ඊයේ සහ පෙරේදා ශ්‍රී ලංකාව හරහා ගිය තද සුළං හේතුවෙන් බොහෝ විනාශ සිදුව තිබේ. ඊයේ හැමූ සුළඟ ටොනෑඩෝවක් බවද ඇසින් දුටුවෝ පවසති. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිකුත් කර ඇති වාර්තා අනුව;-
මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල, තිහගොඩ, මාතර, දෙවිනුවර හක්මන, ප්‍රදේශයන්හිද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල, අම්බලන්තොට ප්‍රදේශයන්හිද, ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම ප්‍රදේශයට ද, පුත්තලම දිස්ත්‍රික්කයේ මුන්නාලම ප්‍රදේශයේද පවුල් 162 ක 750ක් වූ ජනතාවකට හානි සිදුව ඇත. සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවාස සංඛ්‍යාව 15 කි. අර්ධ වශයෙන් විනාශ වූ නිවාස 200 ක් පමණ වේ.
හැමූ සුළෙඟ් වේගය ගැන ලංකාවේ කිසිවෙක් නොකියයි. කාලගුණ දෙපාර්තමේන්තුව එතරම් හොඳය. ලංකාව දූපතක් වූයේ අදක ඊයේක සිට නොවේ. දූපත් වලට සුළං හැමුවේද අදක ඊයේක සිට නොවේ. නමුත් අප තවමත් ඒ ගැන අවබෝධයක නැත. ප්‍රධාන වශයෙන්ම සුළඟ ගැන හරි හමන් අනාවැකියක් කියාගත නොහැක. කීවොත් කියන්නේ අනාගත් වැකියකි. එනිසාම පසුගියදා මුහුදු ගිය ධීවරයෝ 8 ක් අතුරුදහන් වූහ.