කුඩා ලොරි පිටුපස සවිකර ඇති කූඩුව සඳහා රු. 30,000 ක බද්දක් අය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
වාහනයක ලියාපදිංචි ගාස්තුව මෙන් 3 ගුණයක් පසුපස කොටසේ වහලය සඳහා අයකිරීමට විරෝධය පා නාරම්මල ප්‍රදේශයේදී ඊයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වා තිබුණා.
ඒ වයඹ ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමය විසිනි.
මෙම උද්ඝෝෂණය සඳහා කුඩා ලොරි (ඩිමෝ බට්ටා) 500ක් පමණ නගරය ගෙනැවිත් තිබූ අතර රියදුරන් හා ලොරි හිමියන් විශාල ප්‍රමාණයක් සහභාගී වී තිබුණා.
සෞදි ආරාබියේ මරණ දඬුවම නියම වී සිටි ගෘහ සේවිකාවක වූ රිෂානා නෆීක් (Rizana Nafeek) නිදහස් කරගැනීමට පසුගිය කාලයේ ලංකාවෙන් සෞදි රජය වෙත විවිධ ඉල්ලීම් කර තිබුණා.
2005 වසරේදී හාම්පුතාගේ නිවෙසේදී මාස හතරක දරුවකු මැරීයැයි මරණ දඩුවම නියමවී සිටි ඇය ඒ වනවිට 17 වන වියේ පසුවිය. ඇගේ පදිංචිය වූයේ මුත්තූර් ය.
මීට දින දෙකකට පෙර ජනාධිපතිවරයා විසින් සෞදි අරාබියේ රජුගෙන්ද ඒ පිළිබඳ රාජත්‍රාන්ත්‍රික මට්ටමෙන් ඉල්ලීමක් කර තිබූ නමුත් පසුගිය වසර 7 පුරාවටම සිර දඬුවම් විඳි ඇයගේ බෙල්ල කපා අද මරා දමා තිබෙනවා.