- අඳ මවුපිය දෙදෙනට පාර කියන්නට සිටින්නේද මේ දිරිය දියණියයි
මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන 185ක් ලබාගත් දැරිය කුසගිනි නිවා ගන්නේ ආණ්ඩුවෙන් ලබා දෙන පිං පඩියෙනි. එය මාසයකට රුපියල් දහසකි. ඉතා අනුවේදනීය කතාන්තරයක් මේ දිරිය දැරිය සතුව තිබේ. අප ඒ කතාව සොයා ගන්නට අද (28) උදේ ඇය ඉගෙනුම ලබන පාසලටත්, ඇගේ නිවසටත් ගියෙමු. ඩබ්.එම්.රසානි දිලනිකා මධුභාෂිනීගේ වයස අවුරුදු 11කි. ඇයත්, ඇගේ මව සහ පියාත්, එකම අක්කණ්ඩියත් ජීවත් වන්නේකෑගල්ල,හිරුවානවත්ත,නියදුරුපොළ පිහිටි පැත්තක් කඩා වැටුණ ඉතා අබලන් ගේ කෑල්ලක ය. මෙහි ඉතා දුක්මුසු දර්ශනය වූයේ පුංචි රසානි දිලනිකාගේ සහ ඇගේ අක්කණ්ඩිය වන සචිනි සඳුනිකා ලක්මාලි දැරියන්ගේ දෙමව්පියන් දෙදෙනාම අන්ධ බවින් යුක්ත වීමයි. පියා වූ ඩබ්.එම්.හේරත් බණ්ඩා මහතා උපතින්ම රැගෙන ආවේ අන්ධ දෑසකි.