Chitika Smowtion 468x60


Friday, March 2, 2012

රුපියල් 106 ට මිල නියම කළ ඞීසල් රුපියල් 115 ක් වූයේ කෙසේද?


අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමේද අනුමැතිය ඇතිව රුපියල් 106 ක් දක්වා මිල වැඩි කිරීම අනුමත කරන ලද ඞීසල් ලීටරයක මිල හිටි අඩියේම රුපියල් 115 දක්වා මිල වැඩිවූයේ කෙසේදැයි යන්න මේ දිනවල අමාත්‍යවරුන් හා ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් අතර කතාබහ වෙමින් පවතී.

ජී.එල්-සමරසිංහ ගැටුම වැලැක්වීමට ජී.එල් අප‍්‍රිකාවට යවලා


ජනාධිපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පසුගියදා (26) හදිසියේම අප‍්‍රිකාවට යවා ඇත්තේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ වැවිලි කාර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එරටට ගියදා සිටම ඇති කරගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම වලක්වා ගැනීම සඳහා බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා වුවද, ජනාධිපතිවරයා විසින් ජිනීවා සැසිවාරයට සහභාගී කරවූ ශ‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පත්කර තිබීමත්, ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස ඔහුට ජිනීවා හිදි විශේෂ පිලිගැනීමක් හිමිවීමත් පීරිස් මහතාගේ අමනාපයට හේතුවී තිබේ. එම තත්ත්වය යටතේ ජිනීවා සැසිවාරයට සහභාගී වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ජිනීවා හි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය පැහැදිලිව දෙකට බෙදී ඇති බවත් අප මීට පෙර වාර්තා කළෙමු.

ශ‍්‍රී ලංකන් එයාර් ලයින් නිසා ජනපති හා ආර්යාව අතර ගැටුමක්


ශ‍්‍රී ලංකන් එයාර් ලයින් ගුවන් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා ඉවත්කොට එම ක්ෂේත‍්‍රය පිළිබදව මනා පළපුරුද්දක් හා විශේෂඥ දැනුමක් ඇති විදේශීය ගුවන් සේවා ප‍්‍රවීනයෙකු එම තනතුරට පත්කිරීමට ජනාධිපතිවරයා විසින් ගනුලැබ ඇති තීරණය වෙනස් කොට චන්ද්‍රසේන මහතාම එම තනතුරේ රඳවා ගැනීමට ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය බලවත් උත්සාහයක් දරමින් සිටි.

පියුමි යුග දිවියට එළඹීමට සුදානම් වෙයි


ජනප්‍රිය යොවුන් නිලි පියුමි පුරසිංහ මේ දිනවල ඇයගේ විවාහයේ කටයුතු සඳහා සුදානම් වෙමින් පවතින බව වාර්තා වේ.

ඇයගේ ප්‍රථම ප්‍රේමය අසාර්ථක වූ අතර ඇය විවාහ වීමට යන්නේ ව්‍යාපාරිකයෙකු වන රේම් රාජ්ලාල් සමගයි.

පියුමිගේ වයස මේ වනවිට 22 කි.ඒ අනුව ලබන මාර්තු මාසයේ 24 වනදා ඇයගේ විවාහ ගිවිසගැනීම සිදුවන අතර 2013 වසරේ මාර්තු මස 24 වනදා ඇයගේ විවාහය සිදු කිරීමට නියමිතයි.

පියුමිගේ හා රේම් ගේ ජායාරුපයක් පහතින් බලන්න 

යාපනේ ඔටුන්න හිමි කුමරු ලංකාවේ රජකම ඉල්ලයි


යාපනේ ඔටුන්න හිමි කුමරු නමින් පෙනී සිටින රෙමිජියස් කනගරාජා පිලිබඳ බොහෝ දෙනා දැනටමත් දන්නා පුද්ගලයෙක්.යාපනයේ සංකිලි රාජ පරම්පරාවෙන් තමා පැවත එන බව පවසන ඔහු ලංකාවේ ඔටුන්න හිමි කුමරු ලෙස විදේශයන්හි උත්සව වලට පවා සහභාගී වෙයි.

ඒ සෑමවිටම රාජකීය සම්ප්‍රධායෙන් සැරසී ඒවාට සහභාගී වීමට ඔහු අමතක කරන්නේද නැත.

තමන් ඔටුන්න හිමිකුමරු වන්නේ කෙසේද යන්නත් රාජ මාලිගයක සිට ගන්න ලද ජායාරුප ඇතුලත් වෙබ් අඩවියක් ඔහු විසින් නඩත්තු කරනු ලබයි.

බි.බි.සි රුපවාහිනිය මොහු පිළිබඳව "ලංකාවේ ඔටුන්න හිමි කුමරු" නමින් වැඩසටහනක් ප්‍රචාරය කල අතර තවත් "සැඟවුණු රජ කුමරුන්" නම් වැඩසටහන් මගින් ද මොහු පිලිබඳ ප්‍රචාරය වුනි. 

ජිනීවා අර්බුදයට එරෙහිව තරුණයන් 500ක් මරාගෙන මැරෙන්න ඉදිරිපත් වෙයි


ජනාධිපතිතුමාට හා රජයට එරෙහිව ජාත්‍යන්තරය ගෙනයන කුමන්ත්‍රණය පැරදවීම උදෙසා මරාගන මැරෙන බෝම්බ කරුවන් වෙන්න තරුණයන් 500ක් පමණ සූදානමින් සිටින බව සමාජසේවා ඇමති ෆීලික්ස් පෙරේරා අමාත්‍යවරයා පසුගියදා පැවසුවා.

ජිනීවා අර්බුදයට එරෙහිව ජා-ඇල පැවති උත්සවයකදීයි ඔහු මේ අදහස් පල කළේ.

"ජා ඇල ආසනයේ තරුණයන් පන්සියයක් පමණ ඇවිත් මගෙන් ඉල්ලීමක් කෙරුවා ජනාධිපතිවරයාට විරුද්ධව එන බලවේග වලට මුහුණ දෙන්න අපටත් මරාගන මැරෙන බෝම්බ කරුවන් වෙන්න පුළුවන්ය කියලා.

බීමත්ව රිය පැදවූ හිමිනමගේ පෙර වැරදිත්


භික්ෂුන්ට රියදුරු බලපත්‍ර ලබාගැනීමට සටන්කරන විමලවංශ හිමියෝ නමින් ලිපියක් මීට පෙර අප විසින් ගෙන එනු ලැබුවා. 

එහි සඳහන් වුනේ 2004 වසරේදී ආචාර්ය පරගොඩ විමලවංශ ස්වාමීන් වහන්සේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට ගිය අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලාට රියදුරු බලපත්‍ර නිකුත් කල නොහැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ප්‍රකාශ කිරීම නිසා එය අභියෝගයකට ලක් කරමින් අදාළ හිමිනම විසින් පෙත්සමක් ගොනු කළ පුවතක්.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් කල් භික්ෂූන් වහන්සේලා සඳහා රියැදුරු බලපත‍්‍ර නිකුත් කර නොමැති තත්ත්වයක් තුළදී බීමත්ව රිය පදවා අනතුරු සිදු කළ වාර්තා ගනනාවක් පසුගිය කාලයේ වාර්තා වුනේ.

2011 අගෝස්තු 09 වනදා දිනමිණ පුවතකින් කියවුනේ මත්පැන් පානය කර වෑන් රථයක් පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් භික්ෂූන් වහන්සේ නමකට (හෙවත් වැරදි කළ විට චීවරධාරියකු ලෙස මාධ්‍ය විසින් නම් කරනු ලබන අයකුට) කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල මහතා රුපියල් විසිපන් දහස් පන්සීයක දඩයක් නියම කළ බවයි.

ජැක්සන්ගේ පුතුගේ පෙමට වැඩිහිටි ආශිර්වාදය හිමිවේ


ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනිගේ පුතු වන අකිල ධනුද්දර සහ නිරුපිකාවක් වන නිලුක්ෂි අමන්දා හෙවත් එමි සිල්වාගේ ප්‍රේම සම්බන්ධතාවය ගැන මෙයට පෙර ලිපියකින් අප ඔබ වෙත හෙළිකර සිටියා.

මුලින් රහසක්ව පැවති එම සම්බන්ධයට දැන් වැඩිහිටි ආශිර්වාදයද හිමිව ඇති බවයි අප වෙත වාර්තා වන්නේ.

ඒ අනුව ජැක්සන් ඇන්තනි විසින් තම ඉදිරි නිර්මාණ කටයුත්තකටද එමි සිල්වා සම්බන්ධ කරගැනීමේ සැලසුමක් ඇති බවද වාර්තා වේ. 

පහතින් දැක්වෙන්නේ ජැක්සන් ඇන්තනිගේ දියණිය වන මාධවී හා එමි සිල්වා හා අකිල ධනුද්දර ඒ ජයාරූප කිහිපයකි.

බාලිකා පාසල් දෙකකට බලෙන් රිංගූ සිසුන් 43 ක් කූඩුවේ


කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාල දෙකකට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ පාසල් සිසුන් 43 දෙනෙකු පෙර කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලැබුන දුරකථන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලීසිය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සිසුන් සියලු දෙනාම කොළඹ රාජකීය විදුහලේ සිසුන් වන අතර ඔවුන් අත් අඩංගුවට පත්වී තිබෙන්නේ බිෂොප් විද්‍යාලයට ඇතුළුවූ අවස්ථාවේදීයි.

ලංකාවේ ප්‍රථම Ebook සල එටිසලාට්ලාගේ නොවේ!

පසුගිය 25 වනදා "ලංකාවේ ප්‍රථම eBook පොත්සල" යන ශීර්ෂය යටතේ පලකල ලිපියට පිළිතුරු ලිපියක් පොත්පත් ඩොට් කොම් වෙබ් අඩවියේ සංස්කාරක වන උපුල් ගලප්පති මහතා විසින් අප වෙත යොමුකර තිබෙනවා.

පහත දැක්වෙන්නේ එම ලිපියයි. 

එටිසලාට් සමාගම, ආරම්භ කළ E-Book Store එක ශ්‍රී ලංකාවේ පළමු එක නොවේ. පළමු ebook store and ඒ -library එක එලිදැක්වූයේ www.pothpath.com වේ. එමෙන්ම කාවන් රත්නතුංග මහතාට අයත්, www.mahawamsa.org යනු තවත් එවැනි E-Book Store එකකි. 

පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිආරච්චි දේපල පෙර ආත්මයේ දියණියට ලබාදී පාරට බසී


පුරාවිද්‍යා ගවේෂක ජයරත්න පතිආරච්චි ලංකාවේ ඉතිහාසය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක මත පල කෙරුවෙකි.

ජයරත්න පතිආරච්චි මහතාට අනුව දැනට අප අධ්‍යනය කරන ශ්‍රී ලාංකික ඉතිහාසය සම්පුර්ණයෙන් වැරදි සහගතය. ඔහු විසින් ලංකාව පුරා ඇති සෙල් ලිපි ගණනාවක් අධ්‍යනයකොට ඇති අතර සෙල්ලිපි  සෑම පුද්ගලයෙකුටම කියවිය හැකිසේ අක්ෂර මාලාවක් හදුන්වා දීමටද කටයුතු යොදා තිබිණි.

ඒ අනුව ඔහු සිදුකල ගවේෂණ වලින් ලංකාව පුරා ඇති සෙල් ලිපි 18 ක බුදු රජාණන් වහන්සේගේ නම සඳහන්ව ඇති බවත් බුදුන් උපන් දේශය ඉන්දියාව නොව ශ්‍රීලංකාව බවත් ඔහු මින් කලකට පෙර ප්‍රකාශකොට සිටියා.

ශනි කුජ වක්‍රවේ- පාලකයාට විරුද්ධව කැරලි


පෙබරවාරි 29වනදා වසර හතරකට පසුව උදාවන දිනයකි. මාර්තු මාසය ආරම්භ වන්නේ අඟහරු හා සෙනසුරු වක්‍රව සිටියදීයි. එම පිහිටීම අනුව සිදුවන අනාවැකි පිළිබඳව අධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පුවත්පතකට පවසා තිබෙනවා.

අඟහරුත් සෙනසුරුත් වක්‍රවී ගමන් කරන නිසා මේ ග්‍රහයන් දෙදෙනාම වක්‍රවී උච්ච රාශියක සෙනසුරු ගමන් ගත් අවස්ථා වල මීට පෙරත් ලොව පුරා කලබල තත්ත්වයක් ඇතිවී තිබේ. පාලකයන්ට ජනතා විරෝධය මතුවේ. ඔවුන් තනතුරු වලින් ඉවත්වී යන තරමටම පත්විය හැකිය.

ජනතා කණ්ඩායම් පාලකයාට විරුද්ධව කැරලි ගසයි උද්ඝෝෂණය කරයි. සෙනසුරු උච්චව සිටියදී වක්‍රවූ විට ඊට සමානුපාතිකව කුජ හෙවත් සටන්කාමී ග්‍රහයා වක්‍ර වුනාම සිදුවුණු ඒ අමිහිරි සිදුවීම් නැවතත් මේ මාසයේදී සිදුවේ. 

වැල්ලෑගල විහාරයේ අභිරහස් ආලෝකය අපවත්වූ හිමි නමකගේ


වලගම්බා රජු විසින් ඉදිකරුණු ලැබූ වැල්ලෑගල පුරාණ රජ මහා විහාරයේ නිධානයක් ගැනීමට පැමිණි හොරුන්ට නිධානය ගැනීමට නොහැකිවීමෙන් පසු පොලීසිය ගත් ජායාරූපයක අමුතු ආලෝකයක් සටහන් වීම පිළිබඳව ලිපියක් මීට පෙර ඔබට ඉදිරිපත් කළා.

එම ආලෝක සලකුණ මීට පෙර එම විහාරයේ අපවත් වූ භික්ෂුන්වහන්සේ නමකගේ බවයි පැවසෙන්නේ. උන්වහන්සේ කලක් තිස්සේ මෙම විහාරයේ වැඩ වාසය කල බවත් පුස් කොළ පොත් ආදිය පරිශීලනය කල උගත් සිල්වත් හිමි නමක් බවත් පැවසෙනවා.

අන්තර්ජාතික බලවේග හමුවේ ජනපති සැහැල්ලුවෙන්

ජනාධිපතිවරයාගේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන ලෙසට බලකරමින් ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් කිහිපයක් ජිනිවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසිවාරයේදී ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට සුදානම් වන යෝජනාව සම්බන්ධයෙන් ඊයේ දිනයේදී රටම උණුසුම් වුයේ පැවැත්වූ උද්ඝෝසණ මාලාව හේතුවෙනි.

ඊයේ දිනයේදී සමුළුව ඇමතු මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ එම නිර්දේශ ක්‍රියාත්මක කරමින් සිටින බවත් එයට ජාත්‍යන්තරයේ සහය අවශ්‍ය බවත් යනුවෙනි.

කෙසේ වෙතත් මේ අතරතුර ජනාධිපති මහින්ද රාජප්ස්ඛ මහතා නම් සිටියේ සැහැල්ලුවෙනි.අරලියගහ මන්දිරයේ වගා කල නේත්‍රපලම් කෙසෙල් ගෙඩියක රස බැලීමටත් නාලන්දා විද්‍යාලයේ නවීන ක්‍රීඩා සංකීර්ණය විවෘත කරමින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමටද ජනාධිපතිවරයා අමතක කලේ නැත.

එම අවස්ථාවන්හි ජයාරූප බලන්න පහතින් 

හිතෙන හිතෙන ගණන් අය කරන බස් වංචාව


තෙල් මිල ඉහල යාම නිසා බස් ගාස්තු වැඩි කරන ලෙස ඉල්ලා බස් හිමියන් විසින් වර්ජනයක් සිදුකොට බස් ගාස්තු සියයට විස්සකින් ඉහලට දමන ලදි. නමුත් මෙය ඉතාමත් අවිධිමත් ලෙස සකස් කරන ලද ක්‍රියාපටිපාටියකි.

අවාසනාවට මෙම මුදල රු.16 ටිකට් පතකටද ඉතුරු මුදල් ලබා දෙන්නේ රු.17 හෝ රු.18 අය කර ගෙනයි. මෙයට අමතරව ටිකට් පතක්ද ලබා නොදෙයි. මෙය පිළිබඳ අප කර විමසීමකදී දැනගැනීමට ලැබුනේ එම ටිකට් පත් ලබාදෙන යන්ත්‍ර වල නව මිල ගණන් සකස් කරන තුරු ටිකට්පත් ලබා දිය නොහැකි බවයි. මෙය කිතුල් ගහට ගිය මිනිසාට දීමට ඇති උත්තරයට සමානය.

දැනට බොහෝ බස් රථ සඳහා ටිකට්පත් යන්ත්‍ර ලබා දෙනුයේ ලිස්වින් 
ට්‍රේඩින් නැමැති ආයතනයයි. මෙහි හිමිකරු මීටර් ටැක්සි සඳහා සහ බස්රථ ටිකට්පත් යන්ත්‍ර ගෙන්වනු ලබන උපාලි ඩි සිල්වා නැමැති වංචාකාර ව්‍යාපාරිකයෙකි. 

පිටිදුවේ සිරිධම්ම හිමි ඇත්ත හෙලිකරයි!



පිටිදූවේ සිරිධම්ම හිමියන් ගැන ලිපි ගණනාවක් මීට පෙර අප විසින් පළ කර තිබෙනවා.

සමාජයේ ආන්දෝලනයක් ඇතිවූ උන්වහන්සේ සෝවාන් හා සකෘදාගාමී වූ බව පැවසීම, ටී ෂර්ට් ඇඳන් සිටි ජායාරූප ප්‍රසිද්ධියට පත්වීම, තමන්ගේ ශරීරයේ මහ පුරුෂ ලක්ෂණ ඇති බව පැවසීම ආදිය ඒ අතර ප්‍රධාන වුණා.

නමුත් මේ සියල්ලම උන්වහන්සේ ප්‍රකාශ කළේ හුදෙක් ලාබ ප්‍රසිද්ධිය සඳහා පමණක් බව දැන් උන්වහන්සේම පවසනවා. මේ බව පවසා සිටියේ පසුගිය 5 වෙනිදා සිරි සදහම් ආශ්‍රමයේ දී පැවැත්වූ වැඩසටහනකදී.

පහත දැක්වෙන්නේ මාර්ග ඵල ලාභී පිටිදූවේ සිරිධම්ම නම් චීවරධාරියා විසින් ප්‍රසිද්ධිය ලබාගැනීම සඳහා තම උපක්‍රමය විස්තර කළ අයුරුයි.

Share this article with your friends