Chitika Smowtion 468x60


Tuesday, May 8, 2012

සුදර්මන් එජනිස මැයි රැලියේ- වරෙන්තුවට මාස 10යි


ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන්නේ පුද්ගලයා අනුව බවත් ඔහු දේශපාලන සම්බන්ධකම් ඇත්තෙක් නම් කුමන හෝ ජඩ වැඩක් කර බේරී සිටීමට පුළුවන් වන අතර කෙතරම් වංචා දූෂණ කළද එවැන්නන්ට ලංකාවේ නීතිය ක්‍රියාත්මක නොව්න බව මීට පෙර කීප විටක්ම අප පැවසුවෙමු.

ස්වාධින රුපවාහිනියේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සුධර්මන් රදලියගොඩ ටෙලිකොම් සමාගමේ ලිපි ශිර්ෂ වංචනික ලෙස යොදා ගෙන පරණ යකඩ ටොන් 1,828 ක් දෙන බව පොරොන්දු වී ලක්ෂ 15 ක් ගැනීමේ දුෂිත ගණුදෙනුවක් නිසා දුටුතැන අත්අඩංගුවට ගැනීමේ අධිකරණය විසින් නිකුත් කල වරෙන්තුවක් ඇති පුද්ගලයෙකි. ඔහුට වරෙන්තුව නිකුත් වුයේ 2011 ජුලි 19 වන දිනය.


කටකතා ගැන චිලි සහ ෂෙරිල් ගේ අදහස්


ම ෂෙරිල්ට කැමතියි - චිලි 
අපි අතර සම්බන්ධයක් නැතුවම නෙවෙයි - ෂෙරිල් 


"අමා" ටෙලි නාට්‍යය හරහා ජනප්‍රියත්වයට පත් ෂෙරිල් රොමේන් ඩෙකර් පෙම්වතෙකු සොයන බවත්, "ටිකක් උස, ඇඟිලි දිග" කෙනෙකුට කැමති බවත් මීට පෙර ලිපියකින් අප ඔබට ගෙන ආවා. 

ඉන් පසු "ටිකක් උස" පුද්ගලයෙකු වූ චිලි තිලන්ක සමග ෂෙරිල් ගීතයක් සඳහා රුප රචනාවකට සහභාගී වෙමින් ගත් ජයාරූප කිහිපයක් ගොසිප්9 ඔස්සේ පලවීම හේතුවෙන් බොහෝ දෙනා සිතුවේ ෂෙරිල්ගේ පෙම්වතා චිලී බවයි.

මේ පිළිබඳව ඔවුන් දෙදෙනා විසින් පසුගියදා පුවත් පතකට පවසා තිබුනේ මෙලෙසින්.

චිලි ඔයා ආදරය ගැන මොකද හිතන්නේ?

ශ්‍රී ලංකාවේ පරිගණකයෙන් ක්‍රියාකරවූ ප්‍රථම තොරණ


ශ්‍රී ලංකාවේ පරිගණකයෙන් ක්‍රියාකරවූ ප්‍රථම තොරණ වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ දී මෙවර 3 වන වරටත් ප්‍රදර්ශණය කෙරෙනවා.

මෙහි සුවිශේෂත්වය නම් තොරණේ සියළුම විදුලි රටා ක්‍රියා කෙරෙන්නේ පරිගණකයේ USB Port හරහායි. 2004 වසරේ දී Printer Port මගින් චැනල් 16 කින් යුක්තව ක්‍රියාකළ මෙම තොරණ මෙවර චැනල් 64 කින් යුක්තව ක්‍රියා කරයි.

වසර 5 ක් මුළුල්ලේ කළ පර්යේෂණයක ප්‍රථිපලයක් ලෙස මෙම නිර්මාණය ශ්‍රී ලංකාවේ තාක්ෂණයේ පෙරලියකි. 

සමිතාගේ පැතුම් මල්ඵල ගනී


2008 වසරේ පෙබරවාරි 15 වෙනිදා තරමක්‌ වැසිබර කාලගුණයක්‌ පැවතියත් කොළඹ වෛද්‍ය පීඨයේ හතරවන වසරේ සිසු සිසුවියන් බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව බලා නිදහස්‌ මනසින් පියමං කළේ ඔවුන්ගේ සංවිධාන ශක්‌තියෙන් එම වසරේ මාර්තු මාසයේදී කරන්නට නියමිතව තිබූ වෛද්‍ය ප්‍රදර්ශණය සඳහා ශාලා පහසුකම්, ප්‍රදර්ශන කුටි නිර්මාණය කළ යුතු තැන් සහ ඒවා නිර්මාණය කළ යුතු ආකාරය පිළිබඳව පෙරදැනීමක්‌ ලබා ගැනීම සඳහායි. 

නොසිතූ පරිදි වර්ෂාව එන්න එන්නට ම දැඩි වන්නට විය. වර්ෂාවෙන් බේරීම සඳහා සියලු දෙනා තැනින් තැන පිහිටි නොතෙමෙන ස්‌ථාන කරා දිව ගියහ.

ත්‍රි රෝද රථයක යා හැකි උපරිම ගණන තුන් දෙනාට සිමාවේ


ත්‍රි රෝද රථ කුලී සේවය ලංකාවේ ජනප්‍රිය වුවුඅද මෙතෙක් එහි ගමන් කල හැකි පුද්ගලයන් ගණන පිලිබඳ නිතිය තදින් ක්‍රියාත්මක වුයේ නැහැ 

නමුත් මේ වනවිට එයට සීමාවක් පැනවීමට පොලිසිය විසින් ක්‍රියාමාර්ග ගෙන ඇත.එයට හේතුව වන්නේ පසුගිය දින කිහිපය තුල සිදුවූ අනතුරු වලින් වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ ත්‍රි රෝද රථවල ගමන් ගත පුද්ගලයන් වීමය. 

උතුමාණනි දැන් ..පාන්!



පසුගියදා රජය විසින් පාන් ගෙඩියක මිල රුපියල් තුනකින් ඉහල නංවන ලදී.දැන් පාන් ගෙඩියක මිල රුපියල් 58 කි.

ඉහතින් දැක්වෙනුයේ පාන් මිල රුපියල්1 යි සත 35 සිට රුපියල් 2 සත 16 ක් වීම හේතුවෙන් එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ සිටි ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාට "ඇත්ත" පුවත්පත විසින් පල කල ශිර්ෂ පාඨයයි.

පහතින් දැක්වෙන්නේ ඒ සඳහා ඇත්ත පුවත්පතේ කතෘ බි.ඒ සිරිවර්ධන මහතා ඒ වෙනුවෙන් ලියු "මෙහෙමත් දුෂ්ඨ කමක්" යනුවෙන් ලියු කතු වැකියයි 

සොල්දාදුවන් අතර පශ්චාත් යුද ආතතිය ඉහල යයි


හමුදා භටයින් දෙදෙනෙකු මෙම මස 4 දින උදෑසන ඇතිවු බහින්බස් වීමකින්  පසුව  එක් හමුදා සෙබෙළෙකු තවත් සාමාජිකයෙකුට‍ වෙඩි තබා ඔහු ද සියදිවි නසා ගෙන  ඇත.

මෙම සිදුවීම උදෑසන 7.10ට පමණ යාපනය ඊ.පී.ඞී.පී. කාර්‍යාලය ඉදිරිපිටදි සිදුවී ඇති බව උතුරේ ආරංචිමාර්ග පැවසේ. මිට පෙරත් උතුරේ සේවය කරන සෙබළුන් එකිනෙකාට වෙඩි තබා ගැනීම  ,දිවි නසා ගැනීම වැනි වැනි ක්‍රියාද නොයෙකුත් ගැටුම් වලට  මැදි වීමද සිදුවූ අයුරු පුවත්පත් වාර්තා මගින් පෙනී යයි. 

එසේම මෑතකදී නිවාඩුවට ගමට පැමිණි හමුදා සෙබලෙකු විසින් තමන්ට සර් නොකී නිසා ගාල්ල, ඇල්පිටිය, දිවිතුරවත්ත වතුයායේ  දෙමළ ජනතාවට අයත් නිවාස 07කටද ගිනි තබන ලදී .

පෙරහැරේ යන අලින්ට හිංසා


වෙසක් දිනට පසුදින (ඉරිදා) හික්කඩුවේ ජනනන්දාරාම විහාරයේ 108 වන වරට පැවති පෙරහැරට රැගෙන ආ හස්තියකුට හෙණ්ඩුවෙන් ඇණීම නිසා තුවාල සිදුවීම හේතුවෙන් එම හස්තියා පෙරහැරට සහභාගී කරගැනීමට නොහැකිව බැඳ තබන ලදි.

එම අලියාගේ කන ආසන්නයට තුවාල සිදුවී තිබෙන අතර හස්තියා රැගෙන ආ පොල් අතු මිටිය බිම වැටුනු විට ඌට අමානුශික ලෙස පහරදී ඇති අතර පසු අවස්ථාවක හෙණ්ඩුවෙන්ද පහරදී තිබෙනවා.


වෙසක් පෝදා දිඹුලාගලින් UFO යානාවක් මතුවෙයි!


වෙසක් පෝදා (05) පස්වරු 7 ට පමණ පොළොන්නරුවේ ඓතිහාසික දිඹුලාගල ප්‍රදේශයේ ඉහළ අහසේ නොහඳුනන ආකාශ වස්තුවක් (UFO) දැකගැනීමට හැකි වී ඇත.

විශාල ප්‍රමාණයෙන් දර්ශනය වූ මේ ආකාශ වස්තුව නිල් රතු හා රෝස වර්ණයෙන් යුක්ත වූ අතර, එය ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්ත විය. නැගෙනහිර දෙසින් දිස්වූ මේ යානය උතුරු දෙසට ගමන් කොට අතුරුදන් වී ඇත.

අප කල සොයාබැලීමකදී හෙළි වුයේ මෙයට පෙරද මෙවන් නොහඳුනන ආකාශ වස්තුන් දිඹුලාගල අහසේ දර්ශනය වී ඇති බවයි. මෙම පියාසර කරන වස්තුන් මුල්වරට දිස්වූයේ මෙවර පෝය දිනයේදී නොවේ.

2009 වසරේ ඔක්තෝබර් 8 වනදා දිඹුලාගල ප්‍රදේශයේදී UFO යානයක් ගමන් කරන අයුරු පටිගත කිරීමට ජනමාධ්‍යවේදී ගාමණි ඔබේසේකර මහතා සමත්වී වුණා.

මෙවර වෙසඟේ ලෝක වාර්තා හා අමුතු දන්සල්


බුදු පිළිම දන්සැල.

වෙසක් හයර් දන්සැල.


ලොව දිගම පිරිත් නූල් පන්දුව.


ලොව ලොකුම බොදු කොඩිය.


මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් අමුතු අකාරයේ දන්සැල් හා වාර්තාගත සිද්ධීන් වාර්තා වුණා. පහත දැක්වෙන්නේ එවන් අමුතු ආකාරයේ දන්සැල් කීපයක් හා වාර්තාගත සිද්ධීන් කීපයකි.

බුදු පිළිම දන්සැල.

සමාජවාදය සඳහා නිසි නායකත්වයක් - ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න


ලෝකය පුරා සමාජවාදය ගැන යලි පිබිදීමක් ඇති වෙලා තිඛෙනවා. සමාජවාදය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුල මිසක ඒකාධිපතිවාදයකින් ඇති කරන්න බෑ කියල දැන් කාටත් වැටහෙනව.

දැනට භාවිතාවන ප්‍රාදේශීය කොට්ටාශ ක්‍රමයට විරුද්ධව, සමාජ කොට්ටාශ හැටියට ඡන්ද විමසීම තමා සෝවියට් ක්‍රමය කියන්නේ. සමාජ කොට්ඨාශය හදුන්වන්න තමා සෝවියට් යන වචනය ආවේ.
දැන් අපි ආසනය කියන්නේ භූගෝලීය ප්‍රදේශයක්. එතකොට එයට එක් සමාජ කොටසක් වෙනුවට විවිධ කොටස් ඇතුල් වෙනව. ඒ අනුව පංති උවමනාව වෙනුවට, පවුල, ගම, කුලය, ආගම ආදිය උඩ කැමැත්ත ප්‍රකාශ වෙනව මිස සමාජ උවමනාව එළියට එන්නේ නෑ.

අතුරු කථා කියන මහා කථාව


දේශප්‍රේමය නම් වූ මහාකථාව විසින් කණ්ඩනය කරවූ ශ්‍රී ලංකීය සමාජයේ සියළු චූල කථාවන් ද අවසානයේ සේවය කරන්නේ ඉහත මහා කථාවටමය. ඒනිසාම විටින් විට නැගෙන අතුරු කතාන්දර ඔස්සේ මේ මෙහොතේ සමාජ විඥානය සහ එම සමාජයට මතවාදයන් එන්නත් කරනා කණ්ඩායම් හි දේශපාලන ආස්ථානයේ මහා කථාව නැතිනම් ඔවුන් විසින් පින්තාරු කරමින් සිටිනා මහා චිත්‍රය නිරාවරණය වේ.
උන් සහ අපි
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාදරයන් දෙපලක් රාජපක්ෂ රෙජීමයේ නිල - නිල නොලත් සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැර ගැනීමෙන් අනතුරුව එතෙක් පැවති පැහැර ගැනීම් සම්බන්ධයෙන් වූ සමස්ථ කථාවම වෙනස් කරවීය. ජනමාධ්‍යවේදීන්, බුද්ධිමතුන්, සිවිල් ක්‍රියාධරයන්, දේශපාලන පක්ෂ සහ ඒ මොහොතට සවිඥානිකවූ සැවොම එක පෙළක සිටගත්හ. දේශාපලන විවේචනයන් තිබියදී පවා එලෙස පැහැර ගැනීම් වලට විරුද්ධව එක පෙළක සිට ගැනීම පැසසිය යුතු කරුණකි. එම සියල්ලන්ගේ එකතුවෙන් මාධ්‍ය සාකච්ඡා විශාල ප්‍රමාණයක් පැවතුණි.

මැයි දින පෙළපාලි සංවිධානයේදී තිලංග හා ගෝඨාගේ ගෝලයින් අතර ගැටුම්


පසුගිය මැයි දින පෙළපාලිය සංවිධානය කිරීමේ කටයුතුවලදී බැසිල් රාජපක්‍ෂවාදී තිලංග සුමතිපාල මන්තී‍්‍රවරයා සහ එම මැයි දිනය සංවිධානය භාරව සිටි ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂක නිලධාරීන් අතරද ගැටුම් ඇති වී තිබේ.
සන්ධාන මැයි දින පෙළපාලියේ සංවිධාන කටයුතු භාරව සිට ඇත්තේ ආරක්‍ෂක ලේකම්වරයාගේ ගෝලයෙකු වන යොවුන් සේනාංකයේ කර්නල් දර්ශන රත්නායක මහතාය. (0773265150)
ඔහු යටතේ සුනිල් දිසානායක මහතා පෙළපාලිය ආරම්භක ප‍්‍රචාරක රථය භාරව සිටි අතර, පෙළපාලියේ පෙළ ගැස්ම මුළුමනින්ම මෙහෙය වනු ලැබුවේ කර්නල් දර්ශන රත්නායක මහතාය. ඔහුට සහාය වීම සඳහා සිවිල් ඇඳුමින් සැරසුනු හමුදා නිලධාරීන් 200 කට වැඩි පිරිසක් යොදවා තිබිණ.

ගෝඨාභයගෙන් බැට කෑ මැති ඇමැතිවරු බැසිල්ට එක්වෙයි


ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ කෙනෙහිලිකම්වලට ලක් වූ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කිහිපදෙනෙකුම මේ වන විට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා වටා ගොනු වෙමින් ඔහුව අගමැති කිරීමේ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර තිබේ. අමාත්‍ය මර්වින් සිල්වා, නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ හා පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල යන මහත්වරුන් මෙම ව්‍යාපෘතියේ පෙරමුණ ගෙන සිටියි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා කොළඹ දිස්ති‍්‍රක්කයේ සංවර්ධන ව්‍යාපෘතීන්හිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතාට විශේෂ අනුග‍්‍රහයක් දැක්වීම මත විමල් වීරවංශ, සුසිල් පේ‍්‍රම්ජයන්ත හා ඒ.එච්.එම්. ෆවුසි යන අමාත්‍යවරුන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග අමනාපව සිටියද ඔවුන් බැසිල් රාජපක්‍ෂ මහතා සමග සම්මුතියකට ඒම ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

නිදන් කොල්ලයට ‘දැයට කිරුළ’ යොදා ගෙන


රාජපක්‍ෂවරුන්ගේ නිදන් කොල්ලය සඳහා රාජ්‍ය අනුග‍්‍රහයෙන් කි‍්‍රයාත්මක වන දැයට කිරුළ වැඩසටහනද යොදා ගෙන තිබේ. අප වෙත වාර්තා වන පරිදි පසුගිදා ‘දැයට කිරුළ’ පැවැති ඔයාමඩුව අක්කර 500 කට වැඩි පුරාවිද්‍යාත්මක භූමියෙහි මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකා රැකවරණ යටතේ නිදන් සෙවීමේ කැනීම් සිදු කෙරෙමින් පවතී.
‘දැයට කිරුළ’ උත්සවය පැවැති භූමියෙහි ගොවීන්ගේ වී රැස් කර තැබීම සඳහා වී ගබඩාවක් සාදන බව කියමින් පසුගියදා යකඩ තහඩුවලින් සැකසූ කූඩාරමක් ආරක්‍ෂක හමුදාවන් විසින් ඉදි කළ අතර, එය විවෘත කරනු ලැබුවේ ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසිනි. එහෙත් එය විවෘත කළ පසු මේ දක්වා කිසිදු වී ලොරියක් එම ස්ථානයට පැමිණ නැත.

ප්‍රංශ ජනාධිපති තරඟයෙන් ෆොන්සුවා හොලොන්ඩ් ජය ගනී


ප්‍රංශයේ අද පැවති ජනධිපති තරංගයේ දෙවන වටයෙන් හිටපු ජනාධිපති නිකොලා සර්කොසි පරාජයට පත් කරමින් වමේ අපේක්ෂක ෆොන්සුවා හොලොන්ඩ් ජය ගත්තේය.
ජනතාවගේ පහසුකම් සීමා කිරීම, සහ විශාල ලෙස ජනතාව මතට බර පැටවීම හේතුවෙන් ජනතාව අතර අප්‍රසාදයකට පත්ව සිටි නිකොලා සර්කොසි 2007 දී තම පක්ෂයේම දෙවරක් ජනාධිපතිව සිටි ජැක් ශිරාක්ගෙන් පසු ජනාධිපති අපේක්ෂකත්වය ලබා තම ප්‍රථම ධූර කාලයෙන්ම ජනාධිපති කමෙන් ඉවත් කිරීමට ප්‍රංශ ජනතාව ගත් තීරණය අපටද සපයන්නේ ආදර්ශයකි.
ජනතා සේවයටයැයි කියමින් බලයට පැමිණි පසු ජනතාව ගනන් නොගන්නා ජනාධිපතිවරුන්ට ප්‍රංශයෙන් සපයන්නේ හොඳ උදාහරණයකි.

ලන්ඩන් ඔලිම්පික් ඇඳුම් ශ්‍රී ලංකාවේ ශ්‍රමය සූරා කන බවට චෝදනා


ලන්ඩන් ඔලිම්පික් තරඟාවලිය සඳහා බ්‍රිතාන්‍ය කණ්ඩායම වෙනුවෙන් නිර්මාණය කර ඇති, නෙක්ස්ට් වෙළද සැලේ අලෙවි කරන නිල ක්‍රීඩා ඇඳුම් ශ්‍රී ලංකාවේ ඉතා අඩු වැටුප් ලබාදෙමින් ශ්‍රමය සූරාකන ඇගලුම් කර්මාන්ත ශාලාවක් තුල නිමවා ඇතැයි ලන්ඩනයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත වාර්තා කරයි.
ඔලිම්පික් නාමය යොදාගනිමින් භාණ්ඩ සපයන ආයතන පිළිබඳ ප්ලේ ෆෙයා 2012 (Playfair 2012) සංවිධානය කළ පුළුල් විමර්ශනයකදී මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව කියා සිටින එම පුවත්පත මේ නිසා ලන්ඩන් ඔලිම්පික් උළෙලේ කිර්ති නාමය පළුදු වී ඇතයි ප්‍රකාශ කරයි.
මේ හෙළිදරව්ව සිදු කෙරුනේ බ්‍රිතාන්‍යයේ නෙක්ස්ට් ඇගලුම් වෙළදසල ඔලිම්පික් නිල ක්‍රීඩා ඇදුම් විකිණීම අරඹා දින කිහිපයකට පසුවයි.

ජෙනරාල් සරත් ෆොන්සේකාට සුවය පතා ආශිර්වාද පූජාවක් පැරිසියේදී


දැනට රෝගී තත්වයේ පසුවන ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාට ඉක්මන් සුවය පතා ශ්‍රී ලංකා පැරිස් බෞද්ධ විහාරයේ අද වෙසක් පුන් පොහෝ දින බෝධි පූජාමය පිංකමක් "සුරකිමු ඔබ ලංකා" සංවිධානය මගින් සංවිධනය කර තිබූ අතර එයට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව විශාල ජනතාවක් සහභාගී වූ අතර අයහපත් වැසි කාලගුනයක් තිබුනද සහභාගි වීමේ අඩුවක් නොතිබුනි.
ඉතාමත් කෙටි කාලයකින් මෙම බෝධි පූජාව සංව්ධානය කර තිබුනද සහභාගි වූ පිරිසේ එකම ප්‍රාර්ථනාව වූයේ ජෙනරාල්ට ඉක්මන් සුවයයි.

Share this article with your friends