර මත ගැටුමක්


බන්ධනාගාර ගතකොට සිටින ජෙනරල් සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳ ඔහුගේ අනුගාමිකයින් අතර දැඩි මත ගැටුමක් හටගෙන තිබේ.
ජනරාල් නිදහස් කර ගැනීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහදව, එකඟතාවයක් ඇතිකර ගතයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ඇතුලූ කිපදෙනෙකුගේ අදහස වී ඇති අතර, ජනරාල් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ මතය වී ඇත්තේ, ජනරාල්ට වූ අසාධාරණය පිළිබඳව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ආණ්ඩුවට එරෙහිව අරගලයක් හරහා ජනරාල් නිදහස් කර ගත යුතු බවයි.

බෙදා හදාගෙන කන්නයි, ජනපතිවරයා මර්වින්ට කියයි


ලැඛෙන දෙයක් තම හිතවතුන් සමඟ සාධාරණ ලෙස බෙදා හදාගෙන කන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, මර්වින් සිල්වා අමාත්‍යවරයාට ඊයේ රාත්‍රියේ පවසා ඇත.
ටික දිනක් කිසිදු මාධ්‍යකට ප්‍රකාශ ලබා නොදී නිහඬවන්නැයි ඇමතිවරයාට උපදෙස් දී ඇති ජනාධිපතිවරයා, කැලණියේ ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් සමඟ අනවශ්‍ය ගැටුමකට නොයන්නැයිද දැනුම් දී ඇත.
ඊයේ පැවති කැබිනට් රැස්වීමෙන් පසු, කැලණියේ මතු වී ඇති ගැටුම සම්බන්ධයෙන් ඇමතිවරුන් කිපදෙනෙකු සමඟ සුහද කතාබහක යෙදී ඇති ජනාධිපතිවරයා, වංචනික ලෙස උපයා ගත් මිල මුදල් ඛෙදා ගැනීමේදී ඇති වූ ප්‍රශ්නයක් මත මෙම ගැටුම හටගෙන ඇතැයි පවසා තිබේ.

මර්වින්ගේ 'පොලූ උපුලූත්' සුදු වෑන්වල ඉලක්කයක් වේ


මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ තවත් සම්බන්ධීකරණ ලේකම්වරයකුවන යූ.අයි.ඊ. උපුල් නොහොත් 'පොලූඋපුල් නැමැත්තාද ආරක්ෂක ලේකම්වරයාගේ සුදු වෑන් ඒකකයේ ඉලක්කයක් වී ඇතැයි වාර්තාවේ.
පසුගියදා පැහැරගෙන ගොස් මුදා හරිනු ලැබූ මර්වින් සිල්වා ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකුවන, 'පානදුරේ ඩොනල්' නැමැත්තාගෙන් 'පොලූ උපුල්'සම්බන්ධයෙන්ද දීර්ග වශයෙන් ප්‍රශ්නකර ඇත.
රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබා ගැනීම් මෙන්ම, ඉතා ඉහළ වටිනාකමකින් යුතු ඉඩකඩම් වංචනික ලෙස අත්පත් කරගැනීම සම්බන්ධයෙන්ද චෝදනා ලැබ සිටින 'පොලූ උපුල්' මහතා, දික්වැල්ල ප්‍රදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කර ඇත.

ආයෝජන මණ්ඩලය බූදලයක් කරගත් විධායක අධ්‍යක්ෂ


නිදහස් වෙළඳ ආර්ථීකය තුළ මෙරට ඇතිකරන ලද ප‍්‍රමුඛතම ආයතනයක් වන ශ‍්‍රි ලංකා ආයෝජන මණ්ඩලය, එහිි මුඛ්‍ය පරමාර්ථය වූ විදේශ ආයෝජන සඳහා පහසුකම් සැලසීම පසෙක දමා විදේශ ආයෝජකයන් මඟින් තම මඩිය තරකරගැනීමේ දැක්මකින්.
වර්තමානයේ ක‍්‍රියාත්මක වන බව ආයෝජන මණ්ඩල සේවකයෝ පෙන්වාදෙති. අරමුණූ සහ ඉලක්කයන් පැහැදිලි නැති, නන්නත්තාර ගමනක් යන මෙම ආයතනයේ එම ගමන තවත් වේගවත් වී ඇත්තේ, වර්තමාන සභාපති / අධ්‍යක්ෂ ජෙනරාල් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී. ප‍්‍රදිනාන්දු හෙවත් සුප‍්‍රසිද්ධ ‘‘පර්ඩි‘‘ සමඟ හවුල් වී ඇති තවත් වංචාකාර පුද්ගලයෙකු වන විධායක අධ්‍යක්ෂ ධූරයක් දරන ෂිවාන් ඞී. සිල්වා නිසාය. මොහු මේ වනවිට මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්ගේ් උපදේශක වී ඇති අතර ආයතනයේ සියළු කටයුතු සිදුවන්නේ රජයට නොව, ඔවුන්ට අවශ්‍ය ලෙසය.

Share this article with your friends