Chitika Smowtion 468x60


Wednesday, April 11, 2012

සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු (ජායාරූප එකතුව)


සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු හලාවත

ජයාරූප : ජයසංක ප්‍රනාන්දු 


සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු කොළොඹ  



සුනාමි අනතුරු ඇඟවීමෙන් පසු දෙවුන්දර තුඩුව

ජයාරූප ජයාන් දීමන්ත

සුනාමි අනතුරු ඇඟවීම් ඉක්මනට දැනගනිමු


අද දින (11) ඇතිවුන භූමිකම්පාව හා සුනාමි අනතුරු හැඟවීම් පිලිබදව තොරතුරු සැපයීමේදී කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කටයුතු කලේ මන්දගාමී ලෙසයි. ඔවුන්ගේ නිල වෙබ් අඩවිය යාවත්කාලින කිරීමද පවතින්නේ ඉතාම අසතුටු දායක මට්ටමකයි.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින්ම ඔවුන් කෙරහි ඇති මහජන විශ්වාසය බිඳ ගෙන ඇති නිසා ඇතැම් මාධ්‍ය ආයතන මෙන්ම ජනතාවද මෙවැනි අවස්ථාවලදී විදේශීය ආයතන වලින් ඉක්මනින් තොරතුරු ලබා ගැනීමට පුරුදුව සිටිනවා.

මෙවැනි භූමිකම්පා, සුනාමි, ජල ගැලීම් වැනි ස්වභාවික විපත් වලදී ඒ පිළිබඳව ඉක්මනින් හා නිවැරදිව ලබා ගැනීමට gdacs.org නමැති වෙබ් අඩවියේ ලියාපදිංචි වීම මගින් ඔබට පුළුවන්. මෙම gdacs.org වෙබ් අඩවිය පවත්වාගෙන යන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා යුරෝපිය කොමිසමයි. මෙහි ලියාපදිංචි වීම මගින් ලොව ඕනෑම තැනක සිදුවන ස්භාවික ආපදාවක් ඉක්මනින්ම SMS පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයක් මගින් හෝ දුරකථන ඇමතුමක් මගින් ඔවුන් නොමිලේම දැනුම් දෙනවා.

මේ සදහා ලියාපදිංචි වන අයුරු පහත දැක්වේ.

සුමාත්‍රාවේ භූමිකම්පාවෙන් ලංකාවට සුනාමි අනතුරු ඇඟවීම්



Updated 06:30pm
සුනාමි අනතුරු හැගවීමේ නිවේදනය අවසන්.
ඇමරිකා පැසිෆික් සුනාමි අනතුරු හැගවීමේ මධ්‍යස්ථානය සුනාමි අනතුරු හැගවීමේ නිවේදනය අවලංගු කර තිබෙනවා. මේ අනුව ජනතාවට සාමාන්‍ය වැඩ කටයුතු සඳහා යොමුවීමට පුළුවන.

Updated 06:06 pm

ජනපතිටත් පයින් යන්න සිදුවේද?


ජනාධිපතිවරයා ගේ නිල රථයේ සිදුකල අලුත්වැඩියා වලට ගෙවිය යුතු මුදල ගෙවීම දිගින් දිගටම පරක්කු වීම නිසා එම රථයේ රියදුරා ඒ සදහා අවශ්‍ය ගෙවීම ලබාගැනීමට මුදල් අමාත්‍යංශයේ ඉහලම නිලධාරියෙක්ට කතා කොට තිබෙනවා.

එහිදී රියදුරා මේ ආකාරයට මෙම මුදල් ගෙවීම් දිගින් දිගටම පරක්කු කරන්නේ ඇයිදැයි කියා විමසා තිබෙනවා.


එවිට එම නිලධාරියා රියදුරාට පවසා ඇත්තේ මේ ආර්ථික තත්වය ඉස්සරහටත් පවතී නං ඉතින් එයාටත් (ජනපතිවරයාට) පයින් තමයි යන්න වෙන්නේ කියාය. මේ ඉහල නිලධාරියාගේ මෙම කතාව රියදුරා ජනාධිපතිවරයාත් පවසා තිබෙනවා. මේ කතාව ඇසු ජනාධිපතිවරයා කිසිවක් නොපවසා අතර සිනා සුනා.

මෛත්‍රිපාල  ත්‍රිවිල් එකේ යයි.

බුලත් හුරුල්ලෙන් දුම්කොළ ඉවතට


එළඹෙන අලුත් අවුරුද්ද මුල් කරගෙන බුලත් හුරුල්ලෙන් දුම්කොළ ඉවත්කර දුම්කොළ ක්‍රමයෙන් ලංකික සමාජයෙන් බැහැර කිරීමේ වැඩපිළිවෙලක් අරඹන බව දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා.

මේ පිළිබඳව දැනුම්දෙමින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව ඉකුත් 9 වෙනිදා අතුරලියේ රතන හිමි, මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඇතුළු ගිහි පැවදි පිරිසකගේ සහභාගිත්වයෙන් ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ දී පැවැත්වුනා. 


මේ අතර දුම්කොළ භාවිතා කිරීම් නිසා ඇතිවන රෝගී තත්වයන් හේතුකර ගෙන ලංකාවේ වසරකට මරණ 12,000 පමණ සිදුවන බවටද ගණන් බලා තිබෙනවා. කෙසේ වෙතත් මතට තිත වැනි ව්‍යාපෘති බොහෝ සෙයින් ක්‍රියාත්මක වුවත් මත්පැන් පානයේ අඩුවක් දක්නට නොලැබෙන බවද දක්නට ලැබෙනවා.

දමිතා අඩනිරුවත් ජායාරූප ගැන කතා කරයි


දමිතා අබේරත්න යනු පසුගියදා වෙබ් අඩවි තුලින් පළවූ පුවතකට නඩු මගට බැසීමට සුදානම් වූ නිළියකි.

පසුගියදා පැවැත්වූ සම්මුඛ සාකච්චාවකදී දමිතා අබේරත්න නමින් අන්තර්ජාලයේ පලවී ඇති අඩ නිරුවත් ජායාරූප වලට නීතිමය පියවර නොගැනීමට හේතු විමසු විට ඇය කියා සිටියේ වෙනස්ම කතාවක්.

ඇය එහිදී කියා ඇත්තේ අඩ නිරුවත් ජායාරූප අන්තර්ජාලයට එකතුවූ වූ එක හොඳ බවය. එයට හේතු ලෙස ඈ සඳහන් කරන්නේ මෙවන් කතාවකි 

හලාවත මහ රෝහලේ වෛද්‍ය දිනුෂා ජයසිංහ රෝගීන්ගේ බත්පතෙනුත් ගහලා


ප්‍රාදේශීය වර්තාකාරියට පරුෂ වචනයෙනුත් බැන වැදිලා...

හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ රෝහලේ ආහාර සපයන කොන්ත්‍රාත්කරුවන්ට රිසිසේ ගසා කෑමට පරිසරයක්  නිර්මාණය කර දී ඇති බව  හලාවත මහ රෝහලේ  කාර්යමණ්ඩලය සහ රෝගීහු පවසති. 


සෑම රෝහලකම  ආයතන භාර නිලධාරියා රෝහලේ මුළුතැන්ගෙය දිනපතා  පරික්ෂා කොට රෝගීන්ට සපයන ආහාර වල ගුණාත්මකභාවය පවත්වා ගැනීම කල යුතු නමුත් හලාවත මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ජයසිංහ රෝහලේ මුළුතැන්ගෙය සහ ආහාර පරික්ෂා නොකරන බවත් රෝහලට කෑම සපයන  කොන්ත්‍රාත්කරුවන්ට වංචා කිරීම සඳහා ඉඩ සලසා දී ඇති බවත් වාර්තා වේ. 


කුමාර්ගේ සහ දිමුතුගේ දිවි ගැලවීමට දායක වූ ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට අපගේ ප‍්‍රණාමය !


පසුගිය අපේ‍්‍රල් මස 06 වනදා රජයේ ආරක්‍ෂක අංශ විසින් පැහැර ගන්නා ලද පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායක පේ‍්‍රමකුමාර් ගුණරත්නම් නොහොත් කුමාර මහත්තයාගේ සහ එම පක්‍ෂයේ කාන්තා අංශයේ ප‍්‍රධානි දිමුතු ආටිගල මෙනවියගේ දිවි ආරක්‍ෂා කරලීම සඳහා ඔවුන් දෙදෙනා පැහැරගත් අවස්ථාවේ සිට ඔවුන් රඳවා සිටින ස්ථානයන් එම ස්ථානයන්හි කි‍්‍රයාකාරකම් පිළිබඳව අදියරෙන් අදියර අපව දැනුවත් කරමින් ඔවුන්ගේ දිවි සුරක්‍ෂිත කිරීමට දායක වූ ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට අප කර්තෘ මණ්ඩලයේ ශීර්ෂ ප‍්‍රණාමය මෙසේ පුද කර සිටින්නෙමු.


පෙරේදා (09) වනදා වන විටත් පැහැර ගැනීම් පිළිබඳව සම්පුර්ණයෙන්ම ප‍්‍රතික්‍ෂෙප කරමින් සිටි ආරක්‍ෂක ලේකම්වරයා සහ රජය, කුමාර් සහ දමුතු රඳවා සිටි නිශ්චිත ස්ථානය සහ ඔවුන් එම ස්ථානයට ගෙන ආ වේලාව සහ ඔවුන් භාරව සිටින උසස් පොලිස් නිලධාරියා නිශ්චිත වශයෙන්ම අප විසින් හෙළිදරව් කිරීමෙන් පසු රජයට තම ප‍්‍රතික්‍ෂෙප කිරීමේ කී‍්‍රඩාව නතර කිරීමට සිදු විය.

Share this article with your friends